White Rose
Peppermint:)
White Rose
Chapter #28
කාලෙ ගියේ හීයක වේගෙන් වගේ...ඒ කාලෙ ඇතුළත සිද්ද වෙච්ච දේකුත් නැති තරම්..කොහොම උනත් අම්මලාට දැනගන්න ලැබිලා මට උන දේ..ඒත් එයාල මාව හොයාගෙන නම් ආවෙ නැහැ....
ලා.අදුර එක්ක තියෙන මූසල පරිසරේ දිහා මං බලාගෙන හිටියෙ මට හම්බුණ ඩයරිය ගැන හිත හිත... ඒක අරින්න මොන දේ කරත් ඒකට ගැලපෙන යතුරක් මට තාම හොයාගන්න බැරි උනා...පොත හොයාගත්ත කාමරේත් එදා සිද්ධියෙන් පස්සෙ ලොක් කරලා තියෙන නිසා ඒ කාමරේට කාටවත් යන්න බැරි උනා...
ටික වෙලාවක් බැල්කනි එක ගාව ඉදලා මං පහළ ත්ට්ටුවට ගියේ වෙන කරන්න දෙයක් නැති කමටමයි...කොහොම උනත් මට මෙහෙන් පැනගන්න තියෙන අවශ්‍යතාවය නම් වැඩියි දැන්..
ඒකට එක හේතුවක් කියලා නෑ...මේ මූසල ගෙදර ඉන්නවට වඩා හොදයි පාරෙ මැරිලා යනව නම්...කාත් එක්කවත් කතා කරන්න නෑ...සර්වන්ට්ල කියලා ජාතියක් හිටියට මට එක වෙලාවකට සැක හිතෙනව උන් රොබෝලද කියලවත්...කිසිම හැගීමක් දැනීමක් නැහැ...
ලිවින් ඒරියා එකට ගිහින් එතන වට දෙක තුනක් ඇවිදලා මං ඔලුව හැරෙන හැරෙන පැත්තට ගිහින් කිචන් එකක් කියලා කියන්න පුළුවන් ඒරියා එකකට මං ආවා...එතන දොරක් ඇරල..මං ශේප් එකේ දොරෙන් එලියට බැහල බැලුවෙ මොන වගේ පරිසරයක්ද කියලා බලන ගමන්... එහෙමෙයි කියලා ලොකු දේකුත් නෑ...කොන්ක්‍රීට් සාගරයක්..
වෙන දේකුත් කරන්න නැති නිසා මං ආයෙම මං ඉන්න කාමරේට ඇවිත් වොශෲම් එකට ගිහින් මූණ හේදුවා...
සින්ක් එකට පහත් වෙද්දිම බෙල්ලෙ තිබුණ මාලෙ පෙන්ඩන්ට් එක හැලුණෙ සින්ක් එකට... මේක නම් පුදුම කරදරයක්...කොහොම උනත් මං ඒ මාලෙට කැමතී...ඒකෙ පෙන්ඩන්ට් එක ගෝල් කලර් කී එකක්....මට ඒක හම්බුණෙ ස්කූල් ගාර්ඩ්න් එකේ තිබිලා...මතක ද අර වයිට් රෝස් මල් තිබුණ ගාර්ඩ්න් එක....අන්න එතනින්
මං මාලෙත් අරගෙන රූම් එකට ඇවිත් ඩයරිය ආයෙම ළගට ගත්තෙ කොහොම හරි ඕපන් කරගන්න පුළුවන් වෙයි කියලා හිත හිත..
ඒත් එකපාරටම මට මතක් උනේ මගෙ මාලෙ පෙන්ඩන්ට් එක...ඒකත් යතුරක්...එතකොට මේ පොතටත් ඕන ඒ හා සමාන් යතුරක්....අහ්...ඒක හරි යයිද....
මං පෙන්ඩන්ට් එක අරගෙන ඩයරියෙ කී එකට දාන්න හැදුවත් ආයෙම අරගත්තෙ පෙන්ඩන්ට් එක කැඩෙයි කියලා බයට...ඒත් ඒක හරිගියොත් එහෙම.....
ටික වෙලාවක් හිතලා මං තීරණෙකට ආවෙ මේ කී එකෙන් ඩයරිය අරින්න කියලා හිතාගෙන..
කී එක අතට අරගෙන හෙමීට ඩයරියේ ලොක් එක ඇතුළට දැම්මෙ මං ටිකක් බයෙන්....ඒත් හිතාගන්නවත් බැරි විදිහට ඩයරිය ඇරුණෙ මං හොදට ම බය වෙලා බලන් ඉද්දී....

____________
අනේ මන්දා...මටත් හිතාගන්න බෑ මොනා වෙනවද කියලා....මට ඔයාල.පව් කියලා හිතුණා දුන්නෙ නැති නිසා.. ඒක නිසා චූටි එකක් ගෙනාවා.....ඉක්මනින් ම ගේන්නම් ඉතුරු chapters ටිකත් type කරලා....