"Women"

"Women"

ᴸᴵᵀᵀᴸᴱ ˢᴱᶜᴿᴱᵀ•

☕ කියලා හිනාවෙන පිරිමීනුයි උන් එක්ක අම්මලා ගැහැනු නෙමෙයි ද කියලා තර්ක කරන්න යන ගැහැනුයි දිහා බැලුවම තේරෙනවා දෙගොල්ලොන්ගෙම සන්නිවේදනය සහ අවබෝධය කොයිතරම් දුර්වලද කියලා.. හැමෝම තමන්ගේ පොයින්ට් එක හරි කියන්න තර්ක ගේනවා මිසක්, මොකක්ද තර්කය? මොකක් ගැනද කතා කලයුත්තෙ කියලා, කවුරුවත් දන්නේ නෑ. එතන කතා කරන්න ඕන මීම්ස් ගැනද, ෆෙමිනිසම් ගැනද නැත්තන් සිස්ටම් චේන්ජ්ද? abuse ගැනද?
මම මේක කියන්නේ කෙල්ලොන්ට, මීම් ගෲප්ස් වලට සම්බන්ධ වෙනවනම් මෙන්න මේ කරුණු තේරුම් ගන්න..

1. එතන සිස්ටම් චේන්ජ් කතා කරන්න යන්න එපා. එතන තියෙන්නේ මොකහරි දෙයකින් ෆන් ගන්න එක. සිස්ටම් චේන්ජ් එකක් දකින්න කැමති මිනිස්සුන්ට මීම්ස් හද හද රීච් ගන්න වෙලාවක් නෑ කියල ඇයි තෙරූම් නොගන්නේ?

2. එතන එයාලා පිරිමිමහන්නේ ලිංගික ඇරියස් එකක්, ඒකට එයා Dark Meme, Dark Humor වැනි සංකල්ප යොදාගන්නවා, එතන තියෙන්නේ ලිංගිකව ඇති උනු ක්ෘතුහලයක් මිසක වැරදි දෙයක් නිවැරදි කිරීමක් නෙමෙයි. පැහැදිලිවම එතන ඒ ඇරියස් එක පිරිමි පාර්ශවය පිරිමහගන්නවා එතන ගැහැනු ළමයෙක්ට ඒක පිටකරන්න අවස්ථාවක් නෑ.

3. ඔයාලගේ අම්මාගේ හරි නංගිව හරි ඔය මීම් එකට දාන්න කියන්න එපා, අපි එතන ඒ මීම්ස්වල දකින ගැහැනු ළමයිනුත් වරදියි! දැන් ඉන්න ගැහැනු (බාල/ මහළු) අය නූගත් විදිහට හැසිරුනානම් මෙහෙම වේදිකාවක් ගොඩනැගේවිද? ප්‍රශ්නේ තියෙන්නේ ඒ හැසිරීම් සහ අදහස් ප්‍රකාශ කිරීම් තුල.
කුවේට් කුමාරි වගේ කෙනෙක් සිංදු කියන්න පුලුවන් අයට බැන්නොත් එයා විහිලුවක් වෙනවා නේද?
පදුමා වගේ කෙනෙක් බාගෙට ඇඳ්ගෙන ලයිව් ආවොත් විහිලුවක් නේද?
හරිෂි වගේ තරුණ ගහැණු ළමයෙක් කන්‍යාභාවය ගැන කතා කරලා අන්තිමට ඒක අනවශ්‍ය විදිහට වයිරල් උනා නේද? එක්කෝ අපේ රටේ ස්ත්‍රිය අදහස් ප්‍රකාශ කරන්න දන්නේ නෑ එහෙමත් නැත්තන් අදහස ප්‍රකාශ කලයුත්තේ මොන වේදිකාව උපයෝගී කරගෙනද කියන එක දන්නෙ නෑ!

4. පිරිමි අයත් එක තැනකදි දුර්වලයි, එයාලට තර්කයක් ගොඩනගන්න පුලුවන් ඇති නමුත් ඔවුන්ට රියැක්ට් කරන්න බැරි උනාම තමයි "Kitchen is that way" කියලා හිමීට ස්ත්‍රීත්වය පාගන්නේ. Kitchen එක අයිති සහ ඒකේ ඉන්න පුලුවන් ගෑනුන්ටම විතරයි කියලා හිතන පිරිමි එක්ක ඇයි අපේ ගෑනු ටික තර්ක කරන්නේ ඉතිං? ලංකාවේ පිරිමියා හිතන්නේ ගැහැනියව තල්ලු කරන්න පුලුවන් එකම මුල්ල තියෙන්නෙ කුස්සියේ කියලා නමුත් කුස්සිය තමයි ගැහැනියකට Multitasking පුලුවන් කියලා ඔප්පු කරන හොඳම තැන!

