White Rose

White Rose

Peppermint:)

White Rose


Chapter #04


• • •



එලාම් එකේ සද්දෙට ඇහුරුණ මම ටිකක් වෙලා ඇදටම වෙලා හිටියේ ඉස්කෝලෙ යන්න තව වෙලා තියෙන නිසා.. නිකන් ම නිකන් ඉදිය නිසා මට මතක් වුණේ ඊයෙ රෑ කරපු දේවල්...ඒ එක්කම අභිලාශ්ව මතක් වුණා..



"එයා ආයෙත් එනව නම්..!!!"


මට එහෙම හිතුණා..මොකද්දෝ එහෙකට මට එයාව බලන්න හිතුණා... ඒත් එදා ඒ සිද්ධියෙන් වුණ දේවල්වලින් පස්සෙ මං හොදින් හිටියා කියලා නම් කියන්නෙ නෑ.... ගුරුවරු... එහෙම නැත්තන් අපි ගෙදරින් පස්සෙ අපිට ගුරු හරුකම් දීලා ඒ ඒකාලපරිච්ඡේද වල ජීවිතේට යමක් කියලා දෙන ඒ ආදරණීය මිනිස්සු අතර වාසියට තමන්ගෙ පඩියට වැඩ කරන අය හිටියා කියන්න මං මේ ඉස්කෝලෙ ඉගෙන ගත්ත අවුරුදු 2 ඇතුළත දී...



මට මතක් වුණේ ගුරු ගීතය පොත... ඒ පොතේ හිටිය දුයිශෙන් වගේ ගුරුවරු දැන් ඉන්නෙ සීයකින් ගත්තොත් 10ක් වගේ....ඔව්...කාලය නිසා මිනිස්සු ගොඩක් වෙනස් වෙලා... ඒ ඉස්සර කාලෙ ඉදිය මිනිස්සු නෙවෙයි දැන් ඉන්නෙ



එහෙම්ම ඇගේ මැලි කඩමින් ටවල් එකත් දාගෙන වොශෲම් එකට ගිහිම් ඇග හෝදගත්ත... නාන්න ඕන කියලා හිතුණත් හෙයා ඩ්‍රයි එක කැඩිලා නිසා ඒකත් හිතින් අතෑරගන්න වුණා...


වෙලාව උදේ 6.15යි.... මං ඇදට වෙලා විනාඩි 30ක් විතර එකේක දේවල් හිතලා... වැඩකට ඇති දේකුත් නෙවෙයි.... යුනිෆෝම් එක අදින ගමන් ඊයෙ රෑ පාඩම් කරපු බයෝ පාඩම ආයෙම මෙනෙහි කරන්න ගත්තෙ ආයෙම මතක් කරගන්න හිතා ගෙන...


(මේක A/L කරන ළමයින්ට හොදයි ලමයී... ඔයා රෑට පාඩම් කරන කෙනෙක් නම් උදේ ඇහැරිලා ඔය බයිලා හිතන වෙලාව අස්සෙ කලින් පාඩම් කරපු දෙයක් මොකක් හරිකරන ගමන් ඒක මෙනෙහි කරන එක....මං වැඩක් කිව්වෙ හරියටම අවධාණෙන් කරන එකක් නෙවෙයි...තමන් මෙහෙම යුනිෆෝම් එකක් අදින වෙලාවට, ටී ටයිම් එකකදි වගේ පොඩි රිලැක්ස් එකක් තියෙන වෙලාවට වගේ..)


" දෝණී... මෙන්න ටී එක..."


අම්ම ඇවිත් බෙඩ් ටී දීලා ගියා... ඒකත් බොන ගමන් කොණ්ඩෙ ගොතාගෙන මගෙ කණ්ණාඩි දෙකත් පිහිදැම්මෙ ඒකෙ ෆින්ගර් මාක්ස් තිබුණ නිසා...


සේරම කරලා ඉවර වෙද්දි 6.45යි... ඊයෙ රෑ හදපු පොත් බෑග් එකත් පල්ලෙහාට අරන් ඇවිත් අම්මට ශූස් දාන ගමන් අම්මට කියලා බත් ටිකක් කවා ගත්තා...



7ට ස්කූල් වෑන් එක එන නිසා ඒ වෙනකන් මං ෆෝන් එක අරන් ඔන්ලයින් ගියේ හවස ක්ලාස් එකේ ගෲප් එක පැත්තෙ...වෙනදා වගේ ම ක්ලාස් තියෙන බව කියල තිබුණා..


ඒ එක්කම තූර්යා මට මැසේජ් එකක් දැම්ම...සාමාන්‍යෙන් ඒකි මැසේජ් එකක් දාන කෙනෙක් නෙවෙයී... ඔන්ලය්න් හිටියත් වැදගත් වැඩකට ඇරෙන්න කා එක්කවත් කතා කරන්නෙ නෑ එයා...


" අඩෝ...උබට දෙයක් කියන්න තියෙනවා..."


ඒක තමයි එයාගෙ මැසේජ් එක...ඒත් ඒකට රිප්ලයි කරන්න වෙලාවක් නොතිබුණේ ස්කූල් වෑන් එක ඇවිත් ගේට් එක ළගම හෝන් කරන නිසා...අම්මටත් වැදලා ෆෝන් එක එහමම තියලා මං ගියා..


