Windows 11,Linux වලට වඩා ඉදිරියෙන් 

Windows 11,Linux වලට වඩා ඉදිරියෙන් 

The universe


Microsoft සහ Intel යන සමාගම් දෙකම Windows 11 වෙත කරන ලද ප්‍රශස්තිකරණයන්(optimizations) ගැන මේදිනවල කතා කරමින් සිටියි.ඒ මන්ද යත් Intel සමාගමේ නව 12th Generation Alder Lake processors වල windows 11 වඩාත් හොඳින් ක්‍රියා කරන නිසාවෙනි.Windows 11, Windows 10 ට වඩා හොඳින් ක්‍රියා කරන බව අපි දැනටමත් දන්නා කරුණක්.දැන් hardware site එකක් වන Phoronix.com web අඩවිය Windows 11 සහ විවිධ Linux distributions එකම platform එකක පරික්ෂා කර ඇති අතර එමගින් windows 11 වල සැලකියයුතු වැඩිදියුණු වීම් ද සොයාගෙන ඇත. 

ඔවුන් යොදාගෙන ඇති platform එක :


Core i9-12900K

ROG STRIX Z690E GAMING WIFI

64GB Corsair DDR5-4400

Windows 11 Pro Build 22000


Phoronix විසින් සිදුකරන ලද benchmark 104 කින් Windows 11 පැහැදිලි ලෙස 45%ක් දිනා ගෙන ඇති අතර, අවසාන වශයෙන් පැමිණ ඇත්තේ 23% අවස්ථා වලදී පමණි. 

Intel සමාගමේ නව little.Big architecture එක නිසා Linux වල performance අඩු වී ඇති බවත් Windows 11 වල performance වැඩි වීමට Intel සමාගමේ නව Thread Director තාක්ෂනය ඉවහල් වී ඇති බවත් පෙනී යයි.සමහර benchmarks වලදී Windows 11 පැහැදිලි ලෙසම ඉදිරියෙන් සිටින බව පෙනීයයි.


Copid

Report Page