White Rose

White Rose

Peppermint:)


White Rose


Chapter #17


" අයියෙ අක්කිගෙ කන්ඩිශන් එක ගොඩක් serious කිව්වාහ්.."



මගෙ ඇගේ පණ නැති වුණා වගේ..මට ඉබේම බැලුනෙ icu එකේ ඩෝ එක දිහා...


ඕනම දේක හිතාගන්නවත් බැරි විදිහට ශොක් එකක් ආවම අපේ ඇස් වලින් කදුලක් කියලා දෙයක් හොයාගන්නවත් බැරි වෙනවා...මොකද ඒ තරමට මොලේ ඇතුළෙ උන කම්පනෙන් කරන්නෙ මොනාද කියලා අපිට හිතාගන්න බැරිවෙනවා...



මං හිතන්නේ....මටත් උනේ ඒ දේම තමයි


" අයියා...are you okey..??"


කිසිම හැගීමක් දැනීමක් නැති මිනිහෙක් වගේ මං බැලුවෙ දිහේන් දිහා...



" ඇයි බං මං කැමති මං ආදරේ කරන මිනිස්සු මගෙන් ඈත් වෙන්න බලන්නෙ...??"


මං අසරණ විදිහට දිහේන්ගෙන් එහෙම ඇහුවම ඌ කරේ මාව ගොඩක් තදින් හග් කරපු එක..



" හේයි...උඹ ඔහොම කඩාගෙන වැටෙන්න එපා බං"



මල්ලි කෙනෙක් උනත් දිහේන් මට මගෙම යාලුව වගේ...අම්මි නැති වුනාමත් එක්ක ම මට යාලුවො කියලා හිටපු එවුන් එක්ක ආශ්‍රය කරලා නැති තරම්...ඒ නැතත් සල්ලි තණ්හාවෙන් ආශ්‍රය කරපු එවුන් නැති එවුන් මං අදුන ගත්තෙ එදායින් පස්සෙ...



ඒ එක්කම මගෙ එක අතකින් සීතල යම් දෙයක් ස්පර්ශ වෙද්දි මං ගැස්සිලා පිටිපස්ස බැලුවා...



ශෙත්විගෙ ඇස්මයී...



ඔව්..ඒ වෙන කවුරුවත් නෙවෙයී...ශෙත්විගෙ අම්මා...



" එයා අපි එක්ක ඉදීවි නේද..."



අසරණ විදිහට ශෙත්විගෙ අම්මි එහෙම අහද්දි මට කට උත්තර නැති උනා...



අනේ දෙයියනේ.... මෙච්චර අසරණවීමක් මට මගෙ ජීවිතේට ම විදල නැහැ..



" අනිවාර්යයෙන් ම අම්මා "


එක පාරටම එයා මාව හග් කරේ මගෙ ඇස් වල කදුලු පිරෙද්දී..


මට මතක් වුණේ මගෙ අම්මිව.... එයත් ඉස්සර මාව ගොඩක් ආදරෙන් මෙහෙම හග් කරනවා මං අසරණ උන තැන් වල...



අම්මිගෙන් පස්සෙ මං ගෑනු කෙනෙක් කියලා ආශ්‍රේ කරේ ශෙත්විව...



දන්න කියල හැම දෙයියයම අයදින ගමන් මං දොරේ තරම්ක් ලොකු සිදුරෙන් ඇතුළ බැලුවා..



උන් මගෙ එකී මරන්න හදනවද කොහෙද...


හැම ඩොක්ටර් කෙනෙක් ම එතන මගෙ එකී ගාව වට වෙලා ඉද්දි මට හිතුණෙ එහෙමමයි..



ටික වෙලාවල් යද්දි එක නර්ස් කෙනෙක් එලියට කඩාගෙන දිව්වා...


ඒ එක්කම තව ඩොක්ටර් කෙනෙක් රූම් එක එක ඇතුළට ගියා වෙද්දි මං හිටියෙ පණ පිටින් මැරෙන ගමන්...



ටික වෙලාවකින් හැමෝම වගේ රූම් එකෙන් එලියට ආවා..



ශෙත්විගෙ අම්මට තත්වෙ හොදයි කියලා කිව්වා...පැය 24කින් සිහිය ආවම නෝර්මල් වෝඩ් එකට දානව කියලා කියනවා මට ඇහුණා...



POV: ශෙත්වි



මුලු ඔලුවම පිපිරෙන්න තරම් හයියෙන් ඇදුම් කද්දි මං හිටියෙ ඇස් දෙක ඇරගන්න බැරුව...



