White Rose
Peppermint:)
White Rose
Chapter #20
මං ඉදියෙ seeds cafe එකේ......
කොෆී එකෙන් දැනෙන තිත්ත බව මකන්නම ලගම තිබුණ චොකලට් කුකී එකක් කන ගමන් මං ෆෝන් ස්ක්‍රීන් එක ස්ක්‍රෝල් කරන ගමන් මං බලාගෙන ඉදියෙ ඈතින් ටේබල් එකක වාඩි වෙලා මුලු හවස් වරුවම එන්ජෝයි කරන ෆැමිලි එකක් දිහා...
Cute babe.."
එතන හරි ලස්සන ප්‍රියමනාපව ඉන්න බබාල දෙන්න අතරින් චූටි එක්කෙනා හරි ලස්සනයි...පැත්තකින් ඇරිලා තියෙන ජනේලෙන් ආව හුළග නිසා කොණ්ඩෙ හැමතැනම විසිරෙද්දි බෑග් එකෙන් හෙයා ක්ලිප් එකක් අරගෙන සෙරම කොණ්ඩ කෑලි එකතුවෙන්න පොඩ්ඩක් උඩට කරලා බැන්දා...
ඉස්සරහින් කපපු චූටි කොණ්ඩෙ කෑලි විතරක් මූණට වැටෙද්දි මං ආයෙම අත් දෙකත් නිකටට තියාගෙන බලන් ඉදියෙ ඉස්සරහා ෆැමිලි එක දිහා...
කවුරු හරි මනුස්සයෙක් මගෙ දිහා බලන් ඉන්නවා කියලා දැණුණ නිසා මං වට පිට බැලුවත් එහෙම කවුරුවත් නොවෙද්දි මං කොෆී එක බීල ඉවර කරා...
එහෙම්ම බෑග් එකේ ඉවර කරන්න කියලා ගෙනාපු assignment ටිකත් දිගෑරගෙන ඒ ටික කරලා 4.30 වෙද්දි මං කැෆේ එකෙන් එළියට ආවා...
එහෙමම කා එකට නැගලා පොඩ්ඩක් රිලැක්ස් වෙන්න කියලා බීච් එක පැත්තට යන්න ඕන කියලා හිතුන නිසා තූර්යට ටෙක්ස් එකක් දාල කිව්වෙ එද්දි පරක්කු වෙයි කියන්න...
තූර්යා අද දවසෙම මගේ අපාර්ට්මන්ට් එකේ...රිලැක්ස් වෙන්න ඕන කියලා ආවෙ මාත් එක්ක ඉන්න බලාගෙන...ඒත් මං නැහැ එයා එක්ක...
කා එක ගන්න හදද්දිම කවුදෝ කඩමාලු ඇදගත්ත මනුස්සයෙක් මොනාද පෙන්න පෙන්න සල්ලි ඉල්ලනවා...
පව්....අහිංසක මිනිස්සු...
මට මතකයි අන්තිමට මට මෙහෙම කෙනෙක් හම්බුණේ අම්මිලා එක්ක අනුරාධපුරේ ගිය දවසේ... මොනා හරි ලෙඩකට බෙහෙත් ගන්න සල්ලි ඉල්ලද්දි තාත්ති කෑගැහලා ඒ මනුස්සයා බැනලා එලවගත්තා...
එදා මං හොදටම අම්මිටයි තාත්තිටයි බැන්නා...ඒත්..එයා කිව්වෙ එහෙම මුවාවෙන් අපෙන් සල්ලි කඩාගන්න එන මනුස්සයො කියලා...අම්මි උනත් එහෙම මොනවත් කිව්වෙ නැ...ඇත්ත වෙන්නැතී...ඒත් මට හරි දුකයි මේ වගේ මිනිස්සු දකිද්දී...
ඉතින් අතටම ඉතුරු වෙලා තිබුණ 1000 කොලේ දෙද්දි ඒ අම්මගෙ ඇස් දෙකේ කදුලු පිරුණා මං දැක්ක...පව්...
එහෙමම ඒ අම්මා මගෙ අත ඉල්ලුවා...මොකට ද කියලා හිතා ගන්න බැරුව ඉද්දි මං දුන්නා...
" නෝනට ලොකු අපලයක් තියේද... හරි අහිංසක නෝනා කෙනෙක්...වැරදි තීරණ ගන්නෙපා නෝනා...වැටෙන්න තියෙන නරක ම විදිහට වැටෙයි..."
කියලා එයා යන්න ගියා...
මං හිටියේ මුකුත් හිතාගන්න බැරුව..
" වැරදි තීරණ ගන්නෙපා නෝනා...වැටෙන්න තියෙන නරක ම විදිහට වැටෙයි..."
තාමත් මගෙ මනසෙ දෝංකාර දෙනවා....
ඒ එක්කම කෝල් එකක්...
" අභිලාශ් ලංකාවට ඇවිත් "
•••••••••••
" කවදද..."
" මන්දා...මට කිව්වෙ අපේ අම්මිලා.."
තූර්යා එහෙම කියද්දි මගෙ ඇගම වෙවුලන්න ගත්තා...නෑ..නෑ...එහෙනම් මං දකින්න එපැයි...මොකද මට අදුරගන්න බැරි නෑනෙ...
