White Rose

White Rose

Peppermint:)


White Rose


Chapter #23


Christmas gift number 2



මට කෑගැහුණා... මං ඒ මිනිහව තල්ලු කරලා මං මහ පාර මැද දිව්වා...



මං දැක්ක මගෙ පිටි පස්සෙන් පිහි කැති උස්සගෙන මිනිස්සු හය හත් දෙනෙක් එනවා...


කකුල් දෙකෙන් හෝ ගාලා ලේ ගලනවා...දුවන්න අමාරු උනත් වේදනාවට වඩා මට මගෙ ජීවිතේ වටිනවා...මොන එකකට දෙයියනේ මේ මිනිස්සු මාව මරන්න එන්නේ....



" බොස් ඒකි දුවනවා...නවතින්න කිව්වට නවතින්නෙ නෑ...."



මට ඇහෙනවා පිටිපස්සෙ මනුස්සයෙක් කෝල් එකකින් මොනා හරි කියනවා....ඔව් ඒ ඒගොල්ලො මං ගැන කියන්නෙ... ඒත් මං මොන මගුල කරාට ද....



දුවල දුවල ම හතී....



" ඉක්මන් කරපන් යකො....මේකිව ඉක්මනට උස්සපන්න්.."


උන් මහ හයියෙන් කෑ ගහද්දිම පාරෙ තිබුණ කළු ගලක කකුල වැදිලා වැටුණෙ කලින් තුවාල වෙලා තිබුණ කකුල පෑරෙද්දී...



" ආහ්හ්හ්..... අනෙ මාව අතාරින්න..ප්ලීස්...මං වදින්නම්...අන්නෙ...මං මොනා කරාට ද මෙහෙම කරන්නෙ......................



මං පාරෙ වාඩි වෙලා පිටිපස්සෙන් පස්සට යන ගමන් එහෙම කිව්වත් ඒ එක්කම මං සිහිය නැති උනෙ පිටිපස්සෙන් මාව කවුරු හරි තුරුළු කරගෙන ම මගෙ නහයට තිව්ව ලේන්සුව නිසා...




•••••••••



ඔලුව පුපුරන්න එන වේදනාව එක්ක ම මං හෙමින් හෙමින් ඇස් ඇරියා...අදුර එක්ක සීතල මුසු වෙලා තිබුන කාමරයක් ඒක...හිතාගන්න බැහැ මේ කොහෙද කියලවත්...



දණහිස් වලින් දැනෙන වේදනාව එක්ක මට දැණුන්‍ර් උන හැදිලාවත් ද කියලා....ඇගෙන් ගිනි පිටවෙන රස්නෙ එක්ක කිසිම පණක් තිබුනෙ නෑ



මං හිටියෙ පුටුවක...කකුල් අත් දෙකම බැදලා දාලා..මගෙ එහා පැත්තෙ මේසය්ක් තියෙනවා පේනවා...මුලු කාමරේට ම තිය්‍ර්න්නෙ කනාමැදිරි එළියක් වගෙ බල්බ් එකක් දැල්වෙන ලෑම්ප් එකක ආලෝකයක් විතරයි.



පැනගන්න ඕන කියලා මගේ හිත කෑගහද්දි මං බැලුවෙ බැදලා තියෙන ලණු කෑලි ටික ගලවගන්න විදිහක්.. ඒ එක්කම තමයි මං දැක්කෙ මේසෙ උඩ තියෙන පොඩි පිහි තලේ...දෙයියෝ බැලුවා වගේ ඒක තිබුණ උනත් මං ඊට පස්සෙ දැක්ක දෙයින් මගෙ මුළු ඇගම පණ නැති වෙලා ගියා...



එතන තිබුණෙ ගන් එකක් සහ ඒවට දාන උණ්ඩ වගේ ගොඩක් දේවල්...



දෙයියනේ කව්ද මේ මාව කිඩ්නැප් කරේ...මට මං ගැනම දුකක් දැණුනා...මෙච්චර අවාසනාවන්තකමක්....එහෙමම ඇස් වලට කදුළු එනවා...දණහිස්වලින් දැනෙන වේදනාව කියලා නිම කරන්න බැහැ....


මොන දේ උනත් මං මෙතනින් පැන ගන්නවා...ස්ථිර අධිශ්ඨානෙකට මං ආවා..


බැදල තියෙන අත්දෙක අමාරුවෙන් ඉස්සරහට තිය තිය පිහිය ගන්න යද්දිම එක පාරටම රූම් එකේ ලයිට්ස් ඔන් උනේ මං භයෙන් ගල් ගැහෙද්දි.....



මං දැක්කා...කවුරු හරි කෙනෙක් මගෙ ඉස්සරහාම පුටුවක් තියාගෙන මගෙ දිහා බලාගෙන ඉන්නවා...



ඒ එක්කම මට ඇහුණෙ අත්පුඩි හඩක්...



" වාව්...වාව්ව්...වාව්ව්....ම්ම්ම්....පැනගැනීමට උත්සහ කිරීමක්....නයිස්ස් ට්‍රයි..."


මං දිහා බලාගෙන මගෙ පැත්තට ආවෙ වෙන කවුරුවත් නෙවෙයී....


ඒ අභිලාශ්...!!!!



ඔව්..... එ එයා....මගෙ ඇස් වල ඉබේම කදුළු පිරුණා....මොන කරුමයක් ද දෙයියනේ මේ....


මං එහෙමම ආයෙම පුටුවෙ ඉදගන්න හැදුවත් ඒ එක්කම කන ගාවින් ' කීං ' ගාගෙන උණ්ඩයක් මං ඉදිය පුටුවෙ පිටිපස්සට වෙන්න තියෙන බිත්තියේ වැදුණෙ මට කැගැහැවෙද්දී...




" දෙයියනේ....අනේ මාව මරන්නෙපා...." මං හූ තිය තිය විලාප දුන්නෙ තිබුණ අසරණකමටමයි...



" ඔහ්..බේබ්...මොකද මේ...තාම ගේම් එක පටන් ගත්තා විතරනෙ....මොකද මේ අදෝනාව කලින් ම පටන් ගත්තෙ...



ඕකෙ...ඕකේ..... මගෙනෙ වැරැද්ද...හරියට වාඩි වෙන්න....ම්ම් "



ඕන ම දේක හොදක් වගේම නරකක් තියෙනවා කියලා අපි හැමෝම දන්න්නවනෙ...ඒත් හොද වැඩි වෙන්නෙ නරකකට කියලා මං අද තමයි දැනගත්තෙ....



අභිලාශ් අඩියට දෙකට මං ගාවට ඇවිත් කාමරේ මුල්ලකට වෙන්න තිබුන ලණු කෑල්ල අරගෙන මාව පුටුවට තද කරලම බැන්දෙ හෙලවෙන්නෙවත් බැරි වෙන්න...



" ඔකේ...just my first time...ම්ම්ම්..."



ඒ එක්කම එයාගෙ අතේ තිබුණ ගන් එකට උණ්ඩ දාලා මගෙ පැත්තට වෙඩි තිව්වෙ මං හයියෙන් මර හඩ දෙද්දී..................



_____________

පොඩීනේ....ටයිම් මදි ලමයි ඒකයී....

Report Page