꙳♡ мr.gυapo ♡꙳

꙳♡ мr.gυapo ♡꙳

පබා ලියනගේ﹏✍
เ ƒεℓℓ ƒσ૨ ყσµ αɳ∂ เ αɱ รƭเℓℓ ƒαℓℓเɳɠ・❥・




(අවසරයකින් තොරව උපුටා ගැනීම තහනම්..) 🚫



පෙර කොටස.....🤍

https://telegra.ph/mrgυapo-12-07


නවවන දිගහැරුම....



ඉශ්ගෙ ඇස් කෙල්ලගෙ ඇස් එක්ක යා වෙද්දිම ඉබේම කෙල්ලගෙ ඇස් බිමට හැරවුනේ ඒ බැල්මට තාමත් කෙල්ල බය නිසා....



"අද දවසට කරන්න තියන වැඩ ටිකට අදාළ දේවල් අරන් මේන් ඩෝ එක ගාවට එන්න..."



එහෙම කියාගෙන ඉශ් කාමරේන් එළියට ගියේ කෙල්ල හැරිලත් ඉශ් යන දිහා බලන් ඉද්දි...මිස්ටර් තෙන්නකෝන්ගෙ සෙකට්ට්‍රි කිව්වා වගෙම ඉශ් යන්න හදන්නෙ ගෙදර කියලා තේරුන නිසා කෙල්ල ටේබල් එක උඩ තිබ්බ කෙල්ලට අදාළ සේරම දේවල් අරන් මේන් ඩෝ එක ළඟට ගියේ ඉශ් කියපු විදිහට....



......................................................................................................................................................................................................

විනාඩි විස්සක විතර ගමනකට පස්සෙ ඉශ්ගෙ කාර් එක නැවැත්තුවේ කොළ පාට ලොකු ගේට්ටුවක් ළඟ... ලොකු තාප්පෙකින් මුළු ගේම වට කරලායි තිබ්බෙ...කෙල්ල හිතුවේ කලින් කෙල්ල ඩෙකරේශන් කරන්න ගියපු ගෙදර ඉශ්ගෙ ගෙදර වෙන්නැති කියලා උනත් මේ තැන වෙනස්...



ගේට්ටුව ඇරගෙන කාර් එක ඇතුළට යද්දි මාළිගාවක් වගේ ලොකු ගෙයක් කෙල්ල බලාපොරොත්තු උනත් තිබ්බේ පුංචි ගෙයක්.....



තට්ටු දෙකේ ගෙදරක් උනත් ඒක බැලූ බැල්මට සුඛෝපභෝගි පෙනුමක් තිබ්බෙ නෑ... ලස්සන සරල බවක් ඒ ගෙදර තිබ්බෙ...දැක්කම ඉන්න ආස හිතෙන නිදහස් තැනක්...කෙල්ල කාර් එකෙන් බැහැලා වටපිට බැලුවේ හරි ආසාවෙන්...



"තාත්ති..."



එතකොටම ඇහුන කටහඩ කෙල්ල බැලුවේ කවුද කියලා..... පොඩි පිරිමි ළමයෙක්...

කෙල්ලගෙ මතකෙ ආපස්සට දුවන් ගියේ මේ ළමයව මීට කලින් දැකලා තියන නිසා....



......................................................................................................................................................................................................


මසකට පෙර....🤍


කෙල්ල හවස පාර්ක් එකට ආවේ හිත ටිකක් නිදහස් කරගන්න... කොච්චර ජොබ් වලට ඇප්ලයි කරත් කෙල්ලගෙ කොලිෆිකේශන් වලට ගැළපෙන ජොබ් එකක් තාම කෙල්ලට හම්බුනේ නෑ... මිසිස් රමණිගෙන් තමයි කෙල්ල ඩිසයින් ගැන ඉගන ගත්තෙ...අද කෙල්ල මිසිස් රමනිව හම්බෙන්න ගියපු වෙලේ ඩෙකරේටර් කෙනෙක් විදිහට ජොබ් එක්ක හොයලා දෙන්නම් කියපු නිසා අදනම් කෙල්ල හිටියේ ටිකක් හිත සැහැල්ලුවෙන් ..



