You're mine
Newi girl01 කොටස
🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤
" සාරි පොටේ......සාරි පොටේ.....කට්ට ගසා ගන්න කෙනෙක් නැනේ අනේ...... "
"කවදා අැදපු සරුවාලද අයියෝ මේ "
තමන්ටම හිතින් බැන බැන ලා දම්පාට සාරියකුත් පටලන් කටුව ගහගන්න බැරුව දගලන ගමන් මනුලි කෑ ගහලා සුමදුර වොයිස් එකෙන් සිංදුවක් කියන්න ගත්තා.
අන්තිමට දගලලා දගලලා කටුවත් ගහන් බැග්ගෙත් එල්ලන් වදින්න ඉන්න තුන්දෙනාටම වැදලා ගෙදර දොරත් වහන් පාරට අාවේ ඉස්පිරිතාලෙට යන්න.
මනුලි මහීෂා නානායක්කාර.
අවුරුදු 26 ක තරුන වෙෙද්‍යවරියක්. අද තමයි පලවෙනි පත්විම අරන් ,
පත්වීම ලැබුනු එ් දිසා රෝහලට යන්නේ.
ත්‍රිවිලර් එකකටත් මනුලි නැග්ගේ සාරිය කොයි වෙලේ බිම පතබැවේවිද කියලා.
" පලවෙනි දවස නිසා අදින්න වුනාට අායේ නම් මගේ බල්ලවත් අදින්නැ මේක "
සාරිය දිහා බලන් බැන බැන මනුලි අාවේ හොස්පිට්ල් එක ලගට.
" කියද ? "
" 350.00 යි මිස් "
" අා මෙන්න "
ත්‍රිවිලර් එකටත් ගෙවලා , හිතට දැනෙන එ් අලුත් සතුටු හැගිම විදින ගමන් ඉස්පිරිතාලේ දිහා බලන් හිටියා.
දකුනු කකුල පෙරට තියලා සුබ විදිහටම මනුලි හිමින් සැරේ කන්ද බඩගාන් ඉස්පිරිතාලේ අැතුලට ගියා.
ගියේ සාරිය දෙපැත්තෙන් උස්සං බිම පත බැවෙයි කියලා බයට.
අන්තිමට ඉස්පිරිතාලෙ කොරිඩෝවට පය ගහලා බිත්තියට හේත්තුවෙලා හති අැරලා වටපිට බැලුවේ ටිකක් පරිසරය අදුරගන්නත් එක්ක.
" මේ කන්ද දවසට දෙපාරක් නැග්ගාම හරි. පිට් පිට් කෙල්ලේ. තින කෝටු සරීරෙත් ලෙප්ට්. "
තනියම කියව කියව කොරිඩෝව දිගේ වට පිට බල බල ඉස්සරහටියේ ලොකු දොස්තර මහත්තයගේ රූම් එක හොයන්.
" යකඩෝ එ්ක තීන තැන . අපරාදේ අර අෑත පේන ගල උඩ හදාගන්න තිබ්බේ. "
මනුලි කියව කියව ගිහින් තට්ටු කරා දොරට.
" එන්න. "
ලොකු දොස්තර මැදි වයසේ . අවුරුදු 40 ක් විතර .
නාහෙට වැටිලා තිබ්බ තඩි බෝතල් අඩි කන්නාඩි දෙක අායේ උඩට උස්සං ලොකු දොස්තර මනුලි දිහා බැලුවා.
" වාඩිවෙන්න. මම හිතන්නේ මේ මනුලි මහිෂා නානායක්කාර. අපේ අලුත් දොස්තර නෝනා. "
" ඔව් ඩොක්ටර්. "
" අද පොඩ්ඩක් ඉස්පිරිතාලේ අැවිදලා කරලා බලන්න. මිස් මනුලිට මම දිලා තින්නේ වෝඩ් නම්බර් 3 , 4 , 5 . තව ඩොක්ටර්ස්ලා දහයක් ඉන්නවා ඉස්පිරිතාලේ. අපි පුලුවන් විදිහට මැනේජ් කරන් වැඩකරමු. "
" හරි ඩොක්ටර් "
" ගිහින් එන්න දරුවෝ. "
ලොකු දොස්තර එක්ක හිනා වෙලා මනුලි අායේ එලියට අැවිත් හොය හොය ගියේ තමන්ට වැඩ කරන්න වෙන වාට්ටු ටික.
