White Rose
Peppermint:)
White Rose
Chapter #08
" තමුසෙ මගේ...ඒක දැනගනිං...එක එකාට ලං වෙලා මගෙන් මැරුං කන්න එපා"
මේඝව්ගෙ වචන මගෙ ඔලුව පුරා දෝංකාර දෙනව වගේ...තේරෙන්නෙ නෑ මොනා කරන්නද කියලා...මං ඒක කිව්වොත් මේ දෙන්නා ගහගනිවී...එතකොට නොකිව්වොත්......මොනා උනත් කමන් නෑ මං ඒක කියන්න්නෙ නෑ කියලා ස්ථිර අධිශ්ඨානෙකට මං ආව...
" මොකුත් කිව්වෙ නෑ..."
කියලා රොබෝ කෙනෙක් වගේ අනිත් පැත්තට හැරිලා පන්තියට යන්න ආවා..
කාලය ඉක්මනට ම ගත වෙලා ගිහින් ස්කූල් එකත් ඇරුණා...ඒ වෙනතෙක් ම අභිලාශ් මං දැක්කෙ නෑ....මොකක් උනාද කියලා මං හොයන්න ගියෙත් නෑ.... ඇත්තටම මට මං ගැන බයක් තිබුණා...මං බොරු කිව්ව එක ගැන ඊට වඩා මට මං ගැන තරහයි..ඒත් ඒ එයාලගෙම හොදට නිසා මං ඒක තනියම මෙනෙහි කර කර කල්පනා කරා...
ස්කූල් එකත් ඇරලා ඇවිත් බස් එකේ නැගලා එලිය බලාගෙන ඉද්දි ටික වෙලාවකින් ඩ්රයිවර් බස් එක ස්ටාර්ට් කරා...හෙමින් හෙමින් ඉස්සරහට යන්න ගද්දි එක පාරටම මට මගෙ එහා පැත්තෙ තියෙන ජනේලෙ පහලින් ඇහුණෙ අභිලාශ්ගෙ සද්දෙ....
"ඕයීහ්...මේක ගන්නවා.." කියලා එයාගෙ බෑග් එක මට පෙන්නුවෙ....හැමෝම මගෙ දිහා කන්න වගේ බලාගෙන ඉද්දි ඩ්රයිවර් අංකල් විතරක් ඉස්සර බලාගෙන හිටියෙ මේ වෙන දෙයක් එයාට ඇහුනෙ නැති නිසා..මොකද එයාගෙ කන් දේ ඉයර් බග් එකක් තිබුණා...
බෑග් එක ගන්නව ද නැද්ද කියලා හිත ඉද්දි ඕන දෙයක් වෙන්න ජනේලෙන් එලියට අත දාලා බෑග් එක ගත්තා....ඒත් මට සියුම් බයක් තිබුණා.... මොකක් හරි දෙයක් වෙලා..අභිලාශ්ගෙ ශර්ට් එකේ උඩ බොත්තම් කීපෙකුත් ගැලවිලා..බස් එක වේගෙන් ඉස්සරහට ඇදෙද්දි එයාව අපිට මගෑරුණා...
කුතුහලයක්...බයක් මගේ හිතේ සක්මන් කරද්දී මොකද්දෝ කරදරයක් අත ළගයි කියන එක මට දැනුණා..
••••••••••••
".....අතැගිලි නොබැඳී
සිත් අප එක්වී
මියෙන තුරා ලංවී හිදිමූ
නොදැනී කවුරුත්
හදවත සංකා
ඔබ වෙනුවෙන් මා
රැක ගෙන තිබුනූ
ඔබ වෙනුවෙන් මා
රැක ගෙන තිබුනූ......"
( he..hee..සිංදුවේ නම ගෙස්ට් කරන් යමු බලන්න)
අම්මිත් ගෙදර නොයිදපු නිසා මං ඉක්මනින් ම නලා ඇවිත් නොකාම අභිලාශ්ගෙ බෑග් එක චෙක් කරේ මොනා හරි සැක සහිත දෙයක් තියෙනව ද බලන්න...
ඒත් ඒක චෙක් කරද්දි ම ලේන් එකෙන් ට්රැකර් එකක සද්දයක් ඇහෙද්දි මං එක පාරටම බය වුණා...ඩෝර් එකත් ලොක් කරපු නිසා හිත හදාගෙන ආයෙම බෑග් එකේ සිපර් එක අරිද්දි ම ලේන් එකෙන් ආයෙම ඇහුණෙ ජීප් ගොඩක් සද්දයක්..
දැන් නම් මහ අමුතු විදිහකට හිත ගැහෙනවා...මොකද මේ වෙලාවට ලේන් එකේ කවුරුවත් නෑ..උදේ ලස්සන ඉර පායලා තිබුණත් දැන් මුලු පළාතම මහ ඝන අදුරකින් වැහිලා...මං ගෙට එද්දිත් ළාවට පොද වැස්සකුත් ආව නිසා හව වහීවි කියන අනුමානයක් හිතට ආවා...
