꙳♡ мr.gυapo ♡꙳

꙳♡ мr.gυapo ♡꙳

පබා ලියනගේ﹏✍
เ ƒεℓℓ ƒσ૨ ყσµ αɳ∂ เ αɱ รƭเℓℓ ƒαℓℓเɳɠ・❥・




(අවසරයකින් තොරව උපුටා ගැනීම තහනම්..) 🚫



පෙර කොටස.....🤍

https://telegra.ph/mrgυapo-11-14


හත්වන දිගහැරුම....



චබීගෙ ඔලුවටත් එකක් ගහලා කාශ් ඔෆිස් රූම් එක ඇතුළට ගියේ චබී ඒ පස්සෙන් යන්න හදලත් කෙල්ලටයි කාශ්ටයි ටිකක් තනියෙන් ඉන්න දෙන්න ඕනෙ කියලා හිතුන නිසා ආපහු ඉශ්ව හොයාගෙන යද්දි....



කාශ් ඇතුළට යද්දි කෙල්ල ෆයිල් එකක් පෙරල පෙරල බල බල ඉන්නවා..



"පළවෙනි දවස ගැන මොකද හිතෙන්නෙ.."



කාශ් ඇහුවෙ තමන්ගෙ ටේබල් එකෙන් වාඩි වෙන ගමන්..



"වරදක් නෑ අර මිස්ටර් ගුආපො නැත්තම්..."



කෙල්ල කිව්වේ ෆයිල් එක දිහාම බලන්...



"මිස්ටර් කවුද ??..."



කෙල්ල කියපු දේ තේරුන් නැති නිසා කාශ් ඇහුවේ කෙල්ල දිහා ඇස් දෙකත් ලොකු කරන් බලාගෙන...




"අහ්...මන් කිව්වේ මිස්ටර් ඉශ්..."




කෙල්ල යාළුවොත් එක්ක කතා කරන පුරුද්දට කිව්වත් කාශ් ආපහු කතා කරාමයි කෙල්ලට මතක් උනේ ඉන්නෙ කාශ් එක්ක කියල....



"ඔයා කලින් කිව්වෙ මොකද්ද...දන් නැති භාශාවකින් අපේ ඉශ්ට නමකුත් දැම්මද..."



කාශ් ඇහුවේ හිනාවෙවී...



"නෑ මගෙ යාළුවෝ ටික එයාට ඔය නම දැම්මේ..පුරුද්දට මටත් කියවෙනවා..."



කෙල්ල ෆයිල් එකේම ඇස් තියාගෙන කිව්වෙ කාශ් නම් ඇස්පිය නොහෙලාම කෙල්ල දිහා බලන් ඉද්දි....



"මොකද්ද ඉතින් ඒක තේරුම...."



කාශ් ඇහුවේ කම්මුලටත් අත තියාගෙන කෙල්ල දිහා බලන්...



"ගුආපො කියන්නෙ ස්පැනිශ් වලින් හැන්සම් කියන එක...එතකොට ඉතින් මිස්ටර් ගුආපො කියන්නෙ මිස්ටර් හැන්සම් කියන එක........ පොඩ්ඩක් නපුරු උනාට එයාට ඒ නම ගැළපෙනවා..."



කෙල්ල ෆයිල් එක වහලා තවත් ෆයිල් එකක් අතට අරන් මූණෙ හිනාවකුත් ඇදගෙන කිව්වම කාශ්ගෙ මූණෙ තිබ්බ හිනාව සම්පූර්ණ නැති වෙලා ගියා.... කම්මුලට තියන් හිටපු අතත් අරන් කොල්ලා ඉක්මනට අහක බලාගත්තෙ ඇහිපිල්ලම් ගොඩක් ගහලා.. කෙල්ල කියපු කතාවටත් වඩා කාශ්ට හිත රිදුනෙ ඉශ් ගැන කියද්දි කෙල්ලගෙ මූණෙ ඇදුන ලස්සන හිනාව දැකලා...


කෙල්ල ඇස් උස්සලා බැලුවේ කාශ් සද්දයක් නැති නිසා...අහක බලාගෙන කල්පනා කර කර ඉන්න කාශ් දිහා ටිකක් වෙලා බලන් හිටපු කෙල්ල ආයෙත් ෆයිල් එක දිහා බලාගත්තෙ කාශ්ට මොකද උනේ කියලා හිතාගන්න බැරුව .....


