꙳♡ мr.gυapo ♡꙳

꙳♡ мr.gυapo ♡꙳

පබා ලියනගේ﹏✍
เ ƒεℓℓ ƒσ૨ ყσµ αɳ∂ เ αɱ รƭเℓℓ ƒαℓℓเɳɠ・❥・


(අවසරයකින් තොරව උපුටා ගැනීම තහනම්..) 🚫



පෙර කොටස.....🤍

https://telegra.ph/mrgυapo-11-07


තෙවන දිගහැරුම....



කෙල්ල අඬනවා බලන් ඉන්න බැරිම තැන කාශ් බිම බලාගත්තෙ උදේ හම්බෙලා කෙල්ල එක්ක වචනයක් කතා කරපු තමන්ට කෙල්ල වෙනුවෙන් දෙයක් කියන්නවත් කරන්නවත් පුළුවන් කමක් නැති නිසා....



අඬන එක නවත්තපු කෙල්ල ටිකක් වෙලා එහෙම්ම බිම ඉදගෙන ඔහේ වටපිට බල බල ඉදලා නැගිට්ටෙ කඩේට යන්න... ටිකක් දුරින් උනත් කාශ් කෙල්ලගෙ පස්සෙන් ගියේ ගොඩක් රෑ වෙලා නිසා කෙල්ල තනියෙන් ගිහින් ප්‍රශ්නයක් වෙයි කියලා හිතුන නිසා...



කඩේට ගියපු කෙල්ල නූඩ්ලස් පැකට් දෙකකුත් අරගෙන ආපහු ගෙදර යනකන් කෙල්ල පස්සෙන්ම ගියපු කාශ් කෙල්ල ගේ ඇතුළට ගිහින් දොර වහගන්නකන් ඉදලා කාර් එකට නැගලා ගෙදර ගියේ කෙල්ල ගැනම කල්පනා කර කර...



......................................................................................................................................................................................................



බැල්කනි එකට වෙලා හිටපු ඉශ්, කාශ් කාර් එකෙන් බැහැල මූණත් අමුතු කරන් ඉන්නවා දැක්කම ඇස් හීනි කරලා බලන් හිටියේ කාශ් කියන්නෙ කවදාවත් කිසිම දෙයක් සීරියස් අරන් මූඩ් අපශ්ට් කරගන්න කෙනෙක් නෙමෙයි නිසා...



කාශ් කාමරේට යන්න කලින් කාශ්ගෙ කාමරේ ගියපු ඉශ් බලන් හිටියේ කාශ් ඇතුළයට එනකන්... කාශ් ඇතුළට එද්දි ඉශ් පොතකුත් අතේ තියන් ඇද උඩ වාඩි වෙලා ඉන්නවා දැක්කම ගැස්සිලා පපුවත් අල්ලගත්තෙ මේ වෙලාවේ තමන්ගෙ කාමරේ වෙන කවුරුත් ඉදී කියලා බලාපොරොත්තු උනේ නැති නිසා....




"පිස්සුද මිනිහෝ... හොල්මනක් වගේ..."



කාශ් ඇහුවේ කාමරේ ලයිට් එක දාන ගමන්...



"උබට කරුවලෙත් ඇස් පේනවද..."



ෆෝන් එකත් අරන් පුටුවකට බර වෙන ගමන් කාශ් ඇහුවේ ඉශ් පොතක් අතේ තියන් හිටියට කාමරේට ලයිට් එකවත් දාගෙන හිටපු නැති නිසා....



"කොහෙද ගියේ..."



ඉශ් ඇහුවේ පොත පැත්තකින් තියලා කාශ් දිහා බලන ගමන්...



"ආ උබට කතා කරන්නත් පුළුවන් නේ...මන් හිතුවේ උබ ගොළු වෙලා කියලා...අද දවසටම උබේ පළවෙනි වචනනෙ ඔය... ඕපදූප හොයන්නනම් කට ඇරෙනවා..."




කටත් ඇද කරන් කාශ් කියවද්දි ඉශ් එක ඇහිබැමක් උස්සන් කාශ් දිහා බලන් හිටියෙ අහපු ප්‍රශ්නෙට උත්තර දෙනවා වෙනුවට කටර් එක වගෙ කාශ් කියවන දිහා...




"අර ස්කූටි කෙල්ලගෙ ගෙදරට...."



ඉශ්ගෙ බැල්ම තෙරුන නිසා කාශ් කිව්වේ ටිකක් සද්දෙ අඩු කරලා......

