꙳♡ мr.gυapo ♡꙳

꙳♡ мr.gυapo ♡꙳

පබා ලියනගේ﹏✍
เ ƒεℓℓ ƒσ૨ ყσµ αɳ∂ เ αɱ รƭเℓℓ ƒαℓℓเɳɠ・❥・




(අවසරයකින් තොරව උපුටා ගැනීම තහනම්..) 🚫



පෙර කොටස.....🤍

https://telegra.ph/mrgυapo-11-12



හයවන දිගහැරුම....



දොර ඇරගෙන ඇතුළට එන කෙනා දැක්කම කොල්ලො තුන් දෙනාම තප්පර ගාණක් ගල් ගැහිලා වගෙ බලන් හිටියේ හිතාගන්න බැරුව....



"සර් කිව්වා අලුත් මේන් ඩිසයිනර්ට ඔයාල අදුන්වලා දෙන්න කියලා..... මේ ඉන්නෙ මිස් ආරොහි අලුත් මේන් ඩිසයිනර්... එතකොට ආරොහි මේ මිස්ටර් ඉශ්..... මේ මිස්ටර් කාශ්...මේ දෙන්නා ගෲප් එකෙ ශෙයර්හෝල්ඩර්ස්ලා....එතකොට මේ ඉන්නෙ මිස්ටර් ප්‍රගීත්...ඔයාගෙ සෙකට්ට්‍රි මෙයා තමයි...."



ඇතුළට ආවේ මිස්ටර් තෙන්නකෝන්ගෙ සෙකට්ට්‍රි එක්ක කෙල්ල...කෙල්ලව දැකලා කොල්ලො තුන් දෙනාම බලන් හිටියේ කෙල්ලගෙ පෙනුම සම්පූර්ණ වෙනස් වෙලා නිසා... මේ තුන් දෙනා කලින් කෙල්ලව දැකලා තිබ්බෙ නිකන්ම ජීන්ස් වලට බැගී ටීශර්ට් ඇදලා...ඒත් අද කෙල්ල ඇදන් හිටියේ ඔෆිස් කිට් එකක්...දම්පාට ස්කර්ට් එකකට සුදු පාට ශර්ට් එකක් යට කරලා ඒකට උඩින් දම් පාටම කෝට් එකක් ඇදලා හිටපු කෙල්ලගෙ තිබ්බෙ අමුතුම වැදගත් පෙනුමක්...කලින් හිටපු ආරොහිමද කියලා හිතෙන තරමට කෙල්ල වෙනස්...




"නයිස් ටු මීට් යූ ගායිස්...."




කෙල්ල හිනාවෙල කිව්වේ කොල්ලො තුන් දේනම කිසිම රියැක්ශන් එකක් නැතුව කෙල්ල දිහා බලන් ඉන්න නිසා...



"ඔහ් අහ්..නයිස් ටු මීට් යූ..."




පියවි සිහියට ආපු චබී කිව්වෙ අතේ තිබ්බ ෆයිල් එකෙ සද්දෙට ඉශ්ගෙ ටේබල් එක උඩින් තියන ගමන්..ඒ සද්දෙට ඉශ් වගේම කාශුත් පියවි සිහියට ආවේ දෙන්නම බොරු කැස්සක් දාලා මූණෙන් මූණ බලාගද්දි...




"ඕකේ...මෙතනින් එහාට චබී ආ නෑ මන් කිව්වෙ ප්‍රගීත් ඔයාගෙ වැඩ වලට උදව් කරයි.....මන් යනව... ගුඩ් ලක්..."




මිස්ටර් තෙන්නකෝන්ගෙ සෙකට්ට්‍රි කිව්වෙ හිනාවෙලා කෙල්ලගෙ උරහිසටත් තට්ටුවක් දාලා.....පිටුපාල යන සෙකට්ට්‍රි දිහා බලන් හිටපු කෙල්ල ආයෙත් හැරිලා බැලුවේ ඉශ් දිහා...ඉශ් ඉක්මනට ෆයිල් එක දිහා බැලුවේ චබී බයෙන් බයෙන් වගේ කෙල්ල ළඟට එද්දි...



