සඳ කුමාරි මගෙ මනාලී 💖

සඳ කුමාරි මගෙ මනාලී 💖

Kochchiya




🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷


කොහෙද යන්නෙ මෙ ජම්බෝලේ වගේ

කරවල හොද්ද නුබෙ සම්බොලෙ වගේ

පාඩං හිටින් නැති චක්කරයක් වාගේ

ඉනෙන් පහල නුබෙ අක්කරයක් වාගේ


ආයී ආයි ,ඇගිල්ල ඌයී



තේජා ගේ මූන දිහා බලන් සින්දුව රහසින් මිමිනුවේ ලස්සනට


අන්තිම ටික කිව්වා විතරයි ,

මගේ වම් අතේ මහපට ඇගිල්ල නැමුවේ නැද්ද අනික් පැත්තට, 🤪

ඒ ඇගිල්ල නිකන් ලෙෆ්ට් වෙලා වගේ,

එක පාරටම මට කෑ ගැහුනා ටිකක් හයියෙන්


"මල්ලි , මොකක් හරි අවුලක් ද?"


මමයි තේජායි වාඩි වෙලා හිටපු සීට් එකට පිටිපස්සෙ සීට් එකේ වාඩි වෙලා හිටපු අයියා කෙනෙක් මගෙන් ඇහුවා


"නෑ නෑ, ...අයියේ හරි හරි, මේ ඇගිල්ල .... පොඩ්ඩක්"


ගොත ගගහ කියලා ශේප් උනා,

ඒ පාර තමයි දැක්කේ බස් එකේ ඔක්කොමලා මං දිහා බලාන ඉන්නෝ


මට ඉතිම් වස ලැජ්ජාව 😕


මගේ කරුමෙට අද බස් එකේ සින්දුවක් වත් දාලා නෑ, පොඩි සද්දයක් උනත් ඇහෙනවා හොදට


වෙනදට නම් කන පැලෙන්න ඩෙසිබල් 120 ටත් වැඩියෙන් සින්දු දානෝ,


අද නම් මහ එපා කරපු දවසක් ද කොහෙද


ෂික් අප්පා, ඒ මදිවට තේජාත් බිම බලාන මට හිනා වෙනවා




කොහොමද මම කෑ ගහන්නේ නැතුව තේජා එහෙම කෑ ගැහුවානම් 🤔🤔


එහෙම නම් ඉතිම් මුලු බස් එකම ෆෝම් වෙලා ඇවිල්ලා මට සංග්‍රහ කරයි ආය නැති වෙන්න


හරියට නිකං අර ගෝඨාගෝගමට යි,මයිනාගෝ ගමටයි ගැහුවාට පස්සේ මුලු සිරි ලංකාවම ක්ශනිකව ෆෝර්ම් වෙලා හතර වටේටම නෙලුවා වගේ 🤪



--------------------------------



අද දවල් ක්ලාස් ඉවර වෙලා බස් එකට දුවන් ආවේ සීට් එකක් අල්ල ගන්න,


තේජා ට කලින් මට බස් එකට නගින්න පුලුවන් උනා


ඒ නිසා ඉතින් මට මගේ කැමතිම පොට් එක අල්ල ගන්න පුලුවන් උනා,


නෑ නෑ බම්, ඒ පොට් එක තියෙන්නේ පිටිපස්සෙ සීට් එකේ වම් පැත්තේ අයින නෙවෙ 😊


මං ගොඩක් ම කැමති,

බස් එකේ පිටිපස්සෙ දොරෙන් නැග්ගහම ,තුනේ සීට් තියෙන පැත්තේ

බස් එකේ රෝදේ තීන තැනට චුට්ටක් ඉස්සරහින් තියෙන සීට් එක ,ඒකෙත් ජනේලේ ගාව පොට් එක


හේතුවක් නම් නෑ,එතෙන්ට කැමති ඒ උනාට,


සංසාරගත සම්බන්දයක් ද කොහෙදෝ මන් හිතන්නේ 😁


------


මං එතන ඉදන් ගියේ,තේජා මට වම් පැත්තේ සීට් එකෙන් වාඩි උනේ,


එයා කලින් බස් එකට නැග්ගොත් එයාට ජනේලේ ගාව තැන ඕනේ


කොහොම කොහොම හරි ඉතිම් තේජාව වර්ණනා කරන්න ගියා මදැයි සිංදු කෑල්ලක් කියලා,


මගේ ඇස් දෙකෙන් කදුලුත් පැන්නා ඇගිල්ල නමපු නැමිල්ලට,


තේජා ටත් දුක හිතිලා හැබැයි,

"ගොඩක් රිදුනද? "

