White Rose

White Rose

Peppermint:)


White Rose


Chapter #21



මං ඉදියෙ කැම්පස් එකේ assignments බලන ගමන් ....


" ඇති බං....කන්න යමුකෝ..."



" පොඩ්ඩක් ඉන්න වින්ඩි... තාම දවල් වෙලත් නෑනෙ..."



මං assignments ටික දිහාම බලාගෙන වින්ඩිට උත්තර දුන්නා..



" අයියෝ අනේ...කන්න දවල් වෙන්න ම ඕන කියලා නීතියක් නෑනෙ...ඔයා උදේ ඉදල ම...ඊයෙත් පිස්සුවෙන් වගේ වැඩ වැඩ...ඇත්තටම ඔයාට මොනාද වෙලා තියෙන්නෙ ශෙත්වී...??"


මං ඒත් මගේ වැඩ........



වින්ඩි...මගෙ කැම්පස් එකේ හිදම යාලුවා..එහෙමයි කියලා මට ලොකු යාලුවො කණ්ඩායමක් කැම්පස් එකේ ඉදියෙ නැහැ....ඉස්කෝලෙ කාලෙ වගේ ම මං මගෙ පාඩුවෙ හිටියෙ...වින්ඩි මට හම්බුණේ යුනිවසිටි එකේ රැග් සීසන් දවස් වල... එයා හොද ප්‍රියමනාප කෙල්ලෙක්...ඒත් එයා....සෙල්ලක්කාරියක්...මං දන්නෙ නෑ ඒ වචනෙ හරිද කියලා...ඒත් එයා හිතුමනාපෙට වැඩ කරනව කියලා නං හරියටම මට කියන්න පුළුවන්..



ඒ එක්කම වහලා තිබුණ රූම් එක ඇරගෙන කව්දෝ වගයක් ආව උනත් මං හිටියෙ මගෙ අවදාණෙමයි...



" උඹ ඌව කසාද බදිනවද නැද්ද.....????"


ඒ එක්කම මට ඇහුණෙ මේ ලොකෙ මට දැණුණ හුරුපුරුදු ම කටහඩක්...



මට මතක් උනේ ඒ වැස්ස දවස...එයාගෙ බෑග් එක දුන්න දවස....මට හොදටම බැන්න දවස....ඒ වගේම මගෙ දිහා හරි ආදරෙන් බලන් ඉදිය දවස... ඒ මොහොතවල් එකක් නෑර මැවි මැවී පෙනෙද්දි මගෙ අතින් පෑනත් ගිලිහුණේ මටත් නොදැනිමයි...



මං එයා දිහා බැලුවා....මං බලනවත් එක්ක ම තමයි එයාත් මගෙ දිහා බැලුවේ.....



අනේ දෙයියනේ ඒ ඇස්....ඇයි මාව එච්චරටම ඒ ඇස් ලග හිරිවැටෙන්නෙ...


කලින් තිබුණ නපුරු පාට ඇස් ලොකු වෙලා පස්සෙ හීනි වෙලා මං දිහා තියුණු විදිහට බලන් ඉන්නවා....



දවස් පහකින් හරියටම මං දැන් එයා දකින්නේ.... එදා ශොපින් මෝල් එකේදි දැක්ක දේත් මට මැවි මැවී පෙනෙද්දි මට හරි මං ගැනම කලකිරීමක් දැණුණා...මං කොච්චර බලාගෙන හිටියත්... එයා මටම බොරුකරා...



ඔව් මං දන්නව එයා...එයා මට කිව්වෙ නැහැ ආදරෙයි කියලා..ඒත් මං දැක්කනේ ඒ ඇස්වල නපුරුකමටත් උඩින් යම්කිසි හැගීමක් මං ගැන තිබුණා කියලා...



" Excuse me..අනුන්ගෙ කතා අහගෙන ඉන්නෙ නැතුව එළියට ගියොත් හොදයි නේද..."


ඒ එක්කම ඒ මහපට ඇගිල්ල මගෙ පැත්තට දික්කරලා ආයෙම ඒක් දොර පැත්තට යොමුවුණේ මගෙ හිත කේන්තියෙන් පිරෙද්දී...



එයා දැනගන්න ඕන...ඒ ඉස්සර ඉදිය අහිංසක කෙල්ලට කේන්ති යනවා කියලා....


" Excuse me මිස්ටර්....ඔයා දොර අරිද්දි excuseවත් නොකර බලෙන් ඇවිල්ලා අපිට එක එක පාට් දාන්නෙපා..."


මට කෑගැහුණා...එයා වගේම මාත් මගෙ දකුණු අතේ මහපට ඇගිල්ල එයාට දික්කරගෙන ම මං එයාට බැන්නා...



" හහ්හ්හ්.."


කට කොනින් දැම්ම සමච්චල් හිනාවක්...


මං බැලුවෙ වින්ඩිගෙ දිහා....එයා හොදට ම බය වෙලා..මට පුදුම හිතුණා..සාමාන්‍යයෙන් එයා එහෙම නැහැ...කට වැඩි නපුරු කෙල්ලෙක් එයා.. ඒත් එයා අභිලාශ් ගොඩක් බය වෙලා...