......................................................................................................................................................................................................



"හම්මො.."



ෆයිල් ඔක්කොම ෆිල් කරලා එක පිට එක තියපු කෙල්ල දිග හුස්මක් පහළට දැම්මේ ඕෆ් වෙන්න වෙලාව හරි නිසා...



"මොකද මහන්සිද..."




චබී ඇහුවේ හිනාවෙවී කෙල්ල දිහා බලන්...




"නෑ...."



කෙල්ලත් හිනාවෙලා කිව්වේ කලින් මීටින් රූම් එකේ දැක්කට පස්සෙම ඉශ් දැක්කෙ නැති නිසා වටපිට බලන ගමන්...




"මිස්ටර් ඉශ් මොකද මේ පැත්තෙ ආවෙවත් නැත්තෙ...."




කෙල්ල ඇහුවේ චබීගෙන්..





"මිස් ආරොහිව දැක්කම කේන්ති යනවලු....ඒ හින්දා..."




චබී හිනාවෙවිම කිව්වෙ කෙල්ල කටත් ඇද කරන් චබී දිහා බලද්දි....




"එහෙනම් එයාට වෙනම ප්ලේස් එකකට යන්න කියන්න..."




එහෙම කියපු කෙල්ල ෆයිල් ටිකත් ඉශ්ගෙ ටේබල් එක උඩින් තියලා ඉශ් වෙනදට ඉදන් ඉන්න පුටුවටත් රවලා හෑන්ඩ්බෑග් එකත් අතට අරන් බැලුවේ කාශ් දිහා....කලින් කෙල්ලගෙ යාළුවෝ ටික ඉශ්ට දාපු නමේ තේරුම කියපු වෙලේ ඉදන් කාශ් කෙල්ල එක්ක කතාවක් නෑ...




"එහෙනම් මන් යනවා..උදේට හම්බෙමු...."



කෙල්ල කිව්වේ කාශ් දිහත් බලන්...ලා හිනාවකින් කෙල්ලට සංග්‍රහ කරපු කාශ් කෙල්ලටත් කලින් නැඟිටලා ගියේ කෙල්ල වගේම චබීත් කාශ් දිහා බලන් ඉද්දි...




"එයාට මොනා වෙලාද..."




චබී ඇහුවේ පිටුපාල යන කාශ් දිහා බලන්... කෙල්ලත් කාශ් දිහාම බලන් උරහිස් ඇකිලුවේ තමනුත් ඒකට උත්තරයක් දන්නෙ නැති නිසා...



......................................................................................................................................................................................................


සතියකට පසු 💕


සතියක් ගෙවිලා ගියේ හීයක වේගෙන්...මැජෙන්ටා කලර් ටයිල් එකක් හොයාගන්න නැතුව ඉශ්ට උනේ අන්තිමට කෙල්ල කියපු දේම කරන්න... සතිය ඇතුළත චබියි කෙල්ලයිනම් හොඳම යාළුවෝ උනා....කාශ් එදා සිද්ධියෙන් පස්සෙ කෙල්ල එක්ක ලොකු කතාවක් නැති උනත් කෙල්ල ගැන තිබ්බ අවදානෙනම් නැති උනේ නෑ.....සතිය ඇතුළත ඉශ්ටත් කෙල්ලව හිතට ඇල්ලුවේ කෙල්ලගෙ වැඩ වගේම කෙල්ලගෙ ගතිගුණත් හොඳයි කියලා තේරුන නිසා....


වැඩ සෙරම ඉවර කරලා අද තමයි මිස්ටර් ඇන්ඩ් මිසිස් පෙරේරා මේ අලුත් ගෙදරට පදිංචි වෙන්නෙ...ඉතින් ඒ උත්සවෙට මිස්ටර් තෙන්නකෝන්ට වගේම ඉශ්ටත් කාශ්ටත් කෙල්ලටත් චබීටත් ආරාධනා කරලා තිබ්බ....


හැමෝම ඇවිත් හිටියට තාම කෙල්ලනම් ෆන්ශන් එකට ආවේ නෑ... කාශ්ගෙ ඇස් විතරක් නෙමෙයි අහේතුවකට ඉශ්ගෙ ඇසුත් මඟ බලන් හිටියේ කෙල්ල එනකන්...



