White Rose
Peppermint:)
White Rose
Chapter #10
මගේ මේඝව්..!!!
මං ගොඩක් වෙලා ඒ කිව්ව වචන ටික ගැන කල්පනා කරා..මොනා උනත් ලොකු දෙයක් සිද්ධ වෙලා මං නොදන්නවා උනාට...ඒත් එයා වයින් බෝතලේට මට බැන්න එක සාධාරණ නෑ....ඒකෙ ඇතුළෙ බරට මං ඒක බැලුවා...ඒත් මං වැරදියී...මන් මොකටද ඒක ඇදලා බැලුවෙ...ඒ උනාට........
මේක මහ පිස්සුවක්...!!! මොන මගුලක්ටද මට එයා බනින්නේ එහෙම...මං වැරැද්දක් කරා තමයී....එහෙම කියලා එයා මට එහෙම බනින එක හොද නෑනෙ...
අම්මිලා ඇවිල්ලා කන්න කියල කතා කරත් මං හිටියෙ තාම මගෙ ලෝකෙ...කලින් ඇඩුව නිසා ලාවට වගේ මූන ඇලෙනවා....ඔලුවත් පැලෙන්න වගේ රිදෙන්න අරන් තිබුණ නිසා පැනඩෝල් එකක් බොන්න හිතාගෙන ලිවින් එකට ආවා...
අම්මි කුස්සියේ මොනාද කරන නිසා ටීවි එකත් දගෙන එක දිහා ඔහේ බලාගෙන හිටියා..තාත්තිත් ඔෆිස් රූම් එකේ මොනාදෝ ෆයිල්ස් වගයක් හදනවා...එයා එයාගෙ හොස්පිට්ල් එක ගෙදර්ටත් ගේනව... ඇයි දෙයියනේ මං ගැන හොයන්නෙ නැත්තෙ මෙයාලා...ඇත්තටම මට මහා කලකිරීමක් දැනෙන්නෙ....මාත් ආසයි අනෙත් ලමයින් එයාලගෙ පේරන්ට්ස්ල එක්ක ඉන්නව වගේ ඉන්න...ඒත් ඇයි අම්මිලා මෙහෙම බිසී වෙද්දී.....මට එක පාරටම මතක් උනේ අභිලාශ් කිව්ව දෙයක්ක්,,,
"තමුසෙලගෙ අම්මල තමුසෙට ගෙදර ඉන්න ඕන විදිහ කියල දීලා නැද්ද ආආආහ්හ්.."
මට කට කොනින් හිනා ගියා...ඒ කාටවත් හිනා වුණා නෙවෙයි...මට ම...මගේ මේ ජීවිතේට මට හිනා ගියේ....කිසිම සතුටක් නෑ...මට මතක් වුණේ මගෙ O/L රිසාල්ට්ස් ආව දවසෙ...මට තිබුණා A9ක්...ඇත්තටම එදා සතුටට මට ඇඩුණා...රිසල්ට්ස් එක අම්මට කිව්වත් එයාගෙ හිතේ නම් ලොකු සතුටක් තිබුණෙ නැ...ඇත්තටම මට මහ මං ගැන ම අනුකම්පාවක් එදා ආවා...කොච්චර මැරීගෙන පාඩම් කර්ත්...එයාලට අගයක් නැති වෙද්දී...
පාඩම් කරන්න තරම් ලොකුවට හිතේ නොතිබුණ නිසා මං ටීවි එකත් ඕෆ් කරලා කාමරේට ආවා...දොරත් වහගෙන ලයිට් ඕෆ් කරද්දි මං දැක්කෙ කලු පාට රෙද්දක්ක්...
පේන විදිහට ඒක ලේන්සුවක්..!! ඒත් ඒක කොහොම ද මෙතනට ආවෙ..
ප්රශ්න තොගයක් හිතට එද්දි මං ඒක ලගට ගිහින් ඉක්මනට ගත්තා...ඒත් එක්කම ඒක බැල්කනියෙන් ආව හුලගට බැල්කනිය දිහාවට ගියා...
වැස්ස නොතිබුණත් හීතල හුළග නිසා මට දැණුණෙ මං ඉන්නෙ නුවර එලියෙ වගේ.. ලේන්සුවත් අරගෙන ඇවිත් ලේන්සුව ඇදෙන් එලද්දිම මගෙ අතට අහුවුනෙ කොලයක්...කොලයක් කිව්වට ඒක චිට් එකක්..ඇත්තටම මං පුදුම වුණා...කොහොම ඒක මෙතනට ආවෙ...
