How to become a Architect
Carl
Architect කෙනෙක් වෙන්නෙ කොහොමද ......?
Architecture කියන්නෙ ගෘහනිර්මණ ශිල්පය..මේක ලෝකයේ බොහොම පැරණි ශිල්පීය කුසලතාවක්.
"Architecture is the mother of all art "
කියලා හදුන්වන්නේම මේ විශය බොහෝ අංශවලට මූලිකව හේතු වන නිසයි....
Architecture විශය හදාරලා මේ විශය තමන්ගෙ වෘත්තීය බවට පත් කරගත් අයව හදුන්වනවා architect කියලා.
එ කියන්නෙ ගෘහනිර්මණ ශිල්පියා...
මේ architect කියන වචනය සිංහලට හැරවිමෙදි ගෘහ කියන සීමාව ආකාරය පෙනුනත් ගෙවල් විතරක් නෙමෙ architect කෙනෙක් අතින් නිර්මාණය වෙන්නෙ.
ස්වාභාවික පරිසරයෙන් බාහිරව නිර්මාණය වෙන සැම පරිසරයක් සදහා ම architect කෙනෙක්ගෙ දායකත්වය ලැබෙනවා.
කොහොමද architecture ඉගෙන ගන්නෙ..?
අතිතයෙ නම් නිර්මානය කරන්නෙ සහ ඉදි කරන්නෙ දෙදෙනෙක් නෙමෙ එක්කෙනෙක් .
පුනරුද සමයෙ හිටපු ලියනාඩො ඩාවින්චි,මයිකල් ආන්ජිලො වගේම ආලකමන්දාව නිර්මාණය කරපු කුවේර කියන්නෙත් මේ ඉතාම පැරණි Architecture වෘත්තීයේ නියලුන සුප්‍රකට චරිත.
නමුත් වර්තමානයේ මේ තත්වය වෙනස්.නිර්මානය සහ සැලසුම එක් අයෙකුගෙ,
එ සැලසුමට අනුව ඉදි කිරීම් කටයුතු සිදු කිරිම වෙනත් පාර්ශවයක් මගින් කරනවා..
වර්තමාන භාවිතය අනුව architect කියන්නෙ සේවාදායකයකුගෙ අවශ්‍යතා මත ඇස්තමේන්තු ගත මුදලකට යම් නිශ්චිත කාල රාමුවකට ගොඩනැගිල්ලක් නිර්මාණාත්මක ආකාරයට සැලසුම් කොට ඉදිකිරිම කටයුතු පරීක්ශාකර සේවාදයාකයාට එම අවසන් ප්‍රතිපලය ලබා දෙන පුද්ගලයා කියලා සරළව හදුන්වන්න පුළුවන් ..
නමුත් මේක සංකිර්න ක්‍රියාවලියක්...ඉහත ක්‍රියාවලිය සාර්තකව ඉටු කිරීමට විදිමත් වෘත්තීය අද්‍යාපනයක් ලබා සිටිය යුතුයි....
මේ අද්‍යාපනය ලබා ගැනීමට ලොකයෙ වගේම ලංකාවෙත් විශ්ව විද්‍යාල,වෘත්තීය පාසැල් බොහොමයක් තියෙනවා..
උසස් පෙළ සමත් දූ දරුවන්ට විදේශ රටක architecture අද්‍යාපනය ලබාගැනීමට කැමැත්තක් තියෙනවා නම්
Austria වෙ
•Vienna School of architecture
•Rhode Island school of architecture
වගේ ඉතාම සුප්‍රකට විදේශ විශ්ව විද්‍යාල පවතිනවා.මේ සදහා අයකිරිම නම් සම්න්‍යයෙන් ඉතාම මිල අදිකයි..
එක වාරයකට (semester) ඩොලර් 25000වගේ මුදලක් මේ පාසැල් වල අයකරනව..
ලංකාවේ architecture අද්‍යාපනය ලබන්න කැමති නම් මේ සදහා වර්තමානයේ ආයතන 4 පවතිනවා.
1. University of Moratuwa
2. City school of architecture
3. SLIT
4. Kothalawala Defence academy
මේ ඉහත ආයතන හතරෙන් මොරටුව විශ්ව විද්‍යාලය හැරුන කොට අනෙක් ආයතන වල මේ පාඨමාලා සදහා අයකිරීමක් කරනු ලබනවා...
(SLIIT හිදී ලක්ශ 30 කට ආසන්න මුදලක් , KDU හීදී ලක්ශ 20 කට ආසන්න මුදලක් )
මොරටුව විශ්වවිද්‍යාලයේ Architecture උපාධි පාඨමාලාව සදහා ලියාපදිංචි වීමට උසස් පෙළ විද්‍යා, ගණිත ,කලා විශය ධාරාවකින් අවම s3 ක් ලබාගත යුතුය.
කලා අංශයෙන් සමත් වු අයෙක් නම් උසස් පෙළ සදහා තෝරාගත යුතු විශය රාමුවක් තියෙනවා.
AOD, SLIIT, KDU වලනම් ඕනෑම විශය ධාරාවකින් සමත්වී තිබීම ප්‍රමාණවත්
උසස් පෙළ සමත් වීම පමනක් ම architecture අද්‍යාපනයට සුදුසු කමක් වෙන්නෙ නෑ.
මේ සදහා තෝරාගැනීමෙ පරික්ශනයක් තියෙනවා.මෙහිදි මූලිකව සලකන්නෙ ඉංග්‍රීසි භාශාව සහ නිර්මාණාත්මක හැකියාවයි.
