White Rose

White Rose

Peppermint:)


White Rose


Chapter #29


මං හිටියෙ කැෆේ එකේ...නුවර...වැවට ටිකක් මෙහායින් තියෙන රොබරෝසියා ගහට මෙහාපැත්තෙ තියෙන කැෆේ එක... ඝන කලු වලාකුළු වලින් පිරිලා තියෙන අහස නුවර අහස යට ඉන්න මිනිස්සුන්ට මහ ලොකු දෙයක් නොවුනට මං කැෆේ එකේ වීදුරුවට එළියෙන් පේන පරිසරේ දිහා බලාගෙන හිටියෙ කැෆේ එකේ හිටිය සේවකයෙක් ගේනාව හොට් කොෆී එකත් තොල ගාන ගමන් ම... 



" මට හිතාගන්න බැරි දූ එක පාරටම ඔයා මාව හම්බුවෙන්න තියෙන උවමනාව මොකද්ද කියලා..."


වයසින් මුහුකුරා ගිහින් තිබුණත් ඇගේ තාරුණ්‍යයේ තිබුණ ප්‍රියමනාප ස්වභාවය තවම ගිහින් නම් තිබුණෙ නෑ....


ඒ කොහොම උනත් මගේ හිතේ තිබුණ නොසන්සුන්කම තව වැඩි වුණේ තූර්යා තවමත් පරක්කු නිසා...ඇරත් ඇයත් එක්ක මට එතරම් හිනා වෙලා කතා කරන්න දෙයක් නැති නිසා ම මං සමහර විට ඉන්න ඇත්තෙ කිසිම ප්‍රියමනාප ගතියක් නැතුව වෙන්න ඇති....



ඒත් මම ඒකසැක ඇරලා තහවුරු කරගත්තෙ ඕෆ් වෙලා තිබුණ ෆෝන් එකෙන් මගෙ මූණම පෙනෙද්දී...



ඒත් එක පාරටම ෆෝන් එක වයිබ්‍රේට් වෙන්න ගත්තෙ තිරය මත " තූර්යා " ලෙස නම පෙනෙද්දී..හිතට දැණුන සතුට එක්කම මං ෆෝන් එක ආන්ස්වර් කළේ කැෆේ එකෙ වටපිට බලන ගමන්...



එන්ට්‍රෑස් එකේ කලු පාට ඩෙනිමට සුදු පැහැති ක්‍රොප්ටොප් එකක් තූර්යා ඇදගෙන ඉදියා... කොහොමින් කොහොම හරි තූර්යා මාව දැකලා අපි වාඩි වෙලා ඉදිය සයිඩ් එකට ආවෙ එතරම් හොදින් නෙවෙයි...



ඔව්..කොහොම ද හොදක් වෙන්නෙ....මෙ තරම් භයානක තීරණයක් ගද්දී....



එක පාරටම එයා excuse වත් නොකර මගෙ ශීට් එකට එහා පැත්තෙ තිබුණ ශීට් එකෙන් එයා වාඩිවෙලා මට පෙන්නුවෙ missed call වගයක්...



Abhilash Missed call 106.."



කියලා තිරය පෙනෙද්දි බයටම මගෙ කටෙන් කෙල පිඩක් ගිලෙද්දි...



" ම්..මොනාද උනේ..."


වෙවුල වෙවුල මං තූර්යාගෙන් ඇහුවෙ තූර්යා මං දිහා රවලා බලද්දි...



" මට මෙතන වෙන දේ පැහැදිලි කරොත් හොදයි නේද..."


උගුර පාදලා එයා කතා කරන්න ගත්තා...


මං මොකුත්ම නොකියා බෑග් එකෙන් ගත්ත ඩයරි එක ටේබල් එක උඩින් තිව්වෙ නිහාරි ආන්ටිගෙ මුහුණ දිහා බලන ගමන්...


ඔව්...ඒ වෙන කවුරුවත් නෙවෙයි...නිහාරි..!!!



මේඝව්ගෙ අම්මා...මගෙ ඉස්කෝලෙ ප්‍රින්සිපල් සර්ගෙ වයිෆ්.. එහෙම නැත්තං සාගර ඇමතිගෙ පළවෙනි බිරිද...