" කෝ අප්පා "
තනියම කියවන එක පුරුද්දක්ද මංදා කියලා තමන්ටම හිතෙන තරමට මනුලි තමන් එක්කම කතා කරනවා.
වටපිට බල බල යන මනුලිව එකපාර කොහේ හරි වැදුනේ මනුලි නලලත් අල්ලං බැන බැන එහාට වෙද්දි.
" මොකාද මේ පාර මැද්දේ තාප්...හුටා ! "
නලලත් අත ගගා බැන බැන හිටිය මනුලි ගැස්සුනේ එ් හිටියේ මනුස්සයෙක් මිසක් තාප්පයක් නොවෙන නිසා.
" ස්....සොරි සර් "
" ඉට්ස් ඕකේ . ඔයා කවුද ? "
එ් මනුස්සයා කේන්ති නොගෙන කරුනාවෙන් අැහුවේ කෙල්ලට ට්‍රැක් වෙන්න අැති කියලා හිතලා.
" මම අලුතින් අාව ඩොක්ටර් මනුලි මහිෂා නානායක්කාර. මම මේ වාට්ටු 3 , 4 , 5 හොයනවා. "
" අප්පටසිරි ඔයාද අලුත් දොස්තර නෝනා. එන්නකෝ යමු. මම වාට්ටු පෙන්නන්නම්. "
" හා.... එ්ත් ඔයා කවුද ? "
කොල්ලා පිටිපස්සේ තිබ්බ අත ඉස්සරහට කරලා අතේ තිබ්බ වෙදනලාව පෙන්නුවේ තමන් ඩොක්ටර් කෙනෙක් කියලා අගවන්න.
" මම විරේන් සුහස්න. "
" අැත්තටම කලිං වුන දේට සොරි ඩොක්ටර් විරේන්. දැං කරන උදව්වට තැන්ක් යු. "
විරේන් හිනා වෙවි ඔලුව වන වන ඉස්සරහටියේ මනුලිත් එන්න කියන්.
කොරිඩෝ තුනකිං හැරිලා ගිහින් නැවතුනේ වාට්ටුවක් ඉස්සරහ.
එ් වාට්ටුව දැක්කාම මනුලිගේ කට හායි ගාලා අැරුනා.
කැලනියේ ට්‍රේනින් වෙන්න දාපු හොස්පිට්ල් එක වගේ නෙමේ. වාට්ටුවටම අැදවල් පහයි. වාට්ටුව මැද අලි නාවන්න පුලුවන් වලක්. කඩවලේ....
මනුලි හිතින් ප්‍රේ කර කර හිටියේ මේක තමන්ගේ වාට්ටුව වෙන්න එපා කියලා.
" මේ තමයි වාට්ටු අංක 3 . ඕකට එහායින් තින්නේ 4 , 5. මම ඉන්නේ අර පේන වාට්ටුවේ 6 , 8 , 10 . "
මනුලි අැස් දෙකත් චූටි කරන් හා කියන්න ඔලුව වැනුවා.
" එහෙනම් මම යනවා . ලන්ච් ටයිම් එකට අනිත් අයත් හම්බවේවි. එ්ත් අද ඉන්නේ දොස්තරලා හතරයි. අනිත් අය සේරම නිවාඩු. "
" අා....හා හා . අැත්තටම ගොඩක් ස්තුතියි ඩොක්ටර් විරේන්. "
" යු අා වෙල්කම් ඩොක්ටර් මහීෂා. "
" ඩොක්ටර් විරේන් කියන තැනකට වදින්නම්. ඔය කැල්ල කියන්න එපා. මම අාස නැ "
නලලට අත් දෙක අරන් වැදගෙන කියන කෙල්ල දිහා විරේන් බලන් හිටියේ බඩ අල්ලං හිනා වෙවි..
" හරි හරි . අයිම් සොරි. මම යන්නම් ඩොක්ටර් මනුලි."
විරේන් හිනා වෙවිම වෝඩ් එකට ගියා.
මනුලි බැග්ගෙත් උස්සං වෝඩ් එකට හාහා පුරා කියලා අඩිය තිබ්බා.
අැදවල් පහක් දාපු තුනේ වාට්ටුවේ ලෙඩ්ඩුත් තුනයි හිටියේ.
වයසක දෙන්නයි පොඩි දරුවෙකුයි.
හැමෝම එක්ක හිනා වෙවි මනුලි වලවල් උඩින් පැන පැන ගිහින් අැතුල් වුනේ හතරේ වාට්ටුවට.
