White Rose
Peppermint:)
White Rose
Chapter #03
" උබට මම...................."
එක පාරටම අර කොල්ල නැගිටලා මේඝව් ගාවට යද්දි ම වගේම මං මේඝව්ගෙ කනට ගැහුවෙත් මගේ හිතේ ඇතිවුණ තරහටමයි..ඒ එක්කම එක කොල්ලෙක් පන්තියට ඇවිත් අපේ පැත්ත බලාගෙන,
" අභිලාශ්ශ්ශ්.....උඹේ ඩැඩී අක්සිඩන්ට් වෙලා.."
කියලා කිව්වෙ මං බෙහෙත් කරපු කොල්ල සියුමැලි වෙලා වගේ අර කොල්ල දිහා බලන් ඉද්දි... ඒත් එකපාරටම එයා පන්තියෙන් එළියට ගියේ හීයක වේගෙන්..
•••
" ශෙත්වි ඔයා පාඩම් කරනවා කියලා රෑ වෙනකන් මනෝලෝකව වල ඉන්න එක හරිද ආ..?? "
එක පාරටම අම්ම ඇවිත් ඔලුවටත් ගහලා එහෙම කියලා ගියේ මොකද්ද වුණේ වගේ බලාගෙන ඉද්දි...
දැනටමත් දොළහාට විනාඩි දෙකක් තුනක් වගේ...
හ්ම්ම්ම්ම්.... පාඩම් කරෙත් නැති නිසා සේරම දමලා ගහලා බෙඩ්ශීට් එක පෙරවගත්තෙ නිදාගන්න කියලා....
ඒත් ආයෙම මට මතක් වුණේ අභිලාශ්ගෙ මූණ...
ඔව්...එයා අභිලාශ්..එදා එයාගෙ තාත්තට උන ඇක්සිඩන්ට් එකෙන් අභිලාශ්ගෙ අම්ම නැති වුණා වගේම හිතුවෙවත් නැති විදිහට අභිලාශ් ඩ්රග්ස් වලට ඇබ්බැහි උනා... ඒ එක්කම එයාගෙ ඕලෙවල් එක්සෑම් එක අනාගෙන තිබුණා... එදා මගේ අලුත් ඉස්කෝලෙ පන්තියට ආව දවසෙන් පස්සෙ අභිලාශ් ජීවිතේට ම හම්බුණේ එකම එක පාරයි... ඒ එයාගෙ ඕලෙවල් විභාගෙට කලින් ස්කූල් එකට ආව දවසෙ....
දන්නවද....ඒ මූණ බලන්නම බෑ...මට හිතුණෙ ඇල්කොහොල් වලට එයාගෙ මුළු මූණම දිය වෙලා කියලා.. .ඒත් කොහෙන්දෝ නැති අමුතු සතුටක් එදා ආව.. මොන දේ වුණත් එයා ජීවත් වෙනවනෙ...
ඕලෙවල් කාලෙ ඇතුළත මට හොද යාලුවෙක් හම්බුණා..නමින් තූර්යා.. එයා මං වගේ නෙවෙයි...ගොඩක් වෙනස්... කෙටියෙන් කිව්වොත් එයා කොල්ලෙක් වගේ ඉපදෙන්න ගිහින් තාත්තයි කීමට කෙල්ලෙක් උන පිස්සියෙක්...ඇත්තටම එයා එක්ක ඉද්දි යම්තාක් දුරකට මගේ මනස නිදහස් වෙනවා..ගෑණු යාලුවො නැති තරම්... ඒත් මං එයාගෙ ආස දෙකක් තියෙනවා...ඒ එයාගේ නූල්ඩ්ල්ස් කොන්ඩෙටයි එයාගෙ ලස්සන හිතටයි..
එදා මේඝව්ගෙ කනට ගැහුවම පස්සෙ මං ගොඩක් ස්කූල් එකේ ෆේමස් වුනා.. මොකද එහෙම මේඝව් ගාවට ඇවිත් මේඝව්ට ගහන්න තරම් පවර් එකක් තිබුණා වගේ ම ස්කූල් එකේ ප්රින්සිපල් සර්ගෙ පුතා එයා.... ප්රින්සිපල්ටත් වඩා ස්කෝලෙ ලමයි,ගුරුවරු විතරක් නෙවෙයී ඉස්කෝලෙ ඉන්න බල්ලො පවා මේඝව්ට බයයී... ඉස්කෝලෙ බල්ලො පවා මේඝව්ට බයයි කියලා කිව්වෙ නම් තූර්යා...
