꙳♡ мr.gυapo ♡꙳

꙳♡ мr.gυapo ♡꙳

පබා ලියනගේ﹏✍
เ ƒεℓℓ ƒσ૨ ყσµ αɳ∂ เ αɱ รƭเℓℓ ƒαℓℓเɳɠ・❥・



(අවසරයකින් තොරව උපුටා ගැනීම තහනම්..) 🚫



පෙර කොටස.....🤍

https://telegra.ph/mrgυapo-12-15


එකොළොස්වන දිගහැරුම....



කාශ් ඉශ්ගෙ කතාව කිය කිය හිටියත් නතර කරලා හැරිලා බැලුවෙ ඇහුන කටහඬට...



"Excuse me.."



ඒ ඉශ්... කෙල්ල මූණ පැත්තකට හරව ගත්තෙ අඬල අඬලා මූණ රතුවෙලා තිබ්බ නිසා...



"පොඩ්ඩක් ඇතුළට එනවකො..."



ඉශ් කිව්වේ කාශ් දිහා බලන්.... කාශ් ඉශ් එක්ක ඇතුළට ගියේ කෙල්ලට විනාඩියක් ඉන්න කියාගෙන...



......................................................................................................................................................................................................



"උබට පිස්සුද..මගේ පර්සනල් දේවල් ආරෝහිට කියන්නෙ..."




ඉශ්ගෙ කාමරේටම කාශ්ගෙ අතින් ඇදන් ගියපු ඉශ් කිව්වේ කේන්තියෙන්...



"ඉතින් මොකද වෙන්නෙ.."



කාශ් ඇහුවේ කිසිම ගාණක් නැතුව...



"මේ අහනවා කාශ්...තමුසේ ආරෝහිට කැමති ඇති...එත් ආරොහි කියන්නෙ මට පිට කෙනෙක්.... මන් කැමති කිසිම පිට කෙනෙක් මගේ පර්සනල් දේවල් දැනගන්නවට..."




ඉශ් කිව්වේ කාශ් ඉනටත් අත් දෙක තියාගෙන ඇදේට හිනාවෙලා ඉශ් දිහා බලන් ඉද්දි...



"කාටද බන් උබ ඔය බොරු කරන්නෙ...ආඅ...කාටද බොරු කරන්නෙ...මටද...නැත්තම් උබටමද... උබේ ඇස්        පැයවිසිහතරෙම හොයන්නේ ආරෝහිව...එහෙම උබ කියනවානෙ ආරොහි කියන්නෙ උබට පිට කෙනෙක් කියලා... අහ්... අනේ මන්ද බන් උබනම්...කලින් උබට වැරදුනෙත් ඒකයි.....ඒ මට්ටු වෙලාවත් උබට බෑ උබෙම හැඟීම් තාම තේරුම් ගන්න...යකෝ...උබ ආරොහිට ආදරෙයි...ඒක පිළිගනින්...පිරිමියෙක් වගේ... යටි හිතේ තියන හැඟිම් උඩ හිතේ තියන ලොකුකමෙන් හංඟන්නෙ නැතුව....මන් උබට කට කැඩෙනකන් කිව්වා උබ රවීශාට ආදරේ නෑ ඒක ඇට්‍රෑක්ශන් එකක් විතරයි ඒක ආදරේ නෙමෙයි ආදරේ කියන්නෙ උබට රවීශා ගැන දැනන හැඟීමට වඩා හාත්පසින්ම වෙනස් හැඟීමක් කියලා...ඇහුවද උබ....නෑ.. දැන් මොකද්ද වෙලා තියෙන්නෙ... රවීශා උබට ආදරේ කරා බන්...ඒකි හෙම්බත් වෙලා බැරිම තැන වෙච්ච දේවල් උනේ...උබට කොච්චර කිව්වද මන්.... මචන් ඉශ් .. දැන්වත් මන් කියන දේ අහපන්.....ප්ලීස් මචන්...ප්ලීස්... උබ උබව තෙරුම් ගත්තොත් මේ පාර ගොඩ යන්නෙ උබේ ජීවිතේ විතරක් නෙමෙ අර අහිංසකයා කෙනුල්ගෙයි ආරොහිගෙයි ජීවිත දෙකම ගොඩ යනවා බන්....ප්ලීස් බන්..... ආරොහි කියන්නෙත් උබ වගේම වරදකාරි හැඟීමකින් ජීවත් වෙන කෙනෙක් බන්.... ප්ලීස් එයාව ගොඩ ගන්න පුළුවන් උබට විතරයි...උබව ගොඩගන්න පුළුවන් එයාට විතරයි....."




