꙳♡ мr.gυapo ♡꙳

꙳♡ мr.gυapo ♡꙳

පබා ලියනගේ﹏✍
เ ƒεℓℓ ƒσ૨ ყσµ αɳ∂ เ αɱ รƭเℓℓ ƒαℓℓเɳɠ・❥・


(අවසරයකින් තොරව උපුටා ගැනීම තහනම්..) 🚫



පළමු දිගහැරුම....





"මේ හරියේ වාහන වැඩිය නෑනේ...පොඩ්ඩක් දියන්කො බන්...බය වෙන්න එපා මන් ගාණට අරන් යන්නම්...."




චබී කියපු දේ ඇහුන් නෑ වගේ ඉශ් කාර් එක ඩ්‍රයිව් කරන් ගියේ වටපිටවත් බලන් නැතුව......




"මචන් ඉශ්...මේ පාරෙ විතරයි බන්...ටවුන් එකට දැම්මම උබට ආපහු දෙන්නම්..."




පොඩි ළමයෙක් වගේ ආයෙ ආයෙත් එකම දෙ කිය කිය නහයෙන් අඬන චබී දිහා ඇස් විතරක් හරවලා බලපු ඉශ් ආයෙත් ඉස්සරහ බලන් ඩ්‍රයිව් කරන්න ගත්තෙ චබීගෙ සියළු බලාපොරොත්තු එක බැල්මකින් විනාස කරලා......




"යකෝ මූ නිකන් අර එක වසරට අද ඇවිල්ලා හෙට කැම්පස් එකෙන් උපාධිය ගන්න යනවා වගේනේ බන්... අනේ නිකන් කටවහන් ඉදපන් චබියෝ...උබ ඊයෙ ඉස්සෙල්ලාම කාර් එකක් ගේ ඉස්සරහ, ඉස්සරහටයි පස්සටයි ඩ්‍රයිව් කරපු පළියට මෙහෙම පාරෙ ඩ්‍රයිව් කරන්න බෑ අලියෝ... තේරුම් ගනින්..... උබට මැරෙන එක අව්ලක් නැති උනාට මටයි මූටයි දැම්ම මැරෙන්න බෑ... මන් තාම බැඳලත් නෑ..."




පිටිපස්සෙ ශීට් එකේ වාඩි වෙලා හිටපු කාශ් කිව්වෙ ඉස්සරහ ශීට් එකෙ හිටපු චබියගෙ ඔලුවටත් එකක් ගහලා......




"අනේ යකෝ...මේ පාරෙ වාහන නෑ මේ බලපන්කො...වාහන තියා බල්ලෙක්වත් නෑ... ඉශ්.... මයෙ මැණික...දියන්කො බන්..."



සුක්කානමට තියාගෙන හිටපු ඉශ්ගෙ අතත් අල්ලන ගමන් චබී කිව්වේ කාශ් අතින් කටවහන් හිනා වෙද්දි...



"ඔන්න ඔහේ දිපන් ඉශ්... නැත්තම් මේකා ඕක අවුරුද්දක්වත් කියවයි..."



කාශ්ගෙ වචනෙට ඉශ් කාර් එක පාරෙ අයිනකට කරලා නැවැත්තුවේ චබී නිකන් අම්මා කෙනෙක්ගෙන් සෙල්ලම් බඩුවක් ඉල්ලලා අඬපු පොඩි ළමයෙක්ට සෙල්ලම් බඩුවක් අරන් දුන්නම උඩ පනින සතුටින් වගේ උඩ පැන පැන කාර් එකෙන් බැහැලා ඩ්‍රයිවින් ශීට් එකට යද්දි...



ඉශ් ඉස්සරහ අනිත් ශීට් එකෙන් වාඩිවෙලා ජනේලෙන් අහක බලන් හිටියේ "ඕන මඟුලක් කරගත්තදෙන්" කියලා හිතන ගමන් .....



