꙳♡ мr.gυapo ♡꙳

꙳♡ мr.gυapo ♡꙳

පබා ලියනගේ﹏✍
เ ƒεℓℓ ƒσ૨ ყσµ αɳ∂ เ αɱ รƭเℓℓ ƒαℓℓเɳɠ・❥・



(අවසරයකින් තොරව උපුටා ගැනීම තහනම්..) 🚫



පෙර කොටස.....🤍

https://telegra.ph/mrgυapo-11-17


අටවන දිගහැරුම....



කණ්නාඩියෙන් පේන තමන්ගෙම ප්‍රතිබිම්බය දිහා බලාගෙන කියපු කෙල්ල වොශ්රූම් එකෙන් එළියට ගියේ දිග හුස්මක් පහළට දාලා....


......................................................................................................................................................................................................



" උබ මැරි කරලා අවුරුදු තුනක් වෙනවා එතකොටම උබට අවුරුදු තුනක ළමයෙකුත් ඉන්නවා..යකෝ...මූ බලහන්කො.... "



කලින් හිටපු කොල්ලො ටික දෙනාගෙන් එකෙක් කියපු කතාව කෙල්ලට ඇහුනෙ කෙල්ල කාශ්ලා ඉන්න තැනට එන්න හදද්දි..... කෙල්ලට තේරුනා ඒ අහන්නෙ ඉශ්ගෙන් කියලා... කෙල්ලව දැකලා ඉශ් තමන් ළඟ පුටුව පස්සට ඇද්දෙ කෙල්ලට ඉදගන්න දෙන්න...ඒත් කෙල්ල ඉශ්ව ගනන් නොගෙන ගිහින් කාශ් ගාවින් වාඩි උනේ කාශ් හිනාවෙවී කෙල්ල දිහා බලන් ඉද්දි...



කොල්ලො ටික පරණ ඕපදූප ගැන ලොකු කතාවක.... කෙල්ලනම් ජූස් වීදුරුවක් දිහා බලන් බර කල්පනවක...

එතකොටම කෙල්ලට ආපු මැසේජ් එක නිසා ෆෝන් එක දිහා බලපු කෙල්ල ටේබල් එකෙන් නැඟිටලා ගියේ චබී කාශ් වගේම ඉශ්ත් කෙල්ල දිහා බලන් ඉද්දි..



විනාඩි පහළොවකට විතර පස්සෙ කෙල්ල ආපහු ආවත් කොල්ලො ටික ඉන්න තැනට එන්නෙ නැතුව ටිකක් දුරින් ඉදගෙන ෆෝන් එක දිහාම බලන් හිටියෙ ලොකු රාජකාරියක් වගේ...



එතකොටම ඉශ්ටත් කාශ්ටත් චබීටත් එකවැරම මැසේජ් තුනක් ආවේ තුන්දෙනාම ෆෝන් එක දිහා බලද්දි.




"Room eke Design wala prashnayk wela....oyalata gihin check karanna wenawa... thawa 10 min thiyenne... oyala design tika hadanakan man me kattiyawa balance karannam..."

(රූම් එකේ ඩිසයිනින් වල ප්‍රශ්නයක් වෙලා...ඔයාලට ගිහින් චෙක් කරන්න වෙනවා... තව ටෙන් මිනිට්ස් තියෙන්නෙ...ඔයාලා ඩිසයිනින් ටික හදනකම් මන් මෙ කට්ටියව බ්ලැන්ස් කරන්නම්....)



තුන් දෙනාටම ආවේ එකම මැසේජ් එක...ඒ කෙල්ලගෙන්... එක වැර මැසේජ් එක කියවපු තුන් දෙනා හිමීට පුටුවලින් නැඟිටලා කෙල්ල කට්ටියව කතාවට අල්ලන් ඉද්දි කාටවත් පේන් නැති වෙන්න ඇතුළට ගියේ ඉක්මනට වෙලා තියන ප්‍රශ්නෙ විසදන්න....


විනාඩි දහයක් ගියත් කොල්ලො තුන් දෙනා එළියට ආවෙ නෑ...කෙල්ල වටපිට බලලා වෙන කරන්නම දෙයක් නැති නිසා ටේබල් එක උඩ තිබ්බ කෑමත් පෙරලගෙන පුටුවකුත් පෙරලගෙන කලන්තෙ දාලා වගෙ බොරුවට වැටුනේ ළඟ හිටපු මනුස්සයෙක් කෙල්ලව අල්ලගද්දි.... හැමෝම කෙල්ල ළඟට දුවන් ආවේ කෙල්ලට මොකද උනේ කියලා හිතාගන්න බැරුව...එතකොටම කොල්ලො තුන් දෙනත් පහළට ආවේ කට්ටිය වට කරන් බලන්නෙ මොකද්ද කියලා හිතාගන්න බැරුව....




