White Rose
Peppermint:)
White Rose
Chapter #14
ලග හිටපු බෝයි කෙනෙක්ගෙන් එහෙම අහද්දි ඒ කොල්ලගෙ ඔලුව ගියේ ඈතින් හිටිය සාගර ඇමතිලගෙ පැත්තට
දෙයියනේ අභිලාශ්...මගේ රෙක්සී..
එයා..එයා මගෙ රෙක්සිව වඩාගෙන ඉන්නවා...මට දුවල ගිහින් රෙක්සිව උදුරගෙන එන්න හිතුණත් මං ටික වෙලාවක් එතනට ම වෙලා ගල් ගැහිලා වගේ හිටියෙ කරගන්න දෙයක් හිතාගන්න බැරුව...
ඒ එක්කම ඒ නපුරු හීනි ඇස් දෙක මගේ පැත්තට යොමු වෙද්දි කට කොනකින් සමච්චල් සහගත හිනාවක් මට් යොමු කරන ගමන් එයා ගාව හිටිය ගාඩ් කෙනෙක්ට රෙක්සිව දීලා අඩියට දෙකට ශොපිං මෝල් එකෙන් එලියට ගියා... අනේ මගෙ රෙක්සී...බය දුක තරහ මිශ්ර වුණු හැගීමක් හිත ඇතුළෙ තෙරපෙද්දි ඇස් දෙකට කදුළු ඉනුවෙ මටත් නොදැනීමයි...
ගත්ත බඩුත් සේරම එතන දාලා මං අභිලාශ් ගිය පැත්තට දිව්වා...
" මොනා ද මේකෙ තෙරුම...?? ඇයි දෙයියනේ මගෙ පාඩුවෙ තමුන්ලා ඉන්න දෙන්නෙ නැත්තෙ...මොන මල විකාරයක් ද මේ..???"
මං ඈත ඉදල කෑගහලම හයියෙන් එහෙම අහද්දි ඒ යන ගමන නවත්තලා මගෙ දිහා ක්ශනිකව ම හැරෙද්දි...
ඒ එක්ක ම අඩියට දෙකට් ඇවිත් මගෙ අතේ මැනික් කටුවෙන් අල්ලගෙන ආවෙ parking area එකට...
එන ගමන් ම මාව හයියෙන් තල්ලු කරලා කන්මුලට පාරක් ගැහුවෙ මට හිතාගන්නවත් බැරි වෙද්දී...කම්මුල් පාරෙ සැර කමට ද එහෙම නැත්තං මාව මේවගේ තැනකට ආව එකට ද මන්දා මගෙ ඇස් වලට කදුළු ඉනුවා...
" මොකද්ද අරූ එක්ක තියෙන සම්බන්දේ...??"
ඒ එක්කම අභිලාශ් මගෙ බෙල්ල හිරකරන ගමන් ම ඇහුවෙ මගෙ ඇඩිල්ල වැඩි වෙද්දි...හුස්ම ගන්නත් බැරුව මං දගලද්දි එයා මාව එතන තිබුණ කාර් එකක බොනට් එකකට හේත්තු කරගෙන මගෙ මූණට ලං වෙලා කලින් අහපු ප්රශ්නෙ ගොඩක් තියුණු විදිහට ඇහුවෙ මගෙ ඇගේ හිරිගඩු පිපෙද්දී....
" ම්මට ඉන්..න්න දෙන්නහ් ප්ලීස්.."
ඒ ගිනි පිටවෙන ඇස් වල තියෙන තරහව දරාගන්න බැරුව මං ඉකිගගහ වෙන පැත්තක් බලාගෙන කියද්දි ම,
" ඉන්න දෙන්න..??? උබට....උබට හොදින් ඉන්න දීපු මගෙ අතේ තමයි වැරද්ද... කියපං..මේඝව්ගෙයි උබෙයි තියෙන සම්බන්දෙ මොකද්ද...??"
එක පාරටම ඒ අත් මගෙ කොන්ඩෙන් අල්ල ගද්දි මට කෑගැහුණා...
" ම්ම..මට එය්යා එක්ක කිසි සම්බන්ධය්යක් න්..නැහ්...මට යන්..න දෙන්නහ්.."
