White Rose

White Rose

Peppermint:)


White Rose


Chapter #05


හරී... ඔව්...එයා දැන් මේ පැත්තට එනවා... ඒ එක්කම මේඝව් අභිලාශ්ට ගහගෙන ගහගෙන ගියේ මං කට ඇරගෙන බලාගෙන ඉද්දී...


_________


"ඒහ්.... ඔයාට මාව ඇහෙනවද...??? මං හිතන්නෙ ඔයාගෙ කකුල ඩැමේජ් වෙලා.."



අහ්....දෙයියනේ...මොකද්ද උනේ...කෝ මේඝව්... අභිලාශ්.... එයාට කිසිම දෙයක් වෙලා නෑනෙ... මං මේඝව් හොයන්න වටපිට බැලුවත් මේඝව්ගෙ අංශු මාත්‍රයක් වත් එතන නෑ...


මං එයා දිහා.බැලුවා...තාම අභිලාශ් බලාගෙන ඉන්නෙ මගෙ තුවාල.වුණ කකුල දිහා...ඒකෙන් ලේ බේරෙනවා....තුවාලෙ දිහා බලන් ඉද්දි ම මට ක්ලන්තයක් වගේ වෙන්න ආව නිසා මං බිම ඉදගෙනම හිටියා...තත්පරයකින් දෙකකින් ඒක හරියන්න එද්දිම මං නැගිට්ටත් ආයෙම මං කඩාගෙන බිමට වැටුණේ මට කෑගැහෙද්දි...



" තමුසෙ නම් ගොන් ගහක් තනිකරම... මීට වඩා තමුසෙට අවධාණෙන් වැඩ කරන්න තිබුණා... "


ඒ එක්කම එයා මාව අල්ලන්න එද්දි මං පස්සට ගියේ බයට...


" මොකද...??"


එයත් මගෙ දිහ බය වෙලා වගේ බලන් ඉද්දි මං බිම බලාගත්ත...


" ඔහ්..සොරි සොරී...තමුසෙට ලැජ්ජාව කියලා මට තමුසෙව මෙතන දාලා යන්න බෑනෙ... මෙහෙ එනවා.." කියලා අභිලාශ් මාව උස්සගෙන ගිහින් තිව්වෙ අර බෙන්ච් එකෙන්...



" තමුසෙට ගොඩක් බ්ලීඩ් වෙලා ඕයී... හය්යෝ...මං දන්නෙ නෑ තමුසෙ වගෙ බෙහෙත් දාන්න..."


මටත් වෙන කෙනෙක්ට බෙහෙත් දාන්න පුළුවන් උනාට මට බෙහෙත් කරගන්න බෑ ම්නුස්සයෝ කියලා කෑගහන්න කියන්න තිබුනත් කවුරු හරි අපේ පැත්තට දුවගෙන ආව...


තූර්යා.......



"අහ්..... මයි ගෝඩ්...!! සොරි ඩිස්ටර්බ් කරා නම්.."


කියලා ඒකි අනිත් පැත්තට හැරෙද්දි අභිලාශ් මහ හයියෙන් කෑගැහුවා...


"ඕයී... "


ඒ ක්ශනයෙන් අරකි අපේ පැත්තට හැරිලා හිනාවත් තද කරගෙන අත් දෙක පිටිපස්සට බැදගෙන,


" කතා කරාද...??? " කියලා ඇහුවෙ මං ඒකි දිහා ඇස් හීනි කරන් බලන් ඉද්දී... ඇයි ඒකිට මගෙ අසරණකම තේරෙන්නෙ නැත්තෙ...



" උබ බීරිද...?? මේකි මගෙ ඇගේ හැප්පුනා..වැටුනා...තුවාල උනා... දැන් ලේ ගලනවා..."


එයා ඒක හරියට කිව්වෙ " ඔන්න බබෝ ඇතින්නියා " සිංදුව කියනවා වගේ...හැබැයී...සරලයී..



" එහෙම ද..?? එහෙනම් බෙහෙත් දාන්න.." තූර්යාත් එහෙම කියලා දැම්මෙ වතුර බොන්න වගේ...



" ඉතින් බෙහෙත් ගෙනත් දෙනවා..." අභිලාශ් එහෙම කිව්වෙ හරියට ඒක කරගන්න පුළුවන් වගේ...



එක පාරටට ම තූර්යගෙ ඇස් ලොකු වුණා...


" හර්..රී..හරී..." එහෙම කියලා එයා යන්න ගියා..ඒත් අඩි දෙකක් ගිහින් ආයෙම අපේ පැත්තට හැරිල,


" ඇත්තටම පුළුවන් ද..??" කියලා ඇහුවම මං බැලුවෙ අභිලාශ්ගෙ මූණ දිහා.. ඒ බලලා ආයෙ තූර්යා දිහ බැලද්දි මං දැක්කෙ ඒකි දාගෙන දුවනවා...



" කවුද ඒ පිස්සු හොල්මන..??"


ඒ ප්‍රශ්නෙ මට...මං බය වෙලා එයා දිහා.බලන් හිටියා...


බය උනාද සන්සන්දනේ කරාද....??? මං එදා මගෙ අතින් බෙහෙත් කරපු අභිලාශ් මීට වඩා ගොඩක් වෙනස්...ඒත් දැන්...ඒ මූණෙ සමහර තැන්වල රැවුල්ගස් ඇවිල්ලා... කොණ්ඩෙ... තනිකරම පිස්සෙක් වගේ... හැබැයි පීරුව නම් අහිංසකකමක් ඒවී...ඒත් ඇස් වල තියෙන රෞද්‍ර පෙනුමෙම් ඒ අහිංසකකම යාවිදෝ කියලා සැකයක් මට තියෙනවා..