එක හුස්මට කියාගෙන ගියපු කාශ් ඉශ්ගෙ ඇද උඩින් වාඩි උනේ ඔලුවටත් අත තියාගෙන... පළවෙනි වතාවට කාශ් මෙහෙම සීරියස් වෙලා ඉන්නවා ඉශ් දැක්කේ....කාශ්ගෙ ඇස්වල කදුළු.. ඉශ්ට තේරුනා කාශ් ඇත්තටම කෙල්ලට ආදරේයි කියලා.... ඉශ් මුකුත් නොකියා කාශ් ගාවින් ඉදගෙන කාශ්ගෙ උරහිසෙන් තද කරලා අල්ලගත්තෙ කාශ් ඉන්නෙ අව්ලෙන් කියලා තේරුන නිසා....




"ඇති බන් උබලා මෙහෙම දුක් වින්දා... මට බෑ තවත් මේවා බලන් ඉන්න... උබ දන්නවනේ මන් කිසිම දෙයක් කෙයා කරන එකෙක් නෙමෙයි...ඒත් බන් ආරොහි, උබ, චබී , කෙනුල් කියන්නෙ මගෙ මුළු ලෝකෙම.....උබලා ඇරෙද්දි මට වෙන මොකෙක්වත් නෑනේ බන්... උබලා සතුටින් ඉන්නවානම් මන් සතුටින්......."



කාශ් කිව්වේ අත්දෙකෙන්ම කොණ්ඩේ ඇදගන්න ගමන්....



"හරි මට ටික දවසක් දියන්... මන් හැමදේම බ්ලැන්ස් කරන්නම්..."



කාශ්ගෙ ඔලුව අතගාලා ඉශ් කිව්වේ කාශ්ව තවත් අවුල් කරන්න ඕනේ උනේ නැති නිසා....

එතකොටම චබී දොරෙන් ඇතුළට ආවම චබීව දැකලා කාශ්ගෙ මුළු ඇඟම හිරිවැටිලා ගියේ ආරෝහිගෙ අම්මට වෙච්ච සිද්ධිය එක්කම කාශ්ට මතක් උනේ අද උදේ වෙච්ච සිද්ධිය....



......................................................................................................................................................................................................



උදෑසන.. 🤍



චබී බාත්රූම් එකේ දත් මැද මැද ඉද්දි ආයේත් කාමරේට දුවන් ආවේ ආසම ඇඩ් එක ටීවී එකේ යනවා ඇහුන නිසා... ඇඩ් එක ඉවර වෙනකන් බලපු චබී ආයෙත් බාත්රූම් යන්න ගියත් නතර උනේ ඊළග ඇඩ් එක දැකලා...ඒ පවුලේ හැමෝම එකට වාඩිවෙලා කෑම කන ඇඩ් එකක්... ටික ටික පපුව ඇතුළෙන් හිරවෙලා චබීට හුස්ම ගන්න බැරි උනේ චබීටත් හිතාගන්න බැරි විදිහට....



බෙහෙත් එක හොයන් කබඩ් එක ගාවඩ ගියත් පස්සෙයි චබීට මතක් උනේ රෑට ඕන වෙයි කියලා බෙහෙත් එක කොට්ටෙ යටින් තිබ්බ කියලා....ආපහු හැරුන චබී හයියෙන් හයියෙන් හුස්ම ගන්න ගමන් ඇඳ ළඟටම ගියත් කකුල් පණ නැතුව ඇදගෙන වැටුනේ අත වැදිලා ඇද උඩ තිබ්බ ෆෝන් එකත් මූණ ළඟටම වැටෙද්දි....



