White Rose
Peppermint:)
White Rose
Chapter #24
ඒ එක්කම එයාගෙ අතේ තිබුණ ගන් එකට උණ්ඩ දාලා මගෙ පැත්තට වෙඩි තිව්වෙ මං හයියෙන් මර හඩ දෙද්දී..................
මං හිතුවෙ මං මැරුණා කියලා....නැහෑ...මං තාම ජීවත් වෙනවා...අපායක ජීවත් වෙනවා...මං තාමත් ඇස් පියාගෙන ඉන්නේ...මට බලන්න බෑ දෙයියනේ මේ වෙන දේවල්
" ඕයිහ්...නැගිටපං..."
ඒ එක්කම අභිලාශ් ලගට ඇවිත් මගෙ ඔලුව හොලවන ගමන් මාව පියවි සිහියට ගන්න හදනවා...
මං හෙමින් කදුළු පිරුණු ඇස් හෙමින් හෙමින් ඇරලා එයා දිහා බැලුවෙ මගෙ ඇස් අගිස්සෙන් කදුළු රූටලා යද්දී...
" ඔහ් ශිට්..." අත් දෙක බිත්තියේ ගගහ කැගහලා අන්තිමට මොකද්ද ලේන්සු කෑල්ලක් ගෙනල්ලා මගෙ සිහි නැති කරේ මං ඔහෙ බලාගෙන ඉද්දී..
••••••••
" ශෙත්වි කෝ යකෝ...."
මේඝව් හිටියෙ වින්ඩිව කන්න තරම් කේන්තියෙන්..
" මං කොහොම ද ඒක දන්නෙ...මටත් බැනලා ගස්සගෙන ගියේ.."
" උඹ...උඹ...උඹ තමයි සේරටම වග කියන්න ඕන...උඹල සේරම මාව ඇන්දුවා.....රෑ 12ටත් කිට්ටුයි යකෝ......ශෙත්වි ඉන්න තැනකින් ගෙනත් දීපං...."
මේඝව් ඔලුව බදාගෙන අපාර්ට්මන්ට් එකේ තියෙන සේරම බඩු කුඩු කරන ගමන් කෑගහන්නෙ පිස්සෙක් වගේ....
" බීප්...බිප්....."
ඒ එක්කම.මේඝව්ගෙ ෆෝන් එකට කෝල් එකක් ආවෙ වින්ඩි,තූර්යා, යශේන් සියල්ලම ඒ දිහා බලද්දී...
" හෙලො මගෙ මල්ලි බබෝ.....ඉතින් කොහොම ද ඔයාට..."
ඒ කතා කරේ වෙන කවුරුවත් නෙවෙයී...අභිලාශ්..
" උඹ......."
" හෝව්...හෝව්...මොකද මේ කොල්ලා කේන්ති අරගෙන....."
" මොකද්ද උඹට වෙන්න ඕන..."
" අන්න එහෙම ඩිරෙක්ට් කතා කරහන්කො... ෆෝන් එකේ speakers දාපන්.."
" උඹ කියන දේ මොකටද යකෝ මං අහන්නෙ...කියන දෙ කෙලින් කියපන් වටේ නොයා..."
" ඔහ්හ්..."
ඒ එක්කම මේඝව්ට වීඩියෝ කෝල් එකක් එනවා අභිලාශ්ගෙන්...මේඝව් ඕන දෙයක් වෙන්න කෝල්.එක ආන්සවර් කරේ වටේ ඉන්න අය දිහා බලාගෙනමයි..
" ශෙත්වි........."
මේඝව්ට කෑගැහුනෙ ඇදක් උඩ ඉන්න ශෙත්විගෙ බැදලා තියෙන අත, කකුල දැකලා...
" ම්ම්ම්ම්...ශෙත්වි තමයි...මං උඹට කලිනුත් කිව්ව මගෙ එකීගෙන් ඈත් වෙලා ඉදපං කියල...කෝ ඉතින් ඇහුවද......"
" මාත් එක්ක තරහක් තියෙ නම් මගෙන් විසදගනින් බල්ල්ලෝ...ඔය අහිංසකීව අල්ලගන්නෙ නැතුව..."
" මාර කැක්කුමක්නෙ උඹට තියෙන්නෙ ඒකි ගැන....උඹ ආයෙ ඔය උඹෙ බලු කටින් ශෙත්විගෙ නම කියවෙන්නවත් බෑ....උඹ ඒකිගෙන් ඈත් වෙලා ඉදපන්....ඒකි මගේ.."
