꙳♡ мr.gυapo ♡꙳

꙳♡ мr.gυapo ♡꙳

පබා ලියනගේ﹏✍
เ ƒεℓℓ ƒσ૨ ყσµ αɳ∂ เ αɱ รƭเℓℓ ƒαℓℓเɳɠ・❥・


(අවසරයකින් තොරව උපුටා ගැනීම තහනම්..) 🚫



පෙර කොටස.....🤍

https://telegra.ph/mrgυapo-12-07-2


දහවන දිගහැරුම....


කෙනුල්ව දැක්ක දවසේ ඉදන් ඒ මූණෙ අඟලවත් අඩු නැතුව මතක තිබිලත් ඇයි ඉශ්ව දකිද්දි මතක් නොවුනෙ කියලා කෙල්ලටම පුදුමයි දැන්...




"කමන් නෑ ආන්ටි දැන් හරි මාව හොයාගෙන ආවනේ..."




කෙනුල් කිව්වේ කෙල්ල දිහා බලන්.... ආවේ කෙනුල්ව හොයාගෙන කියලා ඒ හිත රවට්ටන්න ඕන උනෙත් නෑ කෙල්ලට.. ඒත් එයාව හොයාගෙන නෙමේ කියලා හිත රිද්දන්න හිතුනෙත් නෑ කෙල්ලට...ඒ නිසා මුකුත් නොකියා හිනා වෙලා කෙනුල්ගෙ ඔලුව අතගෑවේ තාමත් මුකුත් අදහගන්න බැරුව ඉශ් මේ දිහ බලන් ඉද්දි....



......................................................................................................................................................................................................


ඇත්තටම කෙල්ලට අද වැඩ කරන්න උනේ නෑ...දවසම කරේ කෙනුල් එක්ක කියව කියව හිටපු එක... ඉශ් මුකුත් නොකියා ඒ දෙන්නට පාඩුවේ ඉන්න දිලා තමන්ගෙ වැඩත් එක්කම කෙල්ලගෙ වැඩත් ටික ටික ඉවර කරෙ හවස් වේගෙන එද්දි...



වෙලාව හවස හයටත් කිට්ටුයි...කෙල්ලටනම් තාම ගෙදර යන්න කල්පනාවක් නෑ.... ඒ වෙලාවෙම කාශ් එක්ක චබී ඉශ්ගෙ ගෙදරට ආවේ මේ වෙලාවෙ ඉශ්ගෙ ගෙදර කෙල්ල ඉදී කියලනම් බලාපොරොත්තුවකින් නෙමෙයි...



"කෙනුල් ආරෝහි එක්ක මෙච්චර ෆිට් උනේ කොහොමද...."



වෙනදා නැති හිනාවක් වගේම වෙනදට කාශ්ගෙ වාහනේ සද්දෙට කාශ් ළඟට දුවන් එන කෙනුල් අද කාශ් ආවද නැද්ද කියලවත් ගාණක් නැතුව කෙල්ල එක්ක ඉන්න නිසා කාශ් ඇහුවේ චබිත් පුදුම වෙලා කෙනුල් දිහා බලන් ඉද්දි.... මොකද එක අතකින් කෙනුල් කියන්නෙත් ඉශ්ම තමා... දවසට වචන හත අටකට වඩා කතා කරන් නෑ....




"තාත්තාගෙයි පුතාගෙයි දෙන්නමගෙම රැස් බැස්සුවා එහෙනම් ආරෝහි..."




චබී කිව්වේ ඉවරයක් නැතුව කියවන කෙනුල් දිහා බලන් ..... ඉශ් රවලා බැලුවේ පුතාව විතරක් නෙමෙයි චබී ඒ කතාව කියන්න තමන්වත් ඇදලා ගත්ත නිසා...




"කෙනුල් හැමතිස්සෙම කියලා තියන ඒන්ජල් ආන්ටි... ඒ ආරොහි...."




ඉශ් කිව්වෙ කාශ් දිහා බලන්...කාශ්ගෙ ඇස් ලොකු උනේ එහෙම දෙයක් හීනෙකින්වත් බලාපොරොත්තු උනේ නැති නිසා ....




"ඒ කියන්නෙ අපිව මීට් වෙන්න කලින් ආරොහිට කෙනුල්ව මීට් වෙලා තියෙන්නෙ...වෝහ්...කෙනුල් හැමතිස්සෙම කිව්වත් එයාගෙ ඒන්ජල් ආන්ටි මේ වගේ මේ වගේ කියලා මට නිකන්වත් ඒ ආරොහි කියලා හිතුන් නෑ..."



කාශ් කිව්වේ හිතාගන්න බැරුව....