මේ පාර්ක් එක තියෙන්නෙ ගඟක් අයිනෙ නිසා කෙල්ල මේ පාර්ක් එකේ ඇවිදින්න ගොඩක් ආසයි....පාර්ක් එකේ පාර දිගේ ඉස්සරහට ඇවිදන් ගියපු කෙල්ල නතර උනේ එක පාරම ඇහුන ඉකිගහන සද්දෙ නිසා... කෙල්ල වටපිට බැලුවත් කවුරුත් පෙන්න හිටියේ නෑ...ඒත් කෙල්ලට හොඳටම ඇහෙනවා කවුරුහරි පොඩි ළමයෙක් ගෙ ඉකිගහන සද්දයක්..


වටපිට ටිකක් උනන්දුවෙන් බලද්දි කෙල්ල දැක්කේ ගඟ අයිනටම වෙන්න තියන ගහ මුළ කවුරුහරි ඉන්නවා කියලා....කෙල්ල හිමින් හිමින් ඒ ළඟට ගියෙ කවුද කියලා බලන්න...


අවුරුදු තුන හතරක පෙනුමක් තියන පොඩි පිරිමි ළමයෙක්....




"බබා...මොකද මේ..."



කෙල්ල ඇහුවේ දණිස් දෙක උඩින් අත්දෙක තියලා ඔලුව තියන් ඉන්න ඒ ළමයගෙ ඔලුවත් අතගාලා...කෙල්ල කටහඩ කෙල්ලගෙ මූණත් නොබලා යන්න හැදුවට ඒ ළමයා නතර උනේ ලාවට වගේ කෙල්ලගෙ මූණ දැකලා...


ඇහිපිය නොහෙලාම කෙල්ලගෙ ඇස් දෙක දිහා බලන් හිටපු ළමයා ආයෙත් කෙල්ල ළඟින් ඉදගෙන ගඟ දිහා බැලුවේ කදුළුත් පිහදන ගමන්...




"ම්ම්ම්ම්...අපි මොනාහරි කමුද.... ආන්ටිටනම් දැන් හොඳටම බඩගිනි..."




මොකකට උනත් ඒ රිදිලා තියන පුංචි හිත වෙච්ච දේ ගැන අහලා ආයෙ ආයෙ රිද්දන්න හිතුන් නෑ කෙල්ලට...ඒ නිසාම ඒ ළමයා කෙල්ල එක්ක ඉන්න විනාඩි දෙක තුන හරි හිනස්සවලා සතුටින් තියන්න ඕන කියලා හිතුන නිසා කෙල්ල හිනාවෙලා කිව්වේ ඒ ළමයගෙ මූණෙ ලාවට හිනාවක් ඇදෙද්දි...



"මුලින්ම කියන්නකො මේ බබාගෙ නම මොකද්ද කියලා..."



ඒ ළමයගෙ අතින් අල්ලන් ඈත පෙන පේස්ට්‍රි ශොප් එක පැත්තට යන ගමන් කෙල්ල ඇහුවේ ඒ ලස්සන මූණට එබිලා...දිග ඇස්...ටිකක් නපුරු පාටයි... ඒත් බලන් ඉන්න ආස හිතෙන තරම් හැඩැයි ඒ මූණ....



"කෙනුල්...කෙනුල් අභිනෙස් තෙන්නකෝන්..."



කෙනුල් කිව්වේ බිම බලාගෙන...කෙල්ල හිනා උනේ පුංචි කාලේ ඕන ළමයෙක්ගෙන් නමක් ඇහුවම හැමෝම සම්පූර්ණ නමම කියන නිසා.....




"වාව්...ලස්සන නමක්නෙ කෙනුල් ඔයාට තියෙන්නෙ..."



