꙳♡ мr.gυapo ♡꙳

꙳♡ мr.gυapo ♡꙳

පබා ලියනගේ﹏✍
เ ƒεℓℓ ƒσ૨ ყσµ αɳ∂ เ αɱ รƭเℓℓ ƒαℓℓเɳɠ・❥・




(අවසරයකින් තොරව උපුටා ගැනීම තහනම්..) 🚫



පෙර කොටස.....🤍

https://telegra.ph/mrgυapo-11-10


පස්වන දිගහැරුම....




මිස්ටර් තෙන්නකෝන් අතට ෆයිල් එක දෙන ගමන් කෙල්ල කිව්වෙ මිස්ටර් තෙන්නකෝන් පුදුමෙන් කෙල්ල දිහා බලන් ෆයිල් එක අතට ගද්දි....




"මෙච්චර ඉක්මනට ඇඳලා ඉවරද..."





මිස්ටර් තෙන්නකෝන් ඇහුවේ ඩිසයිනින් එක දිහා බලන ගමන්... එතන හිටපු අනිත් කෙනත් මිස්ටර් තෙන්නකෝන්ට හවුල් වෙලා ඩිසයිනින් එක දිහා පුදුමෙන් බලන් ඉද්දි...




"වාව්.... කිසිම අඩුවක් නෑ...පර්ෆෙක්ට්...."



ඒ මනුස්සයා කිව්වේ ඩිසයිනින් එක දිහා බලන්... කෙල්ල ඇස් හීනි කරලා ඒ මනුස්සයා දිහා බැලුවේ මෙච්චර වෙලා බැනුම් අහපු එකා කොහොමද කෙල්ලගෙ වැඩ පර්ෆෙක්ට් කියන්නෙ කියලා හිතාගන්න බැරුව.....




"ඔකෙ... ඔයා ඉන්ටවිව් එක පාස්.... හෙට උදෙ 8 ඉදන් ඔයා මෙහෙ මේන් ඩිසයිනර් පෝස්ට් එකෙන් වැඩ... හෙට උදෙට එන්න..."



කෙල්ලගෙ උරහිසට තට්ටුවක් දාලා මිස්ටර් තෙන්නකෝන් හිනාවෙලා කිව්වේ කෙල්ල මුකුත් හිතාගන්න බැරුව ඇස් දෙකත් ලොකු කරන් බලන් ඉද්දි....




"He said you got the job..."

(එයා කිව්වා ඔයාට රස්සාව ලැබුණා කියලා...)




කෙල්ල මුකුත් නොකියා මිස්ටර් තෙන්නකෝන් දිහා බලන් හිටපු නිසා එතන හිටපු අනිත් කෙනා කිව්වේ කෙල්ල ඇස් හරවලා ඒ කෙනා දිහාත් බලද්දි..




"Yeah..oh my god... thank you sir... i will do my best..."

(ඔව්..දෙයියනේ... තැන්ක්‍යු සර්... මම මගේ උපරිමය කරන්නම්...)




කෙල්ලගෙ ඇස්වල කදුළු...හිනාවෙලා කෙල්ලගෙ ඔලුවත් අතගාපු මිස්ටර් තෙන්නකෝන් එතනින් ගියේ කෙල්ලට තාමත් හැමදේම හීනයක් වගේ දැනෙද්දි....

බොහොම අමාරුවෙන් පියවි සිහියට ආපු කෙල්ල බෑග් එකත් අරන් ගියේ ගොඩක් සතුටින්...


......................................................................................................................................................................................................


කෙල්ල කෙලින්ම ගියෙ නැන්දා වැඩ කරන තැන හොයාගෙන... තැනට ගියපු කෙල්ල ඈත ඉදන්ම නැන්දව දැකලා දුවන් ගිහින් නැන්දාට තුරුළු උනේ නැන්දා මුකුත් හිතාගන්න බැරුව ගල් ගැහෙද්දි ...


නැන්දා හිතුවේ කෙල්ල අඬන නිසා ඒ නැන්දා වැඩ කරන එක දැනගත්ත නිසා වෙන්නැති කියලා...



"පුතේ...ඇයි මැණික...මොකද උනේ..."