"මටත්... දවසක් මන් කෙනුල් එක්ක කෝල් එකේ ඉද්දි කෙනුල් කිව්වේ එයාගෙ ඒන්ජල් ආන්ටිගේ හැඩරුව ගැන... මන් ඒක අහන් හිටියේ ආරොහි දිහා බලන්...කෙනුල් කියපු හැඩරුව හැම එකක්ම ආරොහිගෙ හැඩරුව එක්ක ගැළපුනත් මට හීනෙකින්වත් හිතුනේ නෑ ඒ ආරොහි වෙන්නැති කියලා...."




ඉශ් කිව්වේ කෙනුල් එක්ක කතා කර කර ඉන්න කෙල්ල දිහා බලන්...



"අහ්...ඕක කියනකොට මටත් මතක් උනේ.... මන් දවසක් ඩොක්‍යුමට් වගයක් හොයන්න ආරොහිගෙ ටේබල් එක බලද්දි එතන තිබ්බ ඩයිරි බුක් එකක්...එකේ ඉස්සරහ ෆොටෝ එකක් අලවලා තිබ්බෙ පොඩි ගෑණු ළමයෙකුයි පිරිමි කෙනෙක්යි ගෑණු කෙනෙකුයි ඉන්න... ඒ ගෑණු ළමයා අතේ අර කෙනුල් අතේ තියන ටෝයි එක තිබ්බා... ඒ ගෑණු ළමයා ආරොහි කියලා අදුරගත්තට ඒ ටෝයි කෙනුල් ගාව තියන ටෝයි කියලා අදුරගන්න බැරි උනා මට...දැන් දැක්කමයි මතක් උනේ..."




කාශ් කිව්වේ කෙනුල් අතේ ඉන්න බූ බූව ඇහෙන් පෙන්නන ගමන්...



"ඒ කියන්නෙ උබයි ආරොහියි දෛව විසින් මුණගස්සපු කපල් එකක්..."




චබී කිව්වේ ඉශ් දිහා බලන්...චබීගෙ වචන කාශ්ගෙ පපුව හිල් කරන යනවා වගේ දැනුනත් වෙනසක් නොපෙන්වා හිනාවෙලා හිටියේ කවදත් කිසිම දෙයක් සීරියස් අරන් අව්ලෙන් ඉදලා කාශ්ට පුරුදු නැති නිසා.....



......................................................................................................................................................................................................


කෙනුල් කෙල්ලට යන්න දුන්නෙ නැති නිසා රෑ කෑම වෙලාවෙත් කෙල්ල හිටියේ ඉශ්ගෙ ගෙදර....

කෙනුල් කෑම එක කන ගමන් තම්බලා තිබුන බිත්තරේ කහ මදේ අයින් කරලා කාශ්ගෙ කෑම පිඟානෙන් තිබ්බෙ කෙල්ල හිනාවෙලා බලන් ඉද්දි... කෙල්ල තමන් ලඟ තිබ්බ බිත්තරෙ කහ මදේ තියාගෙන සුදු මදේ කෙනුල් පිඟානට දාන්න හදනකොටම ඉශුත් ඒකම කරේ දෙවෙනි වතාවට ඉශ්ගෙයි කෙල්ලගෙයි ඇස් එකිනෙක යාවෙද්දි....



කෙල්ල බය උනත් අහක බලාගන්න අමතක උනා කෙල්ලට...කෙල්ලටත් නොදැනිම හේතුවක් දන් නැතුවම එක දිගටම ඇස්වලින් කදුළු වැටුනේ ඉශ්ටත් මුකුත් හිතාගන්න බැරුව කෙල්ල දිහා බලන් ඉද්දි....කෙල්ල ඉක්මනට ටේබල් එකෙන් නැඟිටලා වොශ්රූම් එක පැත්තට ගියේ කාශ් වගේම චබි මූණෙන් මූණ බලන් ඒ මොකද්ද උනේ කියලා කල්පනා කරේ ඉශ් තාමත් මුකුත් හිතාගන්න බැරුව ගල් ගැහිලා බලන් ඉද්දි....


ඉශ් ටේබල් එකෙන් නැඟිටලා ගියේ කෙල්ල එක්ක ටිකක් කතා කරන්න...එහෙම එකපාරම හේතුවක් නැතුව කෙල්ල අඬපු එකමයි සැරින් සැරේට ඉශ්ට මතක් උනේ...



වොශ්රූම් එක ළඟ එළියෙ බිත්තයට හේත්තු වෙලා ලොකු කල්පනවක හිටපු ඉශ් ඇස් උස්සලා බැලුවේ වොශ්රූම් එකේ දොර ඇරුන සද්දෙට... කෙල්ලගෙ මූණ රතු වෙලා මූණ පුරා වතුර බිංදු..... ඉශ් මුකුත් නොකියා කෙල්ල දිහා බලන් හිටියේ කෙල්ල ඉශ් ඉන්නවා කියලා දැක්කෙ නැති නිසා...කෙල්ල ලොකු ට්‍රයි එකක් දුන්නා කදුළු පාලනේ කරන් ආපහු එන්න...ඒත් කෙල්ලට බෑ... කටින් හුස්ම අරන් පිට කරන කෙල්ල දිහා ඉශ් බලන් හිටියේ මුකුත් හිතාගන්න බැරුව....