හැමදාම ඉන්න මුල්ලෙ ශීට් එකේ ඉදගත්ත මං ශටර් එකට ඔලුව තියාගෙන කල්පනා කරේ තූර්යා මොනාද කියන්න ගියේ කියලා...


ඒත් කිසි අයිඩියා එකක් ඔලුවට ආවෙ නැති නිසා මං ඔහේ වේගෙන් පිටිපස්සට ඇදිලා යන පාර ගස් කොළන් දිහා බලන් හිටියා...


ඉස්කෝලෙ ගාවින් වෑන් එක නතර කරා...මේ වෑන් එකේ ස්කූල් 3ක ලමයි ඉන්නවා... අපේ ස්කූල් එකේ නම් කොල්ලො දෙන්නකුයි මායි විතරයි... බැග් එකත් කරේ දාගෙන ස්කූල් එකට අඩිය තියද්දිම ප්‍රින්සිපල් සර්... එහෙම නැත්තං මේඝව්ගෙ තාත්තා...



හිනා වෙලා ගුඩ් මෝනින් කියන්න් ඕන උනත් මගේ කට වැඩ වුණේ නැත්තෙ එයාගෙ පිටිපස්සෙන් එන කෙනා දැකලා...



මං ඇස් කොනින් දැක්ක සර් මාව අදුරගත්තා වගේ ඔලුව වැනුවා...මාත් හිනා වෙලා ඉක්මනට ම එතනින් ආවෙ මේඝව්ගෙ දෘශ්ටිකෝණෙ මගෙ දිහාවටම යොමු වෙලා තියෙද්දී... හිතේ ඇතිවුණ මොක්ද්දෝ මුරණ්ඩු කමටම අද මං එයාට එරෙව්වා... මං දැක්ක ඒ ඇස් ලොකු වෙලා හීනි වෙනවා....



ක්‍රෝටන් ගස් පේළියෙන් පෙරාගෙන එන හිරු කිරණයි අහසෙ තියෙන අමුතුම යුනික් බ්ලූ ගතියයි අද හොදටම පේනවා... වහින දවස්ක් නම් නෙවෙයි වගේ...



හිත්ට දැණුණ අමුතුම ෆ්‍රෙශ් ගතියත් තියාගෙන මං ගාර්ඩ්න් එකට ඇතුළු වුණා...ඔව්...අර මට ස්කූල් එකේ පලවෙනි දවසෙම හම්බුණ ගාර්ඩ්න් එක ඒක තමයි...ඒකට හැමෝම ගාර්ඩ්න් එක ගාර්ඩ්න් එක කිව්වත්...මං ස්කූල්.එකට ආව දෙවෙනි සතියෙම නමක් දැම්මා... වයිට් රෝස්....ඔව් ඒකෙ නම වයිට් රෝස්...



ඉක්මනට ඒක ඇතුලට ඇතුළු උන මං ගියේ පොන්ඩ් එක ගාවට...ඒකෙ එහා පැත්තෙ පොන්ඩ් ඉන්නව ලස්සන bettas fish ල දෙන්නෙක්...ඒ දෙන්න විතරමයී... මං එයාලව අදුර ගත්තෙ අභිලාශ් ස්කූල් එකට නොආපු පලවෙනි දවසෙ... දන්නවද... එයාලට මං නම් දෙකක්.දැම්මා..එක්කෙනෙන් මිකී වෙද්දි අනිත් කෙනා නිකී...මට මුලදි මාලු දෙන්නෙක් උනාට පස්සෙ තමයි තේරුණේ මේ ලස්සන කපල් එකක් කියලා...මොනා උනත් මේ.දෙන්නම මේ ටෑන්ක් එකට දැම්ම කෙනාට මං.ස්තුති උනා...



දෙන්නට ම මෝනින් විශ් එකත් දීලා බෑග් එකෙන් එයාලට ගෙනාවකෑමත් දාලා දෙන්නට ම ආදරෙයි කියලා මං ඉක්මනට එන්න හැදුවෙ ක්ලාස් රූම් එකට...ඒත්... ඒ එක්කම මං කාගෙදෝ කෙනෙක්ගෙ ඇගේ වැදිලා කොන්ක්‍රීට් පොලොවෙ ඇද හැලුණේ දණහිස තුවාල වෙලා ලේ ගලද්දී...



වීසි වුණ කණ්ණාඩියත් දාගෙන මං බැලුවෙ කවුද ඒ කියලා....


දෙයියනේ අභිලාශ්ශ්ශ්...!!!


නැගිටගන්න බැරි නිසා ම මං එහෙමම පිටිපස්සට ඇදිලා ගියේ අභිලාශ් දිහාම බලාගෙන ඉද්දී....



ඒ එක්ක ම මං දැක්කෙ ගාර්ඩ්න් එකට ඇතුළු වුණ මේඝව්...!!!


දෙයියනේ.... මාව දකින්න එපා... මට මැවි මැවී මතක් වුණේ මං උදේ මේඝව්ට රැව්ව විදිහ...ඒ එක්කම මේඝව්ගෙ ඇස් දෙක අපෙ පැත්ත දිහාට ඇදුණෙ මාවයි අභිලාශ්වයි දකිද්දී...



_______________________


ම්ම්ම්ම්ම්ම්...සිතල යුද්දෙකට මුල..


අනේ මට ශෙත්වි මේඝව්ටමයි දෙන්න හිතෙනන්නෙ... බලමු බලමූ....









Report Page