♡ мr.gυapo ♡

♡ мr.gυapo ♡

පබා ලියනගේ﹏✍
เ ƒεℓℓ ƒσ૨ ყσµ αɳ∂ เ αɱ รƭเℓℓ ƒαℓℓเɳɠ・❥・


(අවසරයකින් තොරව උපුටා ගැනීම තහනම්..) 🚫


පෙර කොටස.....🤍


https://telegra.ph/mrgυapo-03-30



විසිහත්වන  දිගහැරුම....



විනාඩි  දහයකට විතර පස්සෙ හිමනුත් මේ හතර දෙනාට එකතු උනේ කට්ටියම එකතු වෙලා චබීගෙ ප්ලෑන් එකට ලෑස්ති වෙද්දි.... 




...................................................................................................................................................................................................... 




"හොඳට මතක තියාගන්න... එක බැල්මකින්වත් කාශ්ට වෙනසක් දැනෙන්න බෑ... එක බැල්මකින්වත් බෑ...තේරුනානේ..."




පැය ගාණක් දිග කතා බහක අවසානයක් විදිහට චබී බෑරෑරුම් විදිහට ගොඩක් තදින්ම කිව්වේ අනිත් හතර දෙනාම තේරුනා කියන්න ඔලුව වනද්දි....





"හම්ම්...හෙට ඉදන් වැඩ පටන් ගමු...අපිව බේරගන්න වෙන්නෙ අපිටම තමයි..."




චබී කිව්වේ ඉශ්ගෙ උරහිසට තට්ටුවකුත් දාලා...




......................................................................................................................................................................................................  



ඉශ් කෙල්ලත් එක්ක ගෙදර ගියේ කෙල්ලට කෙනුල්වත් බලන්න ඕනේ කියපු නිසා....ගේට් එකෙන් කාර් එක දාද්දි කාශ් ගාඩ්න් එකට වෙලා ඉන්නවා දැක්කම කෙල්ලගෙ අතමිට මෙලවුනේ කේන්තියට.....




"චබී කිව්ව දේ මතකනේ...එක බැලමකින්වත් මූට වෙනසක් දැන්න දෙන්න බෑ..."




ඉශ් කිව්වේ කෙල්ල ඉන්නෙ කේන්තියෙන් කියලා දන්න නිසා.... ලොකු හුස්මකින් පපුව පුරවගත්ත කෙල්ල කේන්තිය අමතක කරලා මූණට ලා හිනාවක් ඈදගත්තෙ මේ වෙලාවේ චබී කියපු  විදිහට වැඩ කරන්න ඕනි නිසා..... 





කෙල්ලයි ඉශුයි කාර් එකෙන් බැහැලා කාශ් ඉන්න තැනින් ගියේ වෙනසක් නොකර කාශ් එක්ක කතා කරන්න....



කෙල්ල කාශ් ළඟින් වාඩි වෙලා උරහිසට තට්ටුවක් දැම්මෙ කාශ් චබී නැති උනා කියලා හිතන් ඉන්න නිසා දුකින් වගේ රගපාන හින්දා.....ඉශුත් එතනින්ම වාඩි වෙලා දිග හුස්මක් පහළට දැම්මෙ ඉන්නෙ දුකෙන් කියලා දනවන්න වගේ...




..................................................................................................................

 



තප්පර විනාඩි විදිහට පැයක්ම ගත වෙලා ගියේ කාශ්ට වෙනසක් නොදෙන්න ඕන නිසා කෙල්ලයි ඉශුයි කාශ් එක්ක කතා කර කර ඉද්දි....  ටිකකින් කෙල්ල එතනින් නැඟිටලා ඇතුළට ගියේ කෙනුල්ව බලන්න.... ඉශුත් ටිකක් වෙලා කාශ් එක්ක ඉදලා ඇතුළට ගියේ කාශ්ගෙ රගපෑම ගැන හිතන ගමන් තනියෙන් හිනාවෙවී....




...................................................................................................................................................................................................... 



