꙳♡ мr.gυapo ♡꙳

꙳♡ мr.gυapo ♡꙳

පබා ලියනගේ﹏✍
เ ƒεℓℓ ƒσ૨ ყσµ αɳ∂ เ αɱ รƭเℓℓ ƒαℓℓเɳɠ・❥・


(අවසරයකින් තොරව උපුටා ගැනීම තහනම්..) 🚫



පෙර කොටස....🤍

https://telegra.ph/mrgυapo-11-06


දෙවන දිගහැරුම....



එහෙම කියල කෙල්ල එතනින් ගියේ කාශ් බිම බලන් හිනාවෙද්දි....


......................................................................................................................................................................................................


"දැන් මේක අරන් යන්නෙ කොහොමද..."



ස්කූටි එක දිහා බලන් චබී ඇහුවේ ඉශ් ඉනටත් අත් දෙක තියාගෙන කාශ් දිහා බලන් ඉද්දි......කාශ් ඉශ් දිහා බලලා ඇස් කරකවලා අහක බලාගත්තෙ හැම කුණු ගොඩක්ම අන්තිමට තමන් පිටින් යන නිසා...



"ගැරාජ් එකකට කෝල් කරන්නම්... තැන කිව්වම ඇවිල්ලා අරන් යයි... "



කාශ් කිව්වේ චබියට පයින් එකකුත් ගහලා...

එතකොටම තවත් ස්කූටි එකක් ගෙනල්ලා ශොප් එක ඉස්සරහ නැවැත්තුවේ තුන් දෙනාම ඒ දිහා බලන් ඉද්දි.... කෙල්ල ශොප් එකෙන් මල් වගේකුත් උස්සන් ඇවිත් ඒ ස්කූටි එකට නැගලා එතනින් ගියේ චබියට තවත් පාරක් රවලා...




"දැන්වත් යමන්...උබලෑ අම්මා අපෙ පලු අරිනවා ඇති ගෙදර..."



කාශ් කිව්වේ කාර් එකෙ යතුර ඉශ්ට අල්ලගන්න දාන ගමන්... ඉශ් යතුරත් අරන් කාර් එකට නැග්ගෙ චබී ටිකක් වෙලා ස්කූටි එක දිහා බලන් ඉදලා කාර් එකට නඟිද්දි....




......................................................................................................................................................................................................


ඉශ් කෙලින්ම කාර් එක ඩ්‍රයිව් කරේ කොල්ලගෙ ගෙදරට... ගේට් එක ඇතුළට කාර් එක දාද්දි ගාඩ්න් එකේ නවත්තලා තිබ්බ ස්කූටි එක දැකලා ඉශ් වගේම චබිත් ගල් ගැහිලා බලන් හිටියේ ඒ කලින් කෙල්ල නැගලා ගියපු ස්කූටි එක නිසා...




" ඒ කෙල්ල කොහොමද උබේ ගේ හොයාගත්තෙ..."




චබී ඇහුවේ ඉශ් දිහා බලන ගමන්... චබීගෙ කතවට ඔලුව උස්සලා බලද්දි තමයි කාශ් සීන් එක දැක්කෙ...කාශ් ඉක්මනට කාර එකෙන් බැහැලා ගිහින් ස්කූටි එක වටේ වටයක් කැරකුනේ ඒ කෙල්ල ගියපු ස්කූටි එකමද කියලා දැනගන්න...




"උබලෑ අම්මා අපි තුන් දෙනාවම පණපිටින් හම ගහයි වගේ අදනම්...."




කාශ් කිව්වේ බොහොම අමාරුවෙන් කෙල පිඬකුත් ගිලගන්න ගමන්....

ඉශ් ටිකක් වෙලා ස්කූටි එක දිහා බලන් ඉදලා ගේ ඇතුළට ගියේ කාශ් වගේම චබීත් කොල්ලගෙ පස්සෙන් යද්දි....




"හරි මැදින් තියන්න... නෑ..නෑ..පොඩ්ඩක් වමට වෙන්න...ආහ්...නෑ තව පොඩ්ඩක් දකුණට... අයියො වමට...නෑ දකුණට...වමට වමට..අහ් හරි...තව චුට්ටක් දකුණට..."