අමාරුවෙන් හුස්ම පිට කරන චබී හිතුවේ ඒ තමන්ගෙ අන්තිම හුස්ම කියලා.. ඒත් එක්කම ආපු කෝල් එක නිසා චබීගෙ ඇස් ගියේ ෆෝන් එකේ ඩිස්ප්ලේ එකට...

"Arohi 🐼" කියලා සේව් කරපු නම්බර් එකෙන් කෝල් එක එද්දි ටික ටික හුස්ම ගන්න පුළුවන් උන චබී හිමීට ඔලුව උස්සලා කොට්ටෙ යටට අත දලා බෙහෙත් එක අරන් බිව්වෙ හිතින් ආරොහිට ස්තූති කරන ගමන්... තමන් තනිවෙලා නෑ කියලා දැනෙන වෙලාවට හුස්ම ගන්න බැරි වෙන එක අඩුවෙනවා කියලා චබී දන්නවා... ඒ වගේම චබී දන්නවා ඕනම දේකට ආරෝහි චබී එක්ක ඉන්නවා කියලා...ඒක නිසායි ආරොහිගෙ කෝල් එකෙන් තමන් තනිවෙලා නෑ කියලා දැනුන චබිට හුස්ම ගන්න පුළුවන් උනේ...



චබී ෆෝන් එකත් අරන් ඇදෙන් ඉදගත්තෙ පපුවත් අල්ලන්....එතකොටම කාශ් ඇතුළට ආවේ චබී හැරිලා කාශ් දිහා බලද්දි....



"ලෑස්ති වෙයන් තඩියො ඉක්මනට...."



කාශ් කිව්වේ චබීගෙ ඇදෙන් ඉදගෙන සපත්තු දෙකෙ ලේස් ගැටගහන ගමන්....



"අද යන්න බෑ..හුස්ම ගන්න අමාරුයි..."



ෆෝන් එක ඇද උඩින් තියලා නැඟිට්ට චබී ටිකක් දුරට වෙන්න බිම වැටිල තියන බ්‍රැශ් එකත් අහුලගන්න ගමන්....



"ඇයි මොකද උනේ..."



කාශ් ඇහුවේ චබීගෙ උරහිසටත් අතක් තියලා...



"බෙහෙත් එක තිබ්බ තැන අමතක උනා..ආරොහිගෙන් කෝල් එකක් ආවේ නැත්තම්..."




එතනින් එහා චබී මුකුත් නොකියා බාත්රූම් එකට ගියේ කාශ්ට වෙච්ච දේ තේරෙද්දි....


......................................................................................................................................................................................................


වර්තමානය 🌙



කාශ් ඇදෙන් නැඟිටලා චබී ළඟට දුවන් ගියේ ඉශ් වගේම චබිත් පුදුම වෙලා බලන් ඉද්දි....



"අහපන්කො ඉශ්... චබීගෙ කාමරේට මොකක්හරි එලාම් එකක් සෙට් කරන්න බැරිවෙයිද ...මෙයාට හදිස්සියක් උනොත් බට්න් එක ප්‍රෙශ් කරාම අපිට ඇලට් එකක් එන විදිහට...."



චබීගෙ උරහිසෙන් අල්ලන් කාශ් ඇහුවේ ඉශ්ගෙන්...



"ම්ම්ම්ම්...පුළුවන් ඇති... ට්‍රයි එකක් දෙමු..."



ඉශ් කිව්වේ චබී දිහා බලන්... චබී මුකුත් නොකියා බිම බලාගත්තෙ අද උදේ වෙච්ච සිද්ධිය එක්ක එහෙම එකක් තියනවනම් හොඳයි කියලා හිතුන නිසා....



"කොහොමහරි ඉක්මනට එහෙම එකක් සෙට් කරමු.... "



චබීගෙ ඔලුව අතාගන ගමන් ඉශ් කිව්වේ චබී තොලේ පැත්තකුත් උස්සන් කාශ් දිහා බලන් ඉද්දි....



"මෙයා මොකද මේ..."



චබී කිව්වේ කාශ්ගෙ අත ගසලා දාලා ගිහින් ඉශ් ළඟින් ඉදගන්න ගමන්....



"මන් ආරොහිව හම්බෙලා එන්නම්..."