මං ඇදක ඉන්නෙ කියලා මට තේරුණා වගේ ම එහා පැත්තෙන් මගෙ breathing sounds ඇහෙනවා


ඇහි පිහාටු ඇලිලා වගේ දැනෙද්දි මං අමාරුවෙන් ම ඇස් ඇරලා බලද්දි මට ඉස්සෙල්ල ම පෙණුණෙ මට උඩින් කැරකෙන ෆෑන් එක..


එක පාරටම නර්ස් කෙනෙක් ඇවිත් මට මොකද්ද ඉන්ජෙක්ට් කරලා ගියා වෙද්දි තව ටිකකින් අම්මියි තාත්තියි ආවා...


අම්මිගෙ ඇස් වල කදුලු පිරිලා...


කතා කරන්න ඕන උනත් මගෙ sounds පිට උනේ නෑ...ඒ වගේ ම කතා කරන්න හදද්දිම ඔලුව පිපිරෙන්න තරම් අර ඇදුම් කන වේදනාව තව වැඩි වෙන නිසා මං එයාල එක්ක අමාරුවෙන් හිනා වුණා...



අම්ම එක පාරටම මාව ඉඹගෙන ගියා..


" මං බය උනා දෝණි...දෙයියනේ මං විදෙව්ව තරමක් මගෙ මැනික..."


ටික වෙලාවක් අම්මි මා එක්ක කතා කරලා එලියට ගියා...


තාත්ති මාව ආයෙම චෙක් කරලා අම්මි එනකන් කතා කර කර ඉදියා..



ටික වෙලාවකින් අම්මි ආවා වෙද්දි එයා මං එක්ක කතා කර කර හිටියා...උත්තර දෙන්න අමාරුම නිසා හුගක් වෙලාවට මං කරේ ඇස් වලින් කතා කරපු එක...



ආයෙම නර්ස් කෙනෙක් මට බෙහෙත් වගයක් ඉන්ජෙක්ට් කරා...ඒකෙන් මට දැනුනා ඒ විද්දෙ නින්ද යන බෙහෙතක් කියලා..



•••••••••••



ඇහැරෙද්දි වෙලාවක් හරියටම දන්නෙ නැති උනත් මට තේරුණා ගොඩක් හවස් වෙලා කියලා..



ඇහැරෙද්දි ම මට ඇහුණෙ ලස්සන සින්දුවක්... මුලු හිතෙම සැනසෙනවා....


රූම් එකේ ඇරිලා තියෙන ජනේලෙන් දැණෙන රාත්‍රී

" අනන්තෙන් පියඹා ඇවිදින් තරු කුමරා

අනන්තෙන් පියඹා ඇවිදින් තරු කුමරා

ඒ ආත්මයේදී අපි වෙන්වුණත්

පසුපසම ආවා ඔබෙ රුව සොයා

අනන්තෙන් පියඹා ඇවිදින් තරු කුමරා



ආදරයේ සුලි සුළගේ මා

පැටලෙන්නෙ ඔබේ රුව සොයා

හී පහරින් සමුගත්තේ මගෙ

පණ රැක දෙන්නයි ඔයා

ඉපදෙන්නේ නැවතත් මා වශියෙන් ඔබේ ආදරේ

කවදාවත් ඉඩ නෑ දැන් කදුලින් වෙන්වෙන්න නම්

You are my destiny destiny destiny Baby

You are my destiny destiny destiny Baby



අනන්තෙන් පියඹා ඇවිදින් තරු කුමරා

අනන්තෙන් පියඹා ඇවිදින් තරු කුමරා

ඒ ආත්මයේදී අපි වෙන්වුණත්

පසුපසම ආවා ඔබෙ රුව සොයා

අනන්තෙන් පියඹා ඇවිදින් තරු කුමරා"


ඒ එක්කම එක පාරටම රූම් එකට ආවෙ පිරිමි රුවක් වෙද්දී,


ඒ වගේම ඊට පිටිපස්සෙන් ආවෙ අභිලාශ්


_________________

Bonus එකක් අද දෙන්නද..හෙට එකක් දෙන්න හිතුවෙ දිග එකක්..අද දෙන්නද හෙට දෙන්න ද..



සොරි ලමයී ඊයෙ දෙන්න බැරි උනාට..ක්ලාස් ගිහින් එද්දි රෑ 8යි ..මහන්සි නිසා දුන්නෙ නෑ...අද chapter එක කොහොම ද..??


කලින් chapter එකට react කරපු comment කරපු හැමෝටම ආදරෙයී

Report Page