You're mine

You're mine

Newi
Evil boy and crazy girl

02 කොටස


🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤


" පොලොස් කොට්ටෝරුවා කියලා "


අැහැ අත ගගා මනුලි හයියෙන් කැ ගැහුවේ වටපිටේ හිටිය හැමෝම බලද්දි.


" තමුසේ හිතන් ඉන්නේ තමුසේ සුරදූතිකාවක් වගේ කියලද ? යනවා හලෝ යන්න. ඉඩියට් "


" මොකෝ බන් මේ ? "


විරේන් එතනට අාවේ කර කර හිටිය වැඩෙත් නවත්තලා.


" මෙන්න මේ හිවලා මගේ මූණේ වැලමිට වැද්දුවා. "


මනුලි අත දික් කරලා කිව්වේ විරේන්ට කට කොනකිං හිනාවක් යද්දි.


" තමුන්ට මම "


අසංක මනුලිව අැදලා අරන් එ් අැස්වලට එබුනේ මනුලිගේ අැහේ වේදනාව පෑල දොරෙන් පැනලා ගිහින් බය ලෝඩ් වෙද්දි.



" හයියෝ ඕක නවත්තපන් බන්. උබලා දෙන්නා පොඩි උං වගේ. මොන නැකතක ඉපදිලාද මංදා. කෝ එහාට වෙයන් අසා..."


එ් අැස් දිහා කේන්තියෙන් බලන් ඉදලා එකපාරට මනුලිව තල්ලු කරලා දාලා අායේ අසංක තමන්ගේ වාට්ටුවට ගියා.


" ඔයා හොඳින්ද නංගි "


" ම්....මහ පුදුම මූලග්ගින්නක්නේ . කටු පිටින් කොහිල දෙන්නෝනි "


" අනේ මංදා බන් උබලා . මම යනවා වාට්ටුවට "


විරේන් මනුලිගේ ඔලුවත් අතගාලා අායේ වාට්ටුවට ගියා.


මනුලි අැහැ අත ගගා ස්ටාෆ් රූම් එකට අැවිත් මේසෙන් ඔලුව තියන් හිටියා.


දන්නෙම නැතුව නින්ද ගියේ අැහැ ලගින් අාව වේදනාවටමයි.


**********************************************************


අසංක වාට්ටුවේ ඉදලා ස්ටාෆ් රුම් එකට අාවේ සින්දුවකුත් මුමුන මුමුන.


ස්ටාෆ් රූම් එකේ මේසේ ඔලුව තියන් ඉන්න මනුලිව දැකලා කින්ඩියට හිනා වෙලා වෙන තැනකිං වාඩි වෙලා ලැප් එකට ඔලුව ඔබා ගත්තා.


"ම්....අාව්...."


මනුලි අැහැ ලග අල්ලන් හිමිහිට ඔලුව ඉස්සුවේ විනාඩි හතලිස් පහකට විතර පස්සේ.


අසංක මනුලි දිහා බැලුවේ නිකමට වගේ.


" ඕ මයි ගෝඩ් "


අසංක නලලේ අත තියන් ටිකක් වෙලා බලන් හිටියේ නිල් වෙලා තින මනුලිගේ අැහැ යට.


" මේ උලමිට මේ පාර එච්චර සැරට වැද්දද ? හිතලා කරේ නැනේ. "


අසංක මනුලිව නොදැක්ක ගානට නැගිටලා එලියට ගියා.


අසංක යන දිහා කේන්තියෙන් බලන් ඉදලා මනුලි පැනඩෝල් දෙකකුත් බිලා අායේ වෝඩ් එකට ගියා.


වෝඩ් එකේ වැඩ කර කර ඉන්න අතරේ කඩාගෙන බිදගෙන ලගට අාවේ අසංක.


" අා ගන්නවා. අැහැ ලග ගාගන්නවා "


තැලිච්ච පාරට ගාගන්න ක්‍රිම් එකකුත් ගෙනත් තමන්ට දික් කරන අසංක දිහා මනුලි කන්ෆියුස්ඩ් වෙලා බලන් හිටියා.


" තැ....තැන්ක් යු ඩොක්ටර් අසංක "


අසංක නෑහිච්ච ගානට අායේ තමන්ගේ වාට්ටුවට ගියා.


මනුලි ක්‍රිම් එකත් අතේ තියන් කල්පනා කර කර ඉදලා එහෙම්ම ගියේ අායේ ලෙඩ්ඩුන්ව බලන්න.


**********************************************************


දවස් ගෙවිලා ගෙවිලා මාසයක්ම ගෙවුනා.


මනුලි ගොඩක් අය එක්ක සමිප වුනා.


එ්ත් හැමදාම මොහොකට හරි මනුලියි අසංකයි රන්ඩු වුනා.


ගොඩක් වෙලාවට එ් දේවල් වලට කිසිම වැදගත් හේතුවක් තිබුන්නැ.