ඉශ් ඇදේට හිනාවෙල කාශ්ගෙ ඇදෙන් නැගිට්ටෙ කේන්තියෙන්.... කාශ් මුකුත් නොකියා බිම බලාගෙන හිටියේ ඉශ්ට කේන්ති ගිහින් ඉන්නෙ කියලා දන්න නිසා...




"එයා ෆෝන් එක දාලා ගිහින් තිබ්බා...ඒක ගිහින් දෙන්න ගියේ..."




සාක්කුවේ තිබ්බ කෙල්ලගෙ ෆෝන් එක ටේබල් එක උඩින් තියන ගමන් කාශ් කිව්වේ ඉශ් ඇස් හරවලා කාශ් දිහා බලද්දි....



"ඉතින් දුන් නැත්තෙ..."



ඉශ් ඇහුවේ ටේබල් එක ළඟට ගිහින් කෙල්ලගෙ ෆොන් එක අතට ගන්න ගමන්....



"හොයාගන්න බැරි උනා..."



අහේතුවකට කාශ්ගෙ හිත කැමති උනේ නෑ කෙල්ලගෙ නමවත් කෙල්ලගෙ විස්තරවත් කාත් එක්කවත් බෙදාගන්න....එ නිසා මුකුත් නොදන්න ගාණට හිටියේ ඉශ් ෆෝන් එක දිහා බලන් ඉදලා ඇස් හරවලා කාශ් දිහා බලද්දි..



"එතකොට තමුසේ අපශ්ට් වෙලා ඉන්නෙ හොයාගන්න බැරි උන නිසාද..."



ඉශ්ගෙ කතාවට කාශ් ඔලුව උස්සලා බැලුවේ ඉශ් තමන්ගෙ මූණෙ දැක්ක වෙනස නිසා ඇවිල්ලා තියෙන්නෙ කියලා තේරුන නිසා...



"මහන්සි නිසා..."



ඉශ්ගෙ අතින් කෙල්ලගෙ ෆෝන් එක ගත්ත කාශ් ලයිට් එකත් ඕෆ් කරන් ගිහින් ඇදට වැටුනේ ඉශ් මුකුත් නොකියා බලන් ඉද්දි.....

ටිකක් වෙලා කාශ් දිහා බලන් හිටපු ඉශ් දොරත් වහන් එළියට ගියේ ඉශ් ගියපු නිසා කාශ් ඇද විට්ටමට හේත්තු වෙලා කෙල්ලගෙ ෆෝන් එක දිහා බලන් ඉද්දි ....



.......................................................................................................................................................................................................



ගෙදර වැඩ සේරම ඉවර කරලා කෙල්ල කාමරේට ගියේ අද හොඳටම මහන්සි නිසා.... කාමරේට ගියපු කෙල්ල කාමරේ ටයිට් එක ඔන් කරද්දි කාමරේත් පිස්සන් කොටුවක් වගේ... දිග හුස්මක් පහළට දාපු කෙල්ල කාමරේ අස් කරන්න ගත්තෙ ඒකත් ඉවර කරලම නිදාගන්න හිතාගෙන....



එහෙ මෙහෙ ඇදලා දාලා තිබ්බ බඩු සේරම පිළිවලකට අස් කරද්දි කෙල්ලගෙ ඇස් ගැටුනේ කෙල්ලගෙ අම්මගෙයි තාත්තගෙයි ෆොටෝ එක....



ෆොටෝ එක අතට ගත්ත කෙල්ල ඒ දෙන්නා දිහා බලන් හිටියේ ඇස්වලින් වැටෙන කදුළු වලට ඔහේ වැටෙන්න දීලා... කදුළු පිහදගත්ත කෙල්ල ඔක්කොම වැඩ ඉවර කරලා කෙල්ලගෙ ඩයිරි එක ගත්තෙ අද දවස ගැන ලියන්න....



"අදත් වෙනදා වගේම ඔය දෙන්නවා ගොඩක් මතක් උනා අම්මෙ තාත්තෙ..."



පුරුදු විදිහට අන්තිමට ලියපු කෙල්ල ඩයිරි එක වහලා ඇදට වැටුනෙ නිදාගන්න...


......................................................................................................................................................................................................

පසුදා...🕊️



"ආරොහි.... ආරොහී...පුතේ...ආරොහී..."



නැන්දා දොරට ගහන සද්දෙට කෙල්ල ගැස්සිලා ඇහරුනා... ඇදෙන් නැගිට්ට කෙල්ල ගිහින් කාමරේ දොර ඇරියේ ඇයි බලන්න...



