YOG'TZE murder case

YOG'TZE murder case

ᴸᴵᵀᵀᴸᴱ ˢᴱᶜᴿᴱᵀ•



ඝාතණයක් සිදු කිරීමට කෙතරම් දුශ්ට සිතක් අවශ්‍යද, කොතරම් වෛරයක් අවශ්‍යද, ඒ වගෙම කොතරම් හිත ගල් විය යුතුද. ඒ ගැන අමුතුවෙන් කීමට අවශ්‍ය නැහැ. ඝාතකයන් කියන්නෙ මෙ ලෝකයෙ සිටින දරුනුතම මිනිසුන් කිව්වොත් හරි. ඉතින් මෙ දරුණු සිත් ඇති මිනිසුන්ගෙන් කොටසක් කල වැරදි වලට පසුතැවෙනවා. ඒ ඔවුන් තාවකාලික ලෙස ඝාතණයන් සඳහා වෛරයක් උපදවාගන හිත තාවකාලිකව ගල් හිතක් කරගත් නිසා. ඒත් තවත් පිරිසක් සිටිනව ඔවුන් කිසි සේත්ම කල වැරදි ගැන පසුතැවිමකට ලක් වෙන්නෙ නැහැ. උදාහරණයක් වශයෙන් 1983 / 1984 වර්ශයන් වල ජීවත්ව සිටි රිචඩ් රැමිරස් නම් ඝාතකයා පෙන්වා දෙන්න පුලුවන්. මොකද ඔහු ඝාතන කිහිපයක්ම යම් රටාවකට කල දාම ඝාතකයෙක් නිසා. ඔහු ඒ කල කිසිම ඝාතණයකට පසුතැවිම් නොවු අතර මිය යන තෙක්ම ඒ ඝාතණයන් ගැන ආඩම්බරයෙන් පසු වු බවට සඳහන්. මක් නිසාද දාම ඝාතකයන්ගෙන් බොහොමයක් මනෝ ව්‍යාදිකයන් වන නිසා. ඉතින් මම හැම දාම වගෙ අදත් අභිරහස්ව වැලලී ගිය ඝාතණ සිදුවීමක් ලියන්න හිතුවා. මේ සිදුවීම අනෙක් අභිරහස් කතා වලට වඩා වෙනස් මුහුණුවරක් ගන්නෙ මේ ඝාතණයෙ තිබෙන පැටලිලි සහගට්ජ බව නිසායි. සාමන්‍යෙන් ඝාතණයක් විසඳීමට සාක්ශි අවශ්‍යයි. එහෙත් මෙම ඝාතණයෙ සාක්ශි නිසාම ඝාතණයෙ විසඳන්න තිබෙන ඉඩ ඇහිරි ගොස් තිබෙනවා.