"මොකද්ද දන් නෑ සීන් එක..."



චබී කිව්වේ වටපිට බලන ගමන්...



"අපි නැති නිසා ආරෝහිගෙ වැඩක් වෙන්නැති ශුවර් එකටම කට්ටියගෙ අවදානෙ වෙන පැත්තකට යවන්න..."



කාශ් කිව්වේ කෙල්ලව හොයන ගමන්.... වටපිට බැලුවට කෙල්ල නැති නිසා කොල්ලො තුන්දෙනා මිනිස්සු වටවෙලා හිටපු තැනට කිට්ටු උනේ කෙල්ල එතන ඇති කියලා සැකෙන්....


කලන්තෙ දාලා පුටුවක ඉන්දවලා තියන කෙල්ල දැක්කම කාශ් වගේම ඉශ් කෙල්ල කරන්නෙ බොරුවක් කියලා තේරුම් ගත්තට අපේ චබියට බැරි උනා...



"අයියෝ...ආරොහි...ආරොහි...."



මිනිස්සු තල්ලු කරන් ගිහින් චබිය කෙල්ල ළඟ දණගගෙන කෙල්ලට කතා කරේ කාශුයි ඉශුයි මූණෙන් මූණ බලන් හිනාවෙද්දි....




"She is such a drama queen..."




ඉශ් කිව්වේ හිනාවෙවී කෙල්ල දිහා බලන්...කාශ් හිනාවෙලා කෙල්ල දිහා බලන් හිටියත් ඒ කතාව කිව්වේ ඉශ් නිසා ඇස් හරවලා ඉශ් දිහා බැලුවේ නිකමට වගේ...ඉශ්ගෙ මූණෙ තිබ්බ හිනාව දැක්කම කාශ්ටත් නොදැනිම තමන්ගෙ මූණෙ හිනාව නැති උනා...




"ඇයි...කවුරුත් නිසා සතුටු උනේ නැති උබ කවුරුත් නිසා හිනා උනේ නැති උබ කිසිම දේකට හොලවන්න බැරි උන උබේ හිත ආරොහි නිසා වෙනස් උනේ...ඇයි.. මන් දැක්ක දවසෙ ඉදන් පිස්සුවෙන් වගෙ ආදරේ කරන ඒ කෙල්ලම උනේ ඇයි බන්..."



කාශ් හිතුවේ ඉශ් දිහා බලන්...දවස් ගාණක් තිස්සෙ බලන් හිටපු කාශ්ට ආරොහි නිසා ඉශ්ගෙ මේ වෙනස පුදුම විදිහට රිද්දුවා....දිග හුස්මක් පහළට දාලා අහක බලාගත්ත කාශ් එතනින් යන්න හැරුනේ මේ වෙනකොට කෙල්ලගෙ වෙනසත් ඇස්දෙකෙන්ම දෙතුන්පාරක්ම දැක්ක නිසා...



"අපි මෙයාව හොස්පිට්ල් අරන් යමු...ඇම්බ්‍යුලන්ස් එකකට කතා කරන්න..."




ඉශ් බොහොම අමාරුවෙන් හිනාව කන්ට්‍රොල් කරන් කිව්වේ ටිකක් සද්දෙට කෙල්ලටත් ඇහෙන විදිහට... කෙල්ල ඉක්මනට නැඟිට්ටෙ කරන්ට් එකක් වැදුනා වගේ...




"ආරොහි...ඔයා හොඳින්ද...."



චබී ඇහුවේ බයවෙල කෙල්ල දිහා බලන්...චබීයනම් තාමත් කෙල්ලගෙ ඇක්ට් එකට රැවටිලා ඉන්නෙ...ඉශ් හිනාව කන්ට්‍රොල් කරගන්න බැරිම තැන ඉනටත් අත් දෙක තියාගෙන අනිත් පැත්ත හැරුනේ කෙල්ල කටත් ඇද කරන් ඉශ් දිහා බලන් ඉද්දි......ඉශ් පිටුපාල ඉන්න නිසා කෙල්ලට තේරුනා ඉශ් ඒක කිව්වෙ කෙල්ලව බය කරන්න කියලා.....




......................................................................................................................................................................................................

ටික දිනකට පසු....🤍



ආරොහි උදේම කම්පනි එක්ට ආවේ අද චබී එන් නෑ කියලා කෝල් කරපු නිසා එච්චර හිත හොඳකින් නෙමෙයි...මොකද කම්පනි එකෙ වැඩට ආවාම කෙල්ල හිනාවෙලා ඉන්න එකම හේතුව චබී....ඉශ් දකින ගාන පෑරෙන හිත වචනෙකින් හරි හදන්න පුලුවන්නම් ඒ චබීට විතරයි... ඉශ් කියන්නෙ බැදලා ලමයෙක් ඉන්න තාත්තා කෙනෙක් කියලා දැනගත්ත දවසෙ ඉදන් කෙල්ල ඉශ්ව මඟඇරියා..ඒ මොකද කියනවනම් ඉශ්ගෙ නමින් දළුලමින් තිබුන කෙල්ලගෙ කුළුදුල් ආදරේ හිත ඇතුළෙම මරලා දාන්න වෙන නිසා...



