White Rose

White Rose

Peppermint:)


White Rose


Chapter #22


Christmas gift number 01


ඒ තියුණු ඇස් දෙක මගෙ ඇස් දිහා හරියටම බලාගෙන ඉන්නෙ....ඉතින් ආයෙම මාව හිරිවැටෙනවා...



" ඉවරද මැඩම්ගෙ කතාව..."



දැන් නම් ගොත ගැහෙනවත් වගේ... මං හොද හුස්මක් ගත්තා...දැන් තමයි තේරෙන්නෙ නයාට ගහලා පොල්ල වරද්ද ගත්තා කියලා... මොන දේ උනත් මං මේ මිනිහා එක්ක කතා කරන්නෙ නෑ...නෑමයි...


මං මගෙ බඩු ටිකත් අරගෙන එතනින් යන්න ආවත් අභිලාශ් මගේ කෙස් වැටියෙන් අල්ල ගත්තෙ මට කෑගැහැ වෙද්දි...



" මොන වදයක් ද මෙ...මාව අතාරිනවා..මට තමුන් එක්ක කිසි ගනු දෙනුවක් නෑ..."


අභිලාශ්ගෙ කකුල පාග පාග මං දැගළුවා...දැන් නම් ඔලුවෙ එක කෙස් ගහක්වත් නැ වගේ...මං කොච්චර දැගළුවත් එයා මාව අතෑරියෙ නැහැ.... ඒ එක්කම මගෙ අතේ තිබුණ assignments ටික අතට අරගෙන ඇගිලි දෙකෙන් අපි දෙන්නටම පේන්න අල්ලන් හිටියා..



" ඕක දෙනවා....මොන මගුලක්ද මේ...ම්ට ඕක වටිනවා දෙයියනෙ..."


ඒ එක්කම ඒ ටික එහා පැත්තෙ තිබුණ පොන්ඩ් එකට ඒ ටික විසිකරලා දැම්මෙ හිතක් පපුවක් නැති විදිහට...



දෙයියනේ මගේ assignments ටික...අනේ..මට ඒක කොච්චර වටිනවද....ඇස් දෙකේ කදුළු පිර්‍ර්ද්දි ක්ශනයෙන් ඒ ටික වතුරට පෙගිලා පාවෙන්න ගත්තා...



" අර් ර් ර් ර්......... මාව අතෑරපන් මනුස්සයෝ...තමුසෙට හොදක් වෙන්නෙ නෑ... තම්සෙ මහ බල්ලෙක්...දෙයියනේ මං කොච්..........."



මං අභිලාශ්ගෙ ටී ශර්ට් එකෙන් ඇද ඇද ම එහෙම කිව්වත් මට කියන්න හම්බුණෙ නැත්තෙ එයාගෙන් මට ලැබුණ කම්මුල් පාරට එයාට විසි වෙද්දී......



සිහිය නැති වෙන්න එනව වගේ දැණුනත් මං හයියෙන් ඔලුව හොල්ලලා බය වෙලා වගේ බලන් හිටියා...


ඒ ඇස් බලන්න බැරි තරම් රතු වෙලා...තනිකර එයා වියරුවකින් වගේ ඉන්නේ.... අත් වල නහර ඉලිප්පිලා තනිකරම මෘගයෙක් වගේ....



කැන්ටීන් එකේ හැමෝම වගේ දැන් මෙ මෙගා නාට්‍ය බලන් ඉන්නවා...දෙයියනේ එයාලා මොනා හිතනවා ඇත්ද... මං තමුසෙට් වෛර කරනවා අභිලාශ්....


ඒ එක්කම අඩියට දෙකට ලගට ඇවිත් මගෙ කට දෙපැත්තේන් අල්ලගෙන මගෙ මූනට ලං වෙලා ඇහුවෙ,



" මොකද්ද කිව්වෙ කියපං.." කියලා..



" ම්ම්ම්හ්හ්....මාව අතෑරපන්.." එයා කියන්න කිව්ව එක කෙසේ වෙතත් දැණුන වේදනාවට මං දුන්නෙ එයාට වෙනම පිලිතුරක්...




" ඇහුව දේට උත්තර දීපන්..." වේදනාව වැඩි කරන ගමන් එහෙම කියද්දි මගෙ ඇස් දෙකේ කදුළු පිරෙද්දී...