මෙම ඝාතණ සිදුවීමට මුහුණ දෙන්නෙ ගුන්තර් ස්ටෝල් නම් පුද්ගලයායි. ඔහු අනෙක් මිනිසුන්ට වඩා වෙනස් වූවෙ ඔහුගෙ නිශ්ශබ්දතාවය සහ ගුප්ත හැසිරීම් නිසාවෙනුයි. ඉතින් මෙ කතාව 1984 වර්ශයේදි සිදු වූවක්. ගුන්තර් ස්ටෝල් කසාද බැන්දෙ ඔහු ආදරය කල කාන්තාවමයි. මෙ දෙදෙනා ආදරයෙන් ජීවත් වුනා. ඒත් ගුන්තර් යම් කිසි පිරිසක් සමග සම්බන්දකම් පවත්වනවා කියන සැකය බිරිඳගෙ හිතෙ තිබුණ දෙයක් මොකද අවුරුද්දක වගෙ කාලයක ඉඳන් ඉතාමත් රහස් ජීවිතයක් තමා ගුන්තර් ගත කලේ. ඔහු දුරකථනයෙන් කතා කලත් කොහෙ හරි ගියත් හැම දේම රහසේම කල නිසා බිරිඳට සැකයක් ඇති වෙලා තිබුනා. ඒ වගෙම ගුන්තර් බිරිඳට ඔහු සමග සම්බන්ද වී සිටින පිරිස ගැන අනතුරුද හැගෙව්වා. ඒත් ඔවුන්ගෙ නම් ගම් කිසි දෙයක් බිරිඳ සමග පැවසුවෙ නැ ඔහු දුන් එකම ඉඟිය වූවෙ "ඔවුන්" කියන වචනය පමණයි. නිතරම "ඔවුන්ට හානි කිරීමට අවශ්‍ය" බවත් නැතිනම් "ඔවුන් තමාව මරා දමාවි" යන වගත් බිරිඳට නිතටම කියන්න ගත්තා. ඉතින් ම්‍ර්‍ර් ඔවුන් යනුවෙන් හඳුන්වන්නෙ කා ගැනද . මොකක් හො කල්ලියක් සමග ගුන්තර්ට සම්බන්දයක් තිබුනාද නැතිනම් ගුන්තර් කියන්නෙ රහස් කල්ලියක සාමාජිකයෙක්ද. ඔහුගෙ කල්ලිය තව කල්ලියක් සමග ගැටුමක් ඇති කරගනද යන වග බිරිඳට වැටහෙන්න ගත්තෙ නැහැ. මොකද මෙ කියන දේවල් බිරිඳ වැඩි සැලකිල්ලක් නොදක්වපු නිසා. බිරිඳ බියෙන් සිටියෙ ඔහුට මානසික පීඩනයක් හො යම් මානසික ගැටලුවක් තිබෙනවාද යන වග විතරයි. මක් නිසාද ගුන්තර් මෙ දේවල් කියවන්නෙ හරියට මානසික ප්‍රශ්නයක් තියන කෙනෙක් වගෙයි. ඇත්තටම ඔහුට තිබෙන මෙ ප්‍රශ්නය මානසික වදයක් වෙන්නට ඇති කියල සිතන්නට පුලුවන්

ඉතින් මෙලෙස කාලය ගත කල ගුන්තර් වැඩි කතා බස් නැතුව ජීවිතෙ සාමාන්‍ය පරිදි ගෙවාගන ගියා. ඔහු එක් දිනක්. එනම් 1984 වර්ශයේ ඔක්තෝම්බර් මස 25 දින සවස් වරුවෙ සාමන්‍ය විදියට පුටුවක වාඩි වී රූපවාහිනිය නරඹමින් සිටියා. විනාඩි කිහිපයක් ගෙවී ගිය ඔඅසු ඔහු රූපවාහිනිය වසා දමා ඔහුගෙ කාමරයට පැමිණෙනවා. ඉතින් සාමන්‍ය පරිදි මෙයා තමන්ගෙ රැකියාවට අවශ්‍ය දේවල් කරමින් සිටියා. ඔහු සාමන්‍ය රැකියාවක්ම නෙමෙයි කලෙ. ගුන්තට් වෘතිමය වශයෙන් ආහාර ප්‍රමිති සම්බන්ද පුද්ගකයෙක් . ආහාර වල තත්වයන් මෙන්ම ප්‍රමිතින් ගැන සොයා බැලීම ඔහුගෙ රාජකාරිය වූ අතර ඒ සම්බන්දව කාලය ගත කලා. ඉතින් සවස් යාමයෙ ඔහුට බිරිඳ තේ පැන් සංග්‍රහයක්ද කල අතර ඔහු තේ එක පාණය කරමින් සිටියදි "ජෙට්ස්ට් ගේට් මිර් අයින් ලිච්ට් අවුෆ්" යනුවෙන් කෑ ගැසුවා. ඔහු ජර්මානු භාශාවෙන් කැසුවෙ "එය මට ලැබිනි" යනුවෙනුයි. ඉතින් ඔහුට කුමක්ද ලැබුනෙ මොකක් සම්බන්දයෙන්ද. රැකියාව සම්බන්දයෙන්ද යන්න ගැටලුවක් මතු වෙනවා. හැබැයි මෙ කාලය වෙනකොට ඔහුට රැකියාව සම්බන්දව අස්තාවරයක් තිබු නිසා ඔහුට ස්ථීර පත් වීමක් වගෙ දෙයක් ලැබිනාද යන්න සැක සහිතයි. එ සම්බන්දව දැනගැනිමට ඖගෙ බිරිඳට කාලයක් තිබුනෙ නැහැ. ඔහු ක්ශණයෙන් නැගිට අසල තිබු කොල කෑල්ලක යම් දෙයක් ලියනවා. ඒ සැනින් ගුන්තර් නිවසෙන් පිට වන අතර ඔහුගෙ පුද්ගලික කාර් රථයෙන් නිවසින් පිටත්ව යනවා. ඔහු කෙලින්ම ගියේ අසල තිබූ බාර් එකකට බව නම් සහතිකයි. මක් නිසාද කිහිප දෙනෙක්ම ඔහු බාර් එකෙ සිටිනවා දැක තිබෙනවා. මෙලෙස බාර් එකට ගිය ගුන්තර් බියර් එකක් පාණය කලා. පෙනෙන විදියට නම් ගුන්තර් යම් දෙක සතුට සමරනවා වගෙයි පෙනෙන්න තියෙන්නෙ. ඉතින් ඇත්‍තටම උන දේ දන්නෙ ගුන්තර් පමණයි