"ඔයා හොඳින්ද..."



කෙල්ල ළඟට එන ගමන් ඉශ් ඇහුවේ කෙල්ල ඉක්මනට කදුළු පිහදගෙන බිම බලාගද්දි..




"ම්ම්ම්...ඔව්......ම...මන්...මන් යන්නම්... පරක්කුවෙලානේ තියෙන්නෙ..."



එහෙම කියපු කෙල්ල එතනින් ගියේ ඉශ්ට කතා කරන්නවත් වෙලාවක් නොදී...කෙල්ල කෙනුල්ට කියන්න යන්න හදනකොටම කාශ් ආපු නිසා කෙල්ල නතර උනේ කාශ් දිහා බලන්...



"Are you okay??..."



කාශ් ඇහුවේ කෙල්ලගෙ රතු උන මූණ දිහා බලන්...



"ම්ම් ඔව්..."



කෙල්ල මුණ පිහදන ගමන් හිනාවෙලා කිව්වේ කාශ් කෙල්ල දිහා බලන් දිග හුස්මක් පහළට දාද්දි....



"ටිකක් කතා කරමුද ...."



කාශ් ඇහුවේ කෙල්ලට ඇස්වලින් ගෙදරින් එළිය පෙන්නන ගමන්...හා කියන්න වගේ ඔලුව වනපු කෙල්ල කාශ් එක්ක ගෙදරින් එළියට ගියේ ඉශ් ඈතින් ඉදන් ඒ දිහා බලන් ඉදලා ආපහු කෑම මේසෙට යද්දි....




"මේ වෙන දේවල් ඔයාට තේරුම් ගන්න අමාරු ඇති ආරොහි.... ඔයා හිතන තරම් මෙතන කාගෙවත් ජීවිත සුන්දර නෑ... ඉශ්ගෙත් එහෙමයි මගෙත් එහෙමයි චබීගෙත් එහෙමයි අර පොඩි ළමයා කෙනුල්ගෙත් එහෙමයි...මොකක්හරි කරපු පවකට වෙන්නැති ඔයත් මේවට සම්බන්ධ වෙලා දැන්...පිටින් පේන තරම් අපේ ජීවිත සුන්දර නෑ..ඒකයි ඔයාට මේක ඇතුළෙ වෙන මුකුත් තේරුම් ගන්න බැරි...."





කාශ් කිව්වේ ගාඩ්න් එකේ තියන ටේබල් එකකින් වාඩිවෙන ගමන්... වටේ තියන ලයිට් එළිය යන්තම් මූණට වැටිලා තිබ්බ නිසා දෙන්නට දෙන්නා හරියට පෙනුන් නැති උනත් කාශ් කියපු ටික කෙල්ල අහන් හිටියේ කාශ් දිහා බලන්...




"චබියා උනත් කොච්චර හොඳ අහිංසක එකෙක් උනත් ලෙඩෙක් ආරොහි... ඌට ෆෝබියා එකක් තියනවා.... මොනෝෆෝබියා... ත..."




"තනියෙන් ඉන්න බයයි... මොනෝෆෝබියා..හුස්ම ගන්න බැරි වෙනවා...භයානකම ෆෝබියා වලින් එකක්..."



කාශ්ට කලින් ඉස්සර උන කෙල්ල එක හුස්මට කිව්වෙ ඇස්වල කදුළු පුරවන්...පැහැදිලිව පෙනුන් නැති උනත් කෙල්ලගෙ ඇස් අග දිලිසෙනවා දැක්කම කාශ්ට තේරුනා කෙල්ල අඬනවා කියලා...




"ඔයා කොහොමද දන්නෙ..."



කාශ් ඇහුවේ කෙල්ල දිහා බලන් ......




"මගේ අම්මාට තිබ්බා..."





කෙල්ල කිව්වේ කදුළු පිහදාගෙන අහක බලාගන්න ගමන් .......



"අම්මාට දැන් හොඳයිද ...."




කාශ් ඇහුවේ ටේබල් එක උඩ තිබ්බ කෙල්ලගෙ අතින් අල්ලගන්න ගමන්...කෙල්ල ඇස් උස්සලා බැලුවේ කාශ්ගෙ ඒ වචන කෙල්ලගෙ හිත තවත් තදින් රිද්දපු නිසා....