"හොඳටම පරක්කු වෙලානෙ ළමයො...තාම නිදිද..."



කෙල්ල නිදිමත විකාරෙ ඇස් පොඩි කර කර ඉන්න නිසා නැන්දා ඇහුවේ පුදුමෙන්...



"පරක්කු වෙලා..?? තාම එලාම් එකවත් වැදුන් නෑනේ..."




කෙල්ල ඇහුවේ එක ඇහැක් බොහොම අමාරුවෙන් ඇරගෙන කණ්නාඩි මේසෙ උඩ තිබ්බ ටේබල් ක්ලොක් එකක් දිහා බලන ගමන්... වෙලාව දැක්කම කෙල්ලට නිදිමත අමතක උනා...



"දෙයියනේ..."




ඉක්මනට නැන්දවත් තල්ලු කරන් කෙල්ල දිව්වේ වොශ් දාගන්න... වොශ් එකක් දාගෙන කාමරේට ආපු කෙල්ල මුළු කාමරේම පෙරලන් හෙව්වෙ ෆෝන් එක.... හොයාගන්න බැරිම තැන කල්පනා කර කර එළියට ආවේ ෆෝන් එක කොහෙද දැම්මෙ කියලා....




ගෙදරින් එළියට එද්දිම කාශ් කෙල්ලගෙ ගේ ඉස්සරහ හිටියේ කෙල්ලගෙ ස්කූටි එකත් තියාගෙන...



"ඔහ් ගුඩ් මෝනින්..."



කෙල්ලව දැකලා කාශ් හිනාවෙලා කිව්වෙ කෙල්ල කාශ් දිහා එක පාරක් බලලා ස්කූටි එක ළඟට යද්දි...



"ගුඩ් මොනින් වත් කිව්වෙ නෑ..."



කාශ් හිතුවෙව් මූණත් ඇද කරන්...



"ගුඩ් මෝනින්...කෝ යතුර..."



කෙල්ල ඇහුවේ ස්කූටි එක පෙන්නලා...



"අහ් ඉන්න..."



එහෙම කියපු කාශ් කාර් එකේ දොර ඇරලා ස්කූටි එකේ යතුරයි කෙල්ලගෙ ෆෝන් එකයි දෙකම කෙල්ල අතට දුන්නෙ කෙල්ල ඇස් ලොකු කරන් කාශ් දිහා බලද්දි...



"ගෙදර දාලා ගිහින් තිබ්බා...ඒකත් අරගෙනම ආවා..."



කාශ් ඔලුවත් කස කස හිනාවෙවී කිව්වේ කෙල්ල ඇස්පිල්ලම් ගොඩක් ගහලා අහක බලාගද්දි...



"තැන්ක්‍යු...."



එහෙම කියපු කෙල්ල ස්කූටි එකත් ස්ටාට් කරන් එතනින් ගියේ කාශ් නොපෙනී යන කෙල්ල දිහා බලන් ඉද්දි.....


......................................................................................................................................................................................................



කෙල්ල කෙලින්ම ගියේ ඉශ්ගෙ තාත්තාගෙ කම්පැනි එකට.... කාශ් ගියෙත් එහෙට...මොකද ඉශ් කාශ් චබී තුන් දෙනාම වැඩ කරන්නෙ ඉශ්ගෙ තාත්තගෙ කම්පනි එකේ...

කෙල්ලගෙ ස්කූටි එක බිල්ඩින් එක ඉස්සරහ නවත්තලා තියනව දැක්කම කාශ් වටපිට බල බල ගියේ කෙල්ල මොකද මෙහෙ කරන්නෙ කියලා හිතාගන්න බැරුව...



"එක්ස්කියුස් මී... මට මිස්ටර් තෙන්නකෝන්ව හම්බෙන්න පුළුවන්ද...."



කෙල්ල ඇහුවේ රිසෙප්ශන් ඉන්න කෙල්ලගෙන්....

කෙල්ල ඉශ්ගෙ තාත්තගෙ නම අහගත්තෙ එනගමන් බොස්ට කෝල් එකක් දාලා...... රස්සාවක් හම්බෙයිද නැද්ද දෙගඩියාවක් හිතේ තිබුනත් කෙල්ල හිතා හදාගෙන ගියේ මේ වෙලාවෙ කෙල්ලට ඕනම දේ සල්ලි නිසා...



"අපොයිමන්ට් එකක් තියනවද මිස්...??"