මෙලෙස පළමු බියර් වීදුරුව පාණය කරන්න ගත් ගුන්තර් යම් ප්‍රීතියකින් ඉන්න බවක් පෙනෙන්නට තිබුනා. ඔහු තනිව සිනාසෙමින් බියර් එකද සෙමෙන් බොන අතර බාර් හිමියන් සමගද සුහදව කතා කලා. ඔය අතරෙ එතන හිටපු තවත් පුද්ගලයෙක් සමග කතාවට වැටුන ගුන්තර් ඔහු සමග බියර් වීදුරුව පාණය කලා. මෙ නාදුන පුද්ගලයා සමග මෙලෙස කාලය ගත කල ගුන්තර් තව බියර් වීදුරුවක් ගෙන්නාගත් අතර එයද සෙමෙන් බොන ගමන් බාර් එකෙ සිටි පුද්ගලයා සමග කතවට වැටුනා . ඉතින් ලොකු බියර් වීදුරු දෙකක් පාණය කලද ගුන්තර් ඇවිදින්න බැරි තරම් මත් උනෙ නැහැ. ඒත් ඔහු එතැනින් නැගිටින්න උත්සහ කරන අතරයේ එක වරම ඔහු බිම ඇදගන වැටෙනවා. මේ වැටිල්ල ටිකක් තදට වැටුනා. මොකද වැටිල මෙයාගෙ මුහුණ බිම වැටිලා තුවලා උන නිසා. ඉතින් ඔහුට නැගිටින්න උපකාර කලෙ ඔහු සමග බාර් එකෙ හිටපු අනෙක් පුද්ගලයායි. ඔහු ගුන්තර්ව නැගිට්ටවා මුහුනෙ ගෑවු ලේද පිස දැමු අතර සුලු මොතොතක් ගුන්තර් එතැන ඉඳගන සිටියා. පසුව ඔහු සමග කතාවට වැටුන පුද්ගලයාටද සමු දී බාර් එකෙන් එලියට ගියපු ගුන්‍තර් තම පුද්ගලික මෝටර් රථය අසලට ගොස් එයට ගොඩ වැදුනා. ඉතින් ඔහු නොදැන සිටියාට මෙ තමා ඔහු ගත කරන අන්තිම රාත්‍රිය. මෙම රාත්‍රිය ගුන්තර්ගෙ ජිවිතෙ අවසනාවන්ත මරණයක් කරා රැගෙන යනවා. පසුව කාර් රථයට නැගි ගුන්තර් එතැනින් පිටත් වෙනවා

