꙳♡ мr.gυapo ♡꙳

꙳♡ мr.gυapo ♡꙳

පබා ලියනගේ﹏✍
เ ƒεℓℓ ƒσ૨ ყσµ αɳ∂ เ αɱ รƭเℓℓ ƒαℓℓเɳɠ・❥・



(අවසරයකින් තොරව උපුටා ගැනීම තහනම්..) 🚫



පෙර කොටස.....🤍

https://telegra.ph/mrgυapo-12-30


දාහතරවන දිගහැරුම....


එහෙම්ම ඇද දිහා බලපු කෙල්ලගෙ ඇහ ගැටුනේ ෆෝන් එක නිසා ෆෝන් එක අතට ගත්ත කෙල්ල ඉශ්ගෙ නම්බර් එකට කෝල් කරේ වෙන්න යන දේ ගැන කියන්න....

කෝල් එක එක පාරක් රින්ග් වෙද්දි කෙල්ල කෝල් එක කට් කරේ එක පාරම ඔලුවට ආපු දේ නිසා....



"පිස්සුද ආරොහි ඔයාට.... ඉශ්ගෙ හිතේ මොනවගේ දෙයක් තියනවද කියලා ඔයා හරියටම දන්නෙත් නැතුව මේ වගේ ප්‍රශ්නයක් ඉශ් එක්ක කතා කරන්න හදන්නෙ..."



කෙල්ල හිතින් තමන්ටම බැන ගත්තෙ කරන්න ගියේ මෝඩ වැඩක් කියලා හිතුන නිසා... කෙල්ල එහෙම්මම ඇදට වැටුනේ කරන්නෙ මොනාද කියලා හිතාගන්න බැරුව...වෙනදා ප්‍රශ්නයක් ආවාම කතා කරන්නෙ නේහා එක්ක...ඒත් මේක නේහා ඇති කරපු ප්‍රශ්නයක් නිසා කා එක්ක කරන්නද කියලා හිතාගන්න බැරුව කෙල්ල කල්පනා කර කර ඉද්දි කෝල් එකක් ආපු නිසා ෆෝන් එක දිහා බැලුවේ කවුද බලන්න...




"කියන්න කාශ්...."




ඒ කාශ්...කෙල්ල කෝල් එක ආන්ස්වර් කරලා ස්පීකර් දාලා ඇද උඩින්ම තිබ්බෙ මේ වෙලාවේ කා එක්කවත් කතා කරන්න මූඩ් එකක් තිබ්බෙ නැති නිසා...




"මන් ඔයාලගෙ ගේ ඉස්සරහ ඉන්නෙ... පොඩ්ඩක් කතා කරමුද..."



මූණත් බෙරි කරන් හිටපු කෙල්ල එක පාර පුදුම උනේ කාශ්ගෙ කතාවට...කාශ් ගේ ඉස්සරහ ඇති කියලා කෙල්ලට හීනේකින්වත් හිතුන් නෑ..ඇදෙන් බැස්ස කෙල්ල ෆෝන් එකත් අතට අරන් එළියට දිව්වේ මෙච්චර රෑ වෙලා කාශ් මොකද එතන කරන්නෙ කියලා හිතාගන්න බැරුව....




"සොරි මේ වෙලාවෙ කරදර කරනවට..."



දුවගෙන ආපු කෙල්ල දිහා බලන් කාශ් කිව්වේ ඔලුවත් කස කස..



"නෑ කියන්න...මොකක්හරි ප්‍රශ්නයක්ද... කෙනුල් හොඳින්ද...ඉශ් චබී කාටවත් ප්‍රශ්නයක් නෑනේ...."



කෙල්ල ඇහුවේ මේ වෙලාවෙ කාශ් ආවෙ ඇයි කියලා හිතාගන්න බැරි උන නිසා...




