White Rose

White Rose

Peppermint:)


White Rose


Chapter #30



වික්‍රම්.අපේ ඉස්කෝලෙට ආවෙ ඒලෙවල් වලට........


සාමාන්‍යයෙන් ඉස්කෝලෙට එන අලුත් අයව වැඩිය ගනන් ගන්නෙ නැ කවුරුවත්....මුල් දවස් වල වික්‍රම්ව ගනන් ගත්තෙ නැති තරම්...ඒත් එයාගෙ අහිංසක කඩවසම්කම ළමයින්ගෙ විතරක් නෙවෙයි ගුරුවරුන්ගෙ ඇස් හොරාගෙන තිබුණා...



ටික දවසකින් එයා හැමෝගෙම හිතේ රැදෙන පිරිමි ළමයෙක් වුණේ කාටත් හොරා ම...



හැම ඉස්කෝලෙම ඉන්නවානෙ ඉස්කෝලෙ රන් කරන, තමන්ගෙ අම්මගෙ තාත්තගෙ හයිය අරන් රගන එකෙක්.....ඉතින් අපේ ඉස්කෝලෙත් එහෙම කෙනෙක් හිටිය....ඒ වෙන කවුරුවත් නෙවෙයි...



සාගර... සාගර වික්‍රමරත්න...



විදේශ කටයුතු ඇමතිගෙ පුතා... වික්‍රම් එන්න කලින් හැමෝගෙන අවධානෙ දිනාගෙන හිටිය කෙනා තමයි සාගර...ඒත් වික්‍රම් ආව ගමන් එයා වැඩිය කවුරුවත් ගනන් ගන්නෙ නැතිව ගියා...



මාස ගනන් ගත වෙද්දි ව්ක්‍රම් ක්ලාස් වල, සෙක්ශන් වල ටොප් උනා...එයාට මාර ලස්සන කටහඩක් තියෙනවා.....ඒක ඇත්තටම භාවනාවක් වගෙ.... ඉතින් අවුරුද්දක් ගත වෙද්දි වික්‍රම් හැමෝගෙම හිත දිනාගෙන හිටියෙ...ඒ වෙද්දි සාගර හිටියෙ ගොඩක් තරහින් ව්ක්‍රම් එක්ක.... ඒත් මොකුත් එයා කරේ නැතුව වික්‍රම් කරන දේවල්.බලාගෙන හිටියෙ ගොඩක් ම.සන්සුන්ව... මට මුලදි ඒක හොදයි කියලා හිතුණා උනාට පස්සෙ තේරුණේ.... සුනාමිය උනත් ආවෙ නිහඩව තිබිලා කියලා....



ටික කාලයක් ගත වෙද්දි මට දැණුන වික්‍රම් ශිරාණිට ලං වෙන්න හදනව කියලා..මුලදි යාලුකමෙන් හිටියා උනාට පස්සෙ පස්සෙ වික්‍රම් ශිරාණිට ආදරේ කරන්න ගන්නෙ සාගර තව කේන්ති ගත්තෙ වික්‍රම්ගෙ හදවතේ වගේ ම සාගරගෙ හදවතේත් ශිරාණී ඉද්දි....



වික්‍රම් කෙසේ වෙතත් සාගරට නම් කැමති නෑ කියලා ශිරාණිගෙ යාලුව උන මං හොදට දැනගෙන ඉදියා...ඒ වගෙ ම කල්ගත වෙද්දි ශිරාණි වික්‍රම්ට ආදරේ කරන බව මට පෙණුනා...."



ලොකූ බර සුසුවමක් වාතයට දිය කරන ගමන් නිහාරි ආන්ටි තොල්පට තද කළේ එයාගෙ හැසිරීම් ඉරියව් මං හොදට බලන ගමන්....



ඒ එක්ක ම.හෙමීට පොද වැටෙන්න ගත්තෙ මිනිස්සු එකා.දෙකා හරේට මෙහෙට දුවනවා මට පෙනෙද්දී......


ඉතුරුන්වෙලා තිබුණ කොෆී මග් එකෙන් උගුරක් බොන ගමන් වේටර් ගෙනත් තිබුණ කුකී ප්ලේට් එකෙන් දෙකක් අතට අරගෙන මං නිහාරි ආන්ටි දිහා බැලුවෙ එයාගෙ අතීතෙ ගැන වගේ ම මගෙ අම්මා ගැන දැනගන්න ඕන කියන ඉල්ලීම මගෙ ඇස් වලින් එයාට කියන ගමන්.....




"හ්ම්ම්ම්ම්ම්ම්.......ඔව් එයාල යාලු වුණා..."