රිසෙප්ශන් ඇහුවේ කෙල්ල දිහා බලන්....



"මන් මිස්ටර් තෙන්නකෝන් එක්ක කතා කරා...සර් තාම කිව්වෙ අද ඔෆිස් එකට එන්න කියලා..."



කෙල්ල කිව්වේ වටපිටත් බල බල....කාශ් ඇතුළට ඇවිත් බලන් හිටියේ රිසෙප්ශන් එක්ක කතා කර කර ඉන්න කෙල්ල දිහා...ටිකක් වෙලා බලන් හිටපු කාශ් කෙල්ලවත් පාස් කරන් ඇතුළට ගියෙ කෙල්ල මොකද මෙහෙ කරන්නෙ කියලා ඉශ්ගෙන් අහලා දැනගන්න....



"ඉන්න මිස් මන් කෝල් කරලා බලන්නම්..."



රිසෙප්ශන් එහෙම කියලා ලෑන්ඩ් ලයින් එක අතට අරන් කෝල් එකක් ගත්තෙ කෙල්ල රිසෙප්ශන් දිහාම බලන් ඉද්දි....

ටිකක් වෙලා ෆෝන් එකෙන් කතා කරපු රිසෙප්ශන් කෙල්ල දිහාම බලාගෙනම කෝල් එක කට් කරේ කෙල්ල උත්තරයක් දැනගන්න ඇස්දෙකත් ලොකු කරන් රිසෙප්ශන් දිහා බලන් ඉද්දි...




"දැන්නම් සර් මිටින් එකක.... මිස් පොඩ්ඩක් අතතින් ඉදගෙන ඉන්න...මීටින් එක ඉවර උනාම කතා කරන්නම්..."




රිසෙප්ශන් කිව්වේ කෙල්ලට ඉදගන්න තැනකුත් පෙන්නලා... කෙල්ල මුකුත් නොකියා හිනාවෙලා රිසෙප්ශන් පෙන්නපු තැනින් ඉදගත්තෙ වෙන කරන්න දෙයක් නැති නිසා....

......................................................................................................................................................................................................

මේ අතරතුර 💕



"ඉශ්...."



කාශ්ගෙ කටහඩට ඉශ් ඇස් උස්සලා බැලුවේ මොකද කියලා...



"අර ස්කූටි කෙල්ල මෙහෙ මොකද කරන්නෙ..."



කාශ් ඇහුවේ ඉශ්ගෙ ඇසුත් වෙනස් වෙද්දි....ඉශ්ගෙ ඇස් වෙනස් උන නිස කාශ්‍ට තේරුනා ඉශ් මේ ගැන මුකුත් දන් නෑ කියලා... කම්පියුර් එකේන් සීසීටීවී ලයිව් රෙකෝඩ් එක ගත්ත ඉශ් බැලුවේ කෙල්ල මොකද කරන්නෙ කියලා...


දකුණු අතේ දබරඇගිල්ලෙ නියපොත්ත හපන ගමන් කෙල්ල වටපිට බල බල ඉන්නවා දිහා ඉශ් බලන් හිටියේ කාශුත් ඇවිල්ලා ඔලුව දාලා බලද්දි....කාශ්ටනම් හිනා....




"ඒ මේ....මේ අර ස්කූටි කෙල්ල නේද..."




එතකොටම චබී ෆයිල් එකක් උස්සන් දුවන් ආවේ ඉශ් වගේම කාශුත් ඒ දිහා බලද්දි... චබී ෆයිල් එක ගෙනත් දුන්නේ ඉශ් අතට.... ඉශ් ෆයිල් එක දිග ඇරියේ කාශ්ටත් පේන විදිහට...


ආරොහි යහස්නා නානායක්කාර.... අවුරුදු විසිතුනයි...


ෆයිල් එකේ තිබ්බෙ කෙල්ලගෙ සීවී එකක් එක්ක කෙල්ලගෙ කොලිෆිකේශන්.....ඉශ් එකින් එක පෙරලලා බැලුවේ කශුත් ඒ දිහා බලන් ඉද්දි....



" අඩො බන් ඒ කෙල්ලට අපේ මේන් ඩිසයිනර්ටත් වඩා කොලිෆිකේශන් තියනවනෙ..."



කාශ් කිව්වේ ඇස් දෙකත් ලොකු කරන්....



"කොලිෆිකේශන් තිබ්බට බෑ ටැලන්ට් එකත් තියන්න ඔනෙ..."