"හම්ම්...ඒ හැමෝම හොඳින්...ඒත් මන් හොඳින් නෙමෙයි...තවත් මෙහෙම හිටියොත් මට මොනා වෙයිද කියලා හිතාගන්න් බැරි නිසා ඔයාව හොයන් ආවේ..."




ඒ වචන ටික කියද්දි කාශ්ගෙ ඇස්වල කදුළු...කෙල්ල පුදුම වෙලා කාශ් දිහා බලන් හිටියේ මුකුත් හිතාගන්න බැරුව...



"මේ පාර රෑට හරි නිදහස් නේද....වාහන යන්නෙත් නෑ මිනිස්සුත් නෑ..."




කදුළු පිහදගත්ත කාශ් හිනාවෙලා කිව්වේ කෙල්ලගෙ ගෙදරට එන පාර පෙන්නන ගමන්...




"අහ්...ඔව්... අපි ඉස්සරහට ඇවිදන් යන්... "



මෙච්චර වෙලා ගල් ගැහිලා වගේ කාශ් දිහා බලන් හිටපු කෙල්ල පියවි සිහියට ඇවිත් හිනාවෙලා කිව්වේ දෙන්නා එක්ක පාර ඉස්සරහට ඇවිදන් යද්දි....



"මන් එදා ඔයාට කිව්වා මතකද...අපි පේන තරම් සතුටින් නෙමෙයි ඉන්නෙ කියලා..ඉශ්ගෙ කතාවනම් මේ වෙද්දි ඉශ් ඔයාට කියන්න ඇති..."



කාශ් කිව්වෙ කෙල්ල දිහා බලන්...කෙල්ල ඔව් කියන්න වගේ ඔලුව වැනුවේ ඉශ් හිනාවෙලා බිම බලාගද්දි....




"මන් ගැන චබී මොනාහරි ඔයාට කිව්වද..."



කාශ් ඇහුවේ කෙල්ල තමන් ගැන මොනාහරි දන්නවා කියලා තෙරුන නිසා...කෙල්ල ඇහිපිල්ලම් ගොඩක් ගහලා අහක බලාගත්තෙ චබී දවසක් කාශ් ගැන කියපු දේවල් මතක් උන නිසා..



......................................................................................................................................................................................................


දින කිහිපයකට පෙර....🤍




කෙල්ල ඔෆිස් රූම් එක ඇතුළෙ එහෙට මෙහට ඇවිද ඇවිද හිටියේ අලුතෙන් ඇවිල්ලා තිබ්බ කන්ට්‍රැක්ට් එක කියවන ගමන්...කාශ් රූම් එක ඇතුළට ඇවිත් ෆයිල් වගයක් අරන් එළියට ගියේ ඉශුත් ඒ පස්සෙන් එළියට යද්දි....




රූම් එකේ හිටියේ කෙල්ලයි චබී විතරයි...කෙල්ල කන්ට්‍රැක්ට් එක බලලා ඉවර කරලා ටේබල් එකෙන් ඉදගත්තෙ දිග හුස්මකුත් පහළට දාලා...




"ඇයි මේ පාර කන්ට්‍රැක්ට් එක අව්ල් වගෙද...."




චබී ඇහුවේ කෙල්ල දිහා බලන්...




"ඔව්... මට හිතාගන්න බැරි මන් එන්න කලින් කාශ් කොහොමද මෙවා කියවලා හරියට ගාණට හැන්ඩ්ල් කරේ කියලා..ඩිසයිනින් එක විතරයිනෙ කලින් හිටපු ඩිසයිනර් කරේ...අනිත් හැමදේම කාශ්නෙ කරේ...ඒ අතින් බලද්දි කාශ් මල්ටි ටැලන්ට්ටඩ්..."




කෙල්ල කිව්වේ ෆයිල් එකේම ඇස් තියන්...




"හුම්ම්...කාශ් හැමදෙටම දක්ශයි...ස්කූල් යන කාලේ ඉදන් කාශ් එහෙමයි..."