ඉතින් දැනෙන ආවේගෙට දුකට මං හයියෙන් කැගැහුවා එයාට...



" තමුසෙ මහ තිරිසනෙක්...වචනෙන් කියලා ඉවර කරන්න බැරි තිරිසනෙක්...තමුසෙ දන්නෙ නැහැ කෙල්ලෙක්ට සලකන්න ඕන විදිහ....ඔව්...තමුසෙගෙ අම්මත් දෙපිට කාට්ටු ගෑණියෙක් නෙ...තමුසෙ මහ මෘගෙක් අභිලාශ්...බොරු පොරොන්දු දීලා අහිංසක කෙල්ලොන්ව රවට්ටන බොරු කාරයෙක් තමුසෙ...මාව අත්..තෑරපං..මට තමුසෙගෙ මූණ බලන්නත් අප්පිරියයි..."



මං එහෙම කියද්දි ම එයාගෙ මූණෙ තිබුණ තරහ තව වැඩිවුණේ බලාගෙන ඉද්දිමයි...



" චටාස්..............."


ඒ එක්කම මට ලැබුණෙ සැර අතුල් පහරක්...



යුනිවසිටි එකේ අයට නම් තනිකරම මේක ටෙලිනාට්‍යක් වෙලා තිබුණා...



ඒ එක්කම අභිලාශ් මගෙ බෙල්ලෙන් අල්ලගෙන,


" උඹ මැරුණා කියලා හිතාගනින්....මං උබව මැරෙනකන් වද දෙනවා....උඹ මට මේ කරපු අපහාසෙට වන්දි ගෙවන්න බලන් ඉදිපන්"


කිය්ලා මාව වැටෙන්න තල්ලු කරන් ගියා....



ඒ එක්කම යුනිවසිටි එකේ ඉන්න අයගෙන් සූ හඩවල්...



කොච්චර පීඩනෙන් කෑගැහුවත් මං දැන් ඉන්නෙ ගොඩක් බය වෙලා..ශොක් වෙලා...ස්ට්‍රෙස් එක පිට කරන්න අඩන්න ඕන කියලා හිතුණත් කදුළක් හොයාගන්නවත් බැහැ...මං තාමත් ඉන්නෙ පොන්ඩ් එක ගාව බිම වැටිලා...



ඒ එක්ක ම මගෙ පිටිපස්සෙන් ඇවිත් මාව කවුරු හරි වැළදගන්න්වා දැණුනා..




වින්ඩී...




ඒ වින්ඩී....



තියෙන ආවේගෙට ම මං වින්ඩිට අත දිගෑරලා කම්මුලට ගැහුවෙ අභිලාශ්ගෙ තරහත් පිට කරන ගමන්..



" ශෙතූ මං.............."



" මොකුත් කියන්න ඕන නෑ විනූ...මට පාඩුවෙ ඉන්න දෙනවා....get lost.."


ඇස් දෙක පියාගෙන ම මං වින්ඩිට කෑගැහුවා...


ඒ එක්කම තව කවුරු හරි මං ගාවට එනව දැණුනා....




චොකලට් මික්ස් වුණ බටර් සුවද...



ඔව් ඒ මේඝව්.. මට එයා දිහා උනත් බලන්න ඕන කමක් නැහැ....බෑග් එකත් අරගෙන මං යුනිවසිටි එකෙන් පිට වුණේ කාටවත් නොකියම...



එයා වෙනස් වෙලා....එය මට එහෙම කවදාවත් ගහලා නැහැ....එත් ඒත් අද එයා ගැහුවා..යන්නෙ කොහෙදවත් හිතාගන්න බැරුව මං ඔහේ පාර දිගේ ඇවිදන් ආව...අභිලාශ් අල්ලපු කෙස් ගස් ටික හිදටම අව්ල් වෙලා... ඒ වගේම කම්මුල් පාර පුපුර ගහනව වගේ අගෙ කම්මුලට දැණුනා...



මේවා හිත හිත ම මං කොහෙන්දෝ ගිහින් පාලු පාරකට වැටුනා..



කලින් තිබුණ පැහැදිලි අහස අලු පාටට හැර්න්න ගත්තෙ වැස්සකට මුල පුරන්න පෙර නිමිති කියනවා වගේ... හිතා ගන්න බැරි තරමට ම අහස කලු වුණා.... ඒ එක්කම පාලු පාර අවට තිබුණ රූස්ස ගස් අතරින් වැහි ලිහිණියො කෑ ගහගෙන ගියේ අදුරට ආක්‍රමණය කරපු පරසරේ තියෙන මූසල ගතිය වැඩි කරගෙන...