"එයා නැති උනා...එතකොට මට අවුරුදු පහයි... මන් හිටියේ කාමරේට වෙලා හෙඩ්සෙට් එක දාගෙන.. අම්මාට හුස්ම ගන්න බැරුව බෙහෙත් එක හො..හොයාගන්න විදිහක් නැතුව මගෙන් උදව් ඉල්ලගෙන කාමරේ ළඟටම ඇවිත් තිබ්බා... තාත්තා ගෙදර හිටියේ නෑ...තාත්තා ගෙදර එද්දි අම්මා මගෙ කාමරේ ඉස්සරහ සිහිය නැතුව වැටිලා ඉන්න විදිහ දැකලා තාත්තට ඒ වෙලාවෙ හාට් ඇට්ටෑක් එකක් ආවා...එකම දවසෙ මගෙ වැරැද්දෙන් මට මගෙ අම්මයි තාත්තයි දෙන්නම නැති උනා....එදා මන් හෙඩ්සෙට් එක දාගෙන හිටියේ නැත්තම් අද මගෙ අම්මයි තාත්තයි දෙන්නම හොඳින් ඉන්නවා...."



කෙල්ල කියන්න ගත්තෙ හොඳටම අඬන ගමන් ඉකිගගහ... කාශ් ඉදන් හිටපු තැනින් නැඟිටලා කෙල්ල ළගින් දණගගෙන කෙල්ලගෙ ඔලුව අතගෑවේ ඇහුවේ වැරදි ප්‍රශ්නයක් කියලා තේරුන නිසා .....



"I'm sorry...so sorry... ඒක ඔයාගෙ වැරැද්දක් නෙමෙයි... වෙන්න තියන දේවල් අපිට නවත්තන්න බෑ..."



කාශ් කිව්වේ කෙල්ලව පපුවට තුරුළු කරගන්න ගමන්...කාලෙකට පස්සෙ කෙල්ලගෙ හිතේ දුක යනකන් කාශ්ට තුරුළු වෙලා කෙල්ල ඇඬුවේ කෙල්ලට අඬන්න දීලා කාශ් කෙල්ලගෙ ඔලුව අතගාද්දි.... විනාඩි දහයක් පහළවක් නෑ පැය භාගයක් විතර කෙල්ල ඇඬුවා...බිම දණගගෙන ඉදලා කාශ්ට කකුල් රිදුනත් ඒ විදිහට හිටියේ කෙල්ලගෙ හිතේ දුක ටිකක් හරි නිදහස් වෙයි කියල හිතුන නිසා.....



ටිකකින් කාශ්ගෙන් ඈත් උන කෙල්ල කදුළු පිහදගත්තෙ කාශ් කෙල්ලගෙ ඔලුව අතගාලා ආපහු හිටපු තැනින් ගිහින් ඉදගද්දි...




"ඔයා වගේම ඉශ් කියන්නෙත් වරදකාරි හැඟීමක් ජීවත් වෙන මනුස්සයෙක්... ඉශ් නම් කියන්නෙ අනිත් මොන දේ ඉවසුවත් වරදකාරි හැඟීමකින් ජීවත් වෙන එක ඉවසන්න පුළුවන් දෙයක් නෙමෙයි කියලා..."




කාශ් කිව්වේ දිග හුස්මක් පහළට දාලා...කෙල්ල කදුළු පිහදන ගමන් කාශ් දිහා බැලුවේ ඉශ් එහෙම ඉන්න හේතුව දැනගන්න.....



"ඉශ් අවුරුදු ගාණක් තිස්සෙ රවීශාට කැමැත්තෙන් හිටියේ...ඔයා උදේ රවීශාව දැක්කනම් තේරෙන්න ඇතින කොච්චර මොඩ් කරත් එයාගෙ තියෙන්නෙ අමුතුම අහින්සක ලස්සනක්...ඒ ලස්සනට තමා ඉශ් පිස්සුවෙන් වගේ කැමැත්තෙන් හිටියේ...රවීශා ඉස්සර ඔය වගේ නෑ... මූණ වගේම තමා එයාත් ඉස්සරහ හරි අහින්සකයි..... ඉශ් රවීශාගෙන් කැමැත්ත අහපු පළවෙනි වතාවෙම රවීශා ඉශ්ට කැමති උනා... එෆ්ෆෙයර් එක අවුරුද්දක් විත..."




කාශ් ඉශ්ගෙ කතාව කිය කිය හිටියත් නතර කරලා හැරිලා බැලුවෙ ඇහුන කටහඬට...


......................................................................................................................................................................................................


විරාමයක්...🤍



ඊළග දිගහැරුමෙන් නැවත හමුවෙමු 💕




බුදු සරණයි 🌸

ආරොහි 🤍


ඉශ් 🤍


කෙනුල් 🥺


රවීශා 🌙






Report Page