චබී කිව්වේ බිම බලන් හිනාවෙන ගමන්...කෙල්ල ඇස් උස්සලා චබී දිහා බැලුවේ චබී මොකක්හරි කියන්න ලෑස්ති වෙන්නෙ කියලා තේරුන නිසා..





"කාශුයි මායි ප්‍රිස්කූල් යන කාලෙ ඉදන්ම යාළුවෝ....ඉශ්ව සෙට් උනේ එක වසරෙන්... ඉස්සරහ අපි තුන් දෙනාගෙන් ගොඩක් වෙලාවට මූඩ් අප්ශට් යන්නෙ මගෙ... මොකද කාශ්ටයි ඉශ්‍ටයි දෙන්නටම අම්මලා තාත්තලා හිටියට මට නෑ...මන් ප්‍රිස්කූල් යද්දි අම්මයි තාත්තයි අක්කයි අයියයි හතර දෙනාම ඇක්සිඩන්ට් එකකින් මට නැති උනා...එතකොට චුටී නිසා ලොකුවට නොදැනුනාට පස්සෙ පස්සෙ ලොකුවෙද්දි තේරුනා මන් හොඳටම තනි වෙලා ඉන්නෙ කියලා...අත්තම්මත් නැති උනාම මගේ කියලා කාත් කවුරුත්ම නැති උනා මට...ඊට පස්සෙ තමා ෆෝබියා එක ආවේ....එතකොට මට අවුරුදු දහයයි..."




චබී බිම බලගෙනම කිව්වෙ කෙල්ල මුකුත් නොකියා චබී කියන දේ අහන් ඉද්දි...





"වෙනදට හැමදාම කාශ්ගෙ අම්මයි තාත්තයි දෙන්නම කාශ්ව ස්කූල් ඉවර උනාම එක්කන් යන්න එනවා..අපි හතර වසරට විතර ආවම අම්මා විතරයි ආවේ...ඊට ටික දවසකට පස්සෙ කාශ්ව එක්කන් යන්න ආවෙ කාර් එකෙ ඩ්‍රයිවර් ... ඒත් කාශ්ගෙ මූණෙ කිසිම වෙනසක් තිබ්බෙ නෑ..හිටියා වගේම හිනාවෙලා හිටිය... මන් කාශ්ගෙන් ඉගනගත්ත දෙයක් තමයි මොන ප්‍රශ්නෙ ආවත් හිනාවෙලා ඉන්න එක...කාශ්ගෙ කිසිම වෙනසක් නැති නිසා මන්වත් ඉශ්වත් කාශ්ගෙන් අහන්න ගියෙ නෑ ඇයි අම්මවත් තාත්තවත් දැන් එන්නෙ නැත්තෙ කියල....අපිට ටික ටික තේරෙන වයසට ආවම මන් හිතන්නෙ එතකොට අපි හිටියෙ ඕ ලෙවල් ක්ලාස් එකෙ.... කාශ් අම්මා තාත්තා ගැන මුකුත්ම නොකියද්දි අපි බැරිම තැන ඇහුවා මොකද්ද අව්ල කියලා....එතකොට තමා කිව්වෙ අම්මායි තාත්තායි ඩිවෝස් උනා කියලා ඒකත් අපි හතර වසරෙදි.... අම්මගෙනුයි තාත්තගෙනුයි දෙන්නගෙන් එක්කෙනෙක්වත් කාශ්ව භාරගන්න කැමති වෙලා නෑ... කාශ්ව බලාගත්තෙ ඒ දෙන්නගෙ සල්ලි... සර්වන්ට්ල තමයි කාශ්ව බලාගත්තෙ..."







චබී කිව්වම කෙල්ලගෙ ඇඟ හිරිවැටිලා ගියේ කාශ් හිනාවෙලා ඉන්න විදිහට කාශ්ට එහෙම අතීතයක් තියනවා කියලා හීනෙකින්වත් හිතුන් නැති නිසා ....




