intermittent explosive disorder
ᴸᴵᵀᵀᴸᴱ ˢᴱᶜᴿᴱᵀ•කිසිම තාර්කික හේතුවක් නොමැතිව එකවරම ගොඩක් තරහා ගන්න අය අප සමාජයේ ඉන්නවා. ඒ කියන්නේ තරහා ගන්නම බලාගන ඉන්නවා වගේ. නිශ්චිත හේතුවකුත් නැහැ, ඒත් ඉතාමත් තදබල ලෙස කෝප වෙනවා.
'කුකුල් කේන්තිය' ලෙස නමකින් අපේ සමාජයේ ඇතැම් අය කියන්නේ එවැනි අයට තමයි.
මොකක්ද මේ තත්ත්වය. ඒකට කියනවා intermittent explosive disorder කියලා.
අපි දැන් බලමු ඒ තත්ත්වයේ ලක්ෂණ මොනවාද කියලා.
⁃ ඉක්මන් තදබල කෝපය
⁃ තරහා යාමට පැහැදිලි, නිශ්චිත, හේතුවක් නොමැති වීම
⁃ පොඩි පොඩි තත්ත්වයන් වලදී පවා තදබල ලෙස බැණ වැදීම
⁃ තර්ජනය කිරීම, අපහාස කිරීම
⁃ ආක්‍රමණශීලී ලෙස කෑගැසීම
⁃ භාණ්ඩ වලට හානි කිරීම
⁃ පහරදීම් වැනි ශාරීරිකව හානි කිරීම
⁃ සබඳතා වල නිතර ගැටලු ඇතිවීම
⁃ නැවුම් බවක්, ප්‍රීතිමත්ම බවක් නොමැති වීම
⁃ හිසරදය
⁃ ශරීර අවයව හිරිවැටීම සහ විවිධ අපහසුතා
⁃ ව්‍යාකූල බව
⁃ තෙහෙට්ටුව
ඉතින් ඒ වගේ ලක්ෂණ intermittent explosive disorder තත්ත්වය තිබෙන පුද්ගලයෙක් තුළ තිබෙනවා.
Intermittent explosive disorder ඇතිවීමට විවිධ හේතූන් බලපාන්න පුලුවන්.
⁃ පවුල් ඉතිහාසය. ඒ කියන්නේ genetically බලපෑම් ඇතිවෙන්න පුලුවන්.
⁃ මොළයේ රසායන ක්‍රියාකාරිත්වයේ වෙනස්වීම්
(උදාහරණයක් විදිහට serotonin මට්ටම අඩුවීම වැනි)
⁃ ළමාවියේ කායික, මානසික, ලිංගික හිංසනයන් වලට ලක්වීම
⁃ දිගුකාලීන හදිසි කම්පන
⁃ මත්පැන්, මත්ද්‍රව්‍ය අනිසි ලෙස භාවිතා කිරීම
⁃ වෙනත් මානසික රෝගී තත්ත්වයන් තිබීම
(ADHD, Personality disorders, depression, anxiety disorders වැනි)
Intermittent explosive disorder තත්ත්වය කාන්තාවන්ට වඩා පිරිමි අය අතර සාපේක්ෂව වැඩි වශයෙන් තිබෙනවා. මේ නිසා පුද්ගලයාගේ එදිනෙදා ජීවිතය කෙරෙහි දැඩි අහිතකර බලපෑම් ඇති වෙනවා. සමීප අයගේ ජීවිතය කෙරෙහිත් අහිතකර බලපෑම් ඇති වෙනවා.
ඒ නිසා මම ඒ සඳහන් කළා වගේ ලක්ෂණ තිබෙනවා නම්
හැකි ඉක්මනින් නිසි ක්‍රියාමාර්ග වලට යොමුවීම සිදුකරන්න.
ඒ අනුව Psychotherapy, counselling සහ පුද්ගලයා සිටින තත්ත්වය මත අවශ්‍ය නම් medication ලබාගැනීමද සිදුකරන්න පුලුවන්.
ඒ වගේම පහත සඳහන් ක්‍රියාමාර්ග වෙත යොමුවීම මඟින්ද හොඳ ප්‍රතිඵල ලබාගන්න පුලුවන්.
⁃ ඔයා තරහා අරගන්නේ මොනවාටද කියන දෙය හොඳින් තේරුම් ගන්න
⁃ තරහාඅ යන වෙලාවට දෙයක් කියන්න හෝ කරන්න කළින් නැවත කල්පනා කරන්න ඇත්තටම මොකක්ද වුණේ සහ තමන් කරන්න යන දේවල් හරිද කියලා
⁃ හොඳින් අදහස් සන්නිවේදනය කරන්න.
ඒ වගේම අනිත් අය කියන දේවල් වලට හොඳින් ඇහුන්කන් දෙන්න
⁃ ඔබ ගැටලු වලින් පීඩා විදිනවා නම් ඒවාට නිසි විසඳුම් අරගන්න
⁃ ආතතිමය පරිසරයක නම් ඉන්නේ ඔබට හැකි නම් ඔබ ගත කරන පරිසරය වෙනස් කරන්න
⁃ තමන් කැමති, තමන්ට සතුට දැනෙන විනෝදාංශ වල නිරත වෙන්න
⁃ හිත සැහැල්ලු කරන විවිධ ක්‍රියාකාරකම් වල නිරත වීම සිදුකරන්න පුලුවන් (Meditation, Yoga)
⁃ මත්පැන් භාවිතය ඉතාමත් සීමා කරන්න
⁃ දුම්පානය නොකර ඉන්න
⁃ හොඳ නින්දක් ලබාගන්න
⁃ සමබර පෝෂ්‍යදායි ආහාර ලබාගැනීම වෙත යොමුවෙන්න
Avishka Sathsara Piyumal