එක දවසක් ඉස්කෝලෙ බල්ලෙක් එයා ලයිබ්රි එකට ගිය වෙලාවෙ එයාගෙ සොක්ස් අරගෙන ගිහින් තිබුණා..කොහොම හරි මේඝව් දැකලා ඒ බල්ල කවුද කියලා..පස්සෙ එයාලගෙ යාලුවොන්ට බල්ලව හොයන්න කියලා එයා කැන්ටීන් එකට ගිහින් ගල්ව්ස් දෙකක් අරගෙන තිබුණා...ඒක වෙලා තියෙන්නෙත් උදේ පාන්දරමලු...ඒ කියන්නෙ උදේ රැස්වීම (Assembly) පටන් ගන්නත් කලින් ලු.. එදා ඒ බල්ලගෙ කරුමෙට උදේ රැස්වීම තිබිලා තියෙන්නෙත් අපේ පන්තියෙන්... ග්ලව්ස් එක එයා සාක්කුවේ දාගෙන අනවුසර්ට (announcer) ට කියලා එයාට ඉවෙන්ට් එකක් දෙන්න කියලා... කවදාවත් එහෙම මේඝව් රැස්වීමට ඉවෙන්ට් භාරගන්නෙ නෑලු...ඉතින් අනවුසර් කැමැත්තෙන්ම එයාට ඒක ඉඩ හදලා දීලා කලබලෙන් උනත්...
කොහොම හරි මේඝව්ගෙ යාලුවො බල්ලව හොයාගෙන ඇවිට් තිබුණාලු.. ඉතින් රැස්වීමත් පටන් අරගෙන හැමොම බලන් හිටියෙ මේඝව්ගෙ කතාව කෙරෙනකන්...ඒ දවස් වල එයා ප්රෙෆෙක්ට් අරගෙන තිබුණෙ නැති නිසා ආතල් එකේ ගිහින් මයික් එක අරගෙන මුලින් ම අවසර අරගෙන පස්සෙ එයාගෙ මාතෘකාවට ඇතුළත් වෙලා තියෙන්නෙ සත්ව ප්රජාව ගැන කියලා... එයාලගෙන් වෙන ප්රයෝජන කියලා පස්සෙ එයාලගෙන් වෙන හානි ගැනත් කියලා තියෙනවාලු...එහෙම හානියක් වුණා ම කරන්න ඕන මොකද්ද කියලා හැමෝගෙන් ම අහලා... කොහොමත් රැස්වීමෙ කතාවක් කරන කෙනෙක් ප්රශ්නයක් අහන කොට උත්තර දෙන්නෙ හරි අඩුවෙන්වනෙ...ඉතින් ලමයි ගුරුවරු මොනවත් කියලා නෑ..
ඒ එක්කම වගේ ලමයින්ට ගුරුවරුන්ට බල්ලෙක් කෑ ගහන හඩක් ආවත් කිසිකෙනෙක් ගනන් අරගෙන නෑ...මේඝව්ගෙ වාසනාවට එදා එයාගෙ තාත්තා...එහෙම නැත්තන් ඉස්කෝලෙ ප්රින්සිපල් සර් ඉස්කෝලෙ ඇවිත් නෑලු...
හැමෝගෙන් ම උත්තරයක් නැති නිසා මේඝව් එයාගෙ කතාව පටන් ගන්නෙ නැතුව එයාගෙ යාලුවො අල්ල ගත්ත අර බලු තඩියව ඉස්සරහට ගෙන්නලා ග්ලව්ස් දාගෙන ඌගෙ පිටිපස්සෙ කකුල් දෙක විල්බැරැක්කෙක කකුල් දෙක වගේ අල්ලගෙන මුලු ස්ටේජ් එක වටේටම දුවවලා...බල්ල මර ලතෝනි දෙනවලූ... ගුරුවරු හැමෝම වගේ එතකොට කෑගහන්න ගද්දි බල්ලගෙ අල්ලන් ඉන්න කකුල් දෙකෙන් අල්ලගෙන කුණු ගොඩක වීසි කරලා ඇවිත් ගලවුස් ගලවලා කියලා " අන්න අරක තමයි කරන්න ඕන " කියලා...ඊට පස්සෙ ස්තුතියි කියලා ගිහින්..
ඇත්තටම ඒක බොරු කතාවක් කියලා හිතුවත් ඉස්කෝලෙ ඉන්න ඕන ම ලමයෙක්ගෙන් ඒ කතාව ඇහුවිත් දන්නෙ නෑ කියලා නම් කියන්නෙ නෑ.... ඉතිං ඉස්කෝලෙ බල්ලො පවා මේඝව්ට භය වෙලා තියෙන්නෙ එහෙමයි..
____________________________
තවත් chapter එකකින් රෑට හෝ හෙට හමුවෙමු.. මං peppermint:)