"ආඅ...චබී කියන්නද ප්‍රගීත් කියන්නද ...."



කෙල්ල ඇහුවේ බිම බලන් ඉන්න චබීගෙ මූණට එබිලා... කාශ්ටනම් හිනා...



"කැමති එකක් කියන්න......"



චබි බිම බලාගෙන කිව්වේ කෙල්ල චබී දිහා බලන් හිනාවෙද්දි...



"ම්ම්ම්....එහෙනම් චබී කියන්නම්...."



කෙල්ල හිනාවෙලා චබීගෙ උරහිසටත් තට්ටුවක් දාලා කිව්වේ කාශ් දිහා බලන ගමන්...



"ඔයාට ස්පෙශලි තෑන්ක්ස් කරන්න හිටියෙ... රවිනාදන් අන්කල්ට කියලා මට කෝෆි එව්වට...තෑන්ක්ස්..."



කෙල්ල කිව්වේ කාශ් දිහා හිනාවෙලා බලන්..කාශ් හිනාවෙවී ඔලුවත් කස කස බිම බලාගත්තෙ කෙල්ල දැනන් ඉන්න ඇති කියලා හිතුවේ නැති නිසා...



"ම්ම් ඔකේ...මගෙ ප්ලේස් එක කොහෙද..."



කෙල්ල ඇහුවේ වටපිට බලන ගමන්...



"ආ එන්න..."



චබි කිව්වෙ කෙල්ලට පාර පෙන්නන ගමන්...




"මට වෙනම ප්ලේස් එකක් තියනවද..."



චබී කාමරේන් එළියට යන්න හදන නිසා කෙල්ල ඇහුවේ පුදුමෙන්..




"ම්ම්ම් ඔව්ව්... ඩිසයිනර් කෙනෙක්ගෙ මයින්ඩ් එක රිලෑක්ස් වෙන්න ඕන නිසා ඩිසයිනර්ස්ලට වෙනම ප්ලේස් තියනවා.."



කාශ් කිව්වෙ කෙල්ල ළඟට එන ගමන්...



"මන් තනියෙන් ඉන්න කැමති නෑනේ...."



කෙල්ල කිව්වෙ කාශ්ගෙ ඇස් දෙක දිහාම බලන්... ඉශ් ෆයිල් එකෙන් ඇස් අරන් කෙල්ල දිහා බැලුවේ කෙල්ලගෙ කතාවට...චබිත් පුදුම වෙලා බලන් හිටියේ වෙන හැමොම තමන්ට තනියෙන් ප්ලේස් ඉල්ලද්දි කෙල්ල කියපු දේ නිසා...




"ම්ම්ම්ම්.....ඔකෙ...එහෙනම් ඔයාට අපිත් එක්ක මෙතන ඉන්න පුළුවන්...මොකද කියන්නෙ ඉශ්..."





කාශ් ඇහුවේ ඉශ් දිහත් බලලා...කෙල්ල ඉශ් දිහා බලද්දි ඉශ් තමන් දිහා බලන් ඉන්නවා දැක්කම ඉක්මනට කාශ් දිහා බැලුවේ පළවෙනි දවසෙම ඒ ඇස් දැකලා කෙල්ල බය උන නිසා..දැනටත් ඒ ඇස් දකිද්දි කෙල්ලගෙ පපුව වේගෙන් ගැහෙන්න ගත්තෙ බයට.... ඉශ් කාශ් දිහා බලලා ඔලුව වනලා අහක බලාගත්තෙ කෙල්ලට මෙතන ඉන්න පුළුවන් කියන්න වගේ...