ඒත් අවාසනාවකටද වාසනාවකටද කියලා හිතන්න බැරි විදිහට කෙල්ලට ඒක කරගන්න බැරි උනා...දැකපු දවසෙ ඉදන් කෙල්ලව මඟඇරපු ඉශ්ගෙ ඇස් අහේතුවකට දැන් හොයන්නෙම කෙල්ලව...පේන දුරකින්වත් කෙල්ල නැත්තම් ඉශ්ට දැනුනේ කවුරුහරි තදින් තමන්ගෙ හුස්ම හිරකරනවා වගේ හැඟීමක්.... ඉතින් ඒ නිසාම කෙල්ල පේන තැනකට වෙලා ඉන්න ඉශ් මේ ටික දවසට ඇබ්බැහි වෙලා ඉවරයි....



කොච්චර කොල්ලව මඟඅරින්න හැදුවත් ඇස් උස්සලා බලන හැමවෙලාවකම තමන්ට පේන මානෙකින් අනිවාරෙන් ඉශ් ඉන්න නිසා එන්න එන්නම කෙල්ලටත් නොදැනිම කෙල්ල ඒ නිහඬ රූපේට සීමාවක් නැතුව ආදරෙන් බැදිලා..... ගෑනු කෙනෙක්ට පිරිමියෙක් තමන්ට කැමත්තක් ඇතුව බලන එක බැල්මක් උනත් ඉවෙන් වගේ දැනෙනවා කියලා පොත්පත්වල ලියවෙලා තිබ්බට ආරොහිටනම් තේරුන්නෑ ඒ නිහඬ රූපේ හැමතිස්සෙම තමන්ව හොයන වග..... ඒ නිසාම වෙන්නැති කෙල්ලගෙ හිත තව තවත් රිදුනා ඉශ්ගෙ හිතේ කිසිම හැඟීමක් කෙල්ල වෙනුවෙන් නැතුව ඇති කියලා හිතෙනකොට...."එක අතකට මොනා කියලා මන් ගැන හිතන්නද....මැරි කරලා ළමයෙක් ඉන්නවා කියන්නෙ එයාගෙ වයිෆ්ටත් එයා ආදරේ ඇති...." කෙල්ල අනේක වාරයක් තමන්ගෙ හිත හදාගත්තෙ ඔහොම හිතලා...



"අහ්...තමුසේ වගේම තමුසේ මගෙ ළමයත් හිතක් පපුවක් නැති ගාණට හදලා....ශික්...ලැජ්ජයි ඇත්තටම තමුසේ ගැන...ඇයි මෙහෙම කරන්නෙ....."



චබියත් නැති නිසා ලොකු කල්පනාවක හිටපු කෙල්ල ගැස්සුනේ එකපාරම ඇහුන කටහඬ නිසා...කෙල්ල ඔලුව උස්සලා බැලුවේ කවුද කියලා.... ආගන්තුක රූපයක්... බෙල්ල ගාවටම කොණ්ඩෙ කපලා සුදුපාට කොට ගවුමක් ඇදලා තද රතු පාටින් ලිප්ස්ටික් එකක් ගාල හිටපු ඒ ගෑනූ කෙනාගෙ තිබ්බෙ සල්ලි තියන ඩීසන් පෙනුමක්...... කොච්චර ලොකු ලොකු වැඩ දාලා සරාගි පෙනුමක් ගන්න හැදුවත් එයාට තිබ්බෙ මනුස්සයෙක්ට කලාතුරකින් පිහිටන ලස්සන අහිංසක පෙනුමක්....කෙල්ල උඩ ඉදන් පහළටත් ආයෙ පහළ ඉදන් උඩත් ඒ ගෑණු කෙනා දිහා බැලුවේ කවුද කියලා හිතාගන්න බැරුව...




"මිස් රවීශා...මේක ඔෆිස් එකක්.... ඔයාට මිස්ටර් ඉශ් එක්ක මොකක්හරි දෙයක් කතා කරගන්න තියනවනම් කරුණාකරලා ඒක මෙතනින් එළියට ගිහින් කතාකරගන්න...."



