White Rose
Peppermint:)
White Rose
Chapter #19
සති 2ක් වගේ මට හොස්පිට්ල් එකෙ ඉන්න උනා...මොනා කරන්න්ද...ඒ ටිකේ ම පාඩම් වැඩ ගොඩක් මිස් වෙලා...
තූර්යා එදා උන දෙයින් ගොඩක් ශොක් වෙලා..එයා ගොඩක් පසු තැවෙනවා මාව එතෙන්ට නොයෙන්න වග බලාගන්න තිබුණා කියලා..
ඒ වගේම අභිලාශ් කිව්ව මගුල් කතාව හරියට විස්තර කරේ තූර්යා.. සාගර ඇමති අභිලාශ්ව ඕස්ට්‍රේලියා යවලා...තූර්යාට සේරම විස්තර කරත් මං හිතාමතාම අභිලාශ් කිව්ව " මං බලන් ඉන්නවා..." කතාව හැලුවෙ හිතාමතාමයි...ඒකට හේතුවක් නැති වුණත් මං ඒක තූර්යාට කිව්වෙ නෑ...
ඒ වගේම මේ සතියෙ මට ලොකු දෙයක් දැනගන්න ලැබුණා..අපෙ අම්මිගෙයි ප්‍රින්සිපල් සර්ගෙයි ඒ වගේ ම නිහාරි ආන්ටි අතර මොනා හරි සම්බන්ධයක් තියෙනවා..
මොකද මට උන ඇක්සිඩන්ට් එකත් නිසා ප්‍රින්සිපල් සර් මේඝව්, නිහාරි ආන්ටි එක්ක හොස්පිට්ල් එකට ආවා...එදා තාත්තිගෙ හැසිරීම අන්තිම නරකයි...හේතුවක් දන්නෙ නෑ...ඒත් මට හොදට ම දෙයක් දැණුනා...මේඝව්ගෙ තාත්තා එහෙම නැත්තං ප්‍රින්සිපල් සර් අපේ අම්මිව හොදට ම දන්න කෙනෙක්...ඒත් ඒ කොහොම ද..???
ඒ සති දෙකේම හිටියෙ මං ඒ ප්‍රශ්නෙ හිත හිත...අභිලාශ් ගියාට පස්සෙ මේඝව්ගෙ ප්‍රශ්න යම්තාක් දුරකට අඩු උණා...ඒකට හේතුවක් විදිහට එයාගෙ අතින් මං ඇක්සිඩන්ට් උන එක කියන්නත් පුළුවන්...ඒත් ඊට වඩා මොනා හරි හේතුවකට දැන් එයා වැඩිය මාත් එක්ක පැටලෙන්න එන්නෙ නෑ...
ඒත් මේඝව් කියන යතුර ගැන මට ලොකු ප්‍රශ්නයක් තිබුණා...
හොස්පිට්ල් එකේ ගත වුණ සති 2න් පස්සෙ මං යම්තාක් දුරකට හොද වෙලා තිබුණත් සමහර වෙලාවට ගොඩක් හිතද්දී ඔලුව පැලෙන්න වගේ රිදෙන්න ගන්නවා...
අවුරුදු 5 කට පසු,
" කොහෙද තූර්යා යන්නේ...??"
මං ලෙක්චර්ස් ඉවර උනු ගමන් ම ආවෙ කැෆේ එකට...
" යශේන් කතා කරා ශෙතූ..මට හේතුවක් කිව්වෙ නෑ...මට විතරක් එන්න කිව්වා.. "
" හ්ම්ම්ම්..."
තූර්යා යශේන් එක්ක යාලු වුණා..මට එදා ඉස්කෝඑ යන කාලෙ උන දෙයින් පස්සෙ ඔක්කොම උඩුයටිකුරු වෙලා තිබුණා...
මේඝව්... එයා මගෙ හොදම යාලුවෙක් දැන්...ඔව්..මට එයා නැතුව බෑ...තූර්යාත් මගෙ හොදම යාලුව තමයී...ඒත් යශේන් එක්ක තූර්යා යාලු උනාට පස්සෙ මට නිකන් මං තනි වුනා මගේ හැගීමක් ආවා....තූර්යා යශේන් එක්ක යාලු උනාම ස්වභාදහමෙන් ම තරහකාරයො වගේ ඉස්කෝලෙ කාලෙ රණ්ඩු වුණ මේඝව් මගෙ හොදම යාලුව උනා...
ඉතින් මොන හේතුවකට ද මන්දා මේඝව්තුයි මායි එකම යුනිවසිටි එකකට වැටිලා යශේනුයි තූර්යයි තවත් යුනිවසිටි එකකට වැටුනා...ඒ කියන්නෙ ඒ දෙන්න ඉන්නෙ යුනිවසිටි දෙකක...