ඒ ඉශ්ගෙ අම්මා.... මල් වාස් එකක් අතේ තියන් කළගෙඩි නැටුම නටනවා වගේ අර ස්කූටි කෙල්ල ඉශ්ගෙ අම්මාගෙ අණට දකුණටයි වමටයි යන විදිහ දිහා කොල්ලො තුන් දෙනා බලන් හිටියේ උපරිමේටම හිනාව කන්ට්‍රොල් කරන්...




කෙල්ලට මල පැනලා ඉන්නෙ කියලා රතු වෙලා තියන මූණ දැක්කම හොඳටම පේනවා... කෙල්ලත් එක්ක වැඩ කරන තව කෙල්ලෙක් ඇවිල්ලා කෙල්ලගෙ ඔලුවත් අත ගාලා දත් ටික ඔක්කොම පෙන්නලා කෙල්ලට හිනා උනේ "කන්ට්‍රොල් වෙයන් මයෙ අම්මා" කියන්න වගෙ......

ඒක දැකලා චබීටයි කාශ්ටයි හොඳටම හිනා...ඉශ්නම් ඉතින් නෝ සිනා නෝ කතානේ... ටිකක් වෙලා ඒ දිහා බලන් ඉදලා අම්මා ළඟට ගියෙ වෙන්නෙ මොකද්ද කියලා දැනගන්න...




"අහ් පුතා ඔයාලා ආවද....ඔයාල පරක්කු නිසා මන් ඩෙකරේශන් වැඩ පටන් ගත්තා....."





ඉශ් ළඟට ආවම ඉශ්ගෙ අම්මා කිව්වෙ ඉශ් ළඟට ආවේ මොකටද කියලා දන්න නිසා..... කියපු දේ තේරුනා කියන්න වගේ ඔලුව වනපු ඉශ් එතනින් ගියේ තමන් දිහා කටත් ඇරන් මල්පෝච්චයත් පපුවට තුරුළු කරන් බලන් ඉන්න කෙල්ල දිහා එක පාරක් බලලා...





"හා හා මගේ පුතා හැන්සම් තමා...ඇති දැන් ඔය බලන් හිටියා... කෝ කෝ...හරි මැදින් තියන්න ඕක..."



කෙල්ල කට ඇරන් ඉශ් දිහා බලන් හිටපු නිසා ඉශ්ගෙ අම්මා කිව්වේ කෙල්ල ගැස්සිලා ඉශ්ගෙ අම්මා දිහා බලද්දි...



"අනේ මේ ආන්ටි....වැඩේමයි ඔයාගෙ පුතා දිහා බලන්න... ඔයාගෙ පුතයි එයාගෙ මෝඩ සගයෝ දෙන්නයි මන් පාරෙ අයිනෙ නවත්තලා තිබ්බ මගේ ස්කූටි එකේ එයාලගෙ දඬු මොණරේ ගෙනත් හැප්පුවා...ඒක උනේ මන් මෙහෙට එන්න කලින්.... මන් මේ වැඩ කරන්න ඇවිත් තියෙන්නේ ඒ හෝතම්බුවාගෙ ගෙදරට කියලා මන් දන්නෙ දැන්.....ඒකයි ඔයාගෙ උනහපලු පැටියා දිහා බලන් හිටියේ....බලන්නම කොල්ලා...කෙල්ලෙක් වගේ කොණ්ඩෙකුත් බැදගෙන...."




හෝව් හෝව්... කෙල්ල හිතුව විතරයි කිව්වේ නෑ...කෙල්ලගෙ කට නලියනවා වචනයක්වත් කියාගන්න බැරුව...මොනාහරි කිව්වනම් එහෙම ජොබ් එක ලෙෆ්ට් නිසා කෙල්ල මුකුත් නොකියා ඉශ්ගෙ අම්මාගෙ අණට ආයෙත් කළගෙඩි නැටුම නටන්න ගත්තෙ වෙන කරන්න දෙයක් නැති නිසා...




"එයා ඩෙකරේටර් කෙනෙක්ද..."




චබී කාශ්ගෙන් ඇහුවේ කෙල්ල දිහා බලන්....




