You Will Never Be Ready, So Just Start…!!
Batusඔයාට මට අපි හැමෝටම ලොකුම ලොකු ලස්සනම ලස්සන ඩ්‍රීම්ස් ගොඩාරියක් අපේ ජීවිතේ ඇතුලෙ තියෙනව,
ඒ වගේම ජීවිතේ සක්සස් කරගන්න තියෙන ආශාව අධිශ්ඨානය වගේම ජීවිතේ හඹා යන්න ඕනි ඉලක්ක ගොඩාරියකුත් අපි එක්කහු කරගෙන අපේ ගාව තියෙනවා.
ඒත් ඇත්තම කතාවා අපිට ඒ හීන වගේම ඉලක්ක පස්සෙ දුවන් යන්න අපි 100% රෙඩී කියන ෆීලින් එක අපිට එන්නෙ ණෑ මොකද අපි ඒකට ටිකක් බයයි අපිට වැරදෙයි කරගන්න ඹැරිවෙයි මේක හරිම කාලෙ නෙමෙයි වගේ හේතු නිසා.
ආ ඒ කිසි දෙයක් කමක් නෑ කියමුකෝ...
ඒත් ඔයා බලන් ඉන්නවනේද ඔයාගෙ හීන වගේම ඉලක්ක වලට හඹා යන්න හරිම කාලෙ ඒ කියන්නෙ පර්ෆෙක්ට් ටයිම් එක ඔයාගෙ ජීව්තේට එනකන්.
ඇත්තටම කිව්වොත් එහෙම පර්ෆෙක්ට් ටයිම් එකක් කවදාවත් ඔයාගෙ ජීව්තේට එන්නෙ ණෑ ඒක ඉමැජිනේශන් එකක්ම විතරයි.
හැම වෙලාවකදිම ඔයාගෙ හීන වලට යන පාරට මොකක්ම හරි බාධාවක් අනිවාර්‍යෙන්ම එනවා ඒම ආවම ඒව විසදිලා පර්ෆෙක්ට් ටයිමින් එකක් එනකන් බලන් ඉන්න එකනෙ ඔයාලා ගොඩක් වෙලාවට කරන්නෙ.
ආ මේක එවර උනාම කරනව ඒ ප්‍රශ්නෙ එවර උනාම වැඩ කරනව. මේ දේවල් එක්ක මට කරගන්න ඹැරිවෙයි.
මේ ප්‍රශ්න එක්ක මොන ඉලක්කද....
ඒත් මගෙ ලමයෝ ඔයා දන්නවත් ඇති අපේ මේ ජීව්තය හරිම පර්ෆෙක්ට් විදියට කිසිම ප්‍රශ්නයක් නැති කාල එන්නෙ හරිම කලාතුරකින්.
ඉතින් ඔයා ඒම ඔයාගෙ ජීවිතේ පර්ෆෙක්ට් වෙලා ප්‍රශ්න කරදර ණැති කාලෙක ඔයාගෙ හීන ඉලක්ක වලට යන්නන හිතාගෙන ඉන්නවනම් අනෙ සුදු පුතේ උබ ජීවිතකාලෙම ඒ දවස එනකන් බලාගෙන ඉදීවි.
ඔයාගෙ සක්සස් එක ඔයාව හොයාගෙන එන්නෙ ඔයා ඒකට ෆුලී රෙඩී උනාම නම් නෙමේ ඒක එන්නෙ ඔයා සක්සස් වෙන්න හිතාගෙන ඒක වෙනුවෙන් වැඩ කරන්න හිතාගත්තු දවසෙමයි.
ඉතින් ඔයාගෙ ජීව්තේට එන ප්‍රශ්න කරදර අමාරු අවස්තා වලදි ඔයාගෙ කම්ෆොර්ට් සෝන් එකෙන් එලියට ඇවිල්ලා ඒවට හොදට ෆේස් කරන්න පටන් ගත්තු දාට ඔයාගෙ ජීව්තේ ග්‍රොව්ත් එකක් සිද්ද වෙලා ඔයාගෙ ජීව්තේ ස්අඹෑම වෙනසක් වෙන්න පටන් ගනීවි.
You will be learn by doing.
ඔය උඩ තියෙන එකේ තියෙනව වගේ ඔයා දේවල් කරන ගමන් ඉගෙනගද්දි ඔයාට වෙන හැම අත්වැරැද්දකින්ම හැම පසුඹෑමකින්ම හැම චූටිම හරි දිනුමකින් සතුටකින්ම,
සරලවම කිව්වොත් ඔයා ඉගෙනගන්න කරන කියන හැමදේකින්ම ඔයා ඔයා නොදන්න දේවල් හුගාරියක් ඉගෙන ගන්නවා ජීව්තේට වගේම ජීවිතේ දිනන්න සක්සස් වෙන්න ඕනි කරන දේවල් හුගක් දෙනවා.
චුට්ටක් හිතන්න අපේ ඉතිහාසයේ වෙච්චි ලොකු ලොකු ජයග්‍රහණ ගැන....
ඔයාල හිතන්නේ ඒ දේවල් කරපු මිනිස්සු එයාලා ඒ දේවල් කරම්න පටන් ගන්න කොට පර්ෆෙක්ට් විදියට රෙඩි වෙලා හිටියා කියලද...?
නෑ නෑ කොහෙත්ම නැ...