රන්ඩු වලදි වැඩිපුර කෑ ගහන මනුලි ඉස්සරහා සද්ද නැතුව ඉන්න අසංක අන්තිමට වචනයක් දෙකක් කියන්නේ එ් වචන මනුලිගේ හදවතටම පිහිපාරක් වගේ දැනෙන්න.


වෙලාවකට අසංක වැඩිපුරම කතා කරන්නේ නොහිතා.


මොන කෙහෙම්මලටත් මැද්දට පැනලා රන්ඩු බේරන්නේ විරේන්.


සමහර වෙලාවට විරේන්ටත් මනුලි රවන්නේ අසංක එක්ක තින කේන්තියට.


**********************************************************

" උෟහ්..."


අසංක එකපාර කැ ගැහුවේ වෝඩ් එකේ ඉදලා.


එ් සද්දේ යංතං වුනත් මනුලි සේරම දමලා ගහලා දුවලා ගියේ අසංක ලගට.


වාට්ටුවල හරි හමන් බිත්තියක් නැති නිසා පොඩි සද්දෙත් අැහෙනවා.


" ඩොක්ටර් අසංක මොකද වුනේ ? කෝ බලන්න "


කතුරට කපාගෙන තිබ්බ මාපට අැගිල්ල අරන් අතේ තිබ්බ ලේන්සුවෙන් ගැටගැහුවේ අසංකත් පුදුම වෙලා බලන් ඉද්දි.


" ගොඩක් කැපිලා නැ වගේ. යමු විරේන් අයියා ඉන්නවා ස්ටාෆ් රුම් එකේ. බේත් දාමු යං "


මනුලි අසංකව අැදගෙන ගියේ ස්ටාෆ් රුම් එකට.


" මොකෝ බන් මේ ? "


අතින් අැදන් එන මනුලි දිහා විරේන් බලන් හිටියේ ඊලගට මොන මරාලයක් පහත් වෙයිද කියලා.


" බලන්න අයියේ අත කපන්. ඔයා බෙහෙත් දාන්නකෝ මම යනවා "


මනුලි අසංකව එතන තියලා දුවලා ගියේ වාට්ටුවට.


" මොනා වුනත් උබේ රකුසු වර්ෂන් එකට මැච් වෙන සිරියාවන්ත කෙල්ල "


" රෙද්දක් කියනවා. මේකි අැවිත් මම බබා කියලා හිතලා වගේ පිස්සු කෙලියා. මේ මේකට බේත් දාපන්. වැඩ තිනවා "


" ඉදපන් ඉදපන්. උබත් අනේ මංදා. එ්කි හොදත් කරත් වැරදි. "


**********************************************************


අසංකගෙයි මනුලිගෙයි රන්ඩු නම් නිමක් නැ.


" කවුද වීර් අද තේ හැදුවේ ? "


" මනු "


විරේන් කිව්වේ තේ එක තොලගාන ගමන් බිස්කට් වලට වැඩේ දෙන ගමන්.


" අා....හා "


" මොකෝ ? "


විරේන් අැහුවේ අැහිබැමකුත් උස්සලා අසංක දිහා බලලා.


" ම්....මේ....මේ මෙලෝ රහක් නැ බන්. "


" මොකද්ද ? "


මනුලි හෝදපු තේ ජොග්ගුවත් අරන් අායේ ස්ටාෆ් රූම් එකට අාවේ අසංක ගෙන් ප්‍රශ්නෙකුත් අහන්.


" ඕ රහ නැ "


" රහ නැත්තං මොකටද බොන්නේ නරියෝ ? "


" අනේ මේ අැට ගෙම්බියේ "


" මොකද හිවලෝ ? "


" එ් එ් නවත්ත ගනිං බන්. මට වත් නිදහසේ මේක බොන්න දියන්කෝ "


" මමද අයියේ පටන් ගත්තේ මේ වදුරු මොටානේ "


අසංක නැගිටලා තේ ටික ජනේලෙන් එලියට විසි කරලා කෝප්පෙත් හෝදලා වාට්ටුවට ගියේ යමින් ගමන් මනුලිව කන්න වගේ ලුක් එකක් දාලා.


" මේ නංගි "


" අයියේ ? "


" තමුසේ පාට් ටයිම් සූ එකේ වැඩ කරාද ? "


" නැ අැයි "


" බලපන්කෝ සත්තු කොච්චරකගේ නම දන්නවද කියලා ? මට දැං අසංකයව එක එක සත්තු වගේ පේන්නේ "


විරේන් නලලට අතත් තියන් කතා කරේ මනුලිට හයියෙන් හිනා යද්දි.


" ඔයාගේ යාලුවට අයියේ අැත්තටම මම හිතන්නේ මූලග්ගින්න. බැලුවොත් නැට්ට කූඤ්ඤෙට ගහ ගත්ත කොටියා වගේ "


මනුලිත් කියව කියවම තේ බොන්න වාඩි වුනා.



අද තා දෙකක් දෙන්නම්😌


Written by Sp





Report Page