ස්ටාෆ් එකෙන් ගෙන්නලා කොල්ලො තුන් දෙනා ඉන්න ඔෆිස් රූම් එකටම කෙල්ලටත් ටේබල් එකක් දාලා දුන්නෙ කෙල්ලගෙ කැමත්ත නිසා...



......................................................................................................................................................................................................



කෙල්ල නිසා ඉශ්ටයි කාශ්ටයි වගේම චබීටත් වැඩ ලේසි උනා...කලින් හිටපු මේන් ඩිසයිනර් උන මිසිස් හේරත් චබීට කියලම සේරම වැඩ කරගත්තෙ...අඩුම එහා පැත්තෙ මේසේ තියන එෆෝ ශීට් එකක් ගන්න ඕන උනත් චබීට කතා කරන්න පුරුදු වෙලයි හිටියෙ... ඒත් කෙල්ල එහෙම නෑ..සේරම වැඩ තනියෙන් කරගන්නවා..ඔෆිස් එකට අලුත් නිසා දන්නෙ නැති දේකට චබීට කතා කරනවා මිසක් කාටවත් කරදර කරන්න කෙල්ල කැමති උනේ නෑ...




"අලුත් කන්ට්‍රැක්ට් එක....... මිස්ටර් පෙරේරගෙ...අපේ පරණ ක්ලයන්ට් කෙනෙක්... එයාල අලුත් ගෙදරකට පදිංචියට යනවා....සම්පූර්ණ හවුස් එකේම ඩෙකරේට් අපිට දිලා තියෙන්නෙ...මේ තියෙන්නෙ එයාල ඉල්ලලා තියන විදිහ... හෙට ඉදන්ම වැඩ පටන් ගන්න වෙයි...සතියයි අපිට තියෙන්නෙ..."



කාශ් කිව්වේ කෙල්ලගෙ අතට කන්ට්‍රැක්ට් ෆයිල් එක දෙන ගමන්....



"ම්ම් මන් බලලා කියන්නම්..."



කෙල්ල එහෙම කියලා ෆයිල් එකෙ පිටුවෙන් පිටුවෙන් පිටුව පෙරලුවේ කාශ් ඒ ෆයිල් එකෙම කොපි එකක් අරන් ගිහින් ඉශ් අතට දෙද්දි....




......................................................................................................................................................................................................



"මිස්ටර් ඉශ් ගොළුයිද... එයා කතා කරන්නෙ නෑනේ..."




කෑම වෙලාවෙත් පාඩුවේ වෙනම ටේබල් එකක ඉදන් කෑම කන ඉශ් දිහා බලන් කෙල්ල ඇහුවේ චබීගෙන්...




"ගොළු නෑ..එත් කතා කරන් නෑ..."




චබී කිව්වේ කෙල්ලට හවුල්වෙලා ඉශ් දිහා බලන්....




"පුදුම මනුස්සයෙක්නෙ...මටනම් පිස්සු හැදෙයි ඔහොම හිටියොත්..."




කෙල්ල කිව්වෙ ඔලුවටත් අත තියාගෙන...




"අපිට නම් අවුරුදු විස්සක් තිස්සෙ එයාගෙ ඔය හැසිරීම පුරුදුයි... ඔයාටත් හරියයි..."




කාශ් හිනාවෙවී කෙල්ල දිහා බලන් කිව්වේ කෙල්ල ඇස්දෙකත් ලොකු කරන් කාශ් දිහා බලද්දි...




"අවුරුදු විස්සක් කිව්වෙ මෙයා පොඩි කාලෙ ඉදන් ඔහොමද... "



කෙල්ල ඇහුවේ ඇස් දෙකත් ලොකු කරන් .... කාශ් වගෙම චබිත් ඔලුව වැනුවේ ඔව් කියන්න වගේ ......




"දැන් හොදයි...අඩුම දවසට වචන දහයක් පහළවක් හරි කත කරනවා.... පොඩි කාලෙ කතා කරේම නෑ.."




කාශ් කිව්වේ දිග හුස්මක් පහළට දාලා ඉශ් දිහා බලාගෙන...