ෆයිල් එක වහලා ටේබල් එක උඩින් තියන ගමන් ඉශ් කිව්වේ චබීයත් ඉශ්ගෙ කතාව හරි කියන්න වගේ ඔලුව වනද්දි....



"උබ මොකද කටුස්සෙක් වගේ ඔලුව වනන්නෙ..."



කාශ් ඇහුවේ චබීට රවන ගමන්....



"නෑ ඉශ්ගෙ කතාව හරි.... අනික ඒ කෙල්ලගෙ කට දැක්කනෙ... මගෙ අම්මෝ...කනක් ඇහිලා ඉදලා ඉවරයි එයා මෙහෙ වැඩට ගත්තොත්..."



චබී කිව්වේ කලින් දවසෙ කෙල්ල තමන්ට බැන්න විදිහ මතක් කර කර....



"අනේ උබ කටවහපන්... යකෝ පාරෙ අයිනේ පාර්ක් කරලා තිබ්බ වාහනෙ ගෙන්නලාම හැප්පුවම බනිනවා තමා බූරුවො... ඒ කෙල්ල හොඳ නිසා බැනලා නැතර උනා... වෙන එකෙක්නම් උබෙ... මන් කියන් නෑ ඉතින් කිව්වා කියලා හිතාගනින්...."



කාශ් චබීට් බැන බැන ගිහින් තමන්ගෙ ටේබල් එකෙන් ඉදගත්තෙ කාශ්ට මොකද උනේ කියලා හිතාගන්න බැරුව චබී මූට මොකද වෙලා තියෙන්නෙ වගේ බැලමකින් ඉශ් දිහා බලද්දි...

ඉශ් චබී දිහා බලලා හිනාවෙලා අහක බලාගත්තෙ ඌට මොකද වෙලා තියෙන්නෙ කියලා තමන් දන්නෙත් නැති

නිසා...




"උබයි ඒ කෙල්ලයිනම් හොඳට ගැළපෙනවා...දෙන්නම එකයි....කිසිම චාරයක් නැති කටවල් දෙකක්..."




චබී කිව්වේ චබීගෙ ටේබල් එකට ගිහින් වාඩිවෙන ගමන්....ඒ කතාවටනම් කාශ්ට හැපි... කාශ් අමුතු විදිහට හිනාවෙලා චබී දිහා බැලුවේ චබී කටත් ඇද කරන් ටිකක් වෙලා කාශ් දිහා බලන් ඉදලා ඔලුවත් දෙපැත්තට වනලා අහක බලාගද්දි...

......................................................................................................................................................................................................



පැයක් විතර ගියත් කෙල්ලට තාම ඇතුළට කතා කරේ නෑ... කෙල්ල කම්මැලි නිසා බැරිම තැන ෆෝන් එක අරන් එෆ්බී පැත්තෙ රවුමක් ගියේ දැන් නැත්තම් දැන් ඇතුළට කතා කරයි කියලා බලාපොරොත්තුවෙන්.....

ඉශ් චබී හෝ ගාලා වැඩ....

කාශ්නම් කරේ සීසීටීවී එකෙන් කෙල්ල දිහා බලන් ඉදපු එක....



"ඇයි බන් අන්කල් ආරෝහිව ඇතුළට ගන්නෙ නැත්තෙ...පව් බන් දැන් පැයකටත් වැඩීනෙ...."



කාශ් බලන් ඉදලා බැරිම තැන ඉශ් දිහා බලන් කිව්වේ ඉශ් ඔලුව උස්සලා කාශ් දිහා බලද්දි... ඒක අහපන් අන්කල්ගෙන් වගේ බැල්මක් දාලා ඉශ් ආයෙත් ෆයිල් එක දිහා බලාගද්දි... ඇහුවේ අපරාදේ කියලා හිතන ගමන් කාශ් ආයෙත් කෙල්ල දිහා බලාගත්තෙ මූණත් ඇද කරන්....

......................................................................................................................................................................................................



පැය දෙකක් විතර ගියා...තාම කෙල්ලට ඇතුළට කතා කරේ නෑ...කාශ් බැරිම තැන නැගිටලා ගිහින් තේ අරන් එන අන්කල්ට කතා කරලා කෙල්ල ළඟටත් කෝෆි එකක් යැව්වෙ දැන් පැය දෙකක් විතර වතුර උගුරක්වත් නැතුව කෙල්ල බලන් ඉන්න නිසා....