මොකුත් ම නොහිතා ආයෙම හිත එකග කරගෙන එකපාරටම සිපර් එක ඇරියා...
දෙයියනේ......!!!
කොහොම ද මේක්ක..ආවෙ මෙතනට...බෑග් එක ගේද්දි ටිකක් බරක් තිබුණා තමයී....
ඒත් ඒකට හේතුව වයින් බෝතලයක් කියලා මං ජීවිතේට හිතුවෙ නෑ....
"ඉරණම විසඳී
යලි අප හමුවී
දවසක් ඒවී
ඔබ මගේ වී
ඔබගේ සතුටයි
මට නන් ඕනේ
ඒ ටික ඇති
මියැදෙන්න කලින්
ඒ ටික ඇති
මියැදෙන්න කලින්..."
වයින් බෝතලේ ඉස්සරහ ම තියාගෙන එරමිණියා ගොතාගෙන වාඩි වෙලා මං මගෙ රූම් එකේ ඇදට වෙලා කල්පනා කලේ අම්මිලා මේක දැක්කොත් මට මොනා වේවිද කියලා...අනික බෝයි කෙනෙක්ගෙ බෑග් එකකුත් එක්ක....
එහෙමම මං බලුවෙ වෝල් ක්ලොක් එක දිහා...
3.35pm
තව පැය දෙකක් වගේ තියෙනවා....ඒත් එකපාරටම ගෙදර ලෑන්ඩ් ෆෝන් එකට කෝල් එකක් ආවෙ හිතගන්න බැරි වෙද්දී...
පහලින් ඇහෙන්නෙ...යන්නද නොයන්න ද කියලා කල්පනා කරලා හෙමින් හෙමින් පහළට ආවා...
හොදටම එලියේ හුලග..ඒ එක්ක ම ටිකක් හයියෙන් වහිනවා...පඩිපෙළ බහිද්දිම ගාර්ඩ්න් එක පේන නිසා මං ටිකක් එලිය බැලුව... ගොඩක් වෙලාවට මං කැමති මේ වගේ වෙලාවට...කොෆී එකකුත් හදාගෙන පොතක් හරි එහෙම නැත්තං සින්දුවක් අහගෙන වැස්ස දිහා බලාගෙන ඉන්න...ඒත් අද නම් හිතෙන්නෙ ම මහ අමුතු භයානක බවක්..
එක පාරටම ලෑන්ඩ් ෆෝන් එක රින්ග් වෙන සද්දෙ නැති වෙද්දි කිචන් එක පැත්තෙන් සද්දයක් ඇහුණෙ මං හොදටම බය වෙද්දී...
දෙයියනේ හොරෙක් ද....?? මට මහ අමුතුයි...බය වැඩි කමට ඇස් දෙකේ කදුලු පිරෙද්දි ස්ටූල් එක උඩ තිබුණ චූටි පිහියත් අරන් මං කිචන් එකට ගියත් ලොකු දෙයක් වෙලා තිබුණෙ නෑ..ජනේලෙ හුලගට ද කොහෙද ඇරිලා..ඒ වගේම එතන තිබුණ ප්ලාස්ටික් පිගන් දෙකක් වැටිලා... ඒ දෙකත් උඩින් තියල ජනේලෙත් වහද්දි ආයෙම කෝල් එකක්....
කෝකටත් කියලා පිහිය අරගෙන ම මං ලිවින් එකට ගිහින් කෝල් එක ආන්ස්වර් කරා....
" දෝණි...දොරවල් ලොක් කරගෙන ඉන්න..මට ටිකක් පරක්කු වෙයි...ආහ්..අනික තාත්ති එක්ක මං එන්නෙ...හවස් වෙයි අපිට එන්න..පරිස්සමට ඉන්න..."
ඒ අම්මා....යන්තම් සැනසුම් සුසුමක් හෙලෙද්දි එක පාරටම මං දැක්කෙ කර්ට්න් එක ගාව කවුරු හරි ඉන්නවා....
" ඈඈඈඈඈ....හ්හ්හ්"
මට කෑගැහුණා....ඒ එක්කම ඒ මනුස්සයා ඇවිල්ලා මගෙ කට වැහලා දබර ඇගිල්ලෙන් කටට තියලා කිව්වෙ කෑගහන්න එපා කියලා...
ඒ එක්කම තමයි මං දැක්කේ ඒ ඉන්නෙ අභිලාශ් කියලා....!!!!
කොහොම ද දෙයියනේ එයා ආවේ ගේ ඇතුලට...
" දොණී....මොකද්ද උනේ....හෙලෝ...."
එහෙන් අම්මා කතා කරනව ඇහෙද්දි මං බැලුවෙ අභිලාශ්ගෙ දිහා... එය ඔලුව වනල කියන විදිහට මට තේරුණා එයා කියන්නෙ කතා කරන්න කියලා..