කෙල්ලගෙ ඔලුව අතගාන ගමන් නැන්දා ඇහුවේ කෙල්ල නැන්දාගෙන් ඈත් වෙද්දි...



"මට ජොබ් එකක් හම්බුනා නැන්දේ...දනවද කොහෙද කියලා...තෙන්නකෝන් ගෲප් එකේ... පෝස්ට් එක මොකද්ද දන්නවද...තෙන්නකෝන් ගෲප් මේන් ඩිසයිනර්.... නැන්දා ආයෙ මෙහෙම වැඩට එන්න ඕන් නෑ... මට හම්බෙන පළවෙනි සැලරි එක ඇති තියන ණය සේරම ගෙවන්න... ආයෙ මෙහෙම මහන්සි වෙන්න ඕන් නෑ නැන්දා...මන් නැන්දාව බලාගන්නම්..."




කෙල්ල අඬ අඬම කිව්වේ සතුටට නැන්දගෙත් ඇස්වල කදුළු පිරෙද්දි..




"දෙයියනේ...බුදු සරණයි මගෙ මැණිකට....පුතාට වරදින් නෑ... "




නැන්දා කිව්වේ කෙල්ලගෙ නළලින් හාද්දකුත් තියලා...




"සතුටට අද මන් ගානෙ පාටි...යන් යන්.."




කෙල්ල කිව්වේ බලෙන්ම නැන්දව ඇදන් යන ගමන්... කෙල්ල ටවුන් එකෙන් පාටියක් දාන්න බඩුත් අරන් ගෙදර ගියේ පාටි එකට කෙල්ලගෙ හොඳම යාළුවෝ හතර දෙනාටත් කතා කරලා...



ගෙදර ගිහින් කෙල්ල අතින්ම සේරටම කෑම ලෑස්ති කරේ ගොඩක් සතුටින්...




"ම්ම්ම්..ම්ම්ම්ම්...ම්ම්..ම්ම්ම්..."




සිංදුවකුත් දාගෙන ඒ තාලෙට එහෙටයි මෙහෙටයි පැද්දෙන ගමන් කෑම හදන කෙල්ල දිහා නැන්දා බලන් හිටියේ සතුටින්...



"මගෙ මැණිකගෙ මේ සතුට හැමදාම තියෙන්න දෙවියනේ.....අයියයි නෑනයි නැති උනාට පස්සෙ කෙල්ල මෙච්චර සතුටින් හිටමද කොහෙදො...දෙයියනේ කියලා හැමදේම මේ විදිහට හරි ගියොත් එච්චරයි..."




නැන්දා හිතුවේ කෙල්ල දිහා බලන්...




"ආරෝ......ආ ආ ආ ආ ආරෝ..."



ඒ ආරොහිගෙ වසවර්ති යාළුවෝ සෙට් එකෙන් එක්කෙනෙක්...නේහා...



"මොකො බන් මේ හිටපු ගමන් පාටි ආඅ..."



ඒ අනිත් වසවර්තියා.... සෙනු...



"ආඅ නැන්දේ...ආයුබොවේවා ඈ..."



ඒ තවත් එකෙක් විහස්...



"ආයුබෝ තමයි යකො... අපෙත් ආයු අරන් නැන්දා ඉන්න ඕනේ...නැද්ද ආරො..."



අන්තිම වසවර්තියා ඉදුවර....



"හා හා..මට කාගෙවත් ආයු ඕන් නෑ..මගෙ ආයු ටික ඇති..."



නැන්දා කිව්වේ හිනාවෙලා ඉදුවරගෙ පිටටත් එකක් ගහලා එතනින් යන ගමන්...



"හැපන් වට් මෙයා..."



විහස් ඇහුවෙ කෙල්ල සුද්ද කරලා තිබ්බ කැරට් අලයක්ලයක් අරන් කන ගමන්...




"හැපන් වට් නෙමෙ ගොනෝ වට් හැපන්..."




විහස්ගෙ ඔලුවට ගහලා කැරට් අලෙ උදුරාලා අරන් සෙනූ කිව්වෙ කෙල්ල හිනාවෙවී බලන් ඉද්දි...