විනාඩි දහකට විතර පස්සෙ කාර් එකක් ගෙනත් නැවැත්තුවේ හැමෝගේම ඇස් ඒ පැත්තට යද්දි.. ඉස්සෙල්ලම කාර් එකෙන් බැහැපු ඉඳුවර කෙල්ලට බහින්න දොර ඇරියේ ඉශ් කාශ් චබී තුන් දෙනාම ඇස් හීනි කරන් ඉඳුවර දිහා බලන් ඉද්දි...



කෙල්ල ඇදන් හිටියෙ සුදු පාට කොට ගව්මක්...ගවුමෙ තැනින් තැන තැබිලි පාට ඩොට් වැටිලා තිබ්බෙ මෙච්චර වෙලා ඉඳුවර ළඟ තිබ්බ කොල්ලො තුන් දෙනාගෙ ඇස් කෙල්ලට යද්දි....



"වාව්..."



චබී කිව්වේ කෙල්ල දිහා බලන්....



"ඇත්තටම ආරොහිගෙ ලස්සනනම් අදහන්න වටිනවා ආඅ..."



චබී කිව්වෙ හිනාවෙවී කෙල්ල දිහා බලන්...ඉශ් වත් කාශ්වත් සද්දයක් නැති නිසා චබී බැලුවේ ඒ දෙන්නා දිහා..දෙන්නම සම වැදිලා වගෙ කෙල්ල දිහා බලන් ඉන්නවා....




"අපෝ උබලා දෙන්නත්.... ආයෙ පැණි හලන්න දන්නෙම නෑ..."



දෙන්නගෙම ඔලු වලට ගහන ගමන් චබී කිව්වේ කාශ් රවලා චබියා දිහා බලද්දි...ඉශ් හිමීට එතනින් ගියේ ඉඳුවර ආපහු යනකන් ඉදලා කෙල්ල චබීයි කාශුයි ඉන්න තැනට එද්දි...




"හායි ගායිස්..."




කෙල්ල හිනාවෙලා කිව්වෙ කාශ් වගෙම චබීත් හිනාවෙලා කෙල්ල දිහා බලන් ඉද්දි...



"You looking so gorgeous..."

(ඔයා හරිම ලස්සනයි...)



චබී කිව්වෙ කෙල්ලගෙ කරට වටින් අතකුත් දාගෙන....කාශ් චබීට රවනවා දැක්කම චබී කෙල්ලගෙ කරට වටින් දැම්ම අත, දැම්මට වඩා වේගෙන් ආපහු ගත්තෙ බොරු කැස්සකුත් දාලා .....




"තැන්ක්‍යු...."




චබීගෙ කම්මුලක් මිරිකලා කියපු කෙල්ල වටපිට බැලුවේ ඉශ් කොහෙද කියලා...




"අර ආවෙ බෝයිෆ්‍රෙන්ඩ්ද..."




කාශ් ඇහුවේ ඉදුවර ගැන...




"අහ්..නෑ...මගෙ යාළුවෙක්.."




හිනාවෙලා කියපු කෙල්ල වටපිට බලන ගමන් තාමත් හොයන්නෙ ඉශ්ව...




"ඉශ්වද හොයන්නෙ...ඇතුළට ගියා...එන්න යමු..."




කෙල්ලගෙ අතකින් අල්ලන් චබී කිව්වේ කාශ් කෙල්ල දිහාම බලන් ඉද්දි... කෙල්ල කිසි කතාවක් නැතුව චබී එක්ක ඇතුළට ගියෙ කෙල්ලගෙ ඇස් ඇත්තටම හෙව්වෙ ඉශ්ව නිසා ..




ඇතුළට යද්දි ඉශ් පේන්න හිටියත් වැරදිලාවත් ඉශ් කෙල්ල දිහානම් බැලුවේ නෑ....


කෙල්ලට මතක් උනේ කලින් දවසේ කෙල්ල ඔෆිස් එකේ ඉද්දි ඉශ්ට ආපු කෝල් එක ගැන...ඒ ගැන හිතලා කෙල්ලට රෑ එලි වෙනකන් නින්ද ගියෙත් නෑ... දැනුත් ඉශ්ව දැක්ක වෙලේ ඉදන් කෙල්ලට මතක් වෙන්නෙ ඒක.....