මායි මේඝව්තුයි ජපුරට වැටෙද්දී යශේන් මොරටුවට වගෙ ම තූර්යා කැලණියට වැටුනා....
" යනවද සෙමට්‍රි එක ගාවට..."
තූර්යා මගෙ අතකිනුත් අල්ලගෙන එන්ට්‍රෑස් එක ගාවට එන ගමන් ඇහුව..
දෙයියනේ...
" අනේ...තූර්යා..මට අමතක උනා ඒක..."
" අහ්...මේඝව් බලාගෙන ඇති ශෙතූ...ඔයා ගියා නම් හොදයිනෙ..."
" ඔව්...මං අපාර්ට්මන්ට් එකට ගිහින් කෙලින් ම යනවා.."
" හ්ම්ම්ම්..."
" අභිලාශ් හිටිය නම් හොදයි නේද..."
ආයෙම...ආයෙම අර නුහුරු හැගීම...අභිලාශ්..ඒ නම ඇහෙද්දිම හිතම පිරෙනවා හේතුවක් නැති වුණත්...එදා හොස්පිට්ල් එකෙන් දක්කට පස්සෙ අභිලාශ් දැක්කෙ නෑ...ඒත් මට තාම මතකයි ඒ රූපේ...
" ම්ම්ම්...මං යනවා තූර්යා.."
නොදැනුවත්ව ම හෙළුණ සුසුමත් එක්ක ම මං තූර්යාට එහෙම කරන් අපාර්ට්මන්ට් එක ළගට ආවා...
•••••••
මං සෙමට්‍රි එක ගාවට එද්දී මේඝව් ඉදියෙ සෙමට්‍රි එක ගාව වාඩිවෙලා එරමිනියා ගොතාගෙන.... ඔහේ සොහොන දිහා බලාගෙන ඉන්නවා...ඉස්සරහා පාට පාට මල්.වලින් පිරුණ මල් බොකී එකක්...
" මං හිතුවෙ එන එකක් නැ කියලා..."
මේඝව් වෙන පැත්තක් බලාගෙන ම එහෙම ඇහුවා..
" සොරි මේඝව්...මං ලෙක්චර් එකක ඉදියෙ.."
අමතක උන කතාවක්කිව්වෙ නැත්තෙ එයා අවුල් ගහවි කියලා...
" ම්ම්ම්හ්හ්"
මං බැලුවෙ සෙමට්‍රි එකේ චූටියට තියෙන ඩිනාරා ආන්ටිගෙ ෆොටෝ එක...
මොන ලමයටද පුළුවන් තමන්ගෙ අම්ම කොච්චර වැරදි වැඩ කරත් එයා ගැන නොසලකා ඉන්න...
මගෙ අත කෙලින් ම ගියේ ඒ චූටි ෆොටෝ එක ගාවට....ඇත්තටම ඩිනාරා ආන්ටි ගොඩක් ලස්සනයි...වචනෙන් කියන්න බැරි තරම්...ඒත් රූපෙන් පේන තරම් හැමෝගෙම හිත් ලස්සන නෑනෙ...
" අම්මි කිව්ව ෆ්‍රී වෙලාවක ගෙවල් පැත්තෙ එන්න කියලා..."
" ආහ්...හ්ම්ම්ම්...හෙට ෆ්‍රී..මං එන්නද..??"
" අවුලක් නෑ..."
ඕනවට එපාවට එහෙම කිව්ව මේඝව් ආයෙම ඈතින් පේන විල දිහා බලාගෙන...
ඇත්තටම මං ඉස්සර හිතුවෙ නැහැ මෙච්චර අහිංසක කොල්ලෙක් මං කලින් දැකපු මේඝව් ඇතුලෙ ඉදියා කියලා...
ටික වෙලාවකින් විලෙන් වතුර පොදක් දෝතට අරගෙන ඇවිත් මල් බොකී එකේ මල් ටිකකට ඉහලා මගෙන් ඇහුවා ගෙදර යන් ද කියලා..
මාත් මෙතනට වෙලා මොනා කරන්න්ද....ඉතිං
මං මගෙ කාර් එකේ අපාර්ට්මන්ට් එකට ආවා
______________
මං කිව්වෙ මේඝව් සෝක් කියලා...මේ ලමයී මේ ටිකේ ඔයාලට විසදගන්න බැරි ප්‍රශ්න තියේ නම් කමෙන්ට් එකක් දාගෙන යන්න...(පවුල් ප්‍රස්න එව්ව මෙව්ව නෙවෙයි කතාවෙ හොදේ...😅)
Comment & react කරපු හැමෝටම ආදරෙයී...මං හැමෝගෙම comment කියවනවා ලමයී...reply කරේ නැති වුණත් react එකක් හරි දාගෙන යනවා...