බොහෝ වෙලාවට තෝරා ගැනිමෙ පරීක්ශනය සදහා චිත්‍රයක් ඇදිමට සිදු වෙනවා..
අපිට චිත්‍රයක් කියපු සැනින මතක් වෙන්නෙ වර්ණ්වත් අලංකාර ප්‍රකාශනයක්
නමුත් මේ පරීක්ශනයෙ අරමුණ අලංකාර ප්‍රකාශනයකට වඩා ශිෂ්‍යාගෙ පරිකල්පනීය හැකියාවයි.
නිදසුනක් ලෙස පසුගිය වසරකදී තෝරාගැනීමේ පරීක්ශණය සදහා ලැබුන ප්‍රසිද්ද තේමා දෙකක් දක්වන්නම්.
1.අන්ධ පුද්ගලයෙකුට අලියෙකු දකින ආකාරය සිතුවමට නගන්න.
2.උස ගොඩනැගිල්ලකින් බිමට වැටෙන විට පෙනෙන ආකාරය සිතුවමට නගන්න.
මේ ආකරයෙ චිත්‍ර මගින් සිදු කරන්නෙ ශිෂ්‍යාගෙ පරිකල්පනීය හැකියාව මැන බැලීමයි..
Architecture පාඨමාලව වසර පහක කාලයක් ගතවන පාඨමාලාවක්.
(මොරටුව විශ්වවිද්‍යාලය හීදී වසර 5 ක් ද, SLIIT හීදී වසර 3 ක් ද ගතවේ )
මේ පාඨමාලව තුල
1.theory of architecture
2.composition ,drafting
3.fine arts
4.structural engineering
4.building materials
5.construction technology
6.history of architecture
7.building economics
8.urban planning
9.archology conservation
10.quantity survey
11.surway
12.interor design ,landscape design
13.project management
14.law
15.sociology
16.HvAc,fire
17.lighting and acoustic
18.anthropology and ergonomics
19.plumbing and electricity
වගෙ විශාල පරාසයක කරුනු හැදැරීමට සිදුවෙනවා.මීට අමතරම අඛන්ඩව design assignment අද්‍යනය වසර පුරාවට සිදුකිරීමට සිදු වෙනවා.
මේ design assignment යටතෙ සිසුන් විසින් සිදු කරන නිර්මාණ ප්‍රවිණයන් ලවා පරික්ශා කරනු ලබනවා..මේක හදුන්වන්නෙ crit panel එකක් කියලා.
Criticism කියන වචනය කෙටි කරල තමා crit වෙලා තියෙන්නෙ.මේ crit panel බොහොම උද්වේගකරයි.වෙහෙසකරයි.
Verbal සහ graphic නිර්මානය මගින් සිසුන් තම්න් විසින් කරන නිර්මානය විස්තර කල යුතුයි.
දළ ආකෘති නිර්මාණය ,drawing ,3d images ,perspective මේ සියල්ල සිසුන් විසින් නිර්මාණය කළ යුතු යි.
මේ academic අද්‍යාපනය එක්ක සිසුන් ප්‍රායෝගික පුහුණුව ඊට සමාන්තරව ලබා ගත යුතු වෙනවා.මේ සදහා ප්‍රවීනයන්ගෙ architect office සිසුන් සදහා නිරතුරුවම විවෘත යි..
වසර පහකට ආසන්න මේ අද්‍යාපනය කටයුතු වලින් අවසානයෙ වරලත් වාස්තු විද්‍යඥ විභාගය ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥඥයන් ආයතනය මගින් පවත්වනු ලබනවා..
ඉන්පසු වරලත් වාස්තුවිද්‍යාඥඥයෙක් ලෙස දිවුරුම් දීම සිදු කරනු ලබනවා.
මෙ විභාගය සමත් අයෙක් පමණයි වරලත් වාස්තු විද්‍යාඥඥයෙක් ලෙස රජයෙන් ගැසට් කරණු ලබන්නෙ.
මෙහි සැලකිය යුතු කරුණ නම් මෙ සම්පුර්ණ අද්‍යාපන කටයුතු අවසන් වීමට වසර 5 කට ආසන්න කාලයක් වැය වීමයි...
මෙ අවදිය ඉතාම කාර්‍යබහුල නිසා මේ කාලය ගතවීම සිසුන්ට විශාල ලෙස නොදැනෙන බවත් කිවයුතුයි...
වරලත් වාස්තුවිද්‍යාඥඥයෙක් නැතිනම් chartered architect කෙනෙකුට පමණයි ලංකාවෙ තමන්ගෙ පුද්ගලික කාර්‍යාලයක් පවත්වාගෙන් යාමට නීතියෙන අවසර ලැබෙන්නෙ .
Architecture කියන්නෙ Zoom in වෙන විශයක් නෙම්.Zoom out වෙන විශයක්.ඒ නිසා ඉගෙන ගෙන අවසානයක් දකින්න අමාරුයි...
නමුත් architect කෙනෙක් කියන්නෙ හොද මූල්‍ය ස්තාවරත්වයක් කැපවීම සහ මහන්සි වීම මගින් ගොඩනගාගත හැකි රැකියාවක්.
මේ සදහා උනන්දුවක් ඇති ශිෂ්‍යයෙක් අද්‍යාපනය සදහා දීර්ඝ කාලය ගැන නම් කිසිම සැකයක් තබා ගත යුතු නෑ.......
✅JOIN NOW,