කෙල්ල ටිකක් රෑ වෙනකන්ම ඉශ්ගෙ ගෙදර හිටියේ මේ දවස් ටිකේ වැඩත් එක්ක කෙනුල්ව මග ඇරුන නිසා.... ඉශ් කෙල්ලව ඩ්‍රොප් කරන්න හැදුවත් කෙල්ල කැබ් එකක් දාගත්තෙ ඉශ්ට කරදර කරන්න හිතුන් නැති නිසා...




කැබ් එකේ එනගමනුත් කෙල්ල කල්පනා කරේ හීනෙකිවත් හිතුව නැති මේ වෙලා තියන දේ ගැන...



ගෙදරට කිට්ටු වෙනවත් එක්කම කැබ් එකේ ඩ්‍රයිවර් එකපාරම හයියෙන් බ්‍රේක් එකක් ගැහුවේ කෙල්ල ගිහින් ඉස්සහර ශීට් එකේ වැදිලා නතර වෙද්දි... කල්පනාවෙන් මිදුන කෙල්ල ඔලුවත් අල්ලන් පස්සට වෙලා ඩ්‍රයිවර් දිහා බැලුවේ මොකද උනේ කියලා....ඩ්‍රයිවර් බය වෙලා වගේ ඉස්සරහ බලන් ඉන්න විදිහ දැක්කම කෙල්ල ඉක්මනට ඔලුව උස්සලා ඉස්සරහ බැලුවේ ඇයි කියලා..... කවුරු හරි ඉස්සරහ හිටන් ඉන්නවා දැක්කම කෙල්ල කැබ් එකෙන් බැහැලා බලන්න හැදුවත් නතර උනේ ඩ්‍රයිවර්ගෙ කටහඩට.... 




"මැඩම් ඒ මනුස්සයා අතේ ගන් එකක් තියනවා...."




ඩ්‍රයිවර්ගෙ කතාවට මුළු ඇඟම හිරිවැටිලා ගියපු කෙල්ල හිටි තැන් ගල් උනේ මුකුත් හිතාගන්න බැරුව.....




"Are you serious.."



කෙල්ල ඇහුවේ මුකුත් හිතාගන්න බැරුව....




"ඔව් මැඩම්... මැඩම් ඉක්මනට පොලිසියට කෝල් කරන්න...මන් බැහැලා ඒ මනුස්සයා එක්ක කතා කරන්න බලන්නම්..."



 

එහෙම කියාගෙන ඩ්‍රයිවර් කාර් එකෙන් බැහැලා ඉස්සරහට ගියේ කෙල්ල බෑග් එකෙන් ෆෝන් එක හොයලා අරන් 11 ඉලක්කම් දෙක ට්‍රයිප් කරද්දිම ඇහුන වෙඩි හඩ කෙල්ලගෙ කන්වල දෝංකාර දෙන්න ගත්තෙ බය උන කෙල්ල හිමින් හිමින් ඇස් උස්සලා ඉස්සරහ බලද්දි....



ඩ්‍රයිවර් බිම ඇදෙගෙන වැටුන විදිහත් තුවක්කුවත් අතේ තියන් ඉන්න මනුස්සයත් දැක්ක කෙල්ලට ඉබේටම ඇඩුනේ කරන්නෙ මොකද්ද කියලා හිතාගන්න බැරුව.... කදුළු අතරින් කෙල්ල පුලුවන් ඉක්මනට කාර් එක ලොක් කරගන්න හැදුවත් ඉස්සර උන ඒ මනුස්සයා කාර් එකේ දොර ඇරල කෙල්ලව එළියට ඇදලා ගත්තෙ කෙල්ලට හිතන්නවත් වෙලාවක් නොදී...  ඒ එක්කම මොකක්හරි දේකින් කෙල්ලගෙ නහය තදවෙද්දි ටික

ටික සේරම බොද වෙලා ගියෙ කෙල්ලට සිහිය නැතුව යද්දි.....



විරාමයක්....🍃


ඊළඟ දිගහැරුමෙන් නැවත හමුවෙමු...🌼



බුදු සරණයි ❤️



Report Page