පාරේ වහන වැඩිය නැති නිසා චබී බය නැතුව කාර් එක ඩ්‍රයිව් කරත් පාරෙ ඉස්සරහට වෙන්න නවත්තලා තිබ්බ ස්කූටි එක දැකලා බය වෙන්න ගත්තෙ වාහනයක් පාරෙ ඩ්‍රයිව් කරන පළවෙනි දවස නිසා...



කාශ් හිටියේ ෆෝන් එක දිහා බලන් වගේම ඉශ් හිටියේ ජනෙලෙන් එළිය බලන් නිසා මේ දෙන්නාගෙන් එක්කෙනෙක්වත් ස්කූටියනම් දැක්කෙ නෑ... බය උන චබිය ස්කූටි එක දැකලා ඇස් දෙක පියාගත්තෙ කාර් එකේ බොනට් එක ගිහින් ස්කූටි එකෙ වැදිලා ස්කූටිය පෙරලෙද්දි ...



ඉශ් වගේම කාශ් ගැස්සිලා බැලුවේ මොකද්ද උනේ කියලා...වෙලා තියන වින්නැහියයි ඇස් පියන් ඉන්න චබියා දිහයි බලපු ඉශ්, කාශ් දිහා බලලා සැරට රැව්වෙ "දැන් හරිද අමාරුව" අහන්න වගේ..




"ඉතින් යකෝ මන් යැයි ඩ්‍රයිව් කරේ මූ නේ..."




ඉශ් ගෙ බැල්ම තේරුන නිසා කාශ් කිව්වේ උරහිසත් අකුලලා අත් දෙකෙන්ම චබීව පෙන්නන ගමන් ...




"බැහැපන් දැන්...බූරුවා..."



චබීගෙ ඔලුවටත් එකක් ගහලා කාර් එකෙන් බහින ගමන් කාශ් කිව්වේ චබීත් බයේ වෙව්ලන ගමන් කාර් එකෙන් බහිද්දි....




"අඩො...ඉවරයි ස්කූටි එක... කොහෙද දන් නෑ අයිතිකාරයා... හැබැයි චබියො කෙල්ලෙක් උනොත් උබෙ ලෝම ගස් ටිකත් ගලවයි... "




වටපිට බලන් ගමන් කාශ් කිව්වේ ස්කූටියට වෙලා තියන දේ දැක්කම අයිතිකාරයා චබියව පණපිටින් ඉතුරු කරයිද කියලා සාධාරණ සැකෙන්....




"මේ ශොප් එකට යන්න ඇත්තෙ...ඇතුළට ගිහින් කතා කරමු..."



ඉස්සරහ තිබ්බ මල් කඩේ දිහා බලපු කාශ් කිව්වේ චබියවත් ඇදන් ඒ පැත්තට යන ගමන්... ඉශ් කාර් එකෙන් එළියට බැහැලා බැලුවේ කාර් එකට ඩැමේජ් වෙලාද කියලා... බොනට් එකෙ පොඩි හීරිම්ක් වෙලා තියනවා දැක්කම කොල්ලා හිල්ලුම් සුසුමක් නිදහස් කරෙ කාර් එකට පණ වගේ ආදරේ නිසා...




"එක්ස්කියුස් මී... ඉස්සරහ නවත්තලා තිබ්බ ස්කූටි එක කාගෙද..."



මල් කඩේ මල් වගයක් බලන ගමන් හිටපු කෙනෙක්ගෙන් කාශ් ඇහුවේ චබී තාමත් මුකුත් හිතාගන්න බැරුව බයවෙලා බලන් ඉද්දි........




"අහ්...අර ඉන්න ගර්ල්ගෙ..."




එතන හිටපු කෙනා ටිකක් ඉස්සරහින් පිටුපාලා ඉන්න ගෑණු ළමයෙක්ව පෙන්නුවේ කාශ් වගෙම චබිත් ඒ පැත්ත බලද්දි....




"උබ ඉවරයි මයෙ අම්මා... කෙල්ලෙක්..."



කාශ් චබියගෙ ඔලුවත් අතගාලා ඒ කෙල්ල ගාවට ඇවිදන් ගියේ බය වෙලා ඉන්න චබියට දාඩියකුත් දාද්දි....