"නෑ... ෆයිලට් කෙනෙක්...පොට්ටද... මඟුලක් අහනවා..."




චබිගෙ ඔලුවටත් එකක් ගහලා කාශ් එතනින් ගියේ කටත් ඇද කරන්...




"උබ ඔලුවට ගහලම තමා මන් මේ ගොනෙක් වෙලා ඉන්නෙ..."




චබී කිව්වේ කාශ් පස්සෙන් යන ගමන්...




"ආ ඒ කියන්නෙ උබ පිළිගන්නවා නේ උබ හෙන ගොනා කියලා..."




කාශ් හිනාවෙවී කිව්වේ චබී මූණත් ඇද කරන් බිම බලාගද්දි...




"උබලා මේ අහිංසක මාවමනේ ආතල් එකට ගන්නෙ...මන් නැති උන දවසකට තෙරෙයි උබලට...."




චබී කිව්වේ අඬන්න ඔන්න මෙන්න...ඇත්තටම චබී හෙන අහිංසකයි... මොනා කිව්වත් මොනා කරත් පාඩුවේ ඉන්නවා.... කාශ් චබී දිහා හිනාවෙල බැලුවේ මොන විහිළුව කරත් චබී කියන්නෙ කාශ්ගෙ වගේම ඉශ්ගෙත් පන නිසා... චබී නැති උනොත් ඒ දෙන්නට පිස්සු හැදෙයි....




"උබ නැති උනොත් අපි පාටි එකක් දෙනවා මුළු ලංකාවටම..."



කාශ් හිනාවෙවී කිව්වේ චබී මූණ ඇද කරන් ටිකක් වෙලා කාශ් දිහා බලන් ඉදලා එතනින් යද්දි....

චබී එතනින් යද්දි ස්කූටි කෙල්ල එක උඩ එක තියපු පෙට්ටි වගේකුත් උස්සන් කාශ් ඉන්න පැත්තට වැනි වැනි එන විදිහ දැක්කම කාශ් පුටුවෙන් නැගිට්ටෙ කෙල්ලට උදව් කරන්න...ඒත් කාශ් හදන්නෙ කෙල්ලට උදව් කරන්න කියලා දැක්ක නිසා ඉශ්ගෙ අම්මා කාශ්ව බොරු වැඩකට එතනින් එක්ක ගියේ කාශ් ඉශ්ගෙ අම්මා කියපු වැඩේ කරත් ඇස් දෙක කෙල්ල ළඟම තියන් ඉද්දි.....




බොහොම අමාරුවෙන් පෙට්ටි ටික බිමින් තියලා එකින් එක අස් කරන ගමන් සැරින් සැරේට නලලින් බේරන දාඩිය වැළමිටෙන් පිහදන ගමන් කටින් හුස්ම පිට කර කර වැඩ කරන කෙල්ල දිහා කාශ් බලන් හිටියේ හරි අසාවෙන්....




"ආරොහී...ඔයාට බොස් කතා කරනවා.."



කෙල්ල ඉන්න තැනට ආපු තව කෙල්ලෙක් කිව්වේ කාශ්ගෙ මූණෙ ලස්සන හිනාවක් යද්දි....ඒ කෙල්ලගෙ නම දැනගත්ත නිසා..." ආරොහී..කෙල්ල වගේම නමත් ලස්සනයි..."කාශ්ට හිතුනෙ එහෙම..





කෙල්ල අත් දෙකත් පිහද පිහද පහළට ගියෙ බොස් කතා කරේ ඇයි බලන්න...




"මෙයා තමයි ආරොහි කියන්නෙ සර්.... අපෙ කම්පනි එකට අලුතින් ආවේ.... මිසිස් රමණි තමයි මෙයාව අපිට ඉන්ට්‍රොඩියුස් කරෙ... මෙයාගෙ තියන කොලිෆිකේශනුයි ටැලන්ට් එකයි එක්ක ගත්තම මෙයාව මැච් වෙන්නෙ සර්ලාගෙ වගේ කම්පනි එකට තමයි..."