ඒ එක්කම ඇතුළට ආපු මිස්ටර් තෙන්නකෝන්ගෙ සෙකට්ට්‍රි කිව්වේ ඒ ගෑනූ කෙනා දිහා බලන්.... කෙල්ල නිකමට ඇස් හරවලා බැලුවේ ඉශ් දිහා.... ඒ ඇස් රතුවෙලා.... ඉශ්ට ඔච්චර තරහ ගිහින් ඉන්නවා කෙල්ල මීට කලින් දැකලා නෑ...ඉශ් නිකන් බැලුවත් දැනෙන්නෙ රවනවා වගේ...ඉතින් මේ බැල්ම ඇඟේ ඇට ලේ මස් නහර වලට පවා සැරෙන් වැදෙන විදිහට දැනෙනවා... කෙල්ල බය වෙලා අහක බලාගත්තට මිස්ටර් තෙන්නකෝන්ගෙ සෙකට්ට්‍රි රවීශා නමින් හදුන්වපු ඒ කෙල්ලනම් ඉශ්ගෙ ඒ බැල්මට පොඩ්ඩක්වත් බයවෙලා නැති වග කෙල්ලට තේරුනේ කෙල්ල රවීශා දිහා බලද්දි රවීශගෙ ඇස් ඇහිපිය නොහෙලා බලන් හිටියේ ඉශ් දිහා නිසා....



ඒ එක්කම ඉශ් පුටුවෙන් නැගිටලා රවීශා ඉන්න තැනට ගියේ කෙල්ල මුකුත් හිතාගන්න බැරුව මේ වෙන සිද්ධිය දිහා බලන් ඉද්දි....





"අහ්... මාසෙකට සැරයක් ඇවිල්ලා මොකක්හරි නාඩගමක් නටලා යන්නෙ..."




රවීශාගෙ අතින් ඇදගෙන ඉශ් රූම් එකෙන් එළියට ගියාම මිස්ටර් තෙන්නකෝන්ගෙ සෙකට්ට්‍රි කිව්වේ ඔලුවත් දෙපැත්තට වනන ගමන්...




"කවුද ඒ...."




කෙල්ල ඇහුවේ සෙකට්ට්‍රි ඉන්න තැනට එන ගමන්...




"මිස්ටර් ඉශ්ගෙ වයිෆ්... අයි මීන් එක්ස් වයිෆ්...ඩිවෝස් වෙලා ඉන්නෙ දෙන්නා..."



සෙකට්ට්‍රි කෙල්ල දිහා බලලා කිව්වේ කෙල්ලගෙ ඇස් උඩ යද්දි..




"මිස්ටර් ඉශ් ඩිවෝස් වෙලාද ඉන්නෙ...එතකොට බබා..."




කෙල්ල ඇහුවේ පුදුමෙන්..




"ම්ම්ම්....බබා ඉන්නෙ මිස්ටර් ඉශ් එක්ක... දැනටනම් බලාගන්නෙ නැනී කෙනෙක්.....මන් යන්නම්...අද ඔයාට මිස්ටර් ඉශ්ගෙ ගෙදර ගිහින් වැඩ කරන්න වෙයි...මොකද රවීශා ඇවිල්ලා මෙහෙම නාඩගමක් නටලා යන හැමදවසමක මිස්ටර් ඉශ් ඔෆිස් එකේ වැඩ සේරම ගෙදර අරන් යනවා......"




කෙල්ලගෙ උරහිසට තට්ටුවක් දාලා කිව්ව සෙකට්ට්‍රි එතනින් ගියේ කෙල්ල දිග හුස්මක් පහළට දාලා සෙකට්ට්‍රි කියපු දේවල් කල්පනා කරද්දි.....



......................................................................................................................................................................................................

කෙල්ල ඔෆිස් රූම් එකෙ එහාටයි මෙහාටයි යන ගමන් කල්පනා කරේ ඉශ් ගැන...... විනාඩි පහළවකට වඩා ගියත් තමා ඉශ් නෑ......



ඒ එක්කම රූම් එකේ දොර ඇරෙන සද්දෙට කෙල්ල නතර වෙලා බැලුවේ කවුද කියලා...

කෙල්ල දිහාවත් නොබලා ඇතුළට ආපු ඉශ් පුටුවෙ දාලා තිබ්බ කෝට් එකත් අරගෙන ටේබල් එක උඩ තිබ්බ ෆයිල් ටිකත් අතට අරන් කාර් එක යතුරත් අතට අරන් කෙල්ල දිහා බැලුවේ කෙල්ල ගල් ගැහිලා වගේ ඉශ් දිහා බලන් ඉද්දි..


ඉශ්ගෙ ඇස් කෙල්ලගෙ ඇස් එක්ක යා වෙද්දිම ඉබේම කෙල්ලගෙ ඇස් බිමට හැරවුනේ ඒ බැල්මට තාමත් කෙල්ල බය නිසා....



විරාමයක් ..🤍



ඊළග දිගහැරුමෙන් නැවත හමුවෙමු 💕



බුදු සරණයි 🌸


Report Page