ඇගිල්ල අත ගගා අහනවා


රෙද්දක් අහනවා ඉතින්,මම ආසාවට කෑ ගැහුවැයි බස් එකේ


ලේන්සුවෙන් මගේ කදුලුත් පිහිනවා ඒ පාර,


කදුලු ඇත්තෙත් නෑ ඉතිම්,


ආදරේට වෙන්න ඇති ,

මගේ අතත් තද කරලා අල්ලන් ඉන්නවා ඒ අතටම හේත්තු වෙලා


ඕන එකක් කරාවි කියලා මම පොඩ්ඩක් ජනේලෙන් වට පිට බලබල හිටියා,


මගේ කර හරියට නිකන් වතුර වැටෙනවා වගේ,


මම හිතුව,


කවුරු හරි කෙනෙක් අදත් ලීක් වෙන වතුර බෝතලේකට වතුර දාන් ඇවිල්ලා ,

මම ඉන්න තැනට උඩින් රැක් එකක දාලා

ඒකේ වතුර මගේ ඇගට වැටෙනවා වෙන්න ඇති

කියලා


මොන වතුරද? අප්පට සිරි, මේං තේජාගේ මූනෙන් කදුලු වැක්කෙරෙනවා හෝ ගාලා,


එයා කවදාවත් මමත් එක්ක ඉද්දි අඩලා නැහැ,මම අඩන්න ඉඩ තියලා වත් නෑනේ චුට්ටක් වත්


අනික අපි දෙන්නා කවදාවත් තරහා වෙලා වත් නෑ නේ ,


මටත් ගොඩක් දුකයි,

හිතින් අරවා මේවා කීවට එයාට කවදාවත් මොකුත්ම කියන්නේ නෑ මම


"ඇයි මැණික අඩන්නේ ? , කියන්නකෝ "

මම එයාගේ කදුලු මගේ අතේ අනික් පැත්තෙන් පිහින ගමන් ඇහුවේ


අර මුලින්ම මම කියපු සිංදු කෑල්ලට එයා ගේ හිතත් රිදුනාද දන්නෙත් නැහැ ගොඩක්


"අහන්නකෝ තේජා,මම හිතලා නෙවෙයි අර සිංදුව කීවේ , ආය එහෙම එකක් කියන්නේ නැතුව ඉන්නම්,ම්ම්ම්? "


මම කීවත් එයාගෙන් නෝ රිප්ලයි, හැබැයි ඔලුව දෙපැත්තට වැනුවාඑක පාරක්,

අනේ මන්දා මම කරපු දේකුත් නෑනේ ,

" කෝ මගේ හොද චූටි මැණික , අඩන්නේ නැතුව ඉන්නකෝ, එක්කෝ අපි දෙන්නම අඬමුද?"


ඒ පාර නම් කෙල්ලගේ ඇස් දෙකේ කදුලු ටිකක් අඩු උනා,


ඒත් ඉතිම් එයා කතා කරන්නෙත් නෑ නේ , අඩන්නේ ඇයි කියලා දෙයියෝ තමයි දන්නේ



"ආ ලමයෝ ,හිස් බඩ මගේ ඔලුවට කිසි අදහසක් එන්නේ නෑ කියලා දන්නේ නැද්ද? , ඔයාම හිතලා මොනවා හරි කියන්නකෝ 🥰"


නිකටෙන් අල්ලන් මූන හොලවන ගමන් මම කීවා


කදුලු පිටින් ම ලස්සන හිනාවක් දාගෙන කිව්වෙ නැද්ද


"ලමයා, ලමයා කියලා නම් කියන්න එපා අංකල් , මගේ නම තේජා 😁 "


කියලා


"හ්ම්ම් හ්ම්ම් 😅" කියලා මම ඔලුව වැනුවා,


කදුලු තිබ්බත් අඩන්නේ නම් නෑ දැන්, ඒ ටිකත් මම ම පිහලා දැම්මා ,

පව් නේ එයා,




හොද වෙලාවට තේජායි මායි විතරයි තුනේ සීට් එකේ හිටියේ,

නැත්නම් ඉතින් අපි කතා කරන ඒවා ඇහිලා අනිත් කෙනා වහ කාලා මැරෙනවා 🤣


පස්සෙ තමයි එයා කිව්වෙ, එයත් එක්කන් කතා කරන්නේ නැතුව හිටපු නිසාලු ඇඩුනේ කියලා ,


ඊට පස්සෙ තමයි මටත් මීටර් උනේ,

මමත් ජනේලේ ගාවින් එලිය බල බල ගියාට කතා කරන්නත් අමතක උනා නේ ,

අනික ඇගිල්ලේ සීන් එකේ නේ හිටියෙත්



එයාගේ හිත ගොඩක් රිදෙන්න ඇති ,මම කතා කරන්නේ නැතුව හිටියා කියලා,


මම තේරුම් කරලා දුන්නා එයාට,


නැතත් එයා දන්නවා එයා මොනවා කලත් මම එයත් එක්කන් තරහා වෙන්නේ නෑ කියලා 😊



සඳ කුමාරි මගෙ මනාලි

තරු වරල වුනා දමාවි

රෑ කවුලු දොරෙන් එබේවි

මට එන්න කියා කියාවි .......


මේ කුමාරි මගේ ...🥰 මනාලී............


කියලා හෙමින් එයාට කිව්වේ මේ පාර නම් මගේ අත් දෙකම මං ගාවින් තියාගෙන 😁,

Copyright © Kochchiya https://t.me/kochchiya

Report Page