" න්..නෑ අම්මා...හූනෙක්...හූනෙක් ඇගට වැටුණා..."
බලාගෙන ම ඉද්දි අභිලාශ්ගෙ මූණ කලු වෙලා අත් දෙක බැදගෙන ඉන්නෙ,
" උබ මට ද බං හූනා ' කිව්වෙ වගේ අහන්න වගේ...
මට එකපාරටම හිනා ගියා..
" අහ්...හූනට ද ඔච්චර මැරෙන්න කෑ ගැහුවෙ...හරි මං තියෙනවා...දොරවල් වහගන්න..."
" හා හා අම්ම...මං තියන්නම්..."
කියලා මං ෆෝන් එක තියලා බැලුවෙ අභිලාශ්ගෙ දිහා...
එයා අයිතිකාරය වගේ සෝෆා එකේ වාඩි වෙලා කකුල් දෙකත් උඩට දාගෙන මුලු ගේම ස්කෑන් කරනවා...
" තමුසෙ විතරයි ද ගෙදර ඉන්නෙ..???"
එක ඇහිබැමකුත් උස්සන් එහෙම අහද්දි මගෙ පපුවෙ මොකද්ද උනා...මහ අමුතු හැගීමක් ඒක...මං උත්තර නොදී ම ගිහින් එයාගෙ ඉස්සරහ තියෙන සෝෆා එකේන් වාඩි වුනා....
'.ශෙත්වී...මේක වැරදියි....කොල්ලෙක් ගේ ඇතුළට ඇවිල්ලා..උබ නිකන් බලාගෙන ඉන්නවා...මේක ගොඩක් වැරදියී..."
මගෙ මනස එහෙම කියද්දි එයා එයාගෙ හීනි ඇස් දෙකන් මාව.විනිවිද දකින්න වගේ බලාගෙන ඉන්නවා...අනික ඉන්නෙත් යකෙක් වගේ බැල්මකින්..ඒ ඇස් බැම් එකට යාවෙන්න ම ඇවිල්ල...
මං ඔලුව.දැපැත්තට වනලා ආයෙ උඩට පහලට කරේ ඔලුව දෙපැත්තට කරද්දි ඒ ඇස් දෙක රතු වෙන්න ආව නිසා...
මං හිතන්නේ එයාට කේන්ති යනවද කොහෙද බොරු කියද්දී...
" තමුසෙ තනියම ගෙදර ඉන්න කොට දොරවල් වහගෙන නෙවෙයි අයිසේ ඉන්නෙ...හොරෙක් හරි පැන්න නම් බඩු විතරක් නෙවෙයි ගෙනියන්නෙ...තමුසෙට තමුසෙ ගැන හැගීමක් නැද්ද ආ.....ඉන්නෙ නම් පිහි ගෙනත් මරාගන්න වගේ...මාව දෑක්කහ ම ළතෝනි දෙන්න ගන්නවා....ශික්.."
එයා කෙස් ගස් ටික ගැලවෙන්න අදින ගමන් මගෙ ඉස්සරහට වෙලා කියවනවා....
ඇත්තටම මං බය වෙලා හිටියෙ හොදටම...දෙන්න උත්තර නැති වෙද්දි මං ඔහේ බිම බලාගෙන හිටියා...තාමත් මගේ හාට් බීට් එක වැඩී...
" අම්මලා කීයටද එනව කිව්වෙ..??"
අත් දෙක බැදෙගෙන හිටගෙන ම.මගෙන් අහනවා....
" හ්..හයට"
" එතකොට තමුසෙ හය වෙනකන් ගෙදර..."
මං ඔලුව උඩට පල්ලෙහාට කරා....
" ශික්....බලහන්...හය වෙනකම් තමුසෙ ගෙදර ඉන්නවද...??? තමුසෙලගෙ අම්මල තමුසෙට ගෙදර ඉන්න ඕන විදිහ කියල දීලා නැද්ද ආආආහ්හ්හ්..."
එයා ආයෙම මහ හයියෙන් කෑ ගහද්දි මට ඉකි ගැහුණා...
" ඔව්...මොකක් හරි දෙයක් උනාම උඹල අඩන්න විතරයි දන්නෙ...වෙන්න කලින් හිතන්නෙ නෑ...දැන් නවත්තපන් ඕක..."
එයා හොදට ම බනින කොට අඩන්නෙ නතුව ඉන්නෙ කොහොම ද...ඒ කැගද්දි තව ඉකි ගැහෙන්න ගද්දි මං මගෙ අතින් මූණ වහගෙන තව ඇඩුවා....
අම්මිල.උනත් මට බනින්න ගත්තොත් හේතුවක් නැතුව මට ඇඩෙනවා....
" නවත්තනවා දැන් ඕක.."
අභිලාශ් කොහොම කිව්වත් ඒක නවත්ත ගන්න බැරුව මං එහෙමම හිටියා...
"ඕ ශිට්..."
____________________________
කාලෙකින්...ඊලග කොටසින් හමුවෙමු