....................................................................................................................................................................................................

පෙර දා....🕊️



කාශ් වගෙම චබිත් ඔෆිස් රූම් එකේ හිටියෙ නැති නිසා ඉශ් එක්ක කෙල්ල තනියෙන් රූම් එකෙ හිටියෙ...



"ඔව් කියන්න..."



"ම්ම්..බබාට ෆෝන් එක දෙන්න..."



"බබා...තාත්ති එනවා ඉක්මනට....හොඳ ළමයා වගේ නැනී කියන දේ අහලා හිතුවක්කාර නොවී බෙහෙත් ටික බොන්න...තාත්ති ආවම දෙන්නා එක්කම පාර්ක් යමු..."



ඉශ්ගෙ කෝල් එකට කන් දීගෙන හිටියෙ නැතත් ඉශ් කියපු දේ ඇහුනම කෙල්ල ඇස් දෙකත් ලොකු කරන් ඉශ් දිහා බැලුවේ පුදුමෙන්.... අහේතුවට කෙල්ලගෙ හිත රිදුනා ඒ කතාව ඇහුනම...ඇයි කියන්න කෙල්ලට තේරුනෙත් නෑ...



"ඒ කියන්නෙ ඉශ් මැරි කරලද...එයාට බබෙකුත් ඉන්නවද...."



කෙල්ල හිතුවේ ඉශ් දිහාම බලන්.. කෙල්ලට නොදැනිම කෙල්ලගෙ ඇස්වලට කදුළු පිරෙන නිසා ඉක්මනට ටේබල් එකෙන් නැඟිටලා රූම් එකෙන් එළියට ගියේ පිටුපාල යන කෙල්ල දිහා එක පාරක් බලපු ඉශ් ආයෙත් කෝල් එකට අවදානෙ දෙද්දි....


......................................................................................................................................................................................................

වර්තමානය...🕊️



කෙල්ල ඉශ් දිහාම බලන් හිටියේ ඊයේ කෙල්ලට ඇහුන දේ ඇත්තමද කියලා හිතාගන්න බැරුව....



"අඩෝ අර...ඉශ් නේද ඉන්නෙ.."



"අම්මටසිරි ඔව් බන්.... කවුද අර කෙල්ල..."



"ප්‍රගීතුයි කාශ්‍යපත් ඉන්නවා..."



"ඔව්ව් උන් දෙන්නත් ඉන්නවා තමා... ඉශ්ගෙ කෙල්ලද දන් නෑ අර ඉන්නෙ...ඒකිගෙ ලස්සන බලපන්කො..."



"උබට පිස්සුද...ඉශ්ට කෙල්ලෙක් ඉන්නවා... හීනෙන්වත් වෙන්න පුළුවන් දෙයක්ද බන් ඒක..."



"ඒක ඇත්ත...දවසට වචන දහයක්වත් කතා කරන්නෙ නැති ඕකට කොහෙන්ද බන් කෙල්ලො...ඒ කෙල්ල කාශ්‍යපගෙ කෙල්ලද කොහෙදො....පේන්නැද්ද පොර පිස්සුවෙන් වගේ බලන් ඉන්නවා..."




"යමන්කො ගිහින් කතා කරමු..."




ඉශ්, කාශ් ,චබී, ආරොහි හතර දෙනාට ටිකක් දුරින් හිටපු කොල්ලො වගයක් කතා උනේ හතරා දෙන දිහා බලන්....ටිකකින් ඒ කොල්ලො ටික කට්ටිය හිටපු තැනට ආවේ හතරදෙනාගෙම අවදානෙ ඒ පැත්තට යද්දි....




"හලෝ ඉශ්... කොහොමද මචන්....මතකද අපිව....කාශ්‍යප ප්‍රගීත් කොහොමද ඉතින් උබලා දෙන්නටත් ..."



එතනින් එක කොල්ලෙක් ඇහුවේ කාශ්ගෙ පිටටත් තට්ටුවක් දාලා.... කෙල්ල ඒ කොල්ලො ටික දිහා බලලා ඉශ් දිහා බැලුවේ ඉශ් කතා කරයිද බලන්න... ම්හ්...මොන කතාද... ඉශ් යන්තන් හිනා උනේ කට්ටියව මතකයි කියන්න වගේ...