"ඇති බන් ඔය සිරික්කිය පෑවා...කිතුහලෙන්ම මරලා දාන් නැතුව සීන් එක කියපන්කො..."




ඉදුවර කිව්වෙ පැන්ට්‍රි එක උඩින් ඉදගන්න ගමන්....




"බැහැපන් බිමට... නැන්දා ආවොත් උබෙ අඩු දෙක ගලවයි..."




කෙල්ල කියන්න හදද්දිම කෙල්ල කියන්න ගියපු දේම නේහා කිව්වේ කෙල්ල "අන්න මගෙ කෙල්ල" වගෙ බැල්මකින් නේහා දිහා බලද්දි.....




"උබ ඇඩ් දාන් නැතුව ඉදපන්කො...මේ කියහන් මොකෝ උනේ..."



ඉදුවර කිව්වෙ කෙල්ලට පයින් එකකුත් ගහලා...



"මට ජොබ් එකක් හම්බුනා.."



කෙල්ල කිව්වෙ යාළුවෝ ටික පුදුම වෙලා කෙල්ල දිහා බලද්දි....



"කොහෙද මොකද්ද කවද්ද..."




විහස් ඇහුවේ තවත් කැරට් අලයක් ගන්න ගමන්....




"තෙන්නකෝන් ගෲප් එකේ...මේන් ඩිසයිනර්...හෙට ඉදන් වැඩ..."




කෙල්ල හිනාවෙවී කිව්වේ කට්ටිය අදහගන්න බැරුව කටවලුත් ඇරන් කෙල්ල දිහා බලන් ඉද්දි...




"විහස් ෆෝන් එක අරන් සර්ච් කරපන් තෙන්නකෝන් ගෲප් කියලා...."



ඉදුවර කිව්වෙ පැන්ට්‍රි එකෙන් බැහැලා එන ගමන්..... කෙල්ල කටත් ඇද කරන් බලන් හිටියේ ඔක්කොම ටික විහස් වටෙට වට වෙලා ෆෝන් එක දිහා බලද්දි....



"ඕනර් මිස්ටර් තෙන්නකෝන්... පුහ්... අවුරුදු විසිපහක පුතන්ඩියෙකුත් ඉන්නවා කියලා තිබ්බට මූ මට වඩා ලස්සනට ඉන්නවානෙ බන්..."




විහස් කිව්වෙ ඇස් දෙකත් ලොකු කරන්...




"සල්ලි බලේ යකෝ....."




ඉදුවර කිව්වේ ෆෝන් එකේ ස්ක්‍රීන් එක උඩට පහළට කරන ගමන්...





"ඔහ් කවුද මේ චිකෝ ගුආපො..."




නේහා ඇහුවේ ඉදුවර උඩට පහළට කර කර හිටපු ස්ක්‍රින් එක නවත්තන ගමන්...




"මොකා ගු ඇපල්...ඒ මොකද්ද..."




ඉදුවර ඇහුවේ නේහා දිහා කටත් ඇද කරන් බලාගෙන...

කෙල්ලයි සෙනුයි පහක් දාල හිනා උනේ ඉදුවරගෙ කතාවට...




"ගු ඇපල් නෙමෙයි බ/ල්/ලො....ගු ආ පෝ... ගුආපෝ...චිකෝ ගුආපො... ස්පැනිශ් වලින් හැන්සම් කොල්ලා කියන එක... චිකෝ කියන්නෙ කොල්ලා ගුආපො කියන්නෙ හැන්සම් කියන එක... හරකා..."





නේහා කිව්වේ ඉදුවරගෙ ඔලුවටත් ගහලා....



"කවුද දැන් ඔය ගුආපො කොල්ලා..."



කෙල්ල ඇහුවෙ ෆෝන් එකේ ස්ක්‍රීන් එකට එබෙන ගමන්...




"මෙන්න මෙයා... මිස්ටර් තෙන්නකෝන්ගෙ විසිපස් හැවිරිදි පුතන්ඩියා... ගුආපොද ගූ ඇපල්ද මන්දා කොල්ලනම් හැන්ඩියා තමා..."




විහස් කිව්වෙ කෙල්ලට ෆෝන් එක පෙන්නන ගමන්...