"කාශ් කියන්නෙ මහ භයානක මනුස්සයෙක්...කොච්චර අව්ලක් තිබ්බත් ඌ ඒක පෙන්නනෙත් නෑ කියන්නෙත් නැ...ඒ නිසා එදයින් පස්සෙ මායි ඉශුයි දෙන්නා උගෙ පොඩි වෙනසක් දැක්ක ගමන් පන්න පන්න අහනවා මොකක්හරි අව්ලක්ද කියලා....එතකොට කියනවා.."




චබී බිමට හිනාවෙන ගමන් කිව්වේ කෙල්ල හිතුවටත් වඩා ප්‍රශ්න ගොඩක මේ කට්ටිය ඉන්නෙ කියලා කෙල්ලට තේරෙද්දි...







......................................................................................................................................................................................................



වර්තමානය....🤍



"ඔයා කෙනුල් ගැන හොයලා බලන විදිහටම මන් ගැනත් හොයලා බලන්න ගත්තම මට හිතුනා අම්මගෙයි තාත්තාගෙයි ඩිවෝස් එක එයාලගෙන් එක්කෙනෙක්වත් මාව භාරගන්න කැමති උනේ නැති එක ගැන ඔයා දන්නවා කියලා..."



කාශ් හිනාවෙලා කිව්වේ කෙල්ල ඇස් හරවලා කාශ් දිහා බලද්දි..




"හුම්ම්...චබිය කියල වගේ...ඔය බැල්මෙන් කියන්න පුළුවන්..."



කාශ් එහෙම කියලා කෙල්ලගෙ ඔලුවත් අතගාලා ඉස්සරහට ඇවිදන් ගියේ කෙල්ලත් මුකුත් නොකියා කාශ් පස්සෙන් යද්දි....




"එතකොට මට අවුරුදු නමයක් විතර ඇති...එයාල හැමදාම රණ්ඩු උනා...පස්සෙ ඩිවෝස් උනා..අන්තිමට දෙන්නගෙන් එක්කෙනෙක්වත් මට දකින්නවත් හම්බුනේ නෑ... පොඩි කාලේම හුරු උනා කිසිම දෙයක් ගනන් නොගෙන ඉන්න...ඒත් ආරොහි මට දැන් ඒක කරන්න බෑ...."




කාශ් කිව්වෙ නතර වෙලා බිම බලගන්න ගමන්... කෙල්ල මුකුත් නොකියා කාශ්ගෙ උරහිසෙන් අල්ලගත්තෙ කාශ් කියන්න යන්නෙ මොකද්ද කියලා කිසිම අදහසක් නැතුව...



"මන් ඕන තරම් කෙල්ලො පස්සෙ ගිහින් තියනවා..ලස්සන කෙල්ලෙක් දැක්කම කොහොමහරි සෙට් කරගන්නවා...ඒත් මන් දවසක් කෙල්ලෙක්ව දැක්කා...නොහිතපු වෙලාවක නොහිතපු තැනක...මගෙ ජීවිතේ මන් දැක්ක ලස්සනම කෙල්ල එයා..ඒ වෙලේ මට හිතුනේ දෙවියො නිවිසැනසිල්ලෙ මවපු රූපයක් කියලා...ඒ තරම් ලස්සනයි එයා...එ වෙලේ මගෙ හිතට අමුත්තක් දැනුනා කොච්චර කෙල්ලො දැකලා තිබ්බත් එහෙම අමුත්තක් මට දැනිලා නෑ...පස්සෙ නොහිතපු විදිහට එයා මගෙ ජීවිතේට ආවා...ඒ ඉන්නකොට තේරුනා මටත් නොදැනි මන් එයාට ආදරේ කරන්න අරන් කියලා...ඒත් එතකොට මන් පරක්කු වැඩී...එයා වෙන කෙනෙක්ට ආදරේ කරන්න අරන්න...මගෙ ඇස් ඉස්සරහ එයා ඒ කෙනා එක්ක ඉන්නවා..කොච්චර ඉවසලා ගනන් නොගෙන ඉන්න හැදුවත් මට ඉන්න බෑ ආරෝහි...මන් මොකද ඒකට කරන්නෙ..."




