White Rose
Peppermint:)
White Rose
Chapter #07
" ඇයි මං ස්කූල් එකට් පලවෙනියටම් ආව දවසෙ මේඝව්තුයි අභිලාශ්තුයි ගහගත්තේ...????"
____________________
"හ්ම්ම්ම්ම්ම්ම්....ඒක නම් පොඩි දේකට...ඒත් ඒ පොඩි දේ ඇතුළෙ ලොකු දෙයක් තියෙනවා... මං පුළුවන් තරම් කෙටියෙන් කියන්නම්ම්..."
"හ්ම්ම්ම්"
" ඔයා දන්නවද යශේන්...??? දැන් ඩිපියුටි.."
"ඔව්..අර මේඝව්ගෙ යාලුවනේ..??"
"ඔව් ඔව්... යශේන්ට නංගි කෙනෙක් ඉන්නවා... එයා අභිලාශ්ට කැමතී කියලා....අභිලාශ් හා කියලත් නෑ බෑ කියලත් නෑ...කොහොම හරි ඕක යශේන් දැනගෙන...එදා ඔයා ආව දවසෙ තමා හරියට ම ඕක උනේ... එදා කැන්ටීන් එක ගාව මේ දෙන්න ගහගෙන පස්සෙ ආයෙම පන්තියේ ගහගත්තා...
මොනා උනත් අභිලාශ් පව්... ලෙසටම කෑවනේ එදා...අභිලාශ් එහෙම නෑ ශෙතු...එයා ගොඩක් දරුණුයි කේන්ති ගිය වෙලාවට.... ඒත් කලින් දවසෙ රෑ අභිලාශ් බීලා ගෙදර ගිහින් තිබුණා...එයා එහෙම තමයි...දන්නවද අභිලාශ්ගෙ කලින් අම්මා එයාගෙ අම්ම නෙවෙයි කියලා...???"
"What....???? " මගෙ ඔලුව කැරකෙනවා වගේ...මොනා ද මේ වෙන්නෙ..???
" අයියෝ උබ ඒක දන්නෙ නැද්ද.... හරි මං මේක හරියට කියන්න දන්නෙ නෑ...ඒත් මේක මහ පිස්සු කතාවක්...
ප්රින්සිපල් සර්ගෙ වයිෆ් ඉන්නෙ.. නිහාරි ආන්ටි... එයා තමයි අභිලාශ්ගෙ ඩැඩීගෙ කලින් වයිෆ්...එතකොට අභිලාශ්ගෙ මැරුණ අම්ම....ඩිනාරා ආන්ටි.. එයා තමයි ප්රින්සිපල් සර්ගෙ කලින් වයිෆ්"
" මොකක්...?? එහෙම කොහොමද වෙන්නෙ තූරි..??" මං ඇස් ලොකු කරගෙන කතාව අහන් හිටියා
" හ්ම්ම්..ඔව් බං..ප්රින්සිපල් සර්ගෙ පලවෙනි මැරේජ් එක උනේ අම්මලගෙ කීම නිසා... එයා ඊට කලින් ගෑණු කෙනෙක්ට ආදරේ කරලා තියෙනවා...ඒත් ඒ ගෑණු කෙනාට ප්රින්සිපල්ගෙ ජීවිතෙන් යන්න වෙලා තියෙනවා සර්ලගෙ අම්මලා රදල පරම්පරාවක උසස් කුලයක නිසා..කොහොම හරි සර්ගෙ අම්මලා දැනගෙන සර් වෙන ගෑණු ලමයෙක්ට ආදරේ කරනවා කියලා... ඒකට එයාලා කරේ ඩිනාර ආන්ටිව සර්ට බැන්දුව එක...
මේක අහපු සර්ගෙ ගෑනු ලමයාට heart attack හැදුනලු..පස්සෙ එයාව බේරගෙන තිබුණා....ඩිනාරා ආන්ටි ගැන කෙටියෙන් කිව්වොත් ආන්ටි මහ #ස ගෑණියෙක්...එයා මැරි කරාට එයා විදේශ කටයුතු ඇමති සාගර වික්රමරත්න එක්ක... ඒ කියන්නෙ අභිලාශ්ගෙ ඩැඩී එක්ක..."