කෙල්ල ඇස් කරකවලා අහක බලාගත්තෙ කෙනා අඳුරගත්ත නිසා... ඒ ඉශ්...




"ආ එයාද...."




කෙල්ල කිව්වෙ ආයෙත් කැරට් අලයක් අරන් සුද්ද කරන ගමන්..




"මේ මේ...අපිත් ආසයි ආ මෙ වගෙ මිස්ටර් ගුආපො කෙනෙක් අපේ මස්සිනා කරගන්න...නැද්ද කස්ටිය..."




නේහ කට්ටියට ඇහැක් ගහලා කිව්වේ කෙල්ල කටත් ඇද කරන් නේහා දිහා බලද්දි....




"මාත් එකඟයි හැබැයි......"




සෙනූ කිව්වෙ ඉශ්ගෙ ෆෝටො එක දිහා බලන්...




"අපිත් එකඟයි..."



ඉදුවර වගේම විහසුත් කිව්වෙ කෙල්ල අදහගන්න බැරුව යාලුවො ටික දිහා බලන්..


......................................................................................................................................................................................................

කොහොම කොහොමහරි පාටි එක ඉවර වෙලා ඉදුවර වගෙම විහස් ගෙදර ගියේ සෙනූයි නේහයි කෙල්ලගෙ ගෙදර නතර වෙද්දි....



"මන් හෙට අදින්නෙ මොකද්ද බන්...මෙ තියෙන ඇදුම් එකක්වත් ඒ වගේ කම්පනි එකක එ වගේ පෝස්ට් එකකට අදින්න පුළුවන් ඇඳුම් නෙමෙයිනේ.."




කෙල්ල කිව්වෙ අල්මාරියේ තියන රෙදි දිහා බලන්...



"එහෙම අව්ලකුත් තියනවා හැබැයි... ස්කූටි එක හැදුවද..."




නේහා ඇහුවේ මෙච්චර වෙලා ඇදට වෙලා හිටියත් ඇදෙන් නැගිටන ගමන්.




"හම්ම්ම්..හොඳම සීන් එක දන්නවද...මගෙ ස්කූටි එක ඇක්සිඩන්ට් කරපු කොල්ලො තුන් දෙනාගෙන් එක්කෙනෙක් තමයි ඔයලා කලින් කතා උන මිස්ටර් ගුආපො.....මන් කිව්වේ ඩ්‍රයිව් කරා කියලා හිතලා වෙන කොල්ලෙක්ට බැන්නා කියලා...ඒ එයා..."



කෙල්ල කිව්වේ නේහායි සෙනුයි ඇස් ලොකු කරන් මූණෙන් මූණ බලාගද්දි...




"හරි හරි..ඕවගෙන් වැඩැන් නෑ...ලෑස්ති වෙයන්.... ශොපින් පාරක් දාලා එමු..."



නේහා කිව්වේ කෙල්ලගෙ පිටට තට්ටුවක් දාලා පහළට යන ගමන්....


......................................................................................................................................................................................................



පසුදා 💕



ඉශ් කාශ් වගේම චබිත් කලින් ඔෆිස් එකට ආවේ අද වැඩ ගොඩක් තියන දවසක් නිසා...


"අද ආරොහි එනවද බන්...."





කාශ් ඇහුවේ ඉශ්ගෙන්..... ඉශ් ඔව් කියන්න වගේ ඔලුව වනලා ෆයිල් එකෙන් ඇස් තියන් හිටියේ චබී අඬන්න වගේ මූණ හදන් කාශ් දිහා බලද්දි....




එතකොටම කාමරේ දොරට තට්ටු කරන සද්දෙට කොල්ලො තුන් දෙනාම දොර දිහා බැලුවේ කවුද කියලා....

දොර ඇරගෙන ඇතුළට එන කෙනා දැක්කම කොල්ලො තුන් දෙනාම තප්පර ගාණක් ගල් ගැහිලා වගෙ බලන් හිටියේ හිතාගන්න බැරුව....



විරාමයක්...🕊️




ඊළග දිගහැරුමෙන් නැවත හමුවෙමු 💖




බුදු සරණයි 🌸


Report Page