"එක්ස්කියුස් මී..."



කාශ් කතා කරාම ඒ කෙල්ල හැරිලා බැලුවම කාශ්ට කතා කරගන්නත් අමතක උනා....



ඉනට ටිකක් උඩට තිබ්බ මුහුදු රැලි හැඩේ කොණ්ඩෙ , පීච් පාට හම , දුබුරු ඇස් , ලා රෝස පාට තොල්, ඇත්තටම ඒ රූපෙ දෙවියො නිවීහැනහිල්ලෙ මවපු රූපයක් කියලයි කාශ්ට හිතුනේ.....



"කියන්න..."



කාශ් කතා කරත් කිසිම දෙයක් නොකියපු නිසා ඒ ගෑණු ළමයා ඇහුවේ චබීයත් කාශ් දිහා බලද්දි...



"මූගෙ ආච්චිට..."



කෙල්ල දිහා ගල් ගැහිලා බලන් හිටපු කාශ්ව දැක්ක චබි හිතුවෙ අතත් මිටමොලවන්...



"මේ මේකයි...අර ඉස්සරහ නවත්තලා තියෙන්නෙ ඔයාගෙ ස්කූටි එකද..."



චබී ඇහුවෙ බයෙන් බයෙන්...



"අහ් ඔව්..... මොකක්හරි ප්‍රශ්නයක්ද..."



අතේ තියන් හිටපු මල් කිනිති ටික එතනම තිබ්බ ටේබල් එකක් උඩින් තියන ගමන් ඒ ගෑණු ළමයා ඇහුවේ ඒ පැත්තට යන ගමන්...



චබී මුකුත් නොකියා කාශ්වත් ඇදන් කෙල්ල පස්සෙ ගියේ කියනවට වඩා දකින එක හොඳයි නිසා...


කෙල්ල අත් දෙකත් පිහද පිහද ඉස්සරහට යද්දි බයික් එකට වෙලා තියන දේ දැක්ක අත්දෙකෙන්ම කට වහන් හිල්ලුවේ චබී ඇස් දෙක පියාගද්දි....



"ඒ හූල්ලපු පාරටනම් මාවත් ඇදිලා ගියාද කොහෙදො..."



චබී හිතුවේ එච්චර සද්දෙට කෙල්ල හූල්ලපු නිසා....



"තමුසේගෙ ඇස් පේන් නැද්ද මිනිහෝ..."



කෙල්ල සද්දෙන් ඇහුවේ කෙල්ලගෙ ස්කූටි එකට එච්චර විනාසයක් වෙලා තියෙද්දිත් ඉශ් තමන්ගෙ කාර් එකට වෙච්ච හීරිම දිහා බලාගෙන ඉන්නවා දැක්කම තවත් කේන්ති ගියපු නිසා...



ඉශ් කනටත් අත තියාගෙන අඩියකුත් පස්සට ගත්තෙ කෙල්ලගෙ සද්දෙ හරියට කනට ගැහුවා වගේ දැනුන නිසා... මෙච්චර වෙලා කෙල්ල දිහා සම වැදිලා වගේ බලන් හිටපු කාශුත් කෙල්ලගෙ කටේ සද්දෙට ගැස්සිලා බැලුවේ පුදුමෙන්......




"මගෙ අම්මො බන්... මූණ සුරංගනාවියක්ගෙ වගේ උනාට කටනම් යක්ශනියකට එහාද කොහෙදො..."




මෙච්චර වෙලා සද්ද නැතුව හිටපු කාශ් කිව්වේ චබී කටත් ඇබුල් කරන් අඬන්න වගේ කාශ් දිහා බලද්දි...





"දෙයියනේ... තමුසේ කොහෙ බලන්ද ඩ්‍රයිව් කරේ...පාර අයිනෙ නවත්තලා තිබ්බ ස්කූටි එකේ ගෙන්නලා තමුසේගෙ දඬු මොණරෙ හැප්පුවේ මාත් එක්ක මොකක්හරි තරහක්වත් තිබ්බද... මොලේ හොද නැද්ද මනුස්සයෝ..."