මං බලාගෙන හිටියෙ නිහාරිගෙ මුහුණෙ තියෙන ඉරියව් වෙනස් වෙන විදිහ....හැගීම් විරහිත ඒ මුහුණෙන් කිසිම සජීවි බවක් නොපෙනෙද්දි මං තූර්යා දිහා බැලුවා...



" මට මේක හම්බුණා...මට මොකුත් දැනගන්න ඕන ආ ආන්ටි...කොහොම ද මගෙ අම්මා ඔයාලව අදුරන්නෙ...?? මට ඒක පැහැදිලි කරනවද...???"


මං තදින් ඒ ටික කිව්වෙ හිතේ ඇති වෙලා තියෙන නොසන්සුන්කම නිසාමයි...



ඒත් එයා කරේ මගෙ ගාව තිබිණ ඩයරිය වගේ ම පොතක් ටේබල් එක උඩින් තිව්ව එක... ඒ එක්ක ම එයා දාගෙන ඉදිය මාලෙ ගලවල එකෙ තිබුණ පෙන්ඩන්ට් එක අතට ගත්ත....



දෙයියනේ....



මට ඉබේම අත ගියේ මගෙ මාලෙ පෙන්ඩන්ට් එකටම...



කොහොම ද එහෙම දෙයක් වෙන්නෙ.... එක ම පෙන්ඩන්ට් එක... 



නිහාරි ආන්ටි මගෙ පෙන්ඩන්ට් එක බලාගෙන ඉදියෙ " ඒක ගලවන්න " කියලා හිසෙන් කියන ගමන්... මාලෙ ගලවලා මං එයාගෙ අතට දුන්නා...



" ඒ දෙකම සමානයි.. මට හිතාගන්න බැරි කොහොම ද ඔයා ලගට ආවෙ කියලා...මොකද මං මේක අභිලාශ්ට දීලා තිබුණෙ...එයා මොනා හරි කිව්වද මේ ගැන..."



මං හීනෙන් වගේ ඒක අහගෙන හිටියෙ...ඒත් අභිලාශ් මට මාලයක් තියා අඩුම මේ ඩයරිය සම්බන්ධ මොකුත් කියලා තිබුණෙ නැති නිසා මං ඔලුව දෙපැත්තට වැනුවා..



" හ්ම්...මං දන්නව මේ වගේ දවසක් එන බව..."


බර සුසුමක් හෙළන ගමන් ම නිහාරි ආන්ටි ලොකූ දෙයක් කල්පනා කරන්න ගත්තා...



" ඒක උනේ මෙහෙමයි...............................




ශිරාණි....ඔව්...මගේ හොදම යාලුවා....පොඩි කාලෙ ඉදන් ම....අපි යාලුවොන්ටත් වඩා සහෝදරියො වගේ.....එකටමයි අපි හිටියෙ... කෑවෙ බිව්වෙ...දුක සතුට බෙදා ගත්තෙ..... 



මේ දේවල් උනේ අපි ඒලෙවල් වල ඉන්න කොට... 



වික්‍රම්....වික්‍රම් සේනක...



මං බලාගෙන ඉද්දි ම ඒ ඇස් දිලිසෙන්න ගත්තෙ මේ ලෝකෙ ලස්සන ම නමක් එයා කියනවා වගේ....


" ක්ලාස් එකෙ ටැලන්ටඩ් ම කොල්ලා....ඒ වගේම ස්කෝලෙ වගේ ම පන්තිවල හැම කෙල්ලෙක්ගෙම ක්‍රශ් එක....ඒ තද කලු පාට ඇස් වල තියෙන ශාර්ප් බව නිසා ම වික්‍රම්ගෙ ලස්සන තව වැඩි උනා....


වික්‍රම්.අපේ ඉස්කෝලෙට ආවෙ ඒලෙවල් වලට........ 



__________________


හමුවෙමූ...සුභ අලුත් අවුරුද්දක් වේවා ඔයාලා හැමෝටම..

Report Page