කෙල්ල කිව්වේ හිනාවෙලා...කෙල්ල කියපු දේට ස්තුති කරන්න වගේ හිනා උන කෙනුල් බිම බලාගෙන ඉස්සරහට ඇවිදන් ගියේ කෙල්ලගෙ අත තද කරලා අල්ලන්... හරියට කෙල්ල එයාව දාලා යයි කියලා බයෙන් වගේ..... අහන ප්‍රශ්නෙට උත්තර දෙනවා ඇරෙද්දි කෙනුල් වැඩිය කතා කරේ නෑ කෙල්ල එක්ක...ඒ නිසාම බල කර කර කතා කරන්න ගියෙත් නෑ කෙල්ල... පේස්ට්‍රි ශොප් එකෙන් කෙනුල් ඉල්ලපු දේවල් අරන් දුන්න කෙල්ල කෙනුල් කෑම කාලා ඉවර වෙනකන් කෙනුල් දිහා බලන් හිටියේ හරි ආසාවෙන්.... අද දැක්ක රූපයක් උනත් අවුරුදු ගාණක හුරුපුරුදු පෙනුමක් කෙල්ල කෙනුල්ගෙන් දැක්කෙ...ඒ නිසාම කෙනුල් ගැන මෙ පොඩි වෙලාවට මොකද්දෝ හැඟීමක් කෙල්ලගෙ හිතේ ඇති වෙලයි තිබ්බෙ...



"කෙනුල් බබා... කෙනුල් බබා...කොහෙද ඔයා...කෙනුල් බබා..."



ගෑනු කෙනෙක්ගෙ කෙනුල්ගෙ නමින් කතා කරේ කෙනුල් ඉක්මනට කෙල්ලගෙ අතින් තද කරලා අල්ලගද්දි...කෙල්ල බැලුවේ කවුද කියලා... ටිකක් මැදි වයසක ගෑනු කෙනෙක්...පිළිවෙලට ඇදලා කෙනුල්ට අයිති දේවල් කියලා හිතෙන බෑග් එකක් වගේම වතුර බෝතලේකුත් ඒ ගෑනු කෙනා අතේ තිබ්බා...



"ඔහ් දෙයියනේ...මන් හොදටම බය උනා...එන්න යමු බබා..."



ඒ ගෑනු කෙනා කිව්වත් ඒ ගෑනු කෙනා ළඟට යනවා වෙනුවට කෙනුල් කරේ කෙල්ලගෙ පිටිපස්සෙ හැංඟුන එක....එතකොටයි ඒ ගෑනු කෙනා කෙල්ල දිහා බැලුවේ...




"අනේ බොහොම ස්තුතියි බබාව බලාගත්තට... පාර්ක් එක ඉස්සරහ වාහනෙ නතර කරා ඉස්සරහ ශොප් එකට යන්න...ඒ ටිකට බබා කාර් එකෙන් බැහැලා දුවගෙන ආවේ...හැමතැනම හෙව්වා මම... මන් තමයි බබාව බලාගන්නෙ...ගෙදර යන්න පොඩ්ඩක් අකමැති බබා මොකද අම්මා තාත්තායි දෙන්නම ගෙදර නෑ තනියම ඉන්නේ ඒ නිසා...ඒකයි ඔය....."



කෙනුල්ගෙ හැසිරීම නිසා කෙල්ල ඒ ගෑනුකෙනා ගැන වැරදියට හිතයි කියලා හිතිලද කොහෙදො කෙල්ල අහන්නත් කරන් සේරම විස්තර කිව්වේ කෙල්ල තමන්ගෙ පිටිපස්සෙ හැංඟිලා ඉන්න කෙනුල් දිහා බලද්දි... අම්මායි තාත්තයි දෙන්නම ළඟ නැති අඩුව කෙල්ල හොඳටම දන්නවා...ඒ නිසාම කෙනුල් ගෙදර ඉන්න අකමැති බව කෙල්ලට හොඳටම තෙරුනා... කෙල්ල තමන්ගෙ බෑග් එකෙ ඇතුලෙන් ටිකක් පරණ උනත් කෙල්ල ළඟ පුංචි කාලෙ ඉදන්ම තිබ්බ ලී වලින් හදලා තියන ලස්සන හුරතල් ජිරාෆ් කෙනෙක් එළියට ගත්තේ කෙනුල් ඒ දිහා බලන් ඉද්දි...




"මන් පොඩ්ඩක් කෙනුල් එක්ක කතා කරනකන් ඔයාට ඉන්න පුළුවන්ද..."



කෙල්ල ඇහුවේ ඒ ගෑනු කෙනාගෙන්.... හා කියන්න වගෙව් ඔලුව වනපු ඒ ගෑනු කෙනා ඒ දෙන්නගෙන් ටිකක් දුරට ගිහින් හිටගත්තෙ කෙනුල් කෙල්ල දිහාම බලන් ඉද්දි..