" එහෙම කරේ නැති වුණොත්.....??"
මේඝව් කෑගහගෙන එහෙම ඇහුවත් අභිලාශ්ගෙන් එයාට හම්බුණෙ නක්කලේට දාන හිනාවක් විතරයි....
" උඹ එහෙම ද දැන්..."
"මං කොහොම ඉදියත් තොට මොකෝ...ශෙත්විට යන්න දීපන්..."
" හෝව්..හෝව් මල්ලි බබා......"
••••••
ඒක හරි සැපපහසු ඇදක් උනත් මං හිටියේ බයෙන් වෙවුල වෙවුල....මට ඇහෙනවා මේඝව්ගෙයි අභිලාශ්ගෙ කතාව.... මොන දෙ උනත් වෙන්න යන්නෙ එච්චර හොද දෙයක් නෙවෙයි කියලා මගෙ හිත කෑගහද්දි මං නිදි වගේ පෙන්නගෙන එයාලගෙ කතාව අහගෙන හිටියා...
දැන් මට වටේ පිටේ කිසිම සද්දයක් ඇහෙන්නෙ නෑ...අභිලාශ් එහාට ගිහින් ද...එහෙම නැත්තං මං එයාලගෙ කතාව අහන් ඉන්නවා කියලා එයාට සැක හිතෙන්න ඇත්ද...
ඒ එක්ක ම මට දැණුනෙ බෙල්ල වටේට තියුණු දෙයක් හීරෙනවා..
" ශෙත්වි.....කාලකණ්ණි බල්ලා....උඹ මරන්නද යන්නෙ යකෝ ඒ........."
මේඝව් කෑගහන හඩ මට ඇහුණත් ක්ශනිකව ඒ හඩ නැති වෙලා ගියා...
දෙයියනේ මොනාද වෙන්නෙ...ඔව්..ඔව් එයාට මං ගැන ඉව වැටිලා...අනෙ දෙයියනේ මං මොනාද කරන්නෙ... අභිලාශ්ගෙ අඩි හඩ මගේ පැත්තට එනවා වගේ දැනෙද්දී මං තද කරගෙන ඇස් දෙක පියගත්තෙ මොන දෙ උනත් අරින්නෙ නෑ කියල ම හිතාගද්දී
" අහගෙන හිටිය ඇතිනෙ...දැන් නැගිටිමුද..."
අභිලාශ් මං ගාවට ලං වෙලා ද කොහෙද එහෙම අහනවා...මං ඒත් සද්ද නොකර ඉදියා...
දෙයියනේ මගේ පපුවෙ සද්දෙ එලියට ඇහෙනව ද මන්දා...මුලු කාමරේම ඉදි කට්ටක් උනත් වැටෙන ස්ද්දෙ ඇහෙන තරම් නිස්කලංකයි...
ඒ එක්කම මට ඇහුණෙ ගන් එකක් ලෝඩ් කරන හඩක්...
මං නිදාගෙන ඉදපු තැනින් නැගිටලා කෑගහගෙන දුවගෙන ගියේ කාමරේ දොර ගාවට... මොන දේ උනත් මං මගෙ ජීවිතේට ආදරෙයී...
" හහ්හ්..මාර ක්රියාශීලීත්වයක්... නැගිට්ට ගන්න ගන් එක.හැමදාටම ඕන වෙයි වගේ..."
බෙල්ලෙන් නලලෙන් දාඩිය ගලද්දි මං දොරට තද වෙලා බලාගෙන ඉදියෙ කරන්න දෙයක් නැතුව...එයා ටිකෙන් ටික මං ගාවට ලං වෙනවා.... ඒකට අනුලෝමව මගෙ ඇගෙ වෙව්ලන්න ගද්දී මං කෑගහගෙන දොර අරින්න හැදුවත් ඒක ලොක් වෙලාම තිබුණෙ බයට ම මට හොදට ම ඇඩෙද්දී...
" ප්ලීස් අභිලාශ්.....මාව මරන්නෙපා...මං..මං කෑගැහුවා තමයී....ඒත් ඒත්....."
" ශ්ශ්ශ්......." දකුණු අතේ මහපට ඇගිල්ල මගෙ දෙතොල් අතරින් තියන ගමන් කිව්වෙ කෑගහන්නෙපා කියලා....