මෙහෙම මෝටර් රථයෙන් පිටත් වූ ගුන්තර් කොහෙද ගියෙ මගදි කවුරු හො හමු උනාද කියන එක කවුරුත් දන්නෙ නැහැ මොකද ඔහු බාර් එකෙන් පිට වී පැය 2ක් පමණ කාලයක් ගෙවී ගිය පසුවද නිවසට පැමිණියේ නැහැ. බාර් එකෙ සිට නිවසට ලොකු දුරක් නැති නිසා ඔහුට එම ගමනට පැය දෙකක් වැය වෙන්න කිසිම විදියකින් අවස්තාවක් නැහැ. එහෙනම් ඔහු නිවසට නොයා වෙන කොහෙ හරි යා යුතුයි. ඉතින් ඔහු පැය 2ක කාලයක් පාරට වී සිටියේ නැහැ. ඔහු මෝටර් රථයෙන් හයිගර්සෙල්බැක් නම් මහළු කාන්තාවගෙ නිවස වෙත ගියා. මහළු කාන්තාව සහ ගුන්තර් පවුල සමීපව හඳුනනවා. ඉතින් ගුන්තර් හයිගර්සෙල්බැක් නිවසට ගියත් එම මහළු කාන්තාව ගුන්තර්ව නිවසට වද්දගන්නෙ නැහැ. මොකද ඒ වෙනකොට වේලාව පාන්දර 1ට පමණ ඇති. බිරිඳද නිවස්ව් තනිව තබා මෙලෙස ඇවිදීම නුවනට හුරු නොවන නිසා එම කාන්තාව ගුන්තර්ව ආපසු හරවා යවනවා. ඉතින් ඇයට ගුන්තර් යම් කිසි භයානක දෙයක් වෙන්න යන්නෙ මාව නිවස තුලට ගන්න යැයි පැවසුවත් මහළු කාන්තාව එය ප්‍රතික්ශේප කර තමන්ගෙ නිවසට යන ලෙසට අවවාද කලා. අනිත් කාරණය නම් බාර් එකෙ සිට මහළු කාන්තාවගෙ නිවසටද පැය 2ක දුරක් නැහැ. එසේනම් ඔහු එම කාලය කොහේ හෝ ගත කර තිබෙනවා. ඒ කොහොම උනත් මහළු කාන්තාව නිවසට ගොඩ වෙන්න නොදුන් නිසා ඔහු නැවත හැරි තමන්ගෙ මෝටර් රථයට නැගී එතැනින් පිටත් වීම අරඹනවා. යාමට කලින් නැවත වරක් යම් භයානක දෙයක් වන බවට මහළු කාන්තාව වෙත පවසලා තමා පිටත් වෙන්නෙ. ඇය ඒ කීම ගනන් නොගත්තෙ ඔහු බීමතින් සිටිනවා යැයි සැක කල නිසායි.