"ම්ම්ම්....."




කෙල්ලත් ඉශ් දිහා බලන් හිටියේ ඉශ් කාලා ඉවර වෙලා ඇස් හරවලා කෙල්ල දිහා බලද්දි.. ඉශ් එක පාරම කෙල්ල දිහා බලපු නිසා කෙල්ලට අහක බලාගන්නත් අමතක උනා... කනගමන් හිටපු නිසා කෙල්ලට කෑමත් හිර උනේ කාශ් පුටුවෙන් නැගිටලා කෙල්ල ළඟට ඇවිල්ලා වතුර එකක් දෙද්දි....




"'තෑන්ක්ස්..."




කෙල්ල වතුර බොන ගමන් බොහොම අමාරුවෙන් වචන පටලගත්තෙ කාශ් කෙල්ලගෙ ඔලුව අතගාද්දි..... ඉශ් ටිකක් වෙලා බලන් ඉදලා නැඟිටලා ගියපු නිසා කෙල්ල පිටුපාල යන ඉශ් දිහා වතුර එකත් බොන ගමන් බලන්

හිටියේ ඉශ් බැල්මට තමන් මෙච්චර බය ඇයි කියලා හිතාගන්න බැරුව ....




"ඉශ්ට බයයිද..."




කාශ් හිනාවෙවී ඇහුවේ කෙල්ල ළඟින් වාඩි වෙන ගමන් .....




" මන්...අහ්...නෑ..පිස්සුද..."



කෙල්ල කිව්වේ බොරු කැස්සකුත් දාලා...කාශුයි චබියි මූණෙන් මූණ බලන් හිනා උනෙ කෙල්ල බයයි කියලා තේරුන නිසා....



......................................................................................................................................................................................................



"එයා කිචන් එකේ ටයිල්ස් වලට මැජෙන්ටා කලර් ටයිල් එකක් ඉල්ලලා තියෙන්නෙ...මන් හිතන් නෑ අපිට සතියක් ඇතුළත මැජෙන්ටා කලර් ටයිල්ස් හොයාගන්න පුළුවන් වෙයි කියලා...ඒ නිසා මේ කලර් එක රෙකමන්ඩ් කරන්න පුළුවන්..... ඒක ටිකක් විතර මැජෙන්ටා කලර් එකට සමානයි....."





කෙල්ල කිව්වේ ටැබ් එකෙන් ෆොටෝ එකක් පෙන්නන ගමන්...කාශ් වගේම චබි කෙල්ලගෙ කතාවට එකඟ උනෙ මේ හදිස්සියේ මැජෙන්ටා කලර් එකක් හොයන්න බැරි නිසා...




"එහෙම කරන්න බෑ...ක්ලයන්ට් ඉල්ලලා තියන දේ ඉල්ලපු විදිහට අපි දෙන්න ඕන..."




ඉශ් කිව්වේ කාශ් දිහා බලන්...පළවෙනි වතාවට කෙල්ලට ඉශ්ගෙ කටහඩ ඇහුනා...කෙල්ල ඇස් උස්සලා ඉශ් දිහ බැලුවේ ඒ මූණ වගෙම කටහඩත් ලස්සන නිසා...





"ඉතින් ඔයා හිතනවද දවස් හතරකින් වගේ පොඩි කාලෙකින් අපිට ඕක හොයාගන්න පුළුවන් වෙයි කියලා..."




කෙල්ල ඇහුවේ ඉශ් දිහා බලන් ..ඉශ් ඇස් හරලවලා කෙල්ල දිහා බැලනවා දැක්කම කෙල්ල ඉක්මනට ටැබ් එක දිහ බලාගත්තෙ ඉශ් ඇස් දෙකත් හීනි කරන් කෙල්ල දිහා බලන් ඉද්දි...




"හොයාගන්නම වෙනවා...".