බල්ලෙක් බලලෙක් වත් නැති පාර දිගේ මං ඔහේ ඇවිදන් යනවා.... ලාවට වගෙ හීනි පොද වැස්ස පටන් ගද්දිම මට ඇහුණෙ හිවලෙක් වගේ සතෙක් උඩු බුරනවා...



ඇත්තටම මට දැණුනේ කියාගන්න බැරි අසරණකමක් බයක්...මං මේ කොහෙද ඉන්නෙ කියලාවත් මට හිතාගන්න පුළුවන් කමක් නැහැ...



Google map... මට හදිසියේ ම මතක් උනේ ඒක...



ඉතින් ඩේටත් ඔන් කරගෙන මං මැප් එක ඕපන් කරත් connection failed වුණේ සිග්නල් නෑ කියලා අගවන්න... මං ආයෙම airplane mode on කරල ආයෙම ඩේට ඔන් කරත් හරි ගියේ නැහැ...




ටිකක් දුර ඇවිදන් යද්දි මට හම්බුණෙ මුඩුක්කු ගෙවල් තියෙන ගම්මානයක්...මං ඉදිය පාර කන්දක් මුදුන නිසා පහල ගෙවල්.හිදට පේනවා...



කලින් තිබුණ පොද වැස්ස ගණ වැස්සක් වෙලා හයියෙන් වහින්න ගද්දි මං මුඩුක්කු ගෙවල් වලට යන පාර්‍ර් දිව්වෙ කාගෙන් හරි පිහිටක් පතන්න...



ඒ ඒ එක්කම උනේ මං නොහිතපු දෙයක්...වතුරත් එක්ක මික්ස් වෙලා තියෙන පාර්‍ර් මං ලිස්සලා වැටුණෙ කකුලෙ ලෙලි ගිහින් ලේ බේරෙද්දී... ඒ එක්කම වැස්ස්ස මහ ලොකු වැස්ස බවට පත් වෙලා මාව හොදට නෑව්ව...


ඇදගෙන ඉන දුහුල් ගව්මෙන් ඇග විනිවෙද පේද්දි මං උන්නෙ කියාගන්න බැරි අසරණකමක...



ඒ මදිවට වතුර වැදිලා තුවාලෙ දනවා...වේදනාව නිසා ම මගේ ඇස් වලට කදුළු ඉනුවා..හෙමින් හෙමින් කන්ද වගේ තියෙන පාරෙන් මං ආවත් පිටිපස්සෙන් කවුරු හරි හෝන් කරනවා මට ඇහුණා...



ඒ ඩිෆෙන්ඩර් දෙකක්...



ඉස්සරහ තියෙන ලයිට් මූණට ම වැදෙද්දි ඒක වලක්ව ගන්න අත් දෙකෙන් මූණ වහගත්දිම කවුරු හරි වාහනෙන් එලියට බැහැලා එනවා දැක්කා...ඒ එක්ක ම ඒ මිනිහා මගෙ දිහාට ඇවිත් මගෙ මූණට ලේන්සුවක් අල්න්න හදද්දිම මට තේරුනා වෙන්නෙ මොකද්ද කියල...



" දෙයියනේ...මොනා ද කරන්නෙ ඔ..යාලා.."



මට කෑගැහුණා... මං ඒ මිනිහව තල්ලු කරලා මං මහ පාර මැද දිව්වා...



මං දැක්ක මගෙ පිටි පස්සෙන් පිහි කැති උස්සගෙන මිනිස්සු හය හත් දෙනෙක් එනවා...



__________________


කොහොම ද කතාව....ඔයාල හිදටම බය වෙලා නම් ඉන්නෙ මං අද සාර්ථකයි..මොකද මේක ලියද්දි මාත් බය වෙලා ලිව්වෙ... දිගම දිග comment එකක් ඕනී....අනේ ලමයී..මං බලාපොරොත්තු වෙනවා ඔයාගෙ comments


Christmas gift එකේ පලවෙනි gift එක තමා මේ...දෙවනි එක හවස...ඒ කියන්නෙ මේකෙන් තව chapter එකක්....

Report Page