එතකොට තමයි මට මතක් උනේ අභිලාශ් ගාර්ඩ්න් එකෙන් එද්දි විහිලුවට කිව්ව මාව විකුණන කතා ගැන...ඒ කියන්නෙ...එයාගෙ තාත්තා සාගර ඇමතිගෙ පුතා...
" සාගර ඇමතිත් මහ අමුතු මනුස්සයෙක්...හිතාගන්න බෑ මට එ මනුස්සය ගැන...කොහොම හරි ඩිනාරට ඕන උනා සාගරගෙ වයිෆ් වෙන්න.....සල්ලි බලේ නිසා තමයි...ඒක නිසා ඇමතිගෙ වයිෆ් නිහාරි ආන්ටි ප්රින්සිපල් සර්ට දෙන්න තමයි ඒ දෙන්න තීරණය කරේ.... ඒත් ඒ දේ කරන්න බැරි එක දෙයක් තිබුනා...මොකද කවදාවත් සාගර ඇමතිට බබාලා හම්බුකරන්න බෑ... ඇමතිගෙ දෙමව්පියො එයාලගෙ දේපළ ලියලා තියෙන්නෙ ඇමතිට හම්බුවෙන දරුවොන්ට...ඒක නිසා සාගර ඇමති කියලා ඩිනාරාට ප්රින්සිපල් සර්ට කියලා බබෙක් හම්බුකරගන්න කියලා..
කොහොම හරි ඒකත් වුණ...ඊට පස්සෙ තමයි මේ ගෑණි කර මහ බලුවැඩේ..බබාලා හම්බුන දවසෙ තමයි ප්රින්සිපල් සර් දැනගෙන තියෙන්නෙ එක බබෙක් නෙවෙයි එතන ඉන්නෙ ට්වින්ස්ලා කියල...ඒත් දෙන්න විශම නිවුන්නු...මොකක් උනත් සර් දැනගෙන ඉදලා නෑලු ඩිනාරා එක්ක ඇමති සම්බන්ධයක් තියේ කියලා... මේ ගෑනි ලමයි හම්බුවෙලා දවස් දෙකකින් එක ලමයෙක් නිහාරි ආන්ටිට දිලා අනිත් කෙනා ඩිනාරා අරගෙන...පස්සෙ ඩිනාරා ඇමතිව මැරිකරා.. ඒ වගේම ඇමතිගෙ බලේ නිසා ප්රින්සිපල් සර්ට නිහාරි ආන්ටිව මැරිකරන්න උනා..."
" එතකොට දැන් ප්රින්සිපල් සර්ගෙ පුතයි ඇමතිගෙ පුතයි එක කුස උපන් සහෝදරයෝ... මෙ දෙන්නා එක වගේ නැත්තේ ඒ දෙන්න විශම නිවුන්නු නිසා..."
" අන්න හරී...ඔය තේරුම් අරගෙන තියෙන්නෙ..." කියලා තූර්යා එයාගෙ නලලෙ තිබුණ දාඩිය බිංදු කිහිපයක් පිහි දැම්මා...
" මොන දේ උනත් මේඝව්ට ගොඩක් කේන්තියි... අභිලාශ් එයාගෙ අම්මව උදුරාගෙන තියෙන නිසා....ඒත් උන දේ හරියටම දන්නෙ නෑ මේඝව්...නිහාරි ආන්ටිලත් වැඩිය කියන්න ගිහින් නෑ...ඒත් මට හිතෙන්වා... ඒක නිසා තමයි මේඝව් අභිලාශ් දෙන්න වෛරක්කාරයො වගේ හැසිරෙන්නෙ......ඒ උන දේ හොදයි කියලා ඔයාට තේරෙන්නෙ නැද්ද ශෙතූ..??"
" අනේ මන්දා..." ඇත්තටම මං හිටියෙ මහ කම්පනේකින්... විශ්වාස කරන්න පුළුවන් ද.... එහෙමත් අම්මලා මෙ ලෝකෙ ඉන්නව කියලා...