ඉශ් කිව්වේ කෙල්ල දිහා බලන්..කෙල්ලනම් වැරදිලාවත් ඉශ් දිහා බැලුවේ නෑ...





"ඒක ලේසි වැඩක් නෙමෙයි... ඔයාලගෙ කම්පැනි එකෙන් ටයිල්ස් වලට රෙකමන්ඩ් කරන කම්පනි පහයි තියෙන්නෙ..මන් ඒ පහේම ස්ටොක් චෙක් කරා..එකකවත් මැජෙන්ටා කලර් ටයිල්ස් නෑ...එයාලගෙන් කතා කරලා ඇහුවමත් කිව්වෙ අඩුම ටූ වීක්ස් වත් ඕනේ කියලා..."




කෙල්ල කිව්වේ ඉශ් දිහා නොබලා උනත් ටිකක් කේන්තියෙන් ....




"පළවෙනි දේ... දැන් මේක අපේ විතරක් නෙමෙයි ඔයාගෙත් කම්පනි එක..... ඒ නිසා ඔයා කියන්න ඕනේ ඔයාලගෙ කම්පනි එක කියලා නෙමේ අපෙ කම්පනි එක කියලා...ඒක අමතක කරන්න එපා... දෙවනි දේ ...කම්පනි එකෙ රූල්ස් තියනවා.. ක්ලයන්ට් කෙනෙක් ඉල්ලන දේ ඉල්ලන විදිහටම සප්ලයි කරන එක අපේ පළවෙනි රූල් එක... අපි රෙකමන්ඩ් කරලා තියන කම්පනි වල ටයිල් එක හොයාගන්න නැත්තම් වෙන කම්පනි එකක බලලා හරි මේක කරන්න ඕනේ..."




ඉශ් කියාගෙන කියාගෙන ගියේ කාශ් වගේම චබිත් ඉශ් දිහා පුදුමෙන් බලන් ඉද්දි...




"හරි එහෙනම්...ඔයා කොහෙන්හරි ටයිල් එක හොයලා ගෙනත් දෙන්නකො...එතකොට වැඩ පටන් ගමු.....හැමෝටම වැඩේ ලේසි වෙන විදිහ තමා මන් කිව්වේ... ඒත් ඒක අලවුඩ් නැත්තම් අලවුඩ් විදිහට කරලා දෙන්න...තව දේවල් කතා කරන්න නෑනෙ...මීටින් එක ඉවරයිනෙ...මන් යනවා..."




කෙල්ල කතාව කිව්වෙ ඉශ්ට උනත් බලන් හිටියේ කාශ් දිහා...කාශ් ගෙ පිටටත් තට්ටුවක් දාලා කෙල්ල එතනින් ගියේ ඉශ් කේන්තියට අතමිට මොළවගද්දි...




"ආරෝහිගෙ කතාවට මාත් එකඟයි හැබැයි..."




චබී කිව්වෙ පිටුපාල යන කෙල්ල දිහා බලන්.... ඉශ් චබී දිහත් රවලා බැලුවේ චබී ශේප් එකේ කෙල්ල පස්සෙන් යද්දි...




"වොහ්.... උබට එගේන්ස් වෙන්නත් කෙනෙක් ඉන්නවා එහෙනම් දැන් ඔෆිස් එකෙ..."




කාශ් හිනාව කන්ට්‍රොල් කරන් කිව්වේ ඉශ්ට හොඳටම තරහ ගිහින් ඉන්නෙ කියලා තේරුන නිසා..




"මොනාද බන් ඒ කියන්නෙ... උබම හිතපන් එහෙම කරන්න පුළුවන්ද... මැජෙන්ටා කලර් එක ඉල්ලලා තියෙද්දි ඒකට සිමිලර් කලර් එකක් දාලා හරියනවද....ලොකේ පෙරලලා හරි අපි එක හොයගන්න එකනෙ කරන්න ඕනේ......"