කෙල්ලගෙ කම්පනි එකේ බොස් කෙල්ලව හදුන්වලා දුන්නේ ඉශ්ගෙ තාත්තට... කෙල්ල ඒ කවුද කියලා හරියටම දන් නැති උනත් තමන්ගෙ බොස් එයාට සර් සර් කියලා කතා කරපු හින්දා බොසාටත් වඩා වැඩ්ඩෙක් කියලා තේරුන නිසා කෙල්ල හිනාවෙලා පාඩුවෙ හිටියේ බොසාට ඕන දෙයක් කියන්න ඉඩ දීලා...




"එච්චර කොලිෆිකේශන් ටැලන්ට් තියනවානම් මේ වගේ කම්පනි එකකට නිකන්ම ඩෙකරේටර් කෙනෙක් විදිහට වැඩට ආවේ ඇයි..."




ඉශ්ගෙ වගේම දරදඩු බැල්මක් ඉශ්ගෙ තාත්තටත් තිබ්බෙ...කෙල්ලගෙ උඩ ඉදන් පහළට බලපු ඉශ්ගෙ තාත්තා කෙල්ලගෙ බොස්ගෙන් ඇහුවේ කෙල්ල ඇස් දෙකත් ලොකු කරන් ඉශ්ගෙ තාත්තා දිහා බලද්දි.....




"මූ යකෝ...දෙන්න හිතෙනවා....හැටි විතරක්.... අර දඬු මොණරෙ අයිතිකාරයාගෙ තාත්තද දන් නෑ... ඒ බැල්මමයි තියෙන්නෙ..."




කෙල්ල හිතුවේ ඉශ්ගෙ තාත්තා දිහා බලන්......



"මේකයි සර්...ආරොහිට සල්ලි හදිස්සියක් වෙලා තමයි අපේ වගේ පොඩි කම්පනි එකකට වැඩට ආවේ....සර් මන් කියනවට මෙයාගෙ කොලිෆිකේශන් එහෙම චෙක් බලන්නකො...එතකොට සර්ටම තෙරෙයි...."



කෙල්ලට තමන්ගෙ බොස් ගැන දැනුනෙ දුකක්....තමන් වෙනුවෙන් මේ හිතක් පපුවක් නැති මනුස්සයා ඉස්සරහ කොච්චර දෙකට නැමෙනවද..... හොඳයි කියලා මනුස්සයෙක් හොයාගන්න නැති මේ කාලේ කෙල්ලගෙ බොස් ඇත්තටම දෙයියෙක් වගේ... කෙල්ලව ඒ ජොබ් එකට දාලා දුන්නා කියලා බොස්ට ලැබෙන දෙයක් නැති උනත් කෙල්ල ඉන්න තත්ත්වෙ හොඳටම දන්න නිසා කෙල්ලට හොඳ පඩියකට හොඳ ජොබ් එකක් අරන් දෙන්න බොස් පුදුම විදිහට මහන්සි උනා.....



සල්ලි ඉස්සරහ මිනිස්සු කොච්චර අසරණද...සල්ලි තියන මිනිස්සු කොච්චර වාසනාවන්තයිද කියලා කෙල්ලට තේරුනේ ඉශ්ගෙ අම්මා දැකපු වෙලේ...... පුටුවක ඉදගෙන ඉදලා කොහෙටහරි යන්න ඕන උනාම කකුලට දාන සෙරප්පු දෙක ළඟට ගෙනත් දීලා කකුලටත් දාන්න සර්වන්ට්ලා ඉශ්ගෙ අම්මාට හිටියා...



එහෙම බලද්දි තමන් ගෙවන්නෙ මොන වගේ ජීවතයක්ද කියලා මතක් උන කෙල්ල දිග හුස්මක් පහළට දැම්මේ ඇස්වල කදුළුත් පුරවන්...




"හම්...හෙට ඔෆිස් එකට එන්න...."



ටිකක් වෙලා කෙල්ල දිහා බලන් ඉදලා කියපු ඉශ්ගෙ තාත්තා එතනින් ගියේ කෙල්ලයි කෙල්ලගෙ බොසුයි දෙන්නාම පිටුපාල යන ඉශ්ගෙ තාත්තා දිහා බලන් ඉද්දි....