බිමට තිබ්බ කාශ්ගෙ රතු උන ඇස් කෙල්ලගෙ ඇස් එක්ක යා උනේ ඒ ඇස් දැකලා කෙල්ලගෙ ඇස්වලත් කදුළු පිරෙද්දි....




"ඕකට එක උත්තරයයි තියෙන්නෙ කාශ්... ඒ ඔයා එයාලව මඟ ඇරලා ඉන්න එක.... දකින්න දකින්න පෑරෙනවා මිසක් කාලයක් යද්දි හුරු වෙලා දුක අඩුවෙන ප්‍රශ්නයක් නෙමෙයි ඕක...ඒ නිසා පුළුවන් තරම් එයාලව මඟ අරින්න...එයාව අමතක වෙන්න පුළුවන් තරමට ඔයාව සතුටින් තියන්න පුළුවන් අය එක්ක ඉන්න... ඔය ප්‍රශ්නෙදි කාටවත් දොස් කියන්න බෑ කාශ්...ඔයාගෙ හිතේ අයිතිකාරයා ඔයා වගේම තමා ඒ හිතේ අයිතිකාරයා එයා ..ඔයාට එයාට ආදරේ කරන එක නවත්තන්න බෑ වගේම තමා එයාට ඒ කෙනාට ආදරේ කරන එක නවත්තන්න බෑ...ඒ නිසා දෙපැත්තට වෙන එක තමා හොඳම උත්තරෙ...එයාව පෙන්නෙවත් නැති තැනකට යන්න..."




කාශ් කියන්නෙ තමන් ගැන කියලා නොදැන කෙල්ල කිව්වේ කශ්ගෙ උරහිසෙනුත් අල්ලන්...කාශ්ගෙ මූණෙ හිනාවක් ඇදුනේ කෙල්ලගෙ කතාවට...




"එක තප්පරේකටවත් එයාව මඟාරින්න බැරි මන් කොහොමද ආරෝහි එයාව පේන්නෙවත් නැති තැනකට යන්නෙ..."



කාශ් කෙල්ලගෙ අතිනුත් අල්ලන් කිව්වෙ බිම බලන්....



"ඔයාගෙ හිත හදාගන්නනම් ඒක කරන්න වෙනවා කාශ්... "



කෙල්ල කිව්වේ කාශ් දිහාම බලන්...



"හිත රිදෙන එක සැපැයි එයාව දකින් නැතුව ඉන්නවට වඩා..."



කාශ් කෙල්ල දිහා බලන් හිනාවෙලා කිව්වෙ කෙල්ල දිග හුස්මක් පහළට දාද්දි......




"ඒක නෙමෙයි...ඔයා මොකක්හරි ප්‍රශ්නෙකද ඉන්නෙ...එහෙන් එද්දි තිබ්බ මූණ නෙමෙ දැන් තියෙන්නෙ..."




කෙල්ල මූණෙ වෙනසක් දැක්ක නිසා කාශ් කිව්වේ කෙල්ල දිහාම බලන්..




"දැනට නෑ...හෙට වෙද්දි කියන්න බෑ..."




කෙල්ල කිව්වේ හිනාවෙලා බිම බලාගන්න ගමන්..



"ආරෝහි..."



ඇහුන කටහඬට කෙල්ලයි කාශුයි දෙන්නම හැරිලා බැලුවේ කවුද කියලා....



විරාමයක්..🤍


ඊළග දිගහැරුමෙන් නැවත හමුවෙමු 💕


බුදු සරණයි 🌸





Report Page