5. ලංකාවේ මීම් ගෲප් එහෙක වැඩිපුරම ප්‍රචාරනය කලහැකි මාතෘකාව තමයි ස්ත්‍රිය. එතනදි ඇයව බුලී වෙනවා, ලිංගික අසහනයට ගොදුරු වෙනවා විශේෂයෙන්ම ලීක් වීඩියෝ ඇසුරෙන් නිර්මාණය වන මීම්ස්, අති බහුතරයක් නැවත නැවතත් හංවඩු ගැසෙනවා, (හිතන්න ඒ ලීක් වීඩියෝ එකක ඉන්න කෙල්ලෙක් සමාජයට අදටත් මුහුණ දෙන්නේ කොච්ව්ර අපහසුතාවයකින්ද කියලා?)

6. මීම්ස් නමින් දැන් දැන් සිදුවන්නේ අපචාරය සහ සමාජ මාධ්‍යීය සමූහ දූෂණයක්, අසභ්‍ය වචනයකින් කෙනෙක්ව වාචික දූෂණයට ලක්කරන එක වීරකමක් කියා සිතන සමාජයක් ගොඩනැගෙමින් පවතියි. ස්ත්‍රියට අමතරව දැන් ආබාධ සහිත අයවත් ඒවාට පාවිච්චි කරනවා ඒ අතපය පිහිටලත් මොලේ නැති පිරිස්!

7. මේවා බලද්දි මට හිතෙන අනිත් දෙය.. මේ පිරිමි සෙට් එකට අනාගතයේදී ලැබෙන ගැහැනුන් සහ දියණිවරුන් කෙසේ සුරක්ෂිත වන්නේද? මේ විදිහට අපි විවිධ සමාජ තල ඔස්සේ සංක්‍රාන්තියට ලක්වෙනකොට මතු පරපුරේ ළමුන් සමාජ මාධ්‍ය තුල අනාරක්ෂිතයි නේද? ආක්ෂා සහ අශන්‍යා වැනි පාසැල් යන දරුවන් දනටමත් බුලී වෙනවා, ඒ බුලී කරන අයම ළමා අපචාර ගැන මහා ඉහලින් කතාත් කරනවා බුලී කරන්න ඕන උනාම ඒ අය ළමයි නෙමෙයි ද? මිනිස්සුන්ට තව කෙනෙක් ගන තියෙන්නේ "Double Standards".

ඔබ කැමතිද කොහෙවත් යන කොල්ලෙක් ඔබේ දුවව හෝ පෙම්වතියව මීම් එකක් ලෙස අපචාරී අන්දමෙන් සංසරණයැ කරනවාට?
තව අවුරුදු 10ක් 12ක් ගිහිල්ලා ඒ ඉන්නේ ඔබේ දරුවානම් ඔබ එයාට ආ ඕක Dark meme, Dark humor අපිත් ඕවා කොල්ලෝ කාලේ කරා දුවේ කියලා ඒ ළමයටත් බුලී වෙන්න ඉඩ ලබලා දෙනවද?

ඔබට කියන්න පුලුවන් මීම් එකක් තේරුම්ගන්න බැරි තරම් මම ගොබ්බයි කියලා .. ඔව් වෙන්න පුලුවන්, හැබැයි ඔබ ඒ සම්බන්ධයෙන් දැනුවත් හෝ ඒ ගොඩනැගෙන නූගත් සමාජ මාධ්‍යයීය සංකල්පය හොඳයි කියනවනම් ඔබ වක්‍රාකාරයෙන් "අපචාරකයෙක්"බවට පත්වනවා. Simply, Saying "YES" to "abuse"...…..

ලාංකික සංස්කෘතිය තුල දැනට පිලිඹිබු වෙන්නේ ලිංගික ඇරියස් එකක් සහ නූගත් කමක්.. ස්වයංවින්දනය,
ලිංගිකත්වය මැජික් එකක් සහ හැමදාම තලු මරන්න ඕන විදිහේ අමුතු මාතෘකාවක්. කෙල්ලෙක් ගේ කකුලක්, කලවක්, මැදැඟිල්ලේ නියපොත්ත නැති එක, කෙල්ලෙක් දන ගහන් හරි දෙකට නැමිලා ඉන්න එකත් මීම්ස් හදලා කුනු රසය උපද්දවන තරම් දෙයක් බවට පත්වෙලා.

ඇයි මිනිස්සු තමන්ගේ සතුට අනුන්ගේ විනාශයට හෝ අපහරණයට භාවිතා කරන්නේ? ඇයි මානසික සතුට කියලා තවත් අය බුලී කරන්නේ? ඒක මානසික විකෘතියක් නෙමෙයි ද?

සිස්ටම් චේන්ජ් ගැන මින් පස්සෙ කතා කරන්න තියා හිතන්නවත් එපා,
බෝට්ටුවේ හිල වහන්නේ නැතුව වතුර ඇතුලට කාන්දු වෙද්දී තව අයව බෝට්ටුවට නග්ගගන්න බැරි බව මතක තබාගන්න!

© #නූරීගේ සිතිවිලි - Thoughts By නූරී - නූරීගේ සිතිවිලි

Report Page