තේ හදන අන්කල් හිනාවෙලා ගිහින් දුන්න කොෆි එකත් බොන ගමන් කෙල්ල කල්පනා කරේ ඇයි කෙල්ලට ඇතුළට කතා කරන්නෙ නැත්තෙ කියලා...


කෙල්ල කොෆි එක බීලා රිසෙප්ශන් ළඟට නැඟිටලා යන්න හදනකොටම මිස්ටර් තෙන්නකෝන් කාශ් ඇතුළුව තව දෙතුන් දෙනෙක් එක්ක එළියට ආවේ කෙල්ල ඉක්මනට ගිහින් ඉස්සරහින් හිටගද්දි......

මිස්ටර් තෙන්නකෝන් ඇස් හීනි කරලා කෙල්ල දිහා බැලුවේ කවුද මේ අහන්න වගේ....



"සර් මන් ආරොහි... ඊයෙ සර් එක්ක..."



"අහ්...මට මතකයි..මන් දැන් එළියට යනවා... එන්න පැයක් විතර යයි...එතකන් ඉන්න පුළුවන් නම් ඉන්න...නැත්තම් හෙට එන්න..."



ඉස්සර උන මිස්ටර් තෙන්නකෝන් එහෙම කියලා එතනින් ගියේ කෙල්ල දිග හුස්මක් පහළට දාලා ගිහින් ආපහු ඉදගෙන හිටපු තැනින්ම ඉදගද්දි.....කාශ් හැරි හැරිත් කෙල්ල දිහා බල බල මිස්ටර් තෙන්නකෝන් පස්සෙන් ගියේ කාශ්ට යන්නම වෙන වැඩක් නිසා....කෙල්ලව දාලා යන්න දුකයි කොල්ලට....මොකද කාශ් දන්නවා කාශ් ඇරෙද්දි වෙන කිසිම කෙනෙක්ට කෙල්ල ගැන ගාණක් නෑ කියලා...




"පැය දෙකක් හිටපු එකේ තව පැයක් මොකද්ද ආරොහි..පොඩ්ඩක් ඉවසලා ඉන්න..."



කෙල්ල තමන්ටම කියාගත්තෙ ආයෙත් ෆෝන් එක අරන් බලන ගමන්...

......................................................................................................................................................................................................


කෙල්ලට එහෙම්ම පුටුවෙ නින්ද ගිහින් ගැස්සිලා ඇහැරුනේ තේ හදන අන්කල්ගෙ කටහඩට....



"කාශ් මහත්තයා කියලා ගියා නෝනට කෝපි එකක් හදලා දෙන්න කියලා...ඒකයි මේ ආයෙත් හදන් ආවෙ...."



තේ හදන අන්කල් අහිංසක විදිහට කිව්වේ කෙල්ල කාශ් කියන්නෙ කවුද කියලා කල්පනා කරද්දි ..... කෝෆි එකත් අතර අරන් කෙල්ල වෙලාව බැලුවේ කීයද කියලා..



"දෙයියනේ...."



වෙලාව 2:30... කෙල්ල මෙතෙන්ට ආවේ 9:30 රට.... කෙල්ල ඇවිල්ල හරියටම පැය පහක් වෙනවා....



"අන්කල් මිස්ටර් තෙන්නකෝන් ආපහු ආවද..."



කෙල්ල ඇහුවේ කෙල්ලට නින්ද ගියපු වෙලේ මිස්ටර් තෙන්නකෝන් ආවද කියන සැකේට....



"නෑ නෝනා...තාම ආවෙ නෑ..."



තේ හදන අන්කල් එහෙම කියාගෙන එතනින් ගියෙ කෙල්ල කරන්නෙ මොකද්ද කියලා හිතාගන්න බැරුව කල්පනා කරද්දි..

එතකොටම ඉශ් එක්ක චබිත් එළියට ආවේ චබීනම් කෙල්ලව දැකලා ඉක්මනට බිම බලාගද්දි.... ඉශ් නම් වැරදිලාවත් කෙල්ල දිහා බැලුවේ නෑ.....කෙල්ල ඒ දෙන්නා යන දිහත් බලන් ඉදලා එතන ටේබල් එක උඩ තිබ්බ නිවුස් පෙපර් වගයක් අරන් කියවන්න ගත්තෙ තව පොඩ්ඩක් වෙලා බලනවා කියලා හිතාගෙන...


......................................................................................................................................................................................................

විරාමයක්....🕊️



ඊළග දිගහැරුමෙන් නැවත හමුවෙමු 💕



බුදු සරණයි 🌸 





Report Page