චබීට රවපු කාශ් කිව්වේ ඉශ් දිහා බලන්...



"මන් ගැන මුකුත් කියන්න එපා...එවා කියන්න ඕන වෙලාවට මන්ම එයාට කියන්නම්...."



ඉශ් කිව්වේ කාශ් හා කියන්න වගේ ඔලුව වනලා කෙල්ලව හොයන් යද්දි...



"ආන්ටි ගියා...කාශ් මාමිට ආන්ටි කියන්න කිව්වා ආන්ටිට කෝල් එකක් ගන්න කියලා....."



කෙල්ලව හොයන් ගාඩ්න් එක පැත්තට යද්දි කෙනුල් කිව්වේ කාශ් දිහා බලන් හිනාවෙලා....



"අහ්...තැන්ක්‍යු කෙනුල්...යන්න ගිහින් නිදාගන්න...ගුඩ් නයිට්...."



කෙනුල්ගෙ ඔලුව අතගාලා කියපු කාශ් සාක්කුවේන් ෆෝන් එකත් අරන් ගාඩ්න් එකට ගියේ කෙල්ලට කතා කරන්න....



"හෙලෝ ඔයා මොකේද ගියේ ආරොහි...."


" මන් කැබ් එකක් දාගත්තා...."


"ම්ම්ම්...පරිස්සමෙන් යන්න එහෙනම්..."


"හම්... අපි දෙන්නා පස්සෙ දවසක හම්බෙලා ඉතුරු දේවල් කතා කරමු...මට හරි මහන්සි කාශ්... හෙට ඔෆිස් එන්නෙත් නෑ මන්... ඉශ්ට උදේට ඉන්ෆෝම් කරන්නම්...තෑන්ක්ස් අද මාත් එක්ක කතා කරාට... එහෙනම් මන් තියන්නම්... බායි...ගුඩ් නයිට්.."



"බායි ගුඩ් නයිට් ...."



කාශ් කෝල් එක කට් කරලා දිග හුස්මක් පහළට දැම්මේ ආරොහි ඉන්නෙ අව්ලෙන් කියලා තේරුන නිසා...ඒ අනිත් හැමදේටම වඩා එයාගෙ අම්මාවයි තාත්තාවයි මතක් උන එකට කියලත් කාශ් දන්නවා...


......................................................................................................................................................................................................


ඉශ් උදේම නැඟිට්ටෙ ආපු කෝල් එකට...ඒ ආරොහිගෙන්...ඔෆිස් එන්න වෙන් නෑ කියලා ආරොහි ඉන්ෆෝම් කරපු නිසාම ඉශ්ටත් ඔෆිස් යන්න මූඩ් එකක් තිබ්බෙ නෑ...කලාතුරකින් මෙහෙම ගෙදර ඉන්න නිසා ඉශ් කෙනුල්ව ටිකක් ඇවිදින්න එක්කන් ගියේ කෙනුල් ඒකට ගොඩක් ආස නිසා...



"තාත්තිට බැරිද හැමදාම මාව මෙහෙම එක්කන් යන්න.."



කෙනුල් අතේ ඇඟිලි පහෙන්ම බොහොම අමාරුවෙන් ඉශ්ගෙ එක ඇඟිල්ලක් අල්ලන් ඇවිදින ගමන් ඇහුවේ ඉශ් හිනාවෙලා කෙනුල් දිහා බලද්දි....



"එතකොට ඉතින් තාත්තිට ඔෆිස් යන්න වෙන් නෑ..."



ඉශ් හිනාවෙලා කිව්වේ කෙනුල් කට ඇද කරන් ඉශ් දිහා බලද්දි..



"ඒන්ජල් ආන්ටිත් හිටියනම්...නේද බූබු .."



පපුවට තුරුළු කරන් හිටපු බූ බූ දිහා බලන් කෙනුල් කිව්වේ ඉශ්ටත් කෙල්ල හිටියනම් කියලා හිතෙද්දි...



"තාත්ති...ආන්ටිට කෝල් එකක් අරන් දෙන්නකො..."