මෙලෙස මහළු කාන්තාවගෙ නිවසේ සිටි මෝටර් රථය දාවනය කරගන ගියපු ගුන්තර් ඔහුගෙ නිවසට පැමිණියා යැයි මහළු කාන්තාව සිතුවත් එය එසේ සිදු වූවෙ නැහැ. ඔහු පිටත්ව ගිය සැනින් මහළු කාන්තාව ගුන්තර් නිවසට ඇමතූ අතර ඔහු එහි පැමිණි බව බිරිඳව දැනුවත් කලා. ඒත් පාන්දර 2 වන තුරුත් ගුන්තර් නිවසට පැමිණියේ නැහැ. බිරිඳ ඔහු ඇවිත් සීනුව නාද කරයි කියල හිතලා නින්දට ගියා. මෙලෙස පාන්දර 3ද පසු වූවත් ගුන්තර් පැමිණියෙ නැහැ. එසේ නම් ගුන්තර් සිටින්නෙ කොහෙද ?. ඔහු පාන්දර 1ට පමණ හයිගර්සෙල්බැක්ගෙ නිවසින් පැමිණි අතර ඔහු අධි වේගි මාර්ගයක දාවනය කර තිබෙනවා. ඔහු ආ ගිය තැන් කිසිවෙක් නොදැක්ක අතර පසුව පාන්දර 3ට පමණ ඔහුව සොයාගන්නෙ නිරුවතින් මිය ගොස් සිටියදීයි. පාන්දර 3 පසු වී සුලු මොහොතක් ගෙවී අවසන්ව ගිය පසු හයිගර්සෙල්බැක්ගෙ නිවසෙ සිට කිලෝමීටර් 100ක් පමණ දුරකින් පිහිටි හේගන් සූඩ් නම් මාර්ග පිටවීම අසල ඔටෝබාන් 45 මාර්ගය හරහා දාවනය කරමින් සිටි ලොරි රථ රියදුරන් දෙදෙනෙක් ගුන්තර් ස්ටෝල්ගෙ කාර් රථය සොයා ගන්නවා. ඔවුන් ගමන් ගනිමින් සිටියදි සැක සහිත ලෙස මෝටර් රථයක් පාර අසල නවතා තිබෙනව දැකිමෙන් තමා ඔවුන් සෝදිසි කරල බලන්නෙ. මොකද කාර් රථය අනතුරකට ලක් වූ ස්වරුපයක් පෙනෙන්න තිබූ නිසා. ලොරි රථ රියදුරන් දෙදෙනා කාර් රථය අසලට පැමිනෙන විට සුදු ජැකට් එකක් දමා ගත් මිනිසෙක් හිටගන ඉඳලා තියනවා. ඒත් ඔහු කවුරුන්ද යන වගෙ නම් රියදුරන් දෙදෙනාට හදුනාගැනිමට නොහැකි වී තිබෙනවා වගේම රියදුරන් දෙදෙනා ලඟට පැමිනි විට සුදු ජැකට් එකක් පැලඳ සිටි මිනිසා එතනින් දිව ගොස් තිබෙනවා.

ඉතින් රියදුරන් ඔහු පස පන්නාගන නොගිය අතර කාර් රථය අසලට රියදුරන් දෙදෙනා ගමන් ගන්නවා. කාර් රථය තුල ගුන්තර් ස්ටෝල් පණ පිටින් සිටිනවා රියදුරන් දුටු නිසා ඔහු අසලට ලන් වී කුමක් සිදු වූවාදැයි ඇසූ විට ඔහුගෙ පිලිතුර වූවෙ පුද්ගලයන් හතර දෙනෙක් වට වෙලා තදුන් පහර දුන් බවටයි. එම වචන ටික ගුන්තර්ගෙ අවසන් වචන බවට පත් වූවා. එ වන විටත් ගුන්තර් හොඳටම පහර කාලා නිරුවත්ව සිටි අතර රියදුරන් දෙදෙනා ක්‍රියාත්මක වී වහාම ඔහුව රෝහල්ගත කලා. අවසනාවට මෙන් ගුන්තර් රෝහලට යන විතත් මෙලොවින් සමුගන අවසන්. ගුන්තර් පැවසුවෙ හතර දෙනෙක් ඔහුට පහර දුන්න බවටයි. ඉතින් මෙ විස්තර රියදුරන් දෙදෙනා පොලිසිය වෙත කට උත්තරයක් වශයෙන් දුන් අතර ඔවුන් දෙදෙනා සුදු ජැකට් එකක් ඇදගන සිටි පුද්ගලයෙක් දුටු බවටද ප්‍රකාශ කරනවා. මෙ සාක්ශිත් සමග පොලිසිය අපරාදකරුවන් සොයා යාමෙ මෙහෙයුමක් දියත් කල අතර ඔවුන් මෙහෙයුම පුලුල් ලෙස ක්‍රියාත්මක කලා. සරලවම පොඩි පොඩි දේවල් වලින් පවා මෙ නඩුව විසදීමට පොලිසිය මහත් සේ මහන්සි වුනා