ඒ එක්කම් ආයෙම හුළගක්...!! ඒ එක්කම ලේන්සුවෙන් ආව පර්ෆියුම් සුවද මට ගොඩක් හුරු පුරුදු බවක් දැණුණා...
චොකලට් මික්ස් වෙච්ච ඔලිව් සුවදක්..!! ඔව්..චොකලට් කෙසේ වෙතත් මට ඒ සුවදින් ඔලිව් ඔයිල් සුවද දැණුනා...
බැල්කනියෙන් හමන නිමක් නැති හුලග අතරින් මං බයෙන් බයෙන් චිට් එක කියෙවන්න හැදුවා ඒත් එකපාරටම,
ටොක්.......ටොක්........ටොක්.....!!!!
රූම් එකේ ඩෝ එකට තට්ටු කරා කවුදෝ...ඒ හඩේ විදිහට අම්මි වෙන්න ඕන කියන අනුමානෙන් මං දොර ඇරිලා.....
ඒත්.....ඒත්....එතන කවුරුවත් නෑ...
දැනටමත් 12ට කිට්ටුයි..... හරියට ම කිව්වොත් 11.55 වගේ..
දොර ගාවම ගිෆ්ට් එකක්...!
රෝස පාට ගිෆ්ට් පේපර් එකකින් ඒක ඔතල තියෙනවා තියෙද්දී එක පාරටම කාමරේ ඇතුලෙන් සද්දයක් ආවා....
ක්ශනිකයෙන් ගිෆ්ට් එකත් අරගෙන ඇරල බැල්කනි එකත් වහගෙන එද්දි මං දැක්කෙ ඇද උඩ මුනින් අතට හාන්සි වෙලා ඉන්න මේඝව්...!!!
කෑගැහෙන්න් යද්දිම මං විසින් ම මගෙ කටට අත තියාගත්තෙ මගෙ කෑ ගැහිල්ලට අම්මල ආවොත් කියලා...
දෙයියනේ ඇත්තටම අද දවස මොන වගේ දවසක් ද..??? හවස අභිලාශ් රෑ මේඝව්..!! මේ දෙන්නා මගෙ ජීවිතේ සෙල්ලමට අරගෙන...
එකපාරටම මේඝව් එහෙමම ඉද්දි ම ' හායි ' එකක් දුන්නා..මොනාද දෙයියනේ මේ වෙන්නෙ...ඇත්තටම මට හිතුණෙ මං සිහියෙන් නෙවෙයි ඉන්නෙ කියලා...ඒත් මේක බොරුවකුත් නෙවෙයි.ඒත් මගෙ හිත මේක ඇත්ත කියලා පිලිගන්නෙත් නෑ....
එක පාරටම එයා මං ගාවට ඇවිත් මගෙ කම්මුල් දෙකට කිස් එකක් දීලා,
" Happy Birthday Honey "
කියලා ගියේ මං ගල්.ගැහිලා බලාගෙන ඉද්දී... මට ඇහුණා එයා බැල්කනි ඩෝ එකත් ඇරගෙන තාප්පෙට පනිනව....
ඇත්තටම පිස්සු හැදෙන්න වගේ.... දෙයියනේ එයාලගෙ ප්රශ්න වලට ඇයිආව ගාව ගන්නෙ.... කට දැනෙන විදිහට මේඝව් එයාගෙ අයියගෙන් පලි ගන්න මාව පාවිච්චි කරනව කියලා...
ඒත් ඒ දෙන්නගෙ මේ යුද්ධ වලට මාව පලිද....
ඒ එක්කම මතක් වුණේ මේඝව් මට දීල ගිය කිස් එක...
"ඊඊඊඊයායායායාහ්...!!"
මට කෑ ගැස්සුනා...කෙලින් ම වොශ් රූම් එකට ගිහිම් මුලු මූණ ම සබන් දාලා හොදට අතුල්ල ආයෙම කාමරේට ආව...
ආව ගමන් ම මට පෙනුණෙ මේඝව් දීලා ගිය පෙට්ටිය හෙලවෙනවා....
දෙයියනේ මොකද්ද මේ....???
______________
කොහොම ද ඉතින්...ගිෆ්ට් මොකද්ද...අඩු පාඩු තියේ නම් කියාගෙන යන්න..