එකපාරට ම නිහාරි ආන්ටි අඩන්න ගත්තෙ මං හොදට ම බය වෙලා තූර්යා දිහා.බලද්දී.....



' ඒ කියන්නෙ නිහාරි ආන්ටිත් වික්‍රම් එහෙම නැත්තං ප්‍රින්සිපල් සර්ට ආදරේ කරලා...'


මං මගේ හිතින් ම එහෙම අහද්දි තූර්යායි මායි නිහාරි ආන්ටිව කන්ට්‍රෝල් කලේ මිනිස්සු එකා දෙකා මේ පැත්ත බලද්දී....



පොද වැටෙන හීනි වැස්ස මහ වැස්සක් උනේ බලාගෙන ඉද්දිමයී....



ටේබල් එක උඩ තිබුණ ටිශූ එකකින් ඇස් දෙක පිසින ගමන් ආන්ටි අපට තෑන්ක් කරේ එයා සන්සුන් කියලා අත් දෙකෙන් පෙන්නනන ගමන්...




" අවුරුද්දක් දෙකක් සමහර විට තුනක් එයාලා ආදරේ කරා.....ඒ අවුරුදු දෙක තුන ඇතුළත් සාගර පුළුවන් තරම් කෙනෙහිලි කලා...මාසයක් යන්න කලින් එයාලගේ relationship එක ඉස්කෝල්ට අහුවුණේ සාගර නිසාමයි..ඒත් මට පුළුවන් දේවල්.එයාල වෙනුවෙන් මං කරා...වික්‍රම්ට හිතින් ආදරේ කරන ගමන් මං මගෙ යාලුවට ද්‍රෝහි උනා...ඒත් ශිරාණි දැනගෙන ඉදියෙ නෑ මං වික්‍රම්ට ආදරේ කරන බවක්...




ඔහොම යද්දී අපේ ඒලෙවල් රිසල්ට්ස් ආවා....ශිරාණිට කැම්පස් යන්න බැරි උනත් එයා විද්‍යාපීඨ තේරිලා තිබුණා....වික්‍රම් නම් ජයවර්ධනපුර යුනිවර්සිටි එකට තේරුණා....මං කොහොමත් ඒලෙවල් කළේ නෑ...මොකද මේ දේවල් බලාගෙන ඉදලම.මට එපා වෙලා තිබුණෙ... ශිරාණිට ආයෙම එක්සෑම් කරන්න කරන්න කියලා වික්‍රම් කිව්වට එයා විද්‍යාපීඨ යන්න ලෑස්ති උනේ ගෙදරට බරක් නොවෙන්න කියලා කියන ගමන්...


මොකද ශිරාණි කියන්නෙ හරිම දුප්පත් ළමයෙක්...තාත්තත් නැති ඒ ගෙදර අම්මා තමයි සේරම කළේ....සමහර වෙලාවට ශිරාණි පාර්ට් ටයිම් ජොබ් පවා කරන්න වුණා එයාල ජීවත් වෙන්න....ඉතිං ඒක නිසා ම තමයි එයා විද්‍යාපීඨ යන්න හිත හදාගත්තෙ......"




ටික වෙලාවට කතාව නැවත්තුව නිහාරි ආන්ටි ඔහේ ඇදහැලෙන වැස්ස දිහා බලාගෙන ඉදියා....තූර්යා ෆෝන් එකේ ටයිම් බලනවා මං ඇස් කොනින් දැක්ක වුණාට මට තාම හිතා ගන්න බැරි කවුද මේ ශිරාණි කියන්නෙ කියලා....


මට ඒ එක්ක ම මතක් වුණේ ඉස්කෝලෙ කාලෙ තූර්යා ප්‍රින්සිපල් සර් ගැන කිව්ව කතාව...



" ප්‍රින්සිපල් සර්ගෙ පලවෙනි මැරේජ් එක උනේ අම්මලගෙ කීම නිසා... එයා ඊට කලින් ගෑණු කෙනෙක්ට ආදරේ කරලා තියෙනවා...ඒත් ඒ ගෑණු කෙනාට ප්‍රින්සිපල්ගෙ ජීවිතෙන් යන්න වෙලා තියෙනවා සර්ලගෙ අම්මලා රදල පරම්පරාවක උසස් කුලයක නිසා..කොහොම හරි සර්ගෙ අම්මලා දැනගෙන සර් වෙන ගෑණු ලමයෙක්ට ආදරේ කරනවා කියලා... ඒකට එයාලා කරේ ඩිනාර ආන්ටිව සර්ට බැන්දුව එක...