ඒ වගේම මට ලොකු ප්‍රශ්නයක්....ඒ,


" අභිලාශ් කවුද වින්ඩිගෙ..."



මගේ දෛවය මට විහිලු කරනවද...ඇයි...ඇයි මෙච්චර ද්‍රෝහි මිනිස්සු මගෙ ජීවිතෙන් යවන්නෙ නැත්තෙ..


" අනික ඔයා කියන දේ අහලා කරන්න මං කොහෙත්ම බැදිලා නැහැ..සෝ ප්ලීස් හරියට මැනස් ඉගෙන ගෙන එන්න..."


කියලා මං ' දඩස් ' ගාල මගෙ දේවල් අරගෙන අභිලාශ්ට ගස්සගෙන එළියට ආවා..




දුකක් ද සතුටක් ද හිතේ තියෙන්නෙ කියලා මට හිතාගන්න බැහැ.... පොඩ්ඩක් සතුටුයි..මට ආයෙම එයා දැක්ක එකට...ඒත් ඒ සතුට පොඩි කරගෙන එන්නෙ අර කාලකණ්ණි සිදුවීමෙ චිත්ත රූප...



Assignments ටිකත් තුරුලු කරගෙන මං ආවෙ කැන්ටීන් එකට...


එතන එක විකාරයයී....


මං එද්දිම දැක්කෙ කැන්‍ටීන් එකේ කෑම ගන්න පොරකන පෝලිම.. එතකොට සීනියර්ස්ලා කොල්ලො පෝලිමක් රැග් එකට අරගෙන... සමහර අය ලව් කරනවා..සමහර අය එයාලගෙ ක්‍රශ් දිහා බලාගෙන ඉන්නවා..



එක එක අයගෙ ලෝක අතරින් මං ගිහින් වාඩි වුණේ කැන්ටීන් එක ගාව පොඩි පොන්ඩ් එකක් වගේ හදලා තිබුණ ඔලේස් එක ගාව තියෙන පුටුවට...මට ඕන වුණේ තනියම ඉන්න...තනියම හිතන්න...මේ වෙනතෙක් උන දේවල්..මට ඕන අඩන්න...



ඒ එක්කම මැසේජ් එකක්....මේඝව්ගෙන්..


" මොකද්ද උනේ..."


මං මැසේජ් එක සීන් නොකර notification එකෙන් බලල ආයෙම මං ෆෝන් එක ඕෆ් කරා...


ඒත් ආයෙම.....,



" මං දන්නව ඔයා මැසේජ් එක දැක්ක කියලා ශෙත්වී..මොකද්ද උනේ.."



මං ඒ එක්ක ම වටපිට බැලුවෙ ළගපාත ඉන්නව ද කියලා උනත් මේඝව්ගෙ අංශු මාත්‍රයක්වත් පේන්න තිබුණෙ නැහැ...



ආයෙම මතක් වෙන්නෙ අභිලාශ්....එතකොට වින්ඩී.... මොනාද දෙයියනෙ මේ වෙන්නෙ...


පොන්ඩ් එක...



අනේ....මට මතක් වෙන්නෙ අභිලාශ්ගෙ මාලුවො දෙන්නා...white rose යායෙදි එයා හම්බුණ විදිහ...අනේ එයා මගෙ තුවාලෙට බෙහෙත් කරපු විදිහ.... ඉතින් මේවා මතක් වෙද්දි මගෙ ඇස් දෙකෙ කදුළු පිරෙන්නවා....



" ආ එහෙනම් ඒක තමයි මේ..."


ඒ එක්කම මට ආයෙම මේඝව්ගෙන් මැසෙජ් එකක්...මගෙ ඉස්සරහ කොනට වෙන්න තියෙන පුටුවෙ මේඝව් මගෙ පිටිපස්ස බලාගෙන ඉන්නවා...



මං එහෙමම හෙමින් හැරිලා බැලුවෙ පිටිපස්ස..


" අභිලාශ්.."


මට කෑගැස්සුණා.. එයා මං දිහා අත් දෙක බැදගෙන බලාගෙන ඉන්නවා...




ඒ තියුණු ඇස් දෙක මගෙ ඇස් දිහා හරියටම බලාගෙන ඉන්නෙ....ඉතින් ආයෙම මාව හිරිවැටෙනවා...



" ඉවරද මැඩම්ගෙ කතාව..."


____________________

අද අනේ මන්දා..මගෙ හිතට හරි නැහැ...react කොහොම තිබුණත් කමක් නැහැ..


Christmas එකට දෙන්නම් ආයේ...චූටියා එක්කම.. චූටියා සීසන් 2 පටන් අරන් chapter කීපයක් දුන්න ලමයී...එක katha loke unique කරලා නිසා අනිත් channel වලට දෙන්න වෙන්නෙ නැහැ...මගෙ acc එකේ profile එකෙන් personal channel එකට ජොයින් වෙලා search කරලා ගන්න ලමයී



කලින් චැප්ටර් එකට react කරපු හැමෝටම ආදරෙයි.. චැප්ටර් එක පරක්කූ උනේ මේ දවස් වල busy..සහ ඔයාලගෙ react ( personal channel එකේ) හරියට දුන්නෙ නැති නිසා... ආදරෙයි ❤️

Report Page