මෙච්චර වෙලා හිර කරන් හිටපු කේන්තිය ඉශ් එළියට දැම්මේ එක හුස්මට කියවන ගමන්.....




"ලොකෙ පෙරලලා හරි හොයාගන්න තිබ්බ මිස්ටර් ඉශ් අපිට මාස දෙක තුනක් විතර කල් තියනවනම්.....අපිට තියෙන්නෙ එක සතියක් විතරයි...ඒක ගැන හිතන්න..."




කෙල්ල ආයෙත් මීටින් රූම් එකට ආවේ කෙල්ලගෙ ෆෝන් එක අමතක කරලා ගිහින් තිබ්බ නිසා..එද්දිම ඇහුන කතාව නිසා කෙල්ල එහෙම කියාගෙන මීටින් රූම් එක ඇතුළට ආවෙ ඉශ් කේන්තියෙන් වගේම කාශ් ඇස් ලොකු කරන් කෙල්ල දිහා බලන් ඉද්දි....



කොල්ලො දෙන්නා ළඟට ආපු කෙල්ල ටේබල් එක තිබ්බ ෆෝන් එක අතට අරන් කන්ට්‍රැක්ට් එකෙ තියන ඩීටෙල්ස් අතරින් වන් වීක් කියන තැනට ෆෝන් එකෙන් තට්ටුවක් දැම්මේ තව සතියක් විතරයි තියෙන්නෙ කියලා ඉශ්ට මතක් කරන්න වගේ....



......................................................................................................................................................................................................


"කතා කරන් නෑ කිව්වට ඔය කතා කරන්නෙ හොඳට....එයානම් කතා කරන් නැතුව ඉන්න තරමටම තමා හොඳ..."




කෙල්ල චබී එක්ක ඉශ්ට බැන බැන ගියේ චබී හිනාවෙවී කෙල්ල පස්සෙන් එද්දි...




" **එහෙම කරන්න බෑ ක්ලයන්ට් ඉල්ලලා තියන දේ ඉල්ලපු විදිහට දෙන්න ඕනේ**....අහ්...දෙන්න පුළුවන් එයා කියන්න ඕන් නෑනේ දෙනවනෙ..."




ඉශ් ඒක කියපු විදිහ ඇද කර කර කියන ගමන් කෙල්ල කේන්තියෙන් ඔෆිස් රූම් එක ඇතුළට ගියේ චබී බොහොම අමාරුවෙන් හිනාව කන්ට්‍රොල් කරන් ඉද්දි....





"අම්මො...දැන් නම් ෆන් එකෙ ඉන්න පුළුවන්... ඉශ්ට කටවහන්න වෙන් නෑ ආරෝහි නිසා බලපන්කො..."




කෙල්ලටයි චබීටයි ටිකක් පිටිපස්සෙන් ආපු නිසා කෙල්ල කියපු සේරම ඇහුන නිසා කාශ් හිනාවෙවී කිව්වේ චබීගෙ කරට වටින් අතක් දාගෙන...




"ඇත්තටම බන්... මන් නම් ආරෝහිට කැමති..."




චබී හිනාවෙවී කිව්වේ කාශ් ඇසුත් හීනි කරන් චබී දිහා බලන් ඉද්දි...




"හා හා...උබ කැමති වෙන්න ඕන් නෑ...පාඩුවේ ඉදපන්..."




චබීගෙ ඔලුවටත් එකක් ගහලා කාශ් ඔෆිස් රූම් එක ඇතුළට ගියේ චබී ඒ පස්සෙන් යන්න හදලත් කෙල්ලටයි කාශ්ටයි ටිකක් තනියෙන් ඉන්න දෙන්න ඕනෙ කියලා හිතන නිසා ආපහු ඉශ්ව හොයාගෙන යද්දි....



විරාමයක් ...🕊️



ඊළග දිගහැරුමෙන් නැවත හමුවෙමු 💕



බුදු සරණයි 🌸


ආරෝහි 🕊️
ඉශ් 🕊️




Report Page