මේක අහපු සර්ගෙ ගෑනු ලමයාට heart attack හැදුනලු..පස්සෙ එයාව බේරගෙන තිබුණා....ඩිනාරා ආන්ටි ගැන කෙටියෙන් කිව්වොත් ආන්ටි මහ #ස ගෑණියෙක්...එයා මැරි කරාට එයා විදේශ කටයුතු ඇමති සාගර වික්‍රමරත්න එක්ක... ඒ කියන්නෙ අභිලාශ්ගෙ ඩැඩී එක්ක..."



තූර්යා කිව්ව ඒවා මනසෙ රැව් දෙද්දි මං බලාගෙන ඉදියෙ නිහඬව වැස්ස දිහා තාමත් බලාගෙන ඉන්න නිහාරි ආන්ටි දිහා...



එතකොට ඒ අහිංසක ගෑනු කෙනා ශිරාණි.....


" ඊට පස්සෙ....................." නිහාරි ආන්ටි ඉතුරු ටික කියන්න ගද්දි ම මං එයාව නැවත්තුවා....තූර්යා කිව්ව දේවල් එක්කයි ආන්ටි කිව්ව ඒවත් හොදට හිතලා මං තූර්යා කිව්ව කතාව එහෙමම කියලා දැම්මා......



" හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්...."



ඔව්...ඒක දිග හුස්මක්...



" ශිරාණි කියන කෙනාට මොකද්ද වුණේ..??.."


ඒ ප්‍රශ්නෙ තූර්යාගෙන්...


ඒ එක්ක ම නිහාරි ආන්ටි මගෙ දිහා බලාගෙන ඉදන් කියන්න ගත්තෙ,


"එයා තමයි මිසිස් ශිරාණ්‍යා සංසදී පෙරේරා..."



දෙයියනේ.....



" අම්මා..."



" ආන්ටි..."


තූර්යාගෙනුයි මගෙනුයි කටින් එහෙම කියවෙද්දී එක පාරටම කැෆේ එක ඉස්සරහින් කලු පැහැති ඩිෆෙන්ඩර් වර්ගයේ ජීප් රථ හතරක් නතර වුණා.....




වුණ දේවල් හිතාගන්න බැරුව මං හිටියෙ සිහියකින් නෙවෙයි....



එතකොට ඒකයි අම්මා මට නොකියන කතාව....




" ශෙත්වි අභිලාශ් එනවා...."


තූර්යා එහා පැත්තෙ ඉදන් එහෙම කියද්දි මං බලාගෙන ඉදියෙ නිහාරි ආන්ටි දිහා...



" ශෙත්වි වෙලාව ඉවරයී....."


තූර්යා කෑගහල කියද්දිත් මං හිටියෙ පියවි සිහියකින් නෙවෙයී...



" ශෙත්වී.....!!!""



ඒ එක්ක ම කැෆේ එකෙ ඩෝ එක ඕපන් කරගෙන අභිලාශ් එද්දි තූර්යා මාවත් අල්ලගෙන දිව්වෙ කැෆේ එකේ වොශෲම් සයිඩ් එකට...



" මට් බයයි තූර්ය.."



කලින් නොතිබුණු බයක් මුළු හිත ම වෙලා ගද්දී ඇද හැලෙන වැස්ස පෙරට්ත් වඩා තීව්‍ර වුණේ බලාගෙන ඉද්දිමයි....



" ඔයා අර පොඩි කවුලුවෙන් යන්න...මං හිතන්නෙ අභිලාශ් අපිව ට්‍රැක් කරලා...මං හිතුවෙ නැහැ මෙහෙම දෙයක්...."



තූර්යා වොශෲම් එකෙ තියෙන පොඩි කවුළුවක් පෙන්නලා කියද්දි මං එයා දිහා බැලුවෙ ප්‍රශ්නාර්ථ බැල්මක්...



" මං මෙ වෙලාවෙ නිහාරි ආන්ටි එක්ක ඉන්න ඕන..."



"ඇයි අභිලාශ් මගෙන් මෙහෙම පළි ගන්නෙ...???"


මං අඩන්න වගේ එහෙම අහද්දි අපිට පිටිපස්සෙන් අහුණෙ බලාපොරොත්තු නොවන කටහඩක්...



" මොකද මට නොලැබුණ දේවල් ඌට ලැබෙන නිසා..."



ඒ එක්ක ම...........................


_________________


කවුද ඌ...???


ලමයී ඔයාට තේරෙන්නෙ නැති කොටස් තියේ නම් comment එකක් හෝ මට ib හරි ඒ ගැන දාල තියන්න....



Report Page