ටිකක් වෙලා සද්ද නැතුව ඉස්සරහට ඇවිදන් ගියපු කෙනුල් කිව්වේ ඉශ් ෆෝන් එක අරන් ආරොහිට කෝල් එකක් අරගෙන කෙනුල් අතට දෙද්දි....



"කියන්න මිස්ටර් ඉශ්..."


"මිස්ටර් ඉශ් නෙමෙ මිස්ටර් කෙනුල්..."


"අහ්...කවුද ඒ...මන් එහෙම කෙනෙක් අඳුරන් නෑනේ..."


"ඇයි අනේ මිස්ටර් ඉශ්ගෙ පුතා...මන්..."


"ආ එයාද මේ...අර දඟ කොල්ලා...."



"මන් දඟ නෑ...ආන්ටි.. මායි තාත්ති අද ඇවිදින්න ආවා... අපි ඉන්නෙ එදා ආන්ටි මායි ඉස්සෙල්ලම දැක්ක පාර්ක් එකේ...ආන්ටිත් එනවාද අපිත් එක්ක ඇවිදින්න.."



"අහ් එහෙමද...හරි මන් එන්නම් ...."



"හරිම හොඳයි ආන්ටි..ඉක්මනට එන්න...බායි ආන්ටි..."



කෙනුල් කෝල් එක කට් කරලා ෆෝන් එක ඉශ් අතට දුන්නෙ සතුටින් උඩ පැන පැන...ඉශ්ට පුදුමයි කෙනුල් අහපු ගමන් ආරෝහි එන්න කැමති උන එකට...



......................................................................................................................................................................................................


කෙල්ලට හොයාගන්න බැරි වෙයි කියලා කෙනුල් ඉශ්වත් එක්කන් පාර්ක් එක ඉස්සරහට ආවේ දෙන්නම ආරෝහි එනකන් මගබලන් ඉද්දි....



කැබ් එකකින් ඇවිත් බැහැලා පාර මාරු වෙලා කෙනුල්ට හිනාවෙවී එන කෙල්ල දිහා ඉශ් බලන් හිටියේ වටපිටාවෙ සේරම දේවල් අමතක කරලා වශීවෙලා වගේ... ඉශ්ගෙ පපුව ගැහෙන වෙගේ පවා වැඩි උනා..... කෙල්ල ළඟටම ඇවිත් කෙනුල්ගෙ අතින් අල්ලන් ඉශ් දිහා බැලුවේ ඉශ් ඇහිපිල්ලම් ගොඩක් ගහලා අහක බලාගද්දි ...



"යමු..."



ඉශ්ගෙයි ආරෝහිගෙයි අත්වලින් අල්ලන් කෙනුල් උඩ පැන පැන ඇවිද්දෙ ඉශ් , හිනාවෙලා කෙනුල් දිහා බලන් ඇවිදින කෙල්ල දිහා බලන් ඉද්දි....


......................................................................................................................................................................................................


තුන් දෙනා එක්ක ගොඩක් වෙලා පාර්ක් එකේ ඇවිද්දෙ ආරොහි කෙනුල් දෙන්නා ඉවරයක් නැතුව කියෙව්වත් ඉශ්නම් වචනයක්වත් නොකියා ඒ දෙන්නා කියන දේවල් අහන් ඉද්දි...



"සර් ෆැමිලි ෆෝටො එකක් ගමුද... මන් දැන්ම ෆොටෝ එකත් දෙනවා...පොඩි ගාණයි ගන්නෙ සර්...සර්ලා මෙතන ඉද්දි මන් ෆොටෝ දෙක තුනක් ගත්තා ඒවත් බලලම කියන්නකො ෆොටෝ එකක් ගමුද කියලා..."



කැමරාවක් කරේ දාගෙන ආපු මනුස්සයෙක් කිව්වෙ ෆොටෝ තුනක් ඉශ් අතට දෙන ගමන්...ඉශ් ඒ ෆොටෝ එකින් එක බැලුවේ කෙනුල්නම් ෆොටෝ එකක් ගමු කියලා ආරෝහිට බල කරද්දි...