ස්කූටි එක වටේ වටයක් කැරකිලා බලන ගමන් කෙල්ල බැනගෙන බැනගෙන ගියේ ඉශ්ට...මොකද කාර් එක ගාව ඉශ් හිටපු නිසා කෙල්ලට හිතුනේ ඉශ් අතින් ඇක්සිඩන්ට් වෙන්නැති කියලා.. මෙච්චර වෙලා කාර් එක දිහා බලන් හිටපු ඉශ් ඇස් හරවලා කෙල්ල දිහා බැලුවෙ ඒ ඇස් දැකලා කෙල්ල තප්පරේකට නිහඬ වෙද්දි....



කෙල්ලගෙ මුළු ඇඟම සීතල වෙලා ගියේ ඒ බැල්මට...අවංකවම කෙල්ල බය උනා...ඒ ඇස් ඒතරම් නපුරුයි...නෑ...නපුරු නෙමෙයි...ඒක වෙනම දෙයක්... කෙල්ලගෙ තොල කට පවා වේලිලා ගියා... කෙල්ලට දැනුනේ ඉශ් එක බැල්මකින් කෙල්ලව ගිනි තියලා අළු කරලා දැම්මා වගේ හැඟීමක්...


ඉශ්ගෙ ශර්ට් එකෙ ඕපන් වෙලා තිබ්බ උඩ බොත්තම් දෙක අතරින් කෙල්ලගෙ ඇස් ඒ නිරුවත් පපුවට දිව්වේ පපුව පුරාම ටෑටු එකකින් හැඩ වෙලා තිබ්බ නිසා... සම්පූර්ණ කොණ්ඩෙ පිටිපස්සට එකතු කරලා බෑන්ඩ් එකක් දාලායි ඉශ් හිටියේ......ඉශ් කොච්චර කඩවසම් උනත් ඒ ඇස් වල තිබ්බ අමුතුම බැල්ම නිසා ඒ තරම් වෙලාවක් කෙල්ලට ඉශ් දිහා බලන් ඉන්න බැරි උනා... පුළුවන් ඉක්මනට කෙල්ල ඇස් දෙක ඉශ්ගෙන් අහකට ගත්තෙ තමන්ගෙම අත් තද කරලා අල්ලන්...




"මේ එයා අතින් නෙමෙයි ඇක්සිඩන්ට් උනේ...මෙන්න මු අතින්....."




ඉශ් ගැන හොඳටම දන්න නිසා කාශ් කිව්වේ චබීව පෙන්නන ගමන්... චබී ඉක්මනට බිම බලාගත්තෙ ඉශ්ගෙ බැල්මට බයවෙලා හිටපු කෙල්ල ඇස් විතරක් හරවලා චබී දිහා බලද්දි...




තවත් මුකුත් කියන්නවත් එතන ඉන්නවත් හිතුන් නැති නිසා කෙල්ල පෙරලිලා තිබ්බ ස්කූටි ටික උස්සන්න ට්‍රයි කරද්දි කාශ් ඇවිත් කෙල්ලට උදව් කරේ කෙල්ල කාශ්ට ස්තූති කරලා බයික් එක ස්ටාට් වෙනවද බලද්දි....

ම්හ්...බයික් එක ස්ටාට් වෙන් නෑ...කෙල්ල රවලා බැලුවේ චබී දිහා...



"පාර අයිනෙ නවත්තලා තිබ්බ වාහනේ හැප්පුවේ තමුසේ ඩ්‍රයිවින් දන් නැද්ද... බලනවාකො සටාට් වෙන්නෙවත් නෑ... දන් මේක හදාගන්න කීයක් යයිද මට... තමුසේලා වගේ සල්ලිකාරයොන්ට තේරෙනවද ඉතින් සල්ලිවල අගයක්..."



කෙල්ල අන්තිම කෑල්ලනම් කිව්වේ ඉශ්ටත් එක්ක... ඉශ් ඇස් හීනි කරලා කෙල්ල දිහා බැලුවේ ඒක කිව්වේ තමන්ටත් එක්ක කියලා තේරුන නිසා...