එයාලත් ඔයාල වගේම ඔයාලටත් වඩා බය, සැකය සහ වගේම පසුබෑම් වලට ෆේස් කරා වගේම එයාලා ඒව ඔක්කොමත් ඉවසගෙම කොහොම හරි ඒ ඒව ජයග්‍රහනය කරා අරගෙනත් ගියානෙ.
එයාල එහෙම කරේ එයාලා තේරුම් ගත්තා
ක්‍රියාව කියන්නෙ බයට තියෙන ප්‍රතිනාශක බෙහෙත කියන එක.
ඒ වගේම එයාල තේරුම් ගත්තා ප්‍රගතිය කියන දේ ගොඩනැගෙන්නෙ බලාසිටීමෙන් නෙමේ එවෙලෙ ඉදන් වැඩ පටන් ගන්න එක තුලින් කියලා.
ඔයාලා ඔයාලගෙ වැඩ කරන්න පටන් ගන්න කොට, ඔයාලට ඒ ගැන අවිනිශ්චිත බවක් දැනුනත් , ඔයා දිගටම වැඩ කරන්න පටන් ගත්තම ඔයාට ඔයාගෙ ක්‍රියාවලිය ගැන විශ්වාසයක්, කැමැත්තක් ඇති වෙනව.
Action breeds confidence.
ඒ කියන්නෙ ඔයා ඔයාගෙ හීන ඉලක්ක වලට දිගින් දිගටම වැඩ කරන්න කරන්න ඔයාගෙ විශ්වාසය කන්ෆිඩන්ස් එක වැඩිවෙනවා ඔයාට ඔයා ගැනම.
ඔයා ඉස්සරහට යන්න ගන්න පියවර ගාන වැඩි වෙන්න වැඩි වෙන්න තරමට, ඔයාට තේරුම් යනව be ready කියන්නෙ සෑම දෙයක්ම හරියට පිලිවෙලට ප්‍රශ්න ණැති විදියට නිශ්චිතව තියාගන්න එක නෙමෙයි මොන විදියෙ අවිනිශ්චිත භාවයක් තිබුනත් ඒ දේ කරන්න පටන් ගන්න එකයි කියලා.
ඉතින් ලමයෝ, ඔබ පැත්තකට වෙලා ,කිසිම දෙයක් නොකර ඔයාගෙ පර්ෆෙක්ට් ටයිම් එක එනකන් බලන් ඉන්නවනම් , මේ ඇවිල්ල තියෙන්නෙ ඒක තම.
මේ ඔයාට ස්ටෙප් එකක් ඉස්සරහට යන්න ඔයාට හැම දෙයක්ම හරියනකන් පර්ෆෙක්ට් වෙනකම් ඉන්න ඕන්ජ් නෑ කියන රිමයින්ඩර් එක තමා මේ.
මේ ලෝකයට ඕනි වෙන්නෙ ඔයාගෙ වටිනා ලස්සන අදහස්, ඔයාගෙ ශක්තිය, ඔයාගෙ ආශාවන් හෙට දවසට නෙමෙයි අද දවසටයි,
මොකද ඔයා ජීවත් වෙන්නෙ වර්තමානයෙ මිසක් අතීතයෙවත් අනාගතයෙ වත් නෙමෙයි.
ඔය ලමයා හිතනවටත් වඩා ඔයා ගොඩාරියක් දක්ෂයි.
ලොකු ලොකු දේවල් ඕන්ණෑ මුලින්ම චූටියට පටන් ගන්න, දන්නවා අවුල් වෙයි තමා වෙයි ඒත් පටන් ගන්න,කොහොම හරි පටන් ගන්න මොකද ඒක වැදගත්.
මොකද ලමයෝ ඔයා දන්නවාද ඔයාට කොයිම වෙලාවකවත් සම්පූර්ණයෙන්ම සූදානම් කියලා ඔයාට දෑනෙන්නෑ.
ඒවගේම සක්සස් එක කියන්නෙ පර්ෆෙක්ට් කියන එකත් නෙමෙයි, ඒවගේම කොයිම වෙලේකවත් සම්පූර්ණයෙන්ම සූදානම් බවක් දැනෙන්නෙත් නැ.
සාර්ථකත්වය කියන්නෙත. නිකම්ම නිකම් ඔයාගෙ ප්‍රගතිය ගැන දෙයක් විතරයි.
අන්න ඒක ඒක නිසා ජීවිතේ පොඩි පිම්මක් පනින්න.
අහියෝග භාර ගන්න.
කම්ෆර්ට් සෝන් එකෙන් එලියට එන්න.
ජීවිතේ හීන පස්සෙ පිස්සුවෙන් වගේ දුවගෙන යන්න.
පර්ෆෙක්ට් ටයිම් එනකන් ඉන්නැතිව හැම වෙලාවක්ම පර්ෆෙක්ට් ටයිම් එකක් කියලා හිතාගෙන වැඩ කරන්න අන්ම එතකොට ඔයා ඒ පාරෙ යනකොට නිකන්ම ඔයාට යන්න පාත් එක හැදේවී.
You've got this ලස්සන ලමයෝ...!!
©බටුස්❤🌻.
batumoju🖤💛.
𝖫𝗂𝗍𝗍𝗅𝖾 𝖲𝖾𝖼𝗋𝖾𝗍🍃🇱🇰.
T.me/LittleSecretSL