White Rose
Peppermint:)
White Rose
Chapter #12
තියුණු නමුත්...ගොරෝසු කටහඩක්...!! ඒ එක්කම ආයෙම බබ්ල් ගම් සුවදක් එක්ක මික්ස් වුණ චොකලට් සුවදක්...
ඉබේම වාගෙ මාගෙ හිස ඔහු සිටි දිශාවට හැරුණි...
දෙයියනේ අභිලාශ්..!!
මා ශීට් එකේ කොනට ම තද වීමි...එමෙන් ම මාගේ හිතට තරයේ අදිට්න් කර ගත්තෙ ඔහු දිහා නොබැලීමටයි...
" කොහෙන්ද මේ පූසෙක්..??"
මා රෙක්සි දෙස බැලීමි... රෙක්සි අභිලාශ් දෙස ඔරවාගෙන සේ බලන් හිටියත් පසුව ඔහු ගනන් නොගත්තා සේ වෙන පැත්තක් බැලුවේය..
" ශෙත්වි සොරී..ඔහොම කතා නොකර ඉන්නෙපා.." කියන ගමන් ම ඔහු මාගෙ දකුණු අත අල්ලන්න හදද්දිම මා ඒ අත ගසා දැමුවෙමි...
එයාට විතර ද තරහ ගන්න පුළුවන්..?? මටත් පුළුවන්... ඒක එයා තෙරුම් ගන්න ඕන..
" ශෙත්වි ප්ලීස්...."
" ජස්ට් ශටප් අභිලාශ් " මට කෑගැහුණා..
" ඕකේ..බායි.."
ඒ සමගින් ම නැගිට බෙල් එක ගසා බසයෙන් බැස්සේ ය...
උණු කදුලු පොකුරක් ඇස් අගිස්සෙන් කඩා වැටෙද්දී මා කාගෙවත් දෙස වග බලා නොගැනීමට තීරණය කළෙමි..
ටවුන් එකට පැමිණීමත් සමග මා ගෝල් ෆේස් එක ලගදී බසයෙන් බැස්සෙමි...
ඒ එක්කම රෙක්සි උඩ පැනගෙන වැල්ලට දිව්වෙ මං බය වෙද්දි...
" රෙක්සී....don't run..please "
ඒ එක්ක ම එයා මගෙ දිහා බලලා එකපාරටම වැල්ලෙ දිගා වුණා...මං බලාගෙන හිටියෙ මේ කෝලම දිහා...
මේ කොල්ලා නම්.... මං එහෙමම රෙක්සි අතට ගත්තා....
" thanks මේඝව්.."
මා සුසුමක් වාතලයට හෙළමින් මුහුද දෙස බැලුවෙමි...
ටික වේලාවක් වැල්ලේ ගත කරමින් 2.15 වෙද්දි අපි නැවත හොස්පිට්ල් එකට යන්නට ලෑස්ති වුණා..
හොස්පිට්ල් එක තුළට ම පා තබද්දි ම මා රෙක්සිව අතට ගත්තෙ දුවන්න ගත්තොත් යන හිතට ඇදි බියෙනි...
හොස්පිට්ල් එකේ සිටි සේවකයන් මා හදුනාගත්තා සේ මා යද්දී මා දෙස මදහසක් පෑහ..
ICU දෙසට පිය නගද්දි ම එක පාරටම මා හට ඇහුණේ කාන්තාවන් දෙදෙනකු කෑගහන ශබ්දයක් ය...
හොස්පිට්ල් එකක් තුළ මෙසේ හැඩීම් සුලභ වුවත් මා හට ඔවුන් අඩන්නෙ ඇයි දැයි දැන ගැනීමට අවශ්‍ය වුණෙමි..
" ඇයි අර..අරගොල්ලො අඩ්න්නෙ...??"
අසල සිටි හෙදියකගෙන් මා එසේ ඇසුවෙමි...
"ආහ්...වතුර ඇතුළක දි වුණ කම්පනේකින් එයාගෙ හස්බන් මැරුණා දුවෙ.."
" අහ්...කිමිදුම්කරුවෙක් ද ඒ...??"
" ඔව්..කොහොම ද දන්නෙ...??"
" මට..මට හිතුණා...මොකද්ද ලෙඩේ...??"
"තාම හරියට දැනගන්න හම්බුණේ නෑ දරුවෝ.."
" මගෙ අනුමානෙ හරි නම් ඒ nitrogen narcosis*""
ඒ එක්ක ම හෙදියක් පැමිණ මා අසල සිටි හෙදියට පැවසුවෙ,
" හම්බුණා...nitrogen narcosis "
මා අසල සිටි හෙදිය මා දෙස එකවරම බැලුවේය...
ඒ සමග ම මා රෙක්සි සමග එතනින් පිටව ආවෙ හඩමින් උන් කාන්තාවකගේ එක් අතක සිටි දරුවා දෙස බලාගෙනම ය..
" පව් අර අහිංසක ලමයා.."
මා තාත්තිගෙ රූම් එකට ගොස් එතැන තිබූ සෝෆාවකින් වාඩි වීමි...
රෙක්සිත් කාමරෙ බිමින් තැබූ මම ෆෝන් එක අතට ගත්තෙ යම් මැසේජ් එකක් ආ බවට දැණුන වයිබ්රේට් හඩින් ය...
" දෙයියනේ...... කව්ද මෙහෙම අරගත්තේ..??"
_________
මොකක් වෙන්න ඇතිද..??
Nitrogen Narcosis*
ඒක කිමිදුම්කරුවොන්ට බහුලව ඇතිවෙන ලෙඩක් ලමයී...කිමිදුම්කරුවො හුගක් ම ජලයෙ යටනෙ ඉන්නෙ....මෙයාලගෙ ආයුශ ගොඩක් අඩුයි...යම් අවස්තාවක දි වතුරෙන් ඇතිවන පීඩනේ දරාගන්න බැරුව මෙයාලා වතුර ඇතුළදිම මිය යනවා...තව දැනගන්න ඔන නම් googled කරලා බලන්න...