"කෙනුල් බබා..මේ ඉන්නේ බූ බූ...ආන්ටිගෙත් අම්මයි තාත්තයි දෙන්නම ගෙදර නෑ... ඉතින් ආන්ටිගේ තනියට හැමදාම හිටියේ මේ බූ බූ....දැන් ආන්ටි ලොකු නිසා ආන්ටිට තනියෙන් ඉන්න පුළුවන්නේ... ඉතින් මන් මගෙ බූ බූව ඔයාට දෙන්නම්....මෙයා ඉද්දි ඔයාට පාළු නැතිවෙයි...බබාගෙ හිතේ තියන හැමදේම බූ බූ එක්ක කියන්න...ඒයා මුකුත් නොකියා අහගෙන ඉන්නවා හැමදේම....බබාගෙ තනියට හැමදාම ඉදී මෙයා බබා ළඟ... හාද... බූ බූව පරිස්සමෙන් බලාගන්න ඕනේ හොඳද....එයා තනියෙන් ඉන්න බයයි...ඒ නිසා බබා ළඟම තියගාන්න...."



කෙනුල් අතට ඒ ලී ජිරාෆ්ව දෙන ගමන් කෙල්ල කිව්වෙ ඒ අහිංසක පුංචි මූණ ලස්සන හිනාවකින් පිරිලා යද්දි... මේ පුංචි හිත් මොනතරම් නම් අහිංසකයිද... පොඩි දෙයක් ඇති ඒ හිත් සතුටු කරන්න...කෙල්ල ඒ ලස්සන හිනාව දිහා බලන් හිටියේ හරි ආසාවෙන්...



කෙල්ල ඒ එකපාරක්වත් නොහිතා කෙනුල්ට තෑගි කරේ අවුරුදු ගාණක් තිස්සේ පරිස්සමෙන් ළඟ තිබ්බ පුංචි කාලෙ තාත්තා හදලා දුන්න සෙල්ලම් බඩුව... මේ කාලෙට තමන්ගෙ දුක නිවන්න පුළුවන් උන දෙයක් විදිහට ඒ ලී ජිරාෆුත් ඇතුළත්.... ඉතින් කෙල්ලගෙ දුක නිව්වා වගේම කෙනුල්ගෙ හිතෙ දුකත් ටිකක් හරි අඩු කරන්න පුළුවන් වෙයි කියලා හිතුන නිසායි කෙල්ලගෙ ඒ වටිනා මතකය කෙනුල්ට තෑගි කරේ...




"තැන්ක්‍යු ආන්ටි...."




කෙල්ල දිහා හිනාවෙලා බලපු කෙනුල් කිව්වේ කෙල්ලගෙ කම්මුලෙන් හාද්දකුත් තියලා....


කෙල්ල හිත හදපු නිසාම බූ බූවත් පපුවට තුරුළු කරන් කෙනුල් ඒ ගෑනු කෙනත් එක්ක යන්න ගියේ කෙල්ල කෙනුල් නොපෙනී යනකන්ම බලන් ඉද්දි...


......................................................................................................................................................................................................

වර්තමානය....🤍



කෙල්ල පුදුම වෙලා බලන් හිටියේ ඉශ්ට තාත්ති නමින් කතා කරපු ඒ පුංචි ළමයා කෙනුල් වෙච්ච එක ගැන...ඉශ්ගෙ පළවෙනි හමුවීමේ ඉදලා වෙන හැමදේම අහම්බයක්...ඒත් එහෙම වෙන්න පුළුවන්ද...කෙල්ලට පුදුමයි...ඉස්සෙල්ලාම ඉශ්ව හම්බුනේ ඇක්සිඩන්ට් එකෙන්... බැනලා රණ්ඩු වෙලා ජොබ් එකට යද්දි ඒ හම්බෙලා තියන ඩෙකරේශන් එකත් ඉශ්ගෙ ගෙදරින්.... ඒ අහඹු හමුවීම ගෙදරින් නතර නොවී කෙල්ල මේන් ඩිසයිනර් කෙනෙක් විදිහට වැඩ කරන තෙන්නකෝන් ගෲප් එකේ අයිතිකාරයාගෙ පුතත් ඉශ්ම වෙද්දි අන්තිමට කවදාවත් පිරිමි හිතක් එක්ක ආදරේන් බැදුන් නැති කෙල්ලගෙ හිත ඉශ්ගෙ හිත එක්ක ආදරේන් බැදෙද්දි..

