White Rose
Peppermint:)
White Rose
Chapter #11
" දෝණි මේ පූසව කොහේ හරි ගිහින් දාන්න...බලන්නකො මූ ඇවිල්ල මට උදේ පාන්දර ම වද දෙනවා..."
හරි...ඔය ප්ටන් ගත්තේ...ඊයෙ මේඝව් දීලා ගිය පූස් පැටියා ඊයෙ රෑම අම්මට පෙන්නුවෙ අතරමං වෙච්ච පූස් පැටියෙක් වගේ....ඇත්තටම අම්මිට බොරු කිව්ව එකට සිය දහස් වාරයක් කණගාටු වුණත් මේ වෙලාවෙ දි මට ගෙදරින් යන්න ඕන කමක් කොහෙත් ම තිබුණෙ නෑ...
තාත්ති නම් පූස් පැටියා හොදට පිළිගත්තා වුණත් අම්මි එච්චර සත්තුන්ට ආස නැති නිසා ඊයෙ රෑම මට හිතුණා හැමදාම රෙක්සි නිසා බැනුම් අහන්න වෙයි කියලා..
" රෙක්සි..."
ඔව්...එයාගෙ නම රෙක්සි...male cat කෙනෙක්...එයාගෙ වර්ගෙ මට හිතෙන විදිහට maine coon...එයාගෙ උස අඩි 1 හමාරක් වගේ.. ඊයෙ රෑ ඉදලම මං නිදාගෙන නෑ මේ පිස්සු පූසා නිසා...අද හවස රෙක්සිට බෙහෙත් විදින්න ටවුන් එකට යන්න තාත්ති එක්ක උදේ කතා කරගත්තා..
කොහොම උනත් අද ඉස්කෝලෙ යන්නෙ නෑ කියල ම මං තීරණේ කරේ ඊයෙ ඉදලම...මොකද මට් ඕන කමක් තිබුණෙ නෑ මේ අයියගෙයි මල්ලිගෙයි මරාගැනිල්ල බලාගන්න...
රෙක්සි එක්ක ඉද්දි ඇත්තටම දවස ගෙවුණ විදිහ හිතාගන්නවත් බෑ...
තාත්ති 2.30ට වගේ එයාගෙ හොස්පිට්ල් එකට එන්න කිව්ව නිසා රෙක්සිත් ලෑස්ති කරගෙන මං 1.30ට ගෙදරින් ආවා..
ඇත්තටම රෙක්සි ගොඩක් බරයි...මෙයාගෙ දිගම 55 Cm වගේ ඇති...ටික දුර උස්සගෙන ඇවිත් ආයෙ ම එයාව බිමින් තියලා එයාගෙ බෙල්ට් එකෙන් අරන් ආව..මොනා උනත් රෙක්සිව ගොඩක් මිනිස්සු එක්ක ඉන්න පුහුණු කරලා...මොකද අපි දෙයක් කරන්න එපා කිව්වොත් එයා කරන්නෙ නැ..ඇත්තටම එයාට අපිව තෙරෙනවද කොහෙද...
බස් හෝල්ට් එකට ආව අපි දෙන්න බලාගෙන හිටියෙ බස් එකක් එනකන්...ඇත්තටම මේ වෙලාවට හරි නම් මට බයො ක්ලාස්...ස්කූල් ගියෙත් නැති නිසා ක්ලාස් යන්නත් කම්මැලි හිතුණ නිසා මං ක්ලාස් ගියේ නෑ...ටික වෙලාවකින් බස් එක ආව...
කලින් බස් එකක් ගිහින් තියෙන නිසා ස්කේලෙ ලමයි මං ආව බස් එකේ හිටියෙ නෑ...පස්සෙ ශීට් එකක ජනේලෙ මුල්ලක් අල්ලගෙන රෙක්සිත් උකුලෙ තියාගත්තා...
බෑග් එකෙන් ඉයර් බඩ්ස් දෙකත් අරගෙන ඒක කනේ ගහගෙන මං රෙක්සි දිහා බලන් ඉදලා එලිය බලාගෙන කල්පනා කරේ මෙයාට මොනාද කෑමට දෙන්නෙ කියලා...googled කරාම නං ආවෙ royal canin කියන meal එක හොදයි කියලා...ඒත් හරියට ම දන්නෙ නැති නිසා තාත්තිගෙන් ම අහගන්නව කියල හිතාගත්තා...
ටික දුරක් ගියාම ජනේලෙ පිටතින් ආව නැවුම් හුලග ආශ්වාස කරන ගමන් ඇහිපියා ගනිද්දි ම මට දැණුනා මං ලගින් කවුරු හරි වාඩි වුණා...
ඒ වගේම මං ඉක්මනින් ඇහැරිලා බැලුවෙ කව්ද කියලා උනට් ආයෙම ඕන නෑ කියල හිතුනා...
" ඇයි අද ආවෙ නැත්තෙ..??"
තියුණු නමුත්...ගොරෝසු කටහඩක්...!! ඒ එක්කම ආයෙම බබ්ල් ගම් සුවදක් එක්ක මික්ස් වුණ චොකලට් සුවදක්...
______________
පොඩියි තමයි...ඒත් ඔයාලට දුන්නෙ ම නැති නිසා කොටසක් දුන්නා...bonus chapter එකක් දෙන්න බලන්නම්..