ලෙඩ්ඩු දෙන්නෙක් විතරක් හිටිය හතරේ වාට්ටුවේ තත්වේ නම් යංතං තුනේ වාට්ටුවට වඩා හොදයි.
හිටිය ගැබිනි මව්වුරු දෙන්නා එක්ක කට පුරවලා හිනා වෙවි අායේ ගියේ පහේ වාට්ටුවට.
" මුගේ අප්පගේ වාට්ටු හැදිල්ලක්නේ . "
එක පේලියට බිත්තියෙන් බිත්තිය වෙන් වෙලා හදලා තින වාට්ටු තුනේ යන ගමන් මනුලි කල්පනා කරා.
පහේ වාට්ටුවේ හිටියේ එකම එක ලෙඩයි.
එත් වයසක මනුස්සයෙක්.
හිනාව පනාව වගේ දාගෙන මනුලි අායේ හැරිලා ගියේ තුනේ වාට්ටුවට.
කොළඹ ඉස්පිරිතාල වල තින පහසුකම් වලින් 2% ක් වත් නැති සේ ඉස්පිරිතාලෙ ඉන්න ලෙඩ්ඩුන්ට කොච්චර දුෂ්කර අැතිද කියලා මනුලිට තේරුනා.
එදා දවසම දවල් වෙනකම් ලෙඩ්ඩු එක්ක කතා කරලා මනුලි ගියේ ස්ටාෆ් රූම් එකට.
" අා එන්න ඩොක්ටර් මනුලි "
විරේන් මනුලිං දැක්ක ගමන් කතා කරාට හිටිය අනිත් ඩොක්ටර්නම් ඔලුවවත් උස්සලා බලන්නැතුව ෆෝන් එකට ඔලුව ඔබන් ඉද්දි.
" කොහොමද ඩොක්ටර් මනුලි . "
" හොඳයි ඩොක්ටර් විරේන්. "
" අා අසංක මේ ඉන්නේ අලුත් ඩෝක්ටර් මනුලි මහීෂා . ඩෝක්ටර් මනුලි මේ ඉන්නේ අසංක රණේෂ් වීරනායක. "
" නයිස් ටු මිට් යු ඩොක්ටර් "
මනුලි හිනා වෙවි කිව්වේ දැං නැතුවට දැං වත් මේකා බලයි කියලා.
" මි ටු. "
ඔලුව උස්සලා බලපු අසංක අායේ වෙන සිහියකිං වගේ ඉක්මන්ට ලැප් එක දිගැරගත්තා.
" ඕක තියලා වරෙන් කන්න අසංක. "
විරේන් නැගිට්ටේ අසංකගේ පිටටත් තට්ටු කරන්.
" යමු ඩොක්ටර් මනුලි "
" ඩොක්ටර් විරේන් මට හැම තිස්සෙම ඩොක්ටර් මනුලි මනුලි ගාන්න එපා. මනුලි කියන්න. "
විරේන් හිනා වෙලා හා කියන්න ඔලුව වැනුවා.
මනුලිව ගනං නොගෙනම නැගිටලා ඉස්සරහ දොරෙන් එලියට ගියපු අසංක දිහා දෙන්නම බලන් හිටියේ ඉනේ අත තියන්.
" එ් එයාගේ හැටිද ඩොක්ටර් විරේන් ? "
" උෟට පොඩ්ඩක් මූලග්ගින්න මනුලි. අනික මට විරේන් කිව්වාම අැති හොදේ. "
දෙන්නම හිනා වෙවි අත හෝදන් එද්දි අසංක වාඩිවෙලා බලන් ඉන්නවා.
" මනුලිත් අපි එක්ක කනවද ? වෙනම කනවද ? අපි සාමාන්‍යයෙන් එකට කන්නේ. අපි කිව්වේ ඉතිං අපි දෙන්නා. "
" මම එන්නම් මටත් ප්‍රශ්නයක් නැ. "
තුන් දෙනා බත් කන ගමන් කතාවට වැටුනා.
එ්ත් අසංක නෙමේ මනුලිව මායිම් කරේ තඹ සතේකට.
මනුලිත් සෙකන්ඩ් වෙනවද නැනේ..... නැනේ.
මනුලිත් උබ ඔහොම නම් මාත් එහෙම තමයි ගානට විරේන් එක්ක කයියක් දාන් හිටියා.
