White Rose
Peppermint:)
White Rose
Chapter #09
"ඕක නවත්තනවා ඕයීහ්..."
අභිලාශ් කෑගහද්දි ම කලින් ගියපු ජීප් වල හෝන් සද්දෙම ආයෙ ඇහුණා..... ඒ එක්ක ම එයා වේගෙන් අඩි තියලා ගියේ ජනේලෙ ගාවට....අඩ අඩ උනත් මං ඒ දිහා බලන් හිටියෙ මොකද්ද වෙන්නෙ කියලා බලාගන්න...එක පාරටම එයා කොණ්ඩෙන් ඇදගත්තා....පාර දිහා අවධානෙකින් ටික වෙලාවක් බලාගෙන ඉදපු එයා ආයෙම මගෙ පැත්තට ආවා...
" බෑග් එක කෝ...???"
මහ හයියෙන් ගොරව ගොරව වහින වැස්ස දිහා බලාගෙන ඉදිය මම එයා දිහ බලල උඩ තට්ටුව දිහා බැලුවා...
" උඩ ද...????"
" හ්ම්ම්ම්..."
කලින් බැන්න නිසා හිතේ දුකටත් එක්ක මහ හයියෙන් ඇඩුවත් කදුලු නැතුව මං ඔහෙ බලාගෙන හිටිය...
" ගේනවා ඉක්මනට.."
යන්න තියා පොළොවට අඩිය තියන්නත් බයයි...මොක ද අකුණු ගහ ගහ වහින්නෙ...මං අසරණව එයා දිහා බැලුව....
" බයයි ද තමුසෙට.." නක්කලේට වගේ කට කොනකින් හිනා වෙලා මගෙ දිහා එයාගෙ ඒ මහ නපුරු හීනි ඇස් මගෙ මූණ දිහා බැලුව....
යම්කිසි බයක් හිතේ තිබුණත් වැඩිය ඒක පෙන්නන්නෙ නැතුව මං වේගෙන් ඔලුව දෙපැත්තට හෙල්ලුවෙ බය නෑ කියලා.පෙන්නන්න...
ආයෙම නෝණ්ඩි හිනාවක්...
" ගේනව එහෙනම්..."
අවිශ්වාසාත්මක බැල්මක් තියෙන ඒ දිලිසෙන ඇස් දෙක මගෙ මූණ දිහා තියුණු විදිහට යොමු වෙලා තියෙනවා දැනෙද්දි මං ඒ මූණ දිහා හොදට බැලුවා...
ඔව්...ඒ මූණ පුරාම තියෙන්න අභියෝගයක්.. මං ගිහින් උඩට ගිහින් එයාගෙ බෑග් එක ගෙන්න කියන අභියෝගෙ...
තත්පරයක් දෙකක් ඒ මූණ දිහා බලල කකුලෙ මහපට ඇගිල්ල බිමින් තියද්දි ම එක පාර්ටම ගිනි අකුණක් ගැහුවෙ මං බය වෙද්දී....
ඒත් මගෙ එහා පැත්තෙන් මහ හයියෙන් හිනාවක් ඇහෙද්දි මං ඔරෝගෙන ම කකුල බිම තියලා අඩියක් තියද්දි ම ඇහුණෙ මහ විශාල සද්දයක් වෙද්දි ඒ එක්කම ගෙදර ලයිට් ගියේ මං මහ හයියෙන් හූ තල තල අභිලාශ්ගෙ බෙල්ලෙ එල්ලෙද්දී....
" අන්නෙ...මට ය්න්න්.බයයී තනියම...අනේ ඔයා ගිහින් ගේන්නකො..."
හැංගිලා තිබුණ කදුළු ටිකත් බයත් එක්ක මිශ්‍ර වෙලා මගෙ ඇස් වල.පිරුණෙ ආයෙම මට ඇඩෙද්දී...
මං මොනවගේ තත්වෙක හිටියත් මං එල්ලිලා ඉන්න මේ මනුස්සයගෙ හිනාව නවතන පාටක් තිබුණෙ නැ....
එයාගෙ හිනාව වැඩිවෙද්දි ඊට අනුලෝමව මගේ හූ තියවිල්ල වැඩිවුණෙ බලාගෙන ඉද්දිමයි...ඇත්තටම අඩන්න තිබිච්ච කදුලු ටිකත් ඉවර වෙලා...ඒත් මං නිකන් ඔහේ අඩනවා වගේ පෙන්නනවා...
" යමං....කොහෙද කාමරේ තියෙන්නෙ...???"
මං අතින් මගෙ රූම් එක පෙන්නුවා...
පොඩි දරුවෙක් වඩාගෙන යනව වගේ මාවත් අරගෙන කාමරේට ආව....
ඒ යද්දි ම අපිට පෙනුණෙ 'හායි' ගාලා ඇරලා තිබුණ අභිලාශ්ගෙ බෑග් එක...
එක පාරටම එයා මාව අතෑරලා කලින් තිබුණ නපුරු මරුමුස් මූණෙන් මගෙ දිහා බැලුවෙ මගෙ හාට් බීට් එක වැඩි වෙද්දී....
" ඇයි ඒක ඇරියෙ...??"
මගෙ මූණට ළං වෙලා එයා එහෙම අහද්දි මට හුස්ම ගන්න බැරි උනා වගේ..
" මන්...ම්..මන්..ඒක්...."
" මං මං නෙවෙයි අයිසෙ ඇයි උඹ ඒක ඇරියේ....???"
එක පාරටම එයාගෙ හඩ වැඩිවෙද්දි මහ හයියෙන් තව අකුණක් ගැහුවා..ඒ එක්ක ම මං පිටිපස්සට ගියා...
" තමුසෙට කිව්වේ බෑග් එක ගන්න මිසක් ඒක අදින්න නෙවෙයිනෙ..කියන දේ අහන්න බැරිද තමුසෙට...??? දවසක උඹ මගෙන් හොද පාඩම් ඉගෙන ගන්නවා...ඒක මතක තියා ගනිං..."
කියල ක්ශනයෙන් ටේබල් එක ගාවට ගිහින් බෑග් එකයි වයින් බෝතලෙයි දාගෙන ඒකත් එල්ලන් පහලට ගියා...
" දොරවල්.වහගන්නව..."
" ආහ් ඒ වගේ ම....උඹෙ අර මහ ලොකු මේඝව්...මං කිව්ව කියපන් ඌට....මගෙ හැමදේම උබ අරගත්තට මගෙ එකීව උබෙ අතකින්වත් අල්ලන්න දෙන්නෙ නෑ කියලා... තේරුනාද...???"
මං තාමත් ගල් ගැහිලා වගේ ඉන්නෙ...එයා හරියට කාලගුණයක් වගේ...දෙයියනේ එහෙම වෙනස් වෙන්න පුළුවන් ද....මේ හොදට හිටියා....ඒත් තත්පරයක් ගෙවිලා ඉවර වෙද්දි.......
එයාගෙ හැසිරීම මට තේරෙන්නෙ නෑ...ඒත්....මගෙ මේඝව්........????
________________
මොකද්ද ඒ වුණේ....ශෙත්විගෙ මේඝව්...???අදහස් කියාගෙන යන්න...