"සර් මේ කරන උදව් වලට ගොඩක් පින් සර්...."




ඇස්වලින් එළියට එන්න ඔන්න මෙන්න තියන කදුළු ඇස් ඇතුළෙම හිර කරන් කෙල්ල කිව්වේ කෙල්ලගෙ බොස් හිනාවෙලා කෙල්ලගෙ ඔලුව අතගාලා එතනින් යද්දි....




කෙල්ල දිග හුස්මක් පහළට දාලා ආයෙත් වැඩ කරන්න ගත්තෙ හෙට ඉශ්ගෙ තාත්තා ඔෆිස් එකට ගිහින් බලනවා කියලා හිතාගෙන...




.........................................................................................................................................................................................................




කෙල්ල වැඩ ඉවර වෙලා ගෙදර යද්දි රෑ අටටත් කිට්ටුයි....ස්කූටි එක නැති නිසා බස් එකේම ගෙදර ගියපු කෙල්ල ගේ ඇතුළට ගියේ මහන්සියටම දෙකට තුනට නැමිලා......




"අනේ පුතේ කරන්න පුළුවන් නම් ලොකු උදව්වක්...මන් පුතාටම කතා කරේ ඒකයි... ආරොහිට තවත් කිය කිය වද දෙන්න බෑ පුතේ ඒ කෙල්ල පුදුම කට්ටක් කන්නෙ කීයක් හරි හොයාගන්න...අද ණය කාරයෝ ගෙදරටම ඇවිත් හොයාගෙන... මන් වැඩට ගියපු නිසා එහා ගෙදර කට්ටියට කියලා ගිහිල්ලා..... මන් වැඩට යනවා කියලා දන්නවනම් කෙල්ලට මොන තරම් දුක හිතෙයිද පුතේ...ඒකයි මන් කෙල්ලට කිව්වේ නැත්තෙ......ඒ ණය ටික කොහොමහරි එක වැර ගෙවාගත්තනම් මට වැඩ කරලා පුතාට ඔය ගාණ ටික ටික හරි ගෙවන්න පුළුවන්නේ...අනේ ආරොහිටනම් කියන්න එපා පුතේ...ඒ ළමයා මන් වෙනුවෙන් මේ කරන ටික හොඳටම ඇති...."




නැන්දාගෙ කටහඬ ගේ ඇතුළෙන් ඇහෙද්දි ඉබේම කෙල්ලගෙ ඇස් වල කදුළු පිරුනේ නැන්දාගෙ කතාවට...




"නැන්දේ..."





කෙල්ල ඉක්මනට කදුළු පිහදගෙන ආපහු ගෙදරින් එළියට ගිහින් මූණෙ බොරු හිනාවකුත් ඇදන් ඒ වෙලේ ගෙදර ආවා වගෙ කතා කරගෙන ආවෙ කෙල්ලගෙ කටහඩ ඇහිලා නැන්දා ඉක්මනට ෆෝන් එක කට් කරලා සාලෙට එද්දි....





"ආ ඔයා ආවද.....ස්කූටර් එකේ සද්දෙවත් ආවේ නෑ... කෝ ස්කූටි එක..."




නැන්දා වෙනදට කෙල්ල එනවා කියලා හොයාගන්නෙ ස්කූටි එකේ සද්දෙන්... ඒත් අද ස්කූටි එක නැති නිසා වටපිට බලන් ගමන් ඇහුවේ කෙල්ල ගිහින් පුටුවකින් ඉදගද්දි....





"මගදි ඇක්සිඩන්ට් එකක් උනා නැන්දේ.. හදන්න දැම්මා..."



කෙල්ල කිව්වේ සපත්තු දෙක ගලවන ගමන්..




"ඇක්සිඩන්ට් උනා...ඔයාට ප්‍රශ්නයක් නෑ නේද..."




නැන්දා ඇහුවෙ දුවන් ඇවිත් කෙල්ලව එහෙට මෙහෙට හරවලා බලන ගමන්..



"නෑ නෑ මට ප්‍රශ්නයක් නෑ... බඩගිනි නැන්දේ කන්න මොනාද තියෙන්නෙ.."