".මැඩම්ම්ම්..???තමුසෙත් බීරිද..."


මං ඇස් ලොකුන්කරගෙන බලන් ඉද්දි එයා කට කොනෙන් හිනා වෙලා වෙන පැත්තක් බැලුවා...ඒ ඇස් තියෙන්නෙ වයිට් රෝස් යායෙ....


එක පාරටම බෙන්ච් එකෙන් නැගිටලා එයා ගියේ කාගෙවත් හිත දිනාගත්ත මගෙ මිකියි නිකියි ඉන්න පොන්ඩ් එක ගාවට... ඇත්තටම මට පුදුම හිතුනා...මොකද ඒ පොන්ඩ් එක සාමාන්‍යයෙන් කෙනෙක් ඇහට දකින්නෙ නෑ...ඒත් ස්කෝලෙට ඇවිත් ඉක්මනට ම එයා එතන පොන්ඩ් එකක් තියෙනව කියලා අදුරගත්ත නිස මට පුදුමයි..ඒ එක්කම අභිලාශ් මගෙ මූණ දිහා ඇස් ලොකු කරන් බලල ආයෙම ඇස් හීනි කරා..මට බය හිතුණා ඒ බලපු විදිහට...ඉතින් මං ඇස් ලොකු කරන් බලන් ඉද්දි එයා පොන්ඩ් එක ඇතුළට අත දාලා මොනා හරි කිව්වා...ඒක මට ඇහුණේ නෑ..මොකද එයා කිව්වට වඩා මිමිණුවා කියල කිව්ව නම් මං හරි..



පස්සෙ එයා අත් දැක බැදගෙන මං දිහාට ආවෙ ලොකු වැරැද්දක් කරල වගේ... මං ඇස් ලොකු කරන් බලන් හිටියෙ ඊළගට...වෙන්න යන්නෙ මොකද්ද කියලා බලාගන්න



ඒත්....ඒ එක්කම එයා මාව තදින් වැළදගත්තෙ මට හිතා ගන්නවත් බැරි වෙන්න...



" ඇහ්...ඇහ්....excuse meee...." ක්ශනයෙන් එයා මගෙ ලගින් ඈත් වෙලා සමාවගන්න බැල්මකින් බලාගෙන ඉන්නව...



මං තූර්යා දිහා බලලා අභිලාශ් දිහා බැලුවා...


" ම්ං හිතන්නෙ බෙල් එක ගහන්න ලගයි... ඔය දෙන්නා කරගන්න දෙයක් කරගෙන ගාර්ඩ්න් එකෙන් ආව නම් අපි හැමෝම සතුටින්.."


කියලා විරිත්තගෙන ම ඇවිත් ෆස්ට් එයිඩ් බොක්ස් එක අභිලාශ් දිහා බලගෙන ඉන්නව...



" කන පලාගන්න ආසද...??? "


එක ක්ශනයෙන් තූර්යාගෙ මූණෙ තිබුන හිනාව නැති වුණේ විදුලියක වේගෙන් වගේ... ඒ එක්ක ම මට හිනා ගියේ ඒ මූණ දැකලා...


" ඇයී...." තූර්යා බයෙන් වගේ ඇහුවම මට තව හිනා යන්න ආවත් මං කාගෙන හිටියා...



" පලයන්..."



" ආ.........???"



" පලයන් යකෝ දික් කරගෙන මෙතන බලන් ඉන්නේ...??"



"හුම්ම්...යනෝ තමයි..මෙතන ලගින්න ආවෙ නෑ.." කියලා තූර්යා ගස්සගෙන ගාර්ඩ්න් එකෙන් ගියා... කලින් හිනා වෙලා ඉදියට දැන් නම් බයත් වගේ.... අනික තූර්යා මාත් එක්ක තරහා උනා ද නැද්ද කියන එක මට අභිලාශ් බෙහෙත් දාලා ඉවර වෙනකන් ම හිතන්න උනා...



හැමෝටම ට්‍රීට් කරත් කරත් දැන් නම්.මට බයයි වගේ... අභිලාශ් සේලයින් එක අරගෙන පුලුන් කෑල්ලකට දාලා හෙමින් හෙමින් තුවාලෙ ලේ අයින් කරන්න හැදුවත් මට කෑගැහුණා...



"ශ්ශ්ශ්....කෑ ගහන්න එපා යෝධියේ... උබව දූශනේ කරන්න හදනවා කියලා හිතයි එකෙක් මෙතන්ට ආවොත්..."


එයා මොනවා කිව්වත් මගෙ ඇස් වලට කදුලු පිරුනේ දැවිල්ල හන්දා....


" ඕයිහ්...තමුසෙ අඩනවද...




ඒ...නවත්තනවා ඕක...




රහසක් කියන්න ද...??? හැබැයි ඇඩිල්ල නැවැත්තුවොත් විතරයී..."



මං ඇස් දෙකත් ලොකු කරගෙනා ඒ මූණ දිහා බලන් හිටියෙ මොකද්ද කියලා අහන්න්න වගේ...




එකපාරටම එයාට හිනා ගියා.... දෙයියනේ නල දතක්ක්ක්...!! අනේ...ඒ හිනාව....තුවාල වෙලා අඩ අඩා ඉන්නෙ උනත් ඒ හිනාව දැකලා ඇත්තටම මට මගෙ හිත්ට මහ මොකද්ද උනා...



"කියුට්..." එකපාරටම එයා මගෙ මූණට ලං වෙල නහයට තට්ටුවක් දාලා එයා කියන්න ගත්තා එයාගෙ රහස..



__________________


ම්ම්ම්ම්..මොකද්ද රහස..අදහස් කියාගෙන යන්න...Bonus ඕනද

Report Page