--ඔලිස් පරික්ශණ සහ කම්පන සහගත හෙලිදරවු කිරීම්--

ගුන්තර් ස්ටෝල් කිව්වනෙ ඔහුට හතර දෙනෙක් පහර දුන්නා කියලා. ඉතින් ඒක පැත්තක තියල මර්ණ පරික්ශකවරු මේක රිය අනතුරකින් වෙච්ච දෙයක්ද බලන්න පරික්ශා කරණව පොලිසියෙ දැනුවත් කිරිමකට අනුව මොකද ලොරි රථ රියදුරන් දෙදෙනා විසින් ගුන්තර්ව අනතුරට ලක් වෙලා ඔවුන් නඩුවෙන් බේරෙන්න මෙවැනි බොරුවක් කියනවාද යන්න සොයා බැලීමටයි. එහෙත් මරණ පරික්ශණ වලදො හදුනා ගන්නවා ගුන්තර්ගෙ අභ්‍යන්තර අවයව වලට පවා හාන් වෙලා ඇඟ හැම තැනම තැලුම් පහරවල් අස්ති බිඳීම් තිබෙන බව්ට. අනෙට් කාරණය නම් ගුන්තර් නිරුවතින් සිටීම . ඔහුව සම්පුර්ණයෙන් නිරුවත් කිරීමට පෙර ඔහු ඇඳුම් පැලද සිටින විටත් යම් පහර දීම් සිදු වෙලා තියනව. මොකද ඇඳුම ඉරිල ගිහින් ලේ පැල්ලම් ඉතුරු වි තිබුන නිසා. ඒකෙන් ඔප්පු වෙනව මේක රිය අනතුරක් නොවන බවටත් කවුරු හො කල්ලියක් ඔහුට් මැරෙන තුරු පහර එල්ල් කල බවට. ඉතින් මෙ පහර එල්ල අල මිනිසුන් කවුදැයි හදුනාගැබිමට ලොරි රථ රියදුරන් දෙදෙනාට නොහැකි වූ නිසා පොලිසියට ඔවුන්ගෙන් අපරාදකරුගෙ හැඩ හූරුකම් ලබාගැනිමට නොහැකි වී යනව. ලොරි රියදුරන් දෙදෙනාගෙන් ලැබුන එකම සාක්ශිය තමා පහර දුන් අයගෙන් කෙනෙක් සුදු ජැකට් එකක් පැලද සිටීම. පොලිසියෙ සොයා යාම් වලදි ඔවුන්ගෙ මතය බවට පත් උනෙ ගුන්තර් මහළු කාන්තාවගෙ නිවසෙ සිට තම නිවස දක්වා යන අතරවාරයෙදි ඔහු කවුරුන් හෝ වාහනයට ගොඩ වද්දාගන තිබෙනවා. ඒ ගොඩ වූ තැනැත්ත ගුන්තර්ව හදුනන කෙනෙක්ද යන්න ස්කයක් පවතින බැවින් ඔහු විසින් ඔහුගෙ අනෙක් සඟයන් සිටින තැනට රැගෙන ගොස් මෙ අපරාද කරන්න ඇති කියල සැක කරන්න පොලිසියට සිදු වෙනවා. ඔවුන් මොන ජාතියෙ මිනිසුන් වුවත් මන්කොල්ලකරුවන් නොවන බවට ස්ථීරයි. මක් නිසාද ගුන්තර්ගෙ පෞම්බියෙ මුදල් සොරකම් කර නොතිබීම නිසා