" ප්රින්සිපල් සර් හරි අහිංසක ඒත් තැනට ගැලපෙන විදිහට වැඩ කරන මනුස්සයෙක්...එකනේ මේ අවුරුදු ටිකේම ජනප්රිය හොදම ගවර්මන්ට් ඉස්කෝලෙට තියෙන සම්මාන ගත්තෙ... සර්ට ගෑලපෙන්නෙ නිහාරි ආන්ටි.."
"හ්ම්ම්ම්ම්ම්ම්...අනේ මන්ද බං.."
" මොකද උබ සසර කල කිරිලා වගේ..." ශිතූ එකපාරටම ඇස් හීනි කරල මගෙන් අහනවා...
" බං...තූර්යා..."
" කියහන්...උබේ හොරයක් තියෙනවා..."
එයා එහෙම කියද්දි මට බය හිතුණා...මොකද උඩේ අභිලාශ් කිව්ව මාලුවගෙ කතාව මගෙ කටින් දැනගනීවිද කියලා...
" න්..නෑ බං... ඉතිං දැන් තාමත් යශේන්ගෙ නංගි එක්ක අභිලාශ් කතා කරනවා ඇතිද..??"
"ඕඕඕඕහෝහෝහෝ.... මේකි තමයි දවසකටත් බඩුව...මෙහ් උබ අභිලාශ්ට කැමතිද...ඌ උබට කැමති වගේ....අනේ මන්දා...හරියටම හිතාගන්න අමාරුයි..."
" තූර්ය...කටවහගන්නවා...ඒ ලමයා ගැන මගෙ හිතේ තියෙන්නෙ දුකක්...නැතුව වෙන මගුලක් නෙවෙයි..."
ඇත්තටම මට ලැජ්ජ හිතුණා මං ගැන...දෙයියනේ එහෙම වෙන්නෙ කොහොම ද.... ආදරයක්..?? නෑ...නෑ...නෑමයි..එහෙම නෑ...මං තූර්යා ගාවින් නැගිටලා එලියට ආවා...ඒකි කෑගහලා මොනාදා කියනව ඇහුණා...
මං එහෙමම ගියේ ටැප් එක ගාවට... මං යද්දි ප්රින්සිපල් සර් මූණ හෝදගන්නවා.. මං එද්දි ම සර් හැරුණා..සර්ගෙ ඇස් ගැස්සෙනව මං දැක්කා...ඒත් කිසි අපුලක් නැතුව මා එක්ක හිනා වෙලා ගියා..
දෙයියනේ එහෙම මනුස්සයෙක්ක්ක්..කොච්චර පීඩනයක් ඒ හිතෙ ඇත් ද...?? තමන්ගෙම දරුවෙක් වෙන කෙනෙක්ට දෙද්දී....එකත් මහ අමනුස්ස මනුස්සයකුට....
ටැප් එක ගාවට ආවත් මං ඒක දිහා ඔහේ බලන් ඉදලා හෙමින් හෙමින් අනෙක් පැත්ත හැරිල ඔලුව හැරුණ අතෙ යන්න ගද්දි ම එක පාරටම මගෙ අතින් ඇදලා ඇහුවෙ,
" අරුන් මොනාද කිව්වෙ...??" කියලා..මහ අමුතු බයක් එක්ක මගේ ඇග හිරිගඩු පිපුණා.... මේ ඉන්නෙ උදෙ හිටිය අභිලාශ් නෙවෙයි..ගොඩක් වෙනස්...ඒ ඇස් දෙකේ තියෙන නපුරු පාට කැපිලා පේනවා රතු ඇස් දෙක දැක්කම...
" ක්කව්ද..???" අකුරු අමාරුවෙන් ගැට ගහගෙන කිව්වෙ කතා කරේ නැති උනොත් ආයෙම බැනුම් අහන්න කියලා..
" උබ දන්නෙ නෑ වගෙනෙ අහන්නේ.....මේඝ යකෝ මේඝ...."
මගෙ හුස්ම හිර වුනා වගේ....මට මතක් උනේ මේඝව් ඉන්ටර්වල් එකෙ මට කියලා ගිය දේ. .
" තමුසෙ මගේ...ඒක දැනගනිං...එක එකාට ලං වෙලා මගෙන් මැරුං කන්න එපා"
______________
ඊලග චැප්ටර් එකෙන් හමුවෙමු.. god bless