"හදාගන්න යන ගාන මන් දෙන්නම්..."



චබී එහෙම කියාගෙන කෙල්ල ළඟට එන්න අඩි දෙක තුනක් ඉස්සරහට ආවේ බයෙන් බයෙන්...




"දෙන්න වෙනවා තමා...තමුසේනෙ හැප්පුවේ..."



කෙල්ල එහෙම කියාගෙන ඉනටත් අත් දෙක තියන් චබි ළඟට එන්න හදද්දි චබී ඉස්සරහට තියපු අඩි දෙක තුන ආපස්සට තියලා පස්සට ගියේ කෙල්ලගෙන් ගුටි කන්න වෙයි කියලා බයේ...




"හරි ඉතින්...බෑ කිව්වෙ නෑනෙ..."



චබී එහෙම කියාගෙන සාක්කුවේන් පර්ස් එක ගද්දි කෙල්ල පර්ස් එක උදුරාලා ගත්තෙ කාශ් වගේම ඉශ් ත් කෙල්ල දිහා උනන්දුවෙන් බලන් ඉද්දි...

චබීගෙ පර්ස් එකෙන් චබියාගෙ අයිඩී එක ගත්ත කෙල්ල හරහට දාගෙන හිටපු බෑග් එකෙන් කොලේකුයි පෑනකුයි අරගෙන මොකක්හරි දෙයක් ලියලා ස්කූටි එකේ යතුරයි චබීගෙ පර්ස් එකයි ඒ කොල කෑලයි චබී අතට දුන්නෙ චබි මුකුත් හිතාගන්න බැරුව කෙල්ල දිහා බලන් ඉද්දි...



"ඔය තියෙන්නෙ මගෙ ඇඩ්‍රස් එක... බයික් එක හදලා ඔය ඇඩ්‍රස් එකට ගෙනත් දෙන්න..."




කෙල්ල එහෙම කියලා ස්කූටි එක දිහා බලලා යන්න හැදුවත් ආයෙ හැරිලා බැලුවේ චබීගෙ කටහඬට...




"මගෙ අයිඩී එක...."



චබී ඇහුවේ අඬන්න වගේ මූණත් හදාගෙන....



"බයික් එක හදලා ගෙනත් දුන්නම දෙන්නම්... එතකන් මන් ළඟ පරිස්සමෙන් තියාගන්නම් බය වෙන්න එපා..."




එහෙම කියල කෙල්ල එතනින් ගියේ කාශ් බිම බලන් හිනාවෙද්දි....



විරාමයක්...🕊️


ඊළග දිගහැරුමෙන් නැවත හමුවෙමු 💕


බුදු සරණයි 🌸



ඔන්න ළමයි මගෙ අලුත් කතාව... මන් මේ කතාව චරිත හැඳින්වීමක් ගේන්නෙ නෑ... මේ ඉන්න චරිත ටික තමා මේ මුළු කතාවෙම ඉන්නෙ... බඩ බෝල කොට චබිය , කටකාර හැඩකාර මනමාලයා කාශ් , එතකොට අමුත බය හිතෙන බැල්මක් තියන සයිලන්ට් ඉශ් , නමක් නොදන්න ස්කූටි කෙල්ල... ඉතින් මේ තමයි මෙ කතාවෙ චරිත.... එක එක්කෙනා ගැන වෙනම වෙනම හඳුන්වන්නම් කතාව ඇතුලෙම...පළවෙනි කොටස කොහොමද කියාගෙන යමු ළමයි... ඉතින් මන් හිතනවා මගේ කතා කියවන ඔයාලා හැමොම කලින් කතාවලට වගේම මේ කතාවටත් ආදරේ කරලා කතාව ඉවර වෙනකන් කතාව එක්ක ඉදී කියලා..🤍


ඉශ් 🕊️



ස්කූටි කෙල්ල 🤍


කාශ් 🌙


චබී 🌚





Report Page