White Rose

White Rose

Peppermint:)


White Rose


Chapter #25


මං ඉදියෙ සාලෙ සෝෆා එකෙ..මගෙ ඉස්සරහින් සාගර ඇමති ඉන්නවා පේද්දි මගෙ වටේට ම ගාඩ්ස්ල ඉන්නවා


එකෙක්ගෙ මූණ බලන්න බෑ....මං වටේ බල බල ඉද්දි සර්වන්ට් කෙනෙක් ඇවිත් ඇමතිතුමාට කූල් ඩ්‍රින්ක් එකක් දීලා ගියෙ මං ඇස් කොණින් බලන් ඉද්දී...



" හොදයි... මං වැඩි කතාවක් නැ...කෙලින් ම අහන්නම්කො...ඔයා වැරැද්ද පිලිගන්නවද ම්ම්ම්ම්...කවුද......" ඇමතිතුමා එහෙම කල්පනා කරද්ද,



" ශෙත්වි නුලීරා එදිරිසිංහ " කියලා මං කිව්වා..


මං දිහා කන්නාඩි දෙක උඩින් බලාගෙන ඉදිය සාගර ඇමතිතුමා,


" ඔව්..මිස් ශෙත්වි.."



" නෑ...කොහෙත් ම නෑ...."


මං දන්නවා මෙයාලා අහන්නෙ අභිලාශ්ට බැන්න එක කියලා...මෙතන මැරිලා ගියත් මං වැරද්ද බාරගත්තෙ නැත්තෙ අභිලාශ්මයි පාඩුවෙ ඉද්දි මාව හොයන් ඇවිත් මාව කේන්ති ගැස්සුව නිසා...


මගෙ පිටිපස්සෙ ඉදිය එක ගාඩ් කෙනෙක් පිසටල් එක ලෝඩ් කරනවා ඇහෙද්දී මං ඇස් දෙක පියාගතෙ ඕන දෙයක් වෙන්න කියලා...


ඒත් විනාඩි කීපෙක තිබුණ නිශ්ශබ්දතාවෙ නිසා මං ආයෙම ඇස් ඇරියා..හැමෝම වගේ මං දිහා බලන් ඉන්නවා


" Excuse me " තවත් මට එතන ඉන්න ඕන නැති නිසා මං ඔහේ ඔලුව හැරුණ අතේ යන්න මේ බංගලාවෙන් එලියට බැස්ස උනත් මට ගෙයින් එලියට අඩියක් තියන්න බැරි උනේ කවුරුහරි මනුස්සයෙක් මගෙ කොලර් එකෙන් ඇද්ද නිසා...



ඒ එක්ක ම ඒ මනුස්සයගෙ පපුවට ඇදිලා ගියෙ මං හොදට ම දගලද්දී..මට මුකුත් බලන්න බෑ...අගෙ ඇස් ඒ පපුවට තද වෙලා..ම්ම්ම්හ්හ්...ඔව් ඒ සුවද...



" අංකල් මට මෙයාව මැරි කරන්න ඕන..."


ඒ එක්ක ම මගෙ කනට ඇහුණෙ දේ එක්ක මට පණ නැති වෙන්න ගියා... කවුරු හරි ගර්ල් කෙනෙක් එහෙම කියනව ඇහෙද්දි මං අභිලාශ්ව තල්ලු කරලා බැලුවෙ කවුද කියලා ඒ...



මං අදුරන්නෙ නැති ගෑණු ලමයෙක්...foreign කෙනෙක් කියලා කියන්න කවුරුවත් ඕන නෑ...ඒ ගර්ගෙ ලුක් එකෙන් ම ඒක පේනවා...


"Yes baby....We will marry "


ඒ එක්ක ම අභි එයාගෙ පොකට් කලිසමේ සාක්කුවට අත දාගෙන ගිහින් එයාගෙ කර වටින් අත දාගත්තෙ මං බොද වුණු ඇස් වලින් බලාගෙන ඉද්දී....



මං කිසිම හැගීමක් නැතුව ඒ දෙන්න දිහා බලන් ඉදියා....මට හිනා ගියා...මට මං ගැන ම හිනා ගියා...ඇයි මං මෙච්චර බලාපොරොත්තු තියන් උන්නෙ...ඇයි මං එයාට අනුකම්පා කරේ....ඇයි මට හිතන්න බැරි උනේ ඒ අම්මගෙම පුතා නේද කියලා...



කදුළු ගලන්න ඔන්න මෙන්න තියෙද්දි මං හොයාගෙන ගියෙ මං ඉදිය කාමරේ...



දඩාස් ගාලා දොරත් වහගෙන මං හෙව්වෙ අර පිහිය...



බෙඩ් ටේබල් එකට එහා පැත්තෙ ටේබල් එකේ ලෑම්ප් එකට මෙහායින් ඒක තියෙනවා මට හොදට ම පෙනෙද්දී...



දැනෙන වේදනාවට තරහට මං මැණික් කටුව ළගින් කපාගෙන ගියේ ඕන දෙයල් වෙන්න කියලා....කැපුව පාරින් ම නහරයක් කැපිලා ලේ විදින්න ගද්දි පිටිපස්සෙන් අභිලාශ් කෑගහගෙන ආවෙ මං පිහිය පෙන්නලා එයාට තර්ජනේ කරන ගමන්...