ඉතින් ඔය පෙර කියූ සැක කිරීමට වඩා හාත්පසින්ම වෙනස් අනුමාන කිරීම් පොලිසියට සිතන්න සිදු උනා. මොකද ගුන්තර්ගෙ කාර් එක රිය අනතුරකට ලක් වෙලා තියනව. මොකද කාර් එක පාරෙන් පිට පැනල ගිහින් ආරක්ශක වැට කඩාගන ගිහින් තිබුනේ. ඒ නිසා පොලිසිය අනුමාන කරනව ගුන්තර් කාර් එක තුල සැබැවින්ම නිරුවත්ව ගමන් ගන්නට ඇති කියල. මොකද ඔහු ගැන සොයා යාමෙදි අසල්වැසියන් ඔහු ගැන විවිද දැ කියු නිසා පොලිසිය හිතන්න ගත්තා ඔහුට යම් මානසික රෝගය තිබෙන්නට ඇති කියල. ඒ නිසා කාර් එකෙ මෙලෙස නිරුවතින් ගිය ගුන්තර් ලොකු රිය අනතුරකට මුහුන දී පාරෙන් එලියට විසි වෙලා ආරක්ශක වැටෙ වැදි ඔහුගෙ අවයව වලට හානි වෙලා මිය යන්න ඇති කියල. ඒත් ඒක සාදාරණ සහ ඔපු කල නොහැකි තර්කයක් වන නිසා එම අනුමානය ඉවත් වී යනවා. ඉතින් අනුමාන කිරීම් මෙතනින් නවත්න්නෙ නැහැ.පොලිසිය සිතන්නට ගන්නව ගුන්තර් ජර්මානු මත්ද්‍රව්‍ය වෙලඳුන් සමග ගනුදෙන්‍ය් ඇති කරගන කියල. මොකද මත්ද්‍රව්‍ය වෙලඳුන් විසින් ඔවුන්ගෙ රහස්‍ය බාව ආරක්ශා කරගන්න තර්ජනයක් වෙන අයව ඉවත් කරල දාන නිසා. ඉතින් එහෙම කල්ලියකින් ගුන්තර්ව මරා දමන්නට ඇති කියල කල සැකය නිසාම ඔහු සමග තිබූ සම්බන්දතා තිබෙන මත්ද්‍රව්‍ය වෙලඳුන් සොයා ගියද ඔහු උපරිම වශයෙන් ආශ්‍රය කර ඇත්ත බියර් සහ අරක්කු පමණක් පාණය කරන මිතුරන් වූ නිසා පොලිසියෙ මෙවර අනුමානයද වැරදී යනවා. ඉතින් මෙ හේතුවෙන් එන්න එන්නම මෙ ප්‍රශ්ණයෙ සංකීර්ණ බව වැඩි වෙනවා

YOG'TZE

ලිපියෙ මුල කී පරිදි ඔහු තන නිවසෙ සිට බාර් එක වෙත පිටත් වී යාමට පෙර කොළයක යම් දෙයක් ලියාගත්තා. ඔහු ඒ මොහිතෙ හිටියෙ සතුටින් නිසා ඒ ලියාගත් කොල කෑල්ල සාක්කුවට දමාගන තමයි බාර් එකට වගෙම අනෙක් ගමන් පවා ගියේ එම කොළ කෑල්ලෙ ලියා තිබුනේ YOG'TZE යනුවෙනුයි. ඉතින් මරණ පරික්ශණ වලට ඔහුගෙ ඇඳුම් සියල්ල ගෙනගිය අවස්තාවෙදි එම කොළ කෑල්ල ඔහුගෙ කලිසම් සාක්කුවෙ තිබී සොයාගනු ලබනවා. මෙය පොලිසියට බාර දෙන අතර පොලිසියට මෙම කොළය සාක්ශියක් ලෙස බාරගත් අතර මෙහි ලියා තිබෙන දෑ ගැන තේරුම් ගැනිමට පොලිසිය මෙන්ම තවත් රාජ්‍ය සංවිදාන වලින් මහන්සි වූ අතර ඔවුන් එම ලියවිල්ල ගැන අනුමාන කිරීම් කීපයකට එලබෙනවා.