ඒත් බේරෙන්න ඕන නම් පිදුරු ගහේ උනත් මනුස්සයා එල්ලෙනවනෙ...
" අන්නේ..අභිලාශ්...මං එහෙ............ආහ්..."
මං කෑගගහා එහෙම කිවෙඅ උනත් අභිලාශ්ගෙ කම්මුල් පාරකට මං වීසි වෙලා ගිහින් බිම වැටුනා
" උඹට කිව්වෙ මොකද්ද මං ආ...."
මගෙ කට දෙපැත්තෙන් මිරිකන ගමන් එයා කෑගහන්න ගද්දි මං ඉකි ගගහ ඇඩුවා..
" නවත්තප්ං ඔය අදෝනාව...... උඹ...මං දන්නෙ නෑ උඹට මේඝව් එක්ක තියෙන්නෙ මොන වගේ සම්බන්ධයක් ද කියලා..හැබැයි එකක් මතක තියාගනිං.....උබ ඒ බල්ලගෙ දිහා ආයෙ බලල අහුවෙන්න බෑ...."
" මේඝව් කියන්.................."
"කට වහපාන්න්... මට ඌ ගැන කිසි දෙයක් දැනගන්න ඕන නෑ....උඹ ඌ එක්ක තියෙන සම්බන්ධකම් අදින් ඉවර වෙන්නෝන....තේරුනාද...."
ඇස් රතු කරගෙන මගෙන් එහෙම අහද්දි ඉබේම මගෙ ඔලුව ඉහලට පහලට නැමුණා...
එහෙමම එයා මගෙ ලගින් නැගිටලා අඩියට දෙකට කාමරෙන් නැගිටලා ගියා.... ඒ වගේම විනාඩියක් යන්න කලින් ආයෙම ඇවිත් මට ඇදුම් වගයක් ඔඩොක්කුවට දාලා ගියෙ මං ඔහේ ඒ දිහා බලන් ඉද්දී...
එතනින් නැගිටින්න තරම් පණ කදක් තිබුණෙ නැති නිසා මං එහෙමම හිටිය.. එක සැරේම ආයෙ අභිලාශ් කාමරේට ඇවිත් කියලා ගියේ,
" බූතයක් වගේ ඔහොම බලාගෙන ඉන්නැතුව නාලා කියලා ඕක ඇදන් පල්ලෙහාට එනවා.... "
දඩාස්..........
මට ඇහුණා කාමරේ දොර වැහෙනවා...
මං හෙමින් බිත්තියට වාරු වෙලා ගිහින් කාමරේ ඇතුළෙම තියෙන වොශෲම් එකෙ දොර ඇරගෙන ආවා....
ඇගේ උණ ගතිය තිබුණත් මං නා ගත්තෙ තිබුණ තෙහෙට්ටුව නිසාමයි...දුන්න ඇදුම් ටිකත් ඇදගෙන මං ඇදෙන් වාඩි වෙලා හිටියා...පල්ලෙහට එන්න කියලා අභිලාශ් කිව්වත් මං නොයාඉදියෙ මට ඕන කමක් නැති නිසා...
බෙඩ් ටේබල් එක ගාව තිබුණ වතුර වීදුරුවෙන් වතුර ටිකක් බීල නිදාගන්න යද්දිම 'දඩාස් "ගාල දොර ඇරුණෙ මං බයෙන් දොර දිහා බලද්දී...
" උඹට කිව්වෙ පල්ලෙහාට එන්න කියලනේ....බුලත් දෙන්න ඕනද ඇවිල්ලා...."
අභිලාශ් කෑගහගෙන ඇවිල්ලා මගෙ කොණ්ඩෙන් අල්ලගත්තෙ මං හයියෙන් කෑගහද්දී....
" ශික්..."
ආයෙම මගෙ අතින් අල්ලගෙන දොර ගාවට තල්ලු කරා...
මං ඉදියෙ සාලෙ සෝෆා එකෙ..මගෙ ඉස්සරහින් සාගර ඇමති ඉන්නවා පේද්දි මගෙ වටේට ම ගාඩ්ස්ල ඉන්නවා
______________
මොකක් වෙයිද....කලින් chapter එකට comment ,react කරපු හැමෝටම ආදරෙයී...