White Rose

White Rose

Peppermint:)


White Rose


#Chapter 06 ( Bonus Chapter )



"කියුට්..." එකපාරටම එයා මගෙ මූණට ලං වෙල නහයට තට්ටුවක් දාලා එයා කියන්න ගත්තා එයාගෙ රහස..



"ඉස්සෙල්ල ම ඔයාට ගොඩාක් තෑන්ක්ස්..."


මං ඇස් ලොකුරගෙනම ඒ මූණ දිහා බලන් හිටියා...


"...මාලුවො දෙන්නා මමයි එතනට ගෙනත් දැම්මේ...මතකද ඕලෙවල් ලියන්න ඇඩ්මිශන් අරගන්න මං ආව දවස...???"


හොදටම මතක උනත් මං මතක නෑ වගේ බලන් හිටියා...



" හ්ම්ම්ම්..මතක නැද්ද...?? කොහොම උනත් එදාට කලින් දවසෙ මගෙ බර්ත් ඩේ එක තිබුණා...අම්මා මට එදා ගිෆ්ට් එකක් විදිහට මාලුවො දෙන්නෙක් එවලා තිබුණා... එදා මං මට තිබුණ ගිෆ්ට් ඕපන් කරේ ඩැඩීයි එයාගෙ ටීම් එකයි ඉස්සරහා... එයාට මොකද්ද අමුතු බයක් තිබුණා මොනා හරි ගැන...එයාට එක පාරටම කෝල් එකක් ආවා... ඒ එක්කම එයා ගොඩක් කේන්ති ගිහින් මං ඒ වෙලාවෙ ඕපන් කරපු ගිෆ්ට් එක පොලවෙ ගැහුවා....



මට හිතාගන්න බෑ උන එක ගැන...ඒ ගිෆ්ට් එකේ තිබුණේ මේ ලස්සන මාලු දෙන්නා බෝල් එකක් ඇතුළක දාලා... පොලොවෙ ගැහුව පාරට මං බය උනා...චූට්ටා නොහිටින්න උන් දෙන්නා මැරෙන්න තිබුණා... මොනා උනත් ඩැඩීට ඕන කරලා තිබුණෙ උන් දෙන්නව මැරෙන්න ඇරලා බලන් ඉන්න..නැත්තන්.ඒ මාලු දෙන්නා ගෙදර නොයින්නවා බලන්න..චුට්ටා ඩැඩීට කියල කියලා අරන් ගියා...එදා ඇඩ්මිශන් ගන්න ආව දවසෙ මං චුට්ටගෙන් මාලු දෙන්නා ඉල්ලගෙන මෙහෙ ගෙනාවා... මොකද එහේ තිබුණට ඒක ටිකක් අවධානම්...ඒකයි.."



"ඇයි අවදානම්ම්..??" ලොකුවටම එයා කිව්ව කතාව නොතේරුණත් මන් ඇස් ලොකු කරගෙන ඇහුවා...



එකපාරටම නළදත් පේන ලස්සන හිනාවක් ඒ මූණෙන්....


" ඕපයක් නං මැරුණත් අහන් ඉන්නවා නේද..."



මට දැණුන මගෙ කම්මුල් දෙක් රත්වී ගෙන එනවා...



" චුට්ටලගෙ ගෙදර ඉන්නෙම සත්තු....ඌ හුරතලේට බල්ලො පූසො ගොඩක් අය ඇති කරනවා...



හම්මෝහ්...ඉවරයි..."


එයා එහෙම කියල ලොකු හුස්මක් අරගත්තා... හොදට නැති උනත් සාමාන්‍ය ගානකට හරි බෙහෙත් දාලා තිබුණා...



"තෑන්ක්ස්.." මං හිනාවෙලා කිව්වා... තව මට එක තත්පරයක් වත් එතන ඉන්න ඕන කමක් නෑ..මගෙ ඔලුවෙ ගොඩක් ලොකු ප්‍රශ්න වගයක් තිබුණා... කොහොමද මැරුණ අභිලාශ්ගෙ අම්මා ජීවත් වෙන්නෙ..??? කව්ද මේ අභිලාශ්ගෙ තාත්තා...මොකද්ද එයාගෙ family background එක....


" සුලු දෙයක්.... "


එයා කියනවා එක්ක ම මං බෙන්ච් එකෙන් නැගිට යන්න හදද්දිම මට කෑගැහුණේ දණහිස රිදුණ නිසා...



" තමුසෙ නම් පිස්සු හෝන්තුවක්...මෙලෝ සිහියක් නෑ...එනවා මං එක්ක.." කියලා ඒ අත් මගෙ උරහිසෙන් අල්ලගෙන පරිස්සමෙන් ගාර්ඩ්න් එකෙන් එක්කන් ගියා....



අපි යද්දිම වගේ තූර්යා එනවා ආයෙම ගාර්ඩ්න් එකට...



" ඇයි ආවෙ...???" කියලා අභිලාශ් තූර්යගෙන් ඇහුවෙ ගහගන්න වගේ...



