Z score
ᴸᴵᵀᵀᴸᴱ ˢᴱᶜᴿᴱᵀ° Admin

Z Score එක හොයන්නේ කොහොමද ?............................................
උසස්පෙලට විෂයන් තෝර ගන්න ගියාම ළමයින්ගේ ඔලුවලට එක එක විදියේ විෂබීජ දාන කට්ටිය ඉන්නවා, විශේෂයෙන්ම් ඇතැම් ගුරුවරු තමන්ගේ විෂය හදාරන ඔළුගෙඩි ගාන වැඩි කරගන්න මේ වැඩේ කරනවා. එහෙම එක විෂබීජයක් තමා Z score එක.
“අහවල් විෂය කරලා වැඩක් නෑ එකේ Z අඩුයි. මේ විෂය කරන්න, Z වැඩියි. ඔයාට law යන්න පුළුවන්. හැම අව්රුද්කම මගේ විෂයේ තමා Z එක වැඩි “
කියල පාරම් බාන, උපදෙස් දෙන අය කෝටියයි. මේ ගැන හරියට නොදන්නා නිසා කට්ටිය පාලුගෙයි වළං බිදිනවා. නොදන්නා නිසා ළමයි අඩුවෙන විෂයන්වල ගුරුවරුත් කට පියන ඉන්නවා.
මුලින්ම මේක කියවන්න. ඊට පස්සේ හොදට ඔලුවට දාගෙන ආයේ කව්රුහරි කිවොත් ඔබ උගන්වන විෂයේ Z එක අඩුයි කියල, අහන්න......කොහොමද අනේ Z එක හොයන්නේ මට පොඩ්ඩක් කියලා දෙන්නකෝ කියල.........
A/L විභාගෙදි විෂයක Z අගය සොයන්නේ මෙන්න මේ සූත්‍රයෙන්
(සියලුම සිසුන් ලබාගත් අමු ලකුණු එකතුව - මධ්‍යන්‍ය අගය / සම්මත අපගමනය. ( / = බෙදීම)
විභාග දෙපාර්තමේන්තුව මුලින්ම කරන්නේ එක් එක් අපේක්ෂකයා ලබාගත් විෂයයන් තුනේ Z-ලකුණු වෙන වෙනම ගණනය කිරීම.
අපි හිතමු A, B, C,D සහ E කියන අපේක්ෂකයන් 5 දෙනා සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යනය විෂය ට පෙනී හිටියා කියලා. ඒ ගොල්ලෝ සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යනය විෂයට මේ විදියට ලකුණු ගන්නවා.
A-95 B-75 C-45 D-35 E - 25
1 පියවර
මුලින්ම අපි සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යනය විෂයේ මධ්‍යන්‍ය අගය හොයනවා.
(අපේක්ෂකයන් ගත්ත මුළු ලකුණුවල එකතුව ) / (අපේක්ෂකයන් ගණන )
(95 + 75 + 45 +35 +25 ) / 5 = (275) / (5 ) = 55
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යනය විෂයේ මධ්‍යනය අගය = 55
ඒ අනුව මේ මධ්‍යන්‍ය අගය අව්රුද්දෙන් අව්රුද්දට වෙනස් වන, ඒ වගේම අදාළ විෂයට වැඩිවෙන අපේක්ෂයකයන් ගණන, සහ ඔවුන් ලබා ඇති ලකුණු මත රඳාපවතින දෙයක් මිස හැම අව්රුද්දකම නියතයක් වෙන් නැහැ.
2 පියවර
මී ලගට එක් එක් සිසුවා ලැබූ ලකුණු වලට මධ්‍යන්‍ය අගයේ සිට ඇති වෙනස හොයනවා.
ඒක හොයන්නේ මෙහෙමයි. ළමය ගත්ත ලකුණින් මධ්‍යන්‍ය අගය අඩුකරනවා
A 95 -55= 40
B 75-55= 20
C 45 -55= -10
D 35 -55= -20
E 25-55= - 30
ඊට පස්සේ එක් එක් ලමයා ලබා ඇති වෙනසේ වර්ගය එකට එකතු කරලා ඒක අයෙමත් සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යනය විෂයට වාඩි වුන ළමයි ගානෙන් (5 න් ) බෙදනවා
((40) 2 +( 20) 2 +(-10) 2 +(-20) 2+(-30) 2 ) / 5
(1600 + 400 +100+ 400+900) / 5 = 980
දැන් මෙහි වර්ග මූලය සොයනවා
√900 = 30
එවිට සම්මත අපගමනය = 30
3 පියවර
දැන් අපි සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යනය විෂයේ එක් එක් ළමය ලබාගත්ත Z අගය හොයනවා.
A (95 -55 )/30 = 1.3333333
B (75 -55 )/30 = 0.6666666
C (45 -55 )/30 = - 0.3333333
D (35 -55 )/30 = - 0.6666666
E (25 -55 )/30 = -1
4 පියවර
දැන් සිසුවා අනෙක් විෂයන් දෙකට ලැබූ ලකුණු වල අගයනුත් වෙන වෙනම මේ විදියටම හොයා ගන්නවා
අපි හිතමු A කියන ශිෂ්‍යයා දේශපාලන විද්‍යාවට 1.3333333ක අගයකුත් සිංහල වලට 1.2222222ක අගයකුත් ලැබුවා කියල දැන් ,
(විෂයයන් 3ම ඉසෙඩ් අගයන් වල එකතුව ) /3 = අදාළ වසරේ එම සිසුවාගේ අවසන් Z අගය
මේක ටිකාක් විතර අමාරුයි, එත් මෙච්චරයි......
එක විෂයක Z අගය හැම අව්රුද්දකම නියත වෙන් නැහැ, ඒක අව්රුද්දෙන් අව්රුද්දට වෙනස් වන, ඒ වගේම අදාළ විෂයට වාඩිවෙන අපේක්ෂයකයන් ගණන, සහ ඔවුන් ලබා ඇති ලකුණු මත රඳාපවතින දෙයක් මිස හැම අව්රුද්දකම නියතයක් වෙන් නැහැ.
මේක A/L විභාගෙට හඳුන්වලා දුන්නේ පේරාදෙණිය විශ්වවිද්යාලේ ආචාර්ය O.R තටිල් මහතා. 2000 අවරුද්දේදි, හේතුව බොහොමයක් ළමයි 2000වසරට කලින් සමහර ( ලේසි/කටපාඩම කළහැකි ) විෂයන් විතරක් තෝරාගෙන ඉහලින් සමත්ව වුනා. එකෙන් සමහර විෂයන් විතරක් ජනප්‍රිය වුනා,සමහර විෂයන් වලට ළමයි හිටියේ නෑ.මේ තත්වය වලක්වලා අනෙත් විෂයන් තෝරා ගන්න ළමුන්ටත් සාධාරණයක් කරන්න තමයි මේ ක්‍රමවේදය යොදාගත්තේ
ආයේ කව්රුහරි ඔබ උගන්වන විෂය පහත හෙලන්න ලොරි ටෝක් එකක් දුන්නොත් මේක කියල දෙන්න. විශේෂයෙන්ම ළමයින්ට කියලා දෙන්න. ස්තූතියි
මේ පල්ලෙහා තියෙන ආටිකල් එකෙන් තව විස්තර බලාගන්න පුලුවන් ඔයාලට🙂
http://jnsx3nd.blogspot.com/2012/08/z-score.html?m=1
Copied by .
Wufiz