" තමුසෙ මගෙ ළගට එන්නවත් එපා...තිරිසනා..."


අතෙන් ලේ විදිද්දි මං කෑගහලා කිව්වත් එයා මං ළගට ආවෙ ගිනි පිටවෙන ඇස් දෙකෙන් බලාගෙන.... තරහටම ඒ අත මිටි මෙලවිලා තියෙද්දි මං අඩියක් පිටිපස්සට ගියේ පිහිය පෙන්නන ගමන්මයි...



ඒ එක්ක ම අඩියට දෙකට මං ගාවට ඇවිත් කම්මුලට ගහගෙන ගහගෙන ගියෙ මං ක්ලන්තෙ දාලා බිම වැටෙද්දී....



••••••••



" වෙලාවට ගොඩක් බ්ලීඩ් වෙලා තිබුණෙ නැත්තෙ ඇමතිතුමා....නැත්තං මැරෙනවා..."



" හරි thank you doctor.."



"It's my duty ඇමතිතුමා.මං ගිහින් එන්නම්..."



සාගර ඇමතිතුමා ඔලුව ඉහළට් පහලට හෙලන ගමන් බැලුවෙ තමන්ගෙ පුතා දිහා... ශෙත්වි එක්ක තිබුණ තරහට වගේ ම වේදනාවට ශෙත්විට බෙහෙත් දාද්දි අල්ලගෙන ඉදිය වීදුරුව කැඩිලා ඒ අතත් තුවාල උනේ එයා වීදුවෙන් පිට කරපු පීඩනේ නිසාමයි....



ඒකෙන් උනේ ආපු ලේඩි ඩොක්ටර්ට ශෙත්විට වගේම අභිලාශ්ටත් බෙහෙත් කරන්න උන එක සහ ශෙත්විගෙ බෙහෙත් වලින් බාගයක් එයාටත් බොන්න උන එක...



" ම්ම්ම්හ්..." අතින් වගේම ඇගෙන් දැණුන වේදනාවට කෙදිරි ගගා මං හෙමින් ඇස් අරින්න හැදුවත් ඔලුව පැලෙන්න වගේ රිදෙන්න ගත්ත නිසා මං හෙමින් මිමිණුවෙ වතුර ගගා...



කවුදෝ කෙනෙක් ඇවිත් මගෙ මූණ තෙමද්දි දැණුන සහනෙට හෙමින් ඇස් ඇරියා...



" වත්..තුර.."



" ආහ්...බොන්න මැඩම්..." සර්වන්ට් කෙනෙක් මට වතුර බොන්න දෙද්දි මං කාමරේ වටපිට බැලුවා...



ඔව්...ඒ රූපෙ හොයාගන්න...ඒත් ඇයි මං එයාව හොයන්නෙ...



ආයෙම...ආයෙම ඒ කේන්තිය මව හොයාගෙන එද්දි මං අර ලේඩි අතේ තිබුණ වතුර වීදුරුව පොලේ ගහලා කෑගහ කිව්වෙ මං ගාවට එන්න එපා කියලා...



මං දිහා බලාගෙන ඉදිය ඒ ලේඩි කාමරෙන් එලියට ගියා..



මොන තරම් කාලකණ්ණි ජීවිතයක් ද මේක...මැරෙන්න දෙන්නෙත් නෑ...



ටික වෙලාවකින් කවුදො තව සර්වන්ට් කෙනෙක් බත් පිගානක් අරගෙන එද්දි ඈත තියාම මං කෑගහලා කිව්වෙ මට ඕන බතක් නෑ කියලා...


" සොරි මැඩම් සර් කිව්ව මැඩම්ට බත් කවන්නමෙයි කියලා..."



"ඌට ඕන්නම්.කන්න කියපං...මට ඕන නෑ...කරුණාකරලා ඕක අරන් පලයන්.."



මං කියන එක අහන්නෙ නැතුවම එයා අත හෝදන් ඇවිත් මට බලෙන් බත් කවන්න හදද්දිම මං පිගාන පොලවෙ ගැහුවෙ අර ලේඩි බය වෙලා බලාගෙන ඉද්දිමයි...



" කිව්වනෙ තමුසෙට...මට ඕන කෑමක් නෑ..මට මැරෙන්න දීපල්ල..."


මං එහෙම කෑගහලා බෙඩ්ශීට් එකෙන් ඔලුව වහගත්තෙ මට මේ මොකුත් බලන්න ඕන නැති නිසා...



ඒ සර්වන්ට් කාමරෙන් එලියට ගියා...



ඒ එක්ක ම කමරේ.දොර ' දඩාස් ' ගාල ඇරිලා කවුරු හරි කාමරේට ඇතුළු වෙද්දි මං බැලුවෙ කවුද කියල...



දෙයියනේ....ඒ ඇස්...ඒ අභිලාශ්....ඒ තරම් හොදට ම කේන්ති ගිහින් තියෙන දවසක් ම්ං දැකලා නැතිම තරම්....තරහට ඒ නහර ඉලිප්පිලා...



___________________

ශෙත්විට මොනා වෙයිද...


ඔන්න අලුත් අවුරුද්දත් ආවා....Happy new year my lovely babies...!! හී..ලබන්නා වූ අවුරුද්ද සාමය සතුට පිරි නීරෝගී අවුරුද්දක් වේවා..!!


Peppermint:)

Report Page