White Rose
Peppermint:)
White Rose
Chapter #27
" ශෙත්වි කෝ.........."
දොරත් දඩාස් ගාල වහගෙන මට ඇහුණා එයා කාමරෙන් ගියා.... ඒ වගේම තව කාමරේක දොරක් ඇරෙනවත් මට ඇහුණා...ඔව් .ඒක මගෙ වෙන්නැති... දැන් බෙරිහන් දෙයි..
" ක්රිශා ශෙත්වි කෝ යකෝ..."
ගිරිය කඩාගෙන වගේ අභිලාශ් කෑගහන සද්දෙ මට ඇහෙද්දි මං ඩයරියත් තුරුලු කරගෙන හිටියෙ බයටම මං ගැහෙද්දි...
ඇරපු කාමරේ මන්දා දඩාස් ගාල දොරත් වැහුණා මට ඇහුණා.. එයා පහල තට්ටුවට යනවද කොහෙද...
මං ඉක්මනින් ඇද පල්ලෙන් නැගිටලා දුවගෙන ගියේ මගෙ කාමරේට...හෙමීට දොරත් ලොක් කරගෙන ඩයරිය කොට්ට අස්සෙ හංගලා බාත්රොබ් එකත් අරගෙන කාමරේට ඇටෑක් වෙන්න හදපු බාතෲම් එකට ගියේ නැත්තං අභිලාශ්ට කියන්න නිදහසට කරුණු නැති නිසා වගේම ඇද පල්ලෙ තිබුණ දූවිලි නිසයි...
" එයා සමහර විට මාව පහල හොයනව ඇති..නැත්තං හිතයි මං පැනල ගිහින් කියල.." කට කොනින් ආව හිනාවත් එක්ක ගවුමක් ඇදලා මං ඇදට පැන්නා...
ඩයරියට මොකද්ද කරන්නේ....???? ම්ම්ම්...ඒක කබඩ් එකෙන් තිවුවො...............
" ශෙත්වී..."
ගන් එකකුත් අරගෙන අභිලාශ් කාමරේට ආවෙ මරණ බය මගේ හිත තත්පරේකින් වෙලා ගද්දී.. මං ඉවරයි..
" උඹ...උඹ..කොහෙද යකෝ ගියේ..."
බයට ම මගෙ ඇස් වල කදුළු පිරෙද්දි මං හෙමීට බැලුවෙ අතේ තියෙන පිස්ටල් එක දිහා...නැහැ...ඒක තාම ලෝඩ් කරලා නෑ..
බයට ම ඇද කොනට හෙමින් යද්දි මං දැක්කෙ අභිලාශ් කොටියෙක් වගේ ඉව කරනව...
" උබ කොහෙද ගියෙ..??"
කවදාවත් නැතුව තියුණු විදිහට අවදාරණෙන් මගෙන් අහද්දි බයට ම හිත ගැහුණා...නෑ එයාට හිතාගන්න බෑ මං කොහෙද ගියේ කියලා..
අමාරුවෙන් කෙළ පිඩක් ගිලින ගමන් මං එයා දිහා නොබල කිව්වෙ,
" මං වොශ්..රූම් ගියා.."
මොකක් උනත් ඒ ඇස් දිහා බැලුවෙ නැත්තෙ මං කියන දේ මාට්ටු උනොත් හිද දෙයක් වෙන්නැ කියලා මං දන්න නිසා...
" මොකද උඹ මගෙ දිහා බලන්නෙ නැත්තෙ.."
එක පාරටම එයා මං ගාවට ඇවිත් කට දෙපැත්තෙන් අල්ල එයා දිහාට හැරෙව්වා..
" දැන් කියපන්..කොහෙද..ගියේ...?" ඒ ඇස් මගෙ ඇස් දිහාම බලන් ඉන්නව මට පේනවා...බයටම මගෙ කට ඇරගන්නවත් පණ නෑ...
" වො...වොශ්..රූම්.."
" මොකද උඹ ගොත ගහන්නෙ...ඇයි ගොලු වෙන්න එනවද.."
ඒ තියුණු ඇස් තාම මං දිහා තියෙද්දි මං ඇස් කොනින් දැක්කෙ ඩයරියෙ පොඩ්ඩක් කොට්ටෙන් එලියට ඇවිත් තියෙනවා...
ගැස්සුණ වේගෙට මං අභිලාශ්වත් තල්ලු කරගෙන කොට්ටෙ ගාවට ඇවිත් පොත පේන්නැති වෙන්න එතනින් වාඩි වුණෙ කිසිම වෙනසක් නොපෙන්නලා...
අත් දෙකත් බැදගෙන ඇස් හීනි කරගෙන මං දිහා බලන් ඉන්නවා...එයාට සැක හිතෙන්න ඇතී... මං මගෙ හිතටම කියනවා... ඒ එක්කම ඒ ඇස් ගියේ පිළුනු වෙලා තියෙන බත් එකට...
එතනට ගියපු එයා බත් එක අතට අරගෙන මගෙ දිහයි බත් එක දිහයි බලනවා...මට ඒ එක්කම මතක් උනේ මීට දවස් දෙකකට කලින් බත් එක පොලවෙ ගහලා කම්මුල් පාරක් කෑව හැටි...
පිගානත් අරගෙන මං ගාවට අඩියට දෙකට ආව වේගෙට මං ඇස් වහගත්තෙ ආයෙම කලුන් වගේ පාරක් කන්න හිතා ගෙන...
ඒත්...
" ඊයාහ්හ්හ්..."
මං කෑගහගෙන බෙරිහන් දුන්නෙ අභිලාශ් ඒ බත් එක මගෙ මූණෙ ඉලුව නිසා...
මුලු මූණෙම පිළුණු වෙච්ච බත් ඇලිලා තියෙද්දි හිතක් පපුවක් නැතුව එයා කාමරෙන් යන්න ගියේ මං ඔහේ බලාගෙන ඉද්දී
_____________
කොහොම ද ඔයාලට..සමහර අයගෙ කලින් chapter එකට ගෙස් කරපු දේවල් ගොඩාක් දුරට හරි...මං කිව්වෙ ඩයරිය ගැන..කොහොම උනත් ස්තූතියි comment වලට