" ඇයි ශෙතූ මොකක් හරි ප්‍රශ්නයක් ද..??"
මං කල්පනා කරනව දැකලා තූර්යා එහෙම ඇහුවා...
" ආහ්...නැහැ...මේ අපි කමු.."
"Are you sure..??"
" ofcourse" කරන්න දෙයක් නැති නිසාම ව්‍යාජ හිනාවක් මං එයාට දෙද්දි මං දිහ හොදට බාලගෙන හිටිය තූර්යා එයාගෙ ප්ලේට් එකට අවධාණෙ දුන්නා...
" හෙට ශොපින් යමුද..."
මං කල්පනා කරා.......
" බලමු.."
" ඔහ්..කමෝන් ශෙතූ...මොකද්ද අප්පා...."
තූර්යා දිගටම මගෙන් ආයාචනා කරද්දි මං බැරිම තැන හා කිව්වා.... දෙන්නම කාල ඉවර වෙලා තූර්යා ප්ලේට් හෝදන්නම් කිව්ව නිසා මං බැල්කනියට ආවා..
අභිලාශ් එක්ක ගත කරපු මොහොතක් ගානෙ ම මගෙ මතකෙට එද්දි ඇස් තෙමිලා ඉවරයි...
ඒ එක්කම මට මතක් උනේ අර වයසක අම්ම කිව්ව කතාව...
"වැරදි තීරණ ගන්නෙපා නෝනා...වැටෙන්න තියෙන නරක ම විදිහට වැටෙයි..."
මට බය හිතුණා හොදට ම...මට කෑගහලා අඩන්න ඕන උනා...ඒත් හැගීම් පෙන්නන්න ගිහින් ලෝකෙට තුවාල පෙන්නලා අවධාණෙ ගන්න මට ඕන උනේ නැහැ...
•••••••••
" අනේ ශෙතූ...අපි අරක ගමුකෝ..."
"ශෙතූ අර ටෙඩී ලස්සනයි නේද...අපි ඒක ගමුද...."
"ශෙතූ අර පර්ෆියුම් එකේ අලුත් බ්‍රෑන්ඩ් එකේ ස්මෙල් එක මරු.."
" මේකප් සෙට් එකක් ගන්න ඕනි ශෙතූ.."
" අනේ අර චොකලට් එකත් ගමුකො.."
බ්ලා බ්ලා බ්ලා........................
ඔව්...මං ඉන්නෙ තූර්යා එක්ක...අලුතින් ගම්පහ ඕපන් කරපු ශොපින් මෝල් එක ඇතුළෙ...මං නිකන් බෝනික්කෙක් වගේ මෙයා කියන ඒව අහන් ඉන්නවා...
ඇත්තටම අපේ කාර්ඩ් එක ඇති වෙයිද මන්දා මෙයාගෙ මේ බඩු ටිකට...
ශෙත්වි බඩු තෝරන අතරෙ මං ගියේ ටෙඩීස්ලාගෙ පැත්තට...
"Huhhh....Ahh..I'm sorry.....I...I don't thin.................."
මං හිතුවෙ නැහැ මෙහෙම දෙයක්.....කවදාවත් ම...
අභිලාශ්...!!!!
නැහැ...එහෙම කොහොම ද වෙන්නෙ..නෑ..එහෙම නෑ එයා...මේක හීනයක්...ජරාම ජරා හීනයක්...
" ශෙත්වී...කොහෙද ගි.............."
ඔව්....තූර්යත් දැක්කා ඒක...එකම හීනෙ දෙන්නෙක්ට එකම වෙලාවට පේන්නෙ නෑනෙ.... එතකොට ඒක ඇත්ත දෙයක්....
•••••••••
කොහොම ද එහෙම වෙන්නේ....නැහැ..මට ගොඩක් විශ්වාසයි එයා....
" උබ හිතනව..........."
" ශ්ශ්ශ්ශ්......." තූර්යා කත කරන්න යද්දි ම යශේන් නැවැත්තුවා එයාව..
මේඝව් පැත්තකින් ඉන්නව මේ සේරම බලාගෙන...
මට අඩන්න ඕන...එයා නෙවෙයි වෙන්නැති ඒ....එහෙම නේද....ඔව්...එහෙම තමයි...මං මගෙ හිත හදානවා මන් ම...
එකපාරටම මේඝව් මගෙ අතින් අල්ලගෙන බැල්කනි එකට ගියා...එයා මාව වැළදගත්තා...මාත් තදින් ම...
මට ඇඩුණා...මට දැණුණා එයා මගෙ කොණ්ඩෙ අස්සෙන් ඇගිලි ගෙනියනවා...
" එයා ඒම නෑ නේද මේඝව්...ඒත් මං දැක්කනේ ඒ ගර්ල්ගෙ ලිප්ස් කිස් කරනවා....අනේ එයා එහෙම නෑනෙ..නේද...
________________
Bla bla blaaa...මං මොකුත් කියන්නෙ නෑ...comment 50+ දාන්න පුළුවන් ද...මට ආසයි අනේ ඔයාලගෙ කමෙන්ට් ගොඩක් තියෙනවා දකින්න...