පළමුව මෙ ලියා තිබෙන දෑ ගුවන් විදුලි සලකුණක් බවට බැලූ බැල්මෙන්ම ඔවුන් විශ්වාස කරන්න ගත්තා ඒ YO6TZE යන ගුවන් විදුළි ලකුණයි. එහෙත් මෙ ලියා තිබෙන්නෙ ඒ බව නොවන බවට තව දුරටත් සොයා යන පොලිස් පරික්ශකයන්ට තේරුම් ගිය නිසා වැඩි දුරටත් මෙ සඳහා අවදානය ලබා දුන්නා. විටෙක එය ආහාර සම්බන්ද දෙයක්ද කියා සැක සිතුනා. මක් නිසාද ගුන්තර් ආහාරතත්ව සහ ප්‍රමිතින් සම්බන්දව සිටි ප්‍රධානියෙක් වූ නිසා. YOG යනු කෙටියෙන් යෝගට් යන වචනයත් TZE යන්‍ය් යෝගට් වලට දමන රසකාරකයක් බවටත් සිතුවා . ඒත් මෙ අතර සම්බන්දයක් නැති බව නැවත වරක් පොලිසියට පෙනී ගියා. ඉතින් ඔවුන් වැඩෙ අතහැර දැමුවේ නැහැ. දිගටම සොයා ගියද මෙ වචනයට අනුමාන කිරීම් රාශියක් ඔවුන්ට ලැබුන අතර ඒ අනුමාන කිරීම් වලින් හරියටම මෙ සඳහා ගැලපෙන දෑ කුමක්ද යන්න පොලිසියට තීරණයකට එලබීමට තරම් මෙ නඩුව පිටුපස තිබෙන සාක්ශි ප්‍රමාණය මදි වී ගියා. මෙ වචනයට සම්බන්ද පොඩි හරි හෝඩුවාවක් ඔවුන්ට සොයාගන්නට හැකි වූවා නම් මෙ වචනය සම්බන්දයෙන් කල අනුමාන එකක් හො නිවැරදි බවට එලඹෙන්න පුලුවන්කම තිබුනා. ඒත් අවසනාවට මෙ නඩුව පිටුපස තිබෙන සාක්ශි ඉතාමත් අල්පයි

ඉතින් මෙ නිසා ගුන්තර් ස්ටෝල්ගෙ සැබෑ ඝාතකයන් කවුරුන්දයන වගෙ සෙවීම නම් සෑහෙන අපහසු කටයුත්තක් වුනා. කොයි තරම් අපහසු වුවත් මාස ගානක් තිස්සෙ ඔවුන්ව සොයා ගිය පොලිසිය අවසානයෙ හති වැටී නඩුව වසා දමන තත්වයකට එලඹුනෙ ඔවුන්ට ඇල්පෙනෙත්තක තරම්වත් දෙයක් සොයා ගැනිමට නොහැකි වූ නිසයි.

ඉතින් මතයක් තිබෙනව මෙ සාක්ශි සියල්ලම ව්‍යාජ එව්වා බවට. ඔහුගෙ මෝටර් රථය හප්පා ඔහුව එලියට අරගන පහර දී නැවත වාහනයට දමා YOG'TZE නම් කොල කෑල්ලද ඔහුගෙ සාක්කුවට දාලා අපරාදකරුවන් පොලිසිය නොමග යැව්වා කියලත් කියනව. ඉතින් ඒක පිලිගත නොහැකි මතයක් වුවත් ඒ මතය විශ්වාස කරන ගුන්තර්ගෙ පවුලෙ අය සිටිනවා. එහෙනම් මෙ ඝාතණය කලෙ කවුද කුමන අරමුනකින්ද යන්න සෙවිම අපහසුයි. සමහර පරික්ශකවරුන්ගෙ අදහස නම් YOG'TZE යනු ජර්මානු රහස් සංවිදානයක් බවත් ගුන්තර් ඔවුන්ගෙ පිටත හවුල් කරුවෙක් බවත් යම් අඩුවක් නිසා සාක්ශි සැගවිමට ඔහුව ඝාතනය කල බවත් විශ්වාස කරනව. තව විදියකට මේක ජර්මානු රාජ්‍ය අනුග්‍රහය සහිතව කල දෙයක් කියලත් කියනව . ඉතින් අද වන තුරුත් මෙ දේවල් වලට උත්තර නැති මෙ ගුන්තර් ස්ටෝල්ගෙ නඩුව මෙ වන විට වසා දමා තිබෙනවා. ඔහුගෙ සිරුර අවසන් කටයුතු සඳහා පසුව පවුලෙ අයට භාරදුන් අතර මෙ අභිරහස අතීතයේම වැලලිලා යයි

#psychojaka

Report Page