" මම හිතුවේ විරේන් අයියා අපේ වයසේ කියලා. බැලින්නම් බැදලත්නේ "
" එව්වට අපි ඉක්මන් නංගි. හැබැයි මූට නම් කසාද ගැන හැගිමක් නැ. "
අසංක රවලා බලලා අායේ කන්න ගත්තා.
" මම ඉතිං අවුරුදු 27 වෙද්දිම මැරි කරා. නංගිට දැන් අවුරුදු 26 යිනේ. මට දැං 28 ක්. "
" මම නම් දැම්ම මැරි කරන එකක් නැ. හිතුනොත් ලෙඩ්ඩුන්ට බෙහෙත් කරන් තනියම ඉන්නවා. "
" ඔහොම කියන උං තමයි සේරටම කලිං මගුල්කැවේ. "
අසංක කතා කරේ දෙන්නම අසංක දිහා බලද්දි.
" හම්මට මූට කතා කරන්න පුලුවන්. ගැම්මක් තමයි මූලග්ගිනි ඩොකෝ "
මනුලි හිත හිතම කතා කරන්න ගත්තා.
" එ්ත් මම දන්නවා මට තනියම ඉන්න පුලුවන් කියලා ඩොක්ටර් අසංක "
" මම අල්ල ගත්තයැ. ඉන්නවා "
" හරි හරි නවත්ත ගනිං. "
විරේන් මැද්දට පැන්නේ නැත්තං සේරම චක බ්ලාස්ට් කරගන්න අසංකයි මේ ට්‍රැක් අවුට් මනුලි රන්ඩු වෙන නිසා.
කාලා ඉවර වෙලා මනුලි අායේ ගියේ වෝඩ් එකට.
මනුලි පේෂන්ට්ලා එක්ක කතා කරකර හිටියේ ඉස්පිරිතාලේ ගැන විස්තරත් දැන ගන්න.
" නැ නැ තාත්තේ , ඔයා ඔයි ටික ඔහොම බීලා බැ "
මනුලි ඔලුව උස්සලා බැලුවේ අල්ලපු වාට්ටුවකිං අැහුන සද්දෙට.
අසංක තමයි. වෙන කවුද ?
අසංක පේෂන්ට්ලා එක්ක හිනා වෙවි ෆ්‍රෙන්ඩ්ලි විදිහට බෙහෙත් කරනවා.
" මේ මිනිහට එ්ම ඉන්න පුලුවන්ද ? මට නේ මුගේ සේරම කැටයම් දාන්න අාවේ. "
මනුලි ටිකක් වෙලා එ් කෝලම් දිහා බලන් ඉදලා අායෙත් තමන්ගේ වාට්ටුවේ අය එක්ක කතාවට වැටුනා.
දවසම මහන්සි වෙලා අායෙත් මනුලි ගෙදර ගියේ විරේන් වගේම තව කිහිප දෙනෙක්ම අදුරගෙන.
**********************************************************
ගෙදර ගිහින් අැදට වැටිලා මනුලි අද දවස ගැන කලපනා කරා.
විරේන් , මූලග්ගිනිකාර අසංක , අහිංසක ලෙඩ්ඩු .
කල්පනා කර කර ඉන්න අතරේ මනුලිට හොඳටෝම නින්ද ගියා.
**********************************************************
දවස් ගෙවි ගෙන ගෙවි ගෙන ගියේ මනුලි ඉස්පිරිතාලේ වැඩ එක්ක බිසි වෙවි .
ස්ටාෆ් එකේ හැමෝම එක්ක හොදින් වැඩ කරද්දි.
හැබැයි අසංක නැතුව.
අදත් උදේම වාට්ටුවට ගිහිපු මනුලි හැමෝටම බෙහෙත් කරලා එලියට එද්දි අසංකගේ වැලමිටේ මූණ වැදුනේ මනුලි මූණත් අල්ලං කැ ගහද්දි.
" අනේ.....අම්මා අැහැ ගැලවුනාද මංදා.....පොලොස් කොට්ටෝරුවා. "
අසංක නොදැක්ක ගානට යන්න ගියත් පොලොස් කොට්ටෝරුවා කියලා කිව්ව නිසා යකා වගේ අැස් රතු කරන් හැරිලා අඩියට දෙකට ලං වුනේ මනුලිට.
" තමුසේ මොකද්ද කිව්වේ ? "
කියවලම බලමුකෝ😈
Written by Sp