intrusive thoughts
ᴸᴵᵀᵀᴸᴱ ˢᴱᶜᴿᴱᵀ•ගත වෙන හැම වෙලාවකම අපිට එකම දෙයක හිත යොමුකරගන ඉන්න අපහසුයි. එක එක දේවල් ගැන, මේ ගත කරන මොහොතේ දේවල් හැර, අතීතය ගැන, අනාගතය ගැන දේවල් හිතෙන්න පුලුවන්. ඒක තමයි සාමාන්‍ය ස්වාභාවය.
අපේ පාලනයෙන් තොරව, ඉබේම කල්පනා වෙන, අපි අකමැති ඒ වගේම අපිට බාධාකාරී වන සිතුවිලි අපේ සිතට එන්න පුලුවන්. ඒවාට අපි කියනවා intrusive thoughts කියලා.
මේ intrusive thoughts නිසා අපේ සිතට කරදරකාරි බවක්, අපහසුතාවයක්, ආතතියක් තමයි ඇති වන්නේ. ඒ කියන්නේ මනසට පීඩනයක් ගෙන එනවා.
ඒ විදිහ සිතුවිලි සිතට එනවාට තමන් අකමැති වුණත්, තමන්ට පාලනය කරගන්න නොහැකිව ඒ සිතුවිලි හිතට එනවා.
ඒ විදිහට සිතට එන්න පුලුවන් intrusive thoughts වර්ග කිහිපයක් තිබෙනවා.
⁃ sexual intrusive thoughts
තමන් අනවශ්‍ය ලිංගික චර්යාවක නියලීමක් ගැන, තමන් ලිංගික හිංසනයක් කිරීමක් ගැන වගේ සිතුවිලි හිතට එන්න පුලුවන්. තමන් එහෙම දේවල් හිතට එනවාට කැමති නැහැ. නමුත් ඉබේම හිතට එවැනි සිතුවිලි එනවා.
⁃ negative intrusive thoughts
තමන් කරන දේවල් ගැන, එදිනෙදා ලෝකයේ සිදුවන දේවල් ගැන ඍණාත්මක අදහස්, ඍණාත්මක බලාපොරොත්තු, වගේ දේවල් සිතට එනවා.
උදාහරණයක් විදිහට තමන් හොඳින් වැඩකටයුතු කරගන යනවා, ඒත් මේ වගේ දේවල් තමන් කරන දේවල් ගැන හිතෙන්න පුලුවන්.
⁃ relationship intrusive thoughts
තමන්ගෙ සබඳතා ගැන අනවශ්‍ය සිතුවිලි, වැරදි සැකයන් වගේ දේවල්.
⁃ religious intrusive thoughts
තමන් සිටින ආගම ගැන වැරදි සිතුවිලි, වැරදි විශ්වාස, වගේ දේවල් තමන් අකමැති වුණත් පාලනයකින් තොරව ඉබේම හිතට එනවා.
⁃ violent intrusive thoughts
තමන් විසින් ප්‍රචණ්ඩකාරී දේවල් කරන ආකාරය, හිංසනයන් කරන ආකාරය ගැන සිතුවිලි, තමාට හානි කරගැනීම් වැනි සිතුවිලි තමයි මින් අදහස් වෙන්නේ.
වැදගත්ම දෙය තමයි, ඒ මම සඳහන් කරපු සිතුවිලි හිතට එනවාට පුද්ගලයා කිසිසේත්ම කැමති නැහැ. ඒ වගේම තමයි යම් බියක්ද ඇතැම් විට ඇතිවෙන්න පුලුවන්.
නමුත් intrusive thoughts වලට අනුව පුද්ගලයා දේවල් කරන්නේ හෝ හැසිරෙන්නේ නැහැ. හිතට එනවා විතරයි.
මම කළින් සඳහන් කළානේ මේ intrusive thoughts එනවාට පුද්ගලයා කැමති නැහැ කියලා. ඒ නිසාම මෙහිදී සිදුවන තවත් දෙයක් තමයි, ඒ එන සිතුවිලි පාලනය කරන්න, සිතට එන එක නතර කරගන්න පුද්ගලයා උත්සහ කරන විට තව තවත් වැඩියෙන් ඒවා කල්පනා වෙන්න පුලුවන්. තවත් පීඩනය වැඩි වෙන්න පුලුවන්.
ඕනම පුද්ගලයෙක් තුළ මේ intrusive thoughts හටගන්න පුලුවන්. නමුත් කාලයක් තිස්සේ, නිතරම වගේ මේ intrusive thoughts ඇති වෙනවා නම් ඒ ගැන අවධානය යොමු කළ යුතු වෙනවා.
ඊට හේතුව තමයි ඇතැම් මානසික රෝගී තත්ත්වයන් වල එක් ලක්ෂණයක් ලෙසද මේ intrusive thoughts ඇතිවෙන්න පුලුවන්. ඒ අනුව OCD, PTSD, Anxiety disorders, depression වැනි රෝගී තත්ත්වයන් වලදී Intrusive thoughts හටගන්න පුලුවන්.
ඒ නිසා තමන්ට නිතර නිතර, කාලයක් තිස්සේ තිබෙනවා නම් ඊට නිසි ක්‍රියාමාර්ග වෙත යොමුවීම සිදුකරන්න.
මූලික වශයෙන් psychotherapy, counselling සහ පුද්ගලයා සිටින තත්ත්වය අනුව අවශ්‍යම නම් medication ද ඒ වෙනුවෙන් ලබාගන්න පුලුවන්.
Avishka Sathsara Piyumal
(Mental health advocate & Certified Life coach)