" මං ආවෙ තමුසෙ බලන්න නෙවෙයි..මගෙ රටක් වටින යාලුවා බලන්න.."



කට කොනින් හිනා වෙච්ච එයා,


" ආ...මෙයා රටක් වටිනවද...?? එහෙනම් අපේ ඩැඩීට කියලා මෙයාව විකුණලා මට රටක් ගන්න පුළුවන්.."



" ආ..........??" මං අභිලාශ්ට ඔරෝගෙන එහෙම ඇහුවා...



ආයෙම නල දත් පේන නසරාණි හිනාවක්..!!


" ඔව්...මොකද ආ ආ ගාන්නෙ..."



මං එයාට ඔරවලා තූර්යා දිහා බැලුවා...


"හරි සුදූ යං යං...පිස්සො එක්ක ඉද්දි අපිත් පිස්සො වෙනවා.." කියලා මේකි මාව වත්තන් කරගෙන යන්න එද්දි ම අභිලාශ් තූර්යට ඇටෑක්ට් එකට වගේ,



"මං අරන් එන්නම්.." කියල කියනවා....



"නෑ..මේකි මගේ..මං අරන් යන්නම්.."



" තමුසෙට ලියලා දුන්නද..?? මං අරගෙන එන්නම්ම්.."



" මේකි මගෙ යාලුවා...... මං අරගෙන යනවා..."



" හා....අරන් පලයන්කො... අඩු කඩනවා තමුසෙ මේකි එක්ක ගියොත්.." කියලා මගෙ පැත්තට හැරිලා අභිලාශ් කියනවා...



ඇත්තටම මේ දෙන්නගෙ මේ රණ්ඩුව බලාගෙන ඉදලා මට ඇති වෙලා තිබුණේ..



" මං තනියම යන්නම්ම්.." කියලා කණ්ණාඩියත් හදාගෙන මං එන්න ආවත්...දෙන්නම මගෙ උරහිසින් අල්ලගෙන ක්ලාස් රූම් එකට එක්කන් ගියා...


අභිලාශ් නම් ක්ලාස් එකට ආවෙ නෑ... හේතුව ඇහුවත් අපි දෙන්නට ම බැනලා යන්න ගියා..



ඇත්තටම එයා හරි වෙනස්..කාලගුණේ වගේ...කොයිවෙලාවෙ වෙනස් වේවිද කියන්න්න බෑ...ඒත් ඒ හිනාව නම් මහ පිස්සුවක්...!!



ඇත්තටම එදා දවස යනවා දැනුණෙවත් නෑ... මොන දේ උනත් මං උදේ ඉදලම එදා සතුටින් ඉදියා...ඒත් ඒ සතුට තිබුණෙ ඉටර්වල් එක වෙනකන් විතරයි...



මොකද එකපාරටම මේඝව් ඇවිත් මගෙ මූණට ලං වෙලා,


" තමුසෙ මගේ...ඒක දැනගනිං...එක එකාට ලං වෙලා මගෙන් මැරුං කන්න එපා" කියලා යන්න ගියේ කෑම කකා හිටිය හැම ළමයෙක් ම මගෙ දිහා බලන් ඉද්දි...



තූර්යාත් ගොඩක් බය වෙලා... මේඝව් ගියාම මං දිහට ඇවිත් මාව හග් කරා.... මොකද එය දන්නවා ඊලගට මං කරන්න යන දේ... මගෙ හිතට මහ අමුතු බයක් ආවා...ඒ එක්කම කදුළු බිංදු ඇස් අගිස්සෙන් බේරිලා යන්න ගත්තා...



" ශ්ශ්ශ්...හැමදේම හරි යාවි ම්ම්ම්..මං ඉන්නවනේ.." කියලා ඒකි මගෙ ගවින් ම ටිකක් වෙලා හිටියා...



" තූරි..."


ඉදල ඉදලා මගෙ ඔලුවෙ කැකෑරුණ ප්‍රශ්නෙ මං එයාගෙන් අහන්න ගත්තා...



" ම්ම්ම්.."



" ඇයි මං ස්කූල් එකට් පලවෙනියටම් ආව දවසෙ මේඝව්තුයි අභිලාශ්තුයි ගහගත්තේ...????"


____________________


බෝනස් චැප්ටර් එක පරක්කු උනාට සමාවෙන්න මගෙ ලමයී... ඔයාලගෙ චැප්ටර් 7 මං රෑ 8 ට ශෙඩුල් කරනවා... හැමෝගෙම react ගොඩක් තිබුණොත් රෑ 8 වෙද්දී මං එහෙම්ම තියෙන්න දෙන්නම්...නැත්තං හෙටම දානවා


ඊලගට වෙන්න යන දේ ගෙස්ට් කරලා කමෙන්ට් එකක් දාන්න... ලස්සන නිසදැස් ගොඩක් තිබුණා... ආදරෙයී...තව එවනම් ඉක්මනට එවන්න.... මං ලස්සන නිසැදැස් දාපු ටෙලිග්‍රාෆ් එකක් හදන්න ඉන්නෙ...


@Ashee_09_08



Report Page