" සම්බන්ධයක් නැ...?? හහ්..සම්බන්ධයක් නැ...එහෙනම් මේ මොනා ද..."
මගෙ කොන්ඩෙ අතෑරපු එයා සාක්කුවෙන් ගත්ත ෆෝන් එකෙන් මට පෙන්නුවෙ චැට් එකක ස්ක්රීන් ශොට් කීපයක්ක්..
" කියපන්...මේ මොනාද..??"
සේරම මට කියව ගන්න බැරි උනත් මට යම් තැනක මේඝව් " I love you " කියලා තිබුණ මැසේජ් එකක් මං දැක්කා...
" දෙයියනේ.." මං අත් දෙකෙන් ම මූණ වහගෙන අභිලාශ්ගෙ දිහා බැලුවා...
" මං දන්නෙ නෑ මේව...මොනා ද මේ...අන්නෙ..මං දන්නෙ නෑ අභිලාශ් මේවා..."
මං ඒ ෆෝන් එක අරගෙන වීසි කරලා කකුලෙන් පාගපු මං ආයෙම කාර් එකේ බොනට් එකට හේත්තු වෙලා හයියෙන් ඉකි ගගහ ඇඩුවෙ වෙඅ කරන්න දෙයක් නැති කමට...
ඒත් එකපාරටම අභිලාශ්ගෙ අත් දෙක ඇවිත් මට කොහාටවත් යන්න බැරි විදිහට අත් දෙක දෙපැත්තෙන් දාලා මගෙ මූණ දිහා බලාගෙන ම ඇහුවෙ...,
" රගපානව ද..??"
ඔව්...ඇග සීතල වෙලා ම ගියා...දෙයියනේ මොන කරුමයක් ද මේ...??
මං ඔලුව දෙපැත්තට හෙලෙව්වා...
" පලයන්න්..."
එක පාරටම එයා කරන්ට් එක වැදුණ වගේ මගෙ ගාවින් ඈත් වෙලා වෙන පැත්තක් බලන් එහෙම කිව්ව...
" අභ්භි...."
" පලයන් යකෝ කිව්වම..."
තව එක තත්පරයකවත් එතන නොයිද මං කම්ම්මුල් වල පාලනයක් තොරව ගලාගෙන යන කදුලු පිහිදාන ගමන් ආයෙම ශොපිං මෝල් එක ඇතුළට ආවා...
ඒ යද්දි ම අර ගාඩ් ඇවිත් රෙක්සිව අතට දීලා මං කලින් අරගෙන තිවුණ බඩු ටික පේ කරලා බෑග්ස් මගෙ අතට දුන්නා....
මං පුදුම වෙලා ඒ මනුස්සයා දිහා බලන් හිටියත් ඒ එක්ක් ම මට ආව කෝල් එකකින් මගෙ අවධාණෙ බිදුණා...
"බේබි කොහෙද ඉන්නෙ...??"
සමච්චල් සහගත හඩක් එහා පසින් ඇහෙද්දි මං කෙලින් ම නම්බර් එක බ්ලොක් කරා...
I hate youu මේඝව්ව්....
ආයෙම කෝල්.එකක් ෆෝනෙකට එද්දි මං බැලුවෙ කවුද කියලා..
"Thaththi"
ස්ක්රීනෙකේ එහෙම නම සේව් වෙලා තියෙද්දි මං මං කෝල් එක ආන්ස්වර් කරා..
" බුක් ශොප් එක ගාව ඉන්නෙ ප්රින්සස්...ඉක්මනට එන්න..."
" හරි...මං එන්නම් තාත්ති.."
ශොපින් මෝල් එකෙන් එලියට ඇවිත් කාර් එකට යන ගමන් මට ඉබේ ම බැලුවෙ parking area එක පැත්ත...
දෙයියනේ...ඒ ඇස්...
ඔව් ඒ ගිනියම්ව රත් පාටට තියෙන ඇස් දෙක තාමත් මගෙ පස්සෙන්මයි...
___________________
ආදරේ වැඩිවුණාමත් වෛර කරනවලු...මට තාමත් ශෙත්විව දෙන්න හිතෙන්නෙ මේඝව්ට...කලින් chapter වලට react කරපු හැමෝටම ආදරෙයී...