migraine

migraine

ᴸᴵᵀᵀᴸᴱ ˢᴱᶜᴿᴱᵀ•

හිසරදය කියන්නේ අප හැමකෙනෙක්ම වගේ අත්විද තිබෙන දෙයක්. පුද්ගලයන්ට විවිධ විවිධ හිසරද ඇති වෙනවා. ඒ අතරින් ඉතා තදබල හිසරදයක් තමයි මේ migraine කියන්නේ. එදිනෙදා තියන වැඩකටයුතුද අඩාල වන ලෙස දැඩි අපහසුතාවයන් මේ migraine නිසා ඇතිවෙනවා. පිරිමි අයට වඩා කාන්තාවන් අතර තමයි migraine තත්ත්වය තිබෙන්නේ.

අපි මුලින්ම බලමු migraine තත්ත්වයේ ලක්ෂණ (symptoms) මොනවාද කියලා. Migraine පවතින පුද්ගලයකුට අදියර 04ක් යටතේ සාමාන්‍යයෙන් ලක්ෂණ ඇති වෙනවා. ඒ තමයි prodrome stage, aura stage, attack stage සහ අවසාන වශයෙන් postdrome stage. දැන් අපි බලමු ඒ එක් එක් අදියරයන් වලදී පෙන්නුම් කරන ලක්ෂණ මොනවාද කියලා.

Prodrome stage,
⁃ ආහාර වලට දැඩි ආශාවක් ඇතිවීම
⁃ අධික තෙහෙට්ටුව
⁃ නුරුස්සනා බව
⁃ Depression
⁃ බෙල්ලේ තද ගතිය

Aura stage,
⁃ කතා කිරීමේ අපහසුතා
⁃ පෙනීම ආශ්‍රිත ගැටලු
⁃ මුහුණේ, පාද වල, අත් වල, යම් හිරිවැටීමක් ඇතිවීම

Attack stage,
මේ අවදිය තමයි පුද්ගලයාට තදබල පීඩනයක් ගෙන දෙන්නේ.
⁃ ඔක්කාරය
⁃ වමනය
⁃ ක්ලාන්තය
⁃ හිසේ එක් පැත්තක අධික වේදනාව
⁃ ආලෝකයට, ශබ්දයට, දැඩි සංවේදී බව
⁃ හෘද ස්පන්දනය වේගවත් වීම

Postdrome stage,
⁃ මනෝභාවයන් වල, හැඟීම් වල, යම් වෙනසක් ඇතිවීම
⁃ හිසරදය යම් ප්‍රමාණයකට තිබීම
⁃ උදාසීන බවක් දැනීම

Migraine තත්ත්වයේ රෝග ලක්ෂණ එලෙස අදියරයන් අනුව තිබුණද, ඇතැම් අය තුළ එම පිළිවලටම නොවී ලක්ෂණ පෙන්නුම් කිරීම වෙනස් වෙන්න පුලුවන්.

Migraine ඇතිවීමට නිශ්චිත එක් හේතුවක් සොයාගන නැහැ. නමුත්, මොළයේ chemical වෙනස්වීම්, ස්නායු වල සහ රුධිර නාල වල වෙනස් වීම් මෙයට බලපාන්න පුලුවන්. ඒ වගේම තම පවුලේ අය හට migraine තිබීමද මෙය ඇතිවීමට හේතුවක් වෙන්න පුලුවන්.
Migraine ඇතිවීමට සහ පීඩනය වැඩි වීම කෙරෙහි පහත දේවල් ප්‍රේරක ලෙස (trigger) පවතිනවා.

⁃ menstruation කාලසීමාව ආරම්භ වීම
⁃ දැඩි ආතතිය
⁃ අධික තෙහෙට්ටුව
⁃ ඇතැම් ආහාර පාන වර්ග
⁃ ඝෝෂාකාරී ශබ්දයන්
⁃ කාලගුණික වෙනස් වීම්
⁃ කෑම ගැනීම මග හැරීම හෝ දිගින් දිගටම ප්‍රමාද වීම
⁃ මත්පැන්, මත්ද්‍රව්‍ය භාවිතය
⁃ ඇතැම් ඖෂධ වර්ග භාවිතය
⁃ ප්‍රමාණවත් නින්දක් නොමැතිකම

මසකට දින 05ට වැඩි අවස්ථාවන් ගණනක් migraine තත්ත්වය ඇතිවෙනවා නම්, ඔබ වෛද්‍යවරයෙකු හමුවීම කළයුතුම වෙනවා. ඒ වගේම ඔබ දැඩි ආතතියකින් පෙළෙනවා නම් මනෝ උපදේශන සහය ලබාගැනීම වෙත යොමුවීම කරන්නත් පුලුවන්.

Avishka Sathsara Piyumal

Report Page