අන්තිමට ඉශ් කියන්නෙ කවුද තියා ඉශ්ව වැරදිලාවත් දැකපු නැති කාලෙක ඉශ්ගෙම ලේ වෙච්ච කෙනුල් කෙල්ලගෙ හිතේ ඉශ්ට කලින් ලොකු ඉඩක් අල්ලන් තියනවා කියලා දැනගද්දි කෙල්ලගෙ ඇඟ හිරිවැටිලා ගිහින් හිරගඬු පිපුනෙ දෛවෙට මෙහෙමත් ජීවිත එක්ක සරදම් කරන්න පුළුවන්ද කියලා හිතුන නිසා....



කෙල්ල ඔක්කොම පැත්තක දාලා බලන් හිටියේ කෙනුල් දිහා...කෙනුල් අතෙ කෙල්ලගෙ ඒ ලී ජිරාෆ් තාමත් ඉන්නවා... ඒ පුංචි ඇස්වල කදුළු පුරවන් කෙල්ල දිහා බලන් ඉද්දි කෙල්ලට හිතා ගන්න බැරි උනා...




"ආන්ටි...තාත්ති ඔයා මගේ එන්ජල් ආන්ටිව හොයාගත්තද...."




කෙනුල් කදුළු පිහදන ගමන් ඇහුවේ ඉශ්ගෙන්....




"එ..ඒන්ජල් ආන්ටි... ඒ ඔයාද... ඒ මෙයාද..."





කෙල්ල දිහායි කෙනුල් දිහායි මාරුවෙන් මාරුවට බලන ගමන් ඉශ් ඇහුවෙත් හිතාගන්න බැරුව... අඬ අඬම කෙල්ල ළඟට ආපු කෙනුල් කෙල්ලව බදාගෙන අඬන්න ගත්තෙ කෙල්ලගෙ ඇස්වලටත් කදුළු පිරෙද්දි....




"ආන්ටිව මන් කොච්චර හෙව්වද....හැමදාම පාර්ක් ආවා තාත්ති එක්ක ආන්ටිව හොයන්න...බූ බූට ආන්ටිව බලන්න ඕන කිව්වා....ආන්ටි හොයාගන්න බැරුව බූ බූයි මායි දෙන්න ඇඬුවා...."



අඬන එක නතර කරපු කෙනුල් ආයෙත් අඬන්න වගෙ තොල පෙරල පෙරල හුරතල් විදිහට කියද්දි තවත් දුකයි...කෙල්ල දෙපාරක් නොහිතම කෙනුල්ගෙ කම්මුල් වලට හාදු දුන්නේ ඉශ් මුකුත් හිතාගන්න බැරුව ඒ දිහා බලන් ඉද්දි....



"ආන්ටිටත් කෙනුල් බබාවයි බූ බූවයි ගොඩක් මතක් උනා...ඒත් වැඩ එක්ක හොයාගෙන එන්න බැරි උනා..."



කෙනුල්ගෙ ඇස්වල කදුළු පිහදන ගමන් කෙල්ල කිව්වේ ඒ හීනි නපුරු ඇස් දිහා බලන්... ඒ ඇස් ඉශ්ගෙ වගේමයි...ඇස් විතරක් නෙමෙයි දැන් බලද්දි තමයි කෙල්ලට තේරෙන්නෙ කෙනුල් කියන්නෙ ඉශ්ව කොපි කරලා පේස්ට් කරලා වගේ කියලා...ඉශ් විදිහමයි කෙනුල්.... කෙනුල්ව දැක්ක දවසේ ඉදන් ඒ මූණෙ අඟලවත් අඩු නැතුව මතක තිබිලත් ඇයි ඉශ්ව දකිද්දි මතක් නොවුනෙ කියලා කෙල්ලටම පුදුමයි දැන්...




විරාමයක්..🤍



ඊළග දිගහැරුමෙන් නැවත හමුවෙමු 💕



බුදු සරණයි 🌸


කතාව පරක්කු වෙනවට ගොඩක් සොරි ළමයි...🥺💕

කෙනුල් අභිනෙස් තෙන්නකෝන් 🥺🤍


බූ බූ ✨


ආරෝහි 🤍
ඉශ් 🤍


Report Page