කෙල්ල පුටුවෙන් නැගිටලා ඇහුවේ දවස කාලා නැති නිසා බඩගිනි හින්දා....




"අනේ පුතේ හවස් වරුවේ නින්ද ගිහින් මට මුකුත් හදාගන්න බැරි උනානේ...විනාඩි දහයක් දෙන්නකො මන් මොනාහරි හදන්නම් ඉක්මනට..."




නැන්දා කියන්නෙ බොරු....වැඩට ගියපු නිසා මුකුත් උයන්න බැරි උනේ...කෙල්ල මුකුත් නොකියා බලන් හිටියේ කකුලත් බැරුව එච්චර මහන්සි වෙලා ඉදලත් කෙල්ල බඩගිනි කියපු වචනෙට නැන්දා උයන්න ලෑස්ති වෙන විදිහ දිහා......




"ආයේ උයන්න ඕන් නෑ නැන්දෙ...මන් පහළ කඩේට ගිහින් නූඩ්ලස් පැකට් එකක් අරන් එන්නම්...ඔයා ඔහොම ඉනන..."



නැන්දාව පුටුවකින් වාඩි කරලා කෙල්ල කිව්වේ බෑග් එකෙන් පර්ස් එකත් ගන්න ගමන්....




"බඩගිනි වෙලා ඉද්දි නූඩ්ලස් කාලා හරියන්නෙ නෑනේ ළමයෝ...මන් ඉක්මනට මොනාහරි හදන්නම්..."






නැන්දා කිව්වේ ආයෙත් පුටුවෙන් නැගිටන ගමන්...



"එච්චර බඩගිනි නෑ නැන්දේ....කොහොමත් බත් කනවට වඩා නූඩ්ලස් එකක් හොඳයි..."



කෙල්ල හිනාවෙලා කිව්වෙ නැන්දගෙ හිත හදන්න...


......................................................................................................................................................................................................

මේ අතරතුර 💕



කාශ් කෙල්ල චබීට දුන්නා ඇඩ්‍රස් එක හොයාගෙන ආවේ කෙල්ල ඉශ්ගෙ ගෙදර කෙල්ලගෙ ෆෝන් එක දාලා ඇවිත් තිබ්බ නිසා... කෙල්ල ගේ ඇතුළට යනවා දැක්ක නිසා කාශ් බලන් හිටියේ ඇතුළට යනවද නැද්ද කියලා හිතාගන්න බැරුව....ටිකක් වෙලා බලන් ඉද්දි ගෙදරින් එළියට ආපු කෙල්ල ඔහෙ පාර දිගේ පහළට ගියේ කාශ් ෆෝන් එකත් අරන් කෙල්ල පස්සෙන් යද්දි....



කෙල්ල ටිකක් දුර පාරෙ ඇවිදන් ගියෙ පුළුවන් තරම් දුක හිතේ හිර කරගෙන.... බැරිම තැන කෙල්ල පාරෙ බිම ඉදගෙන දණිස් දෙක උඩින් අත් දෙක තියාගෙන අඩන්න ගත්තෙ කාශ් මුකුත් හිතාගන්න බැරුව කෙල්ල දිහා බලන් ඉද්දි..... කාශ් ආවේ කෙල්ලට පිටිපස්සෙන් නිසා කෙල්ල කාශ්ව දැක්කෙ නෑ....



පැය භාගයක් විතර කෙල්ල අඬන්න ඇති...කාශ් ඈත් ඉදන්ම කෙල්ල දිහා බලන් හිටියේ ළඟට ගිහින් කෙල්ලව අපහසුතාවෙට පත් කරන්න ඕනෙ නැති නිසා... කෙල්ල අඬනවා බලන් ඉන්න බැරිම තැන කාශ් බිම බලාගත්තෙ උදේ හම්බෙලා කෙල්ල එක්ක වචනයක් කතා කරපු තමන්ට කෙල්ල වෙනුවෙන් දෙයක් කියන්නවත් කරන්නවත් පුළුවන් කමක් නැති නිසා....




විරාමයක්...🕊️



ඊළග දිගහැරුමෙන් නැවත හමුවෙමු....💕



බුදු සරණයි 🌸





Report Page