"අපි හොඳින් ඉන්නවා උබලට කොහොමද..."




කාශ් හිනාවෙලා ඇහුවේ ඒ කොල්ලො ඔක්කොගෙම මූණු දිහා මාරුවෙන් මාරුවට බලන ගමන්...




"වරදක් නෑ මචන් ඉන්නවා ඉතින්...මේ උබේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ද..."



තව කොල්ලෙක් කෙල්ලව පෙන්නලා කාශ්ගෙන් ඇහුවේ කාශ් වගේ කෙල්ලත් ඇස් ලොකු කරන් ඒ කොල්ලා දිහා බලද්දි...



"නෑ බන්...මේ අපේ යාළුවෙක්.."



කාශ්ට කලින් ඉස්සරහ උන චබි කිව්වෙ හොරෙන් ඉශ් දිහත් බලලා... ඉශ් ඇස් දෙකත් රතු කරන් අහක බලන් හිටියේ කේන්තියෙන් කියලා දකින ඕන කෙනෙක්ට තේරෙනවා...



"ඔහ් සොරි...ඉතින් ඉතින්.... හැමදාම මෙහෙම ඉන්නද කල්පනාව...මැරි කරන්න එහෙම අදහසක් නැද්ද උබලට...."



තවත් කොල්ලෙක් ඇහුවේ ඉශ් ඇස් හරවලා ඒ කොල්ලා දිහා බලද්දි....



"I'm married..."

(මන් මැරි කරලා ඉන්නෙ..)



ඉශ් කිව්වේ ඒ කොල්ලා දිහා බලන්...කෙල්ලගෙ පපුවත් රිදෙන්න ගත්තෙ ඉශ්ගෙ කටෙන්ම එහෙම දෙයක් අහන්න බලාපොරොත්තු උනේ නැති නිසා...ප්‍රශ්නෙ අහපු කොල්ලා විතරක් නෙමේ ඒ කොල්ලා එක්ක ඇවිත් හිටපු අනිත් කොල්ලො ටිකත් ඉශ් දිහා බලන් හිටියේ ඉශ් කියපු කතාව අදහගන්න බැරුව.....



"Excuse me..."



එහෙම කියපු කෙල්ල ඉක්මනට එතනින් ගියේ ඉශ් වගේම කාශුත් හදිස්සියෙන් පිටුපාල ඇවිදන් යන කෙල්ල දිහා බලන් ඉද්දි....


වොශ්රූම් එකට ගියපු කෙල්ල කණ්නාඩිය දිහා බලන් හිටියේ තමන්ට මොකද වෙන්නෙ කියලා හිතාගන්න බැරුව...




"මොකද ආරෝහි මේ....ඇයි මේ...ඉශ් නිසා ඔයා මෙච්චර දුර්වල වෙන්නෙ ඇයි....නෑ....එයා ඔයාගෙ වැඩ කරන කම්පනි එකේ ශෙයාහොල්ඩර් කෙනෙක් විතරයි.... එතනින් එහා මුකුත් නෑ....මුකුත් හිතන්න එපා..."



කණ්නාඩියෙන් පේන තමන්ගෙම ප්‍රතිබිම්බය දිහා බලාගෙන කියපු කෙල්ල වොශ්රූම් එකෙන් එළියට ගියේ කදුළුත් පිහදගෙන දිග හුස්මක් පහළට දාලා....




විරාමයක්....


.......................................................................................................................................................................................................


ආරොහිගෙ දින පොතේ එකේ පිටුවක එක් ඡෙදයක්...🤍


අවාරෙට හමා ගිය සුළඟක් පමනි නුඹ...

මා හට ළං වීමට නොහැකි තරම් දුරකට හමා ගිය.....

මා සිත නුඹ හා බැඳුනද...

දැනටමත් බොහෝ දුර හමා ගොස් අහවරය නුබ.....




ඊළග දිගහැරුමෙන් නැවත හමුවෙමු 💕


බුදු සරණයි 💖


ආරොහි 🕊️
ඉශ් 🕊️





Report Page