ඒ ෆොටො වල තිබ්බ ලස්සනම ෆොටෝ එක උනේ ඉශ් ආරෝහි අහක බලන් ඉද්දි ආරෝහිගෙ කොණ්ඩෙ පැටලිලා තිබ්බ කොලයක් අරන් දාන එක වැදිලා තිබ්බ ෆොටෝ එක....ඉශ් ඒ ෆොටෝ එක දිහා හිනාවෙලා බලන් ඉදලා ඇදන් හිටපු කෝට් එකෙ ඇතුළ් පැත්තෙ සාක්කුවට දාගෙන අනිත් ෆොටෝ ටික ආරොහි අතට දුන්නෙ කෙල්ලටත් ඒ ෆොටෝ ටික බලන්න...


කෙනුල්ගෙ වදේටම කෙල්ල වගේම ඉශුත් කැමති උනා ෆොටෝ එකක් ගන්න... ඇවිත් හිටපු කැමරාමන් පාර්ක් එකේ තිබ්බ ලස්සන ගහක් යටට මේ තුන් දෙනාව එක්කන් ගියේ තුන්දෙනා එක්ක ෆොටෝ එකට ලෑස්ති වෙද්දි...


"සර් මැඩම්ට පොඩ්ඩක් ළං වෙන්න...දෙන්නම බබාගෙ උරහිසෙන් අල්ලගන්නකො.... බබා ඔයා අම්මගෙ හරි තාත්තාගෙ හරි එක්කෙනෙක්ගෙ අතක් අල්ලගන්න...."



කැමරාමන් කියද්දි ආරොහියි ඉශුයි දෙන්නා මූණෙන් මූණ බලාගත්තෙ කෙනුල් නම් අතින් කට වහන් හිනාවෙද්දි....


කෙනුල් තමන්ගෙ උරහිස උඩ තිබ්බ ආරොහිගෙ අතින් අල්ලගත්තෙ ඉශ්ගෙ මූණ ඇද වෙද්දි... ඒ කෙනුල් ඉශ්ට වඩා ආරෝහිට ආදරේයි කියලා තේරුන නිසා..කෙල්ලටනම් ඒකට හිනා...



"සර් වම් අත බබාගෙ උරහිසෙන් තියලා දකුණු අතින් මැඩම්ගෙ කරට වටින් අත දාගන්න..එතකොට හරි..."



කැමරාමන්ගෙ ඒ කතාවටනම් ඉශ් බොරු කැස්සකුත් දාලා අහක බලාගත්තෙ කෙල්ලත් ඉක්මනට බිම බලාගද්දි....



"අයියෝ කරට වටින් අත දාන්නකො තාත්ති.... ආන්ටි නපුරු නෑ ඒ නිසා තාත්තිට ගහන් නෑ......"



කෙනුල් කියද්දි කෙල්ලට හිනා ගියේ ඉශ්ටත් ඒ කතාවට හිනා යද්දි.... එක පාරම කෙල්ලට මුළු ලෝකෙම නතර උනා වගේ හැඟීමක් දැනුනේ ඉශ්ගෙ පළවෙනි ස්පර්ශෙ දැනුන නිසා... ඉශ් කෙල්ලගෙ කරට වටින් අතක් යවලා කෙල්ලගෙ හුස්ම වදින දුරට ළං උනේ කෙල්ලටත් හිතාගන්න බැරි වෙද්දි....ඉශ්ගෙ ළඟින් එන සුවඳ , ඒ හුස්ම වැටෙන තාලේ කෙල්ලට දැනුනේ හීනයක් වගේ....


ඉශ්ටත් එහෙමයි...කෙල්ල ඉන්නෙ ඉශ්ගෙ බෙල්ල ගාණට වගේ උසට...කෙල්ලගෙ හුස්ම ඉශ්ගෙ බෙල්ලෙ වදිද්දි ඉශ්ට තමන්වම පාලනේ නැතුව ගියේ මූළු ඇඟේම හිරියක් දුවලා....



"කාශ් හරි....මන් ඔයාට ආදරේයි..."



ඉශ් හිතුවේ කෙල්ල දිහා බලන්...

......................................................................................................................................................................................................



විරාමයක් 🤍



ඊළග දිගහැරුමෙන් නැවත හමුවෙමු 💖



බුදු සරණයි 🌸

🤍


ආරොහි 🤍





Report Page