White Rose

White Rose

Peppermint:)

White Rose


Chapter #26


                  • • •


" තව ටිකක් තියෙනව මැඩම්..."



" එප්..පා මට ඇති..............



නෑ නෑ...කමන් නෑ..."


බඩ හොදට ම පිරිල තියෙද්දි මං ඇති කියන්න හැදුවත් ආයෙම ශේප් වෙලා මං හා කිව්වෙ අභිලාශ් මං දිහා බලන් ඉද්දී...



මාත් දෙන කටවල් ඔහේ කෑවෙ මට ආයෙම අත් පාරක් කම්මුලේ හිටවගන්න ඕන නැති නිසා.. සේරම කෑවත් අන්තිම කට කන්න බැරුව මං කදුළු පිරිච්ච ඇස් දෙකෙන් අර සර්වන්ට් දිහා බලන් ඉද්දි එයා කෙලින් ම ඇස් අරන් ගියේ අභිලාශ් දිහාවට... ඇස් දෙකෙන් මොනාද කිව්ව එයා කාමරෙන් ගියා...



අන්තිමට සර්වන්ට් මොනාද ක්‍රීම් ටැබ්ලට් එකක් මගෙ කම්මුලේ ගාල ගියා..



                  • • •



හ්ම්ම්ම්...දවස් දෙකක් එකම ඇදේ...එකම කාමරේක... ඒ තරන් කාලෙ හෙමින් යනවා කියලා මං දැනගත්තේ ඒ දවස් ටිකේ...හිතන්න කිසිම එළියක් හරියට වැදෙන්නෙ නැතුව එකම කාමරේක ඇදකට වෙලා ඉන්න තිබුණොත් දැනෙන හැගීම...



මිරර් ටේබල් එක ගාව තියෙන ෆෝන් එක ගත්තත් ආයෙ තිව්වෙ කිසිම වැඩක් නැති නිසා...දාපු පැකේජ් සේරම ඉවර වෙලා...ඒ මදිවට ෆෝන් එක බැට්‍රි බැහැලා දවස් ගානකින් චාර්ජ් කරල නෑ...



මනුස්සයෙක් කියලා කෙනෙක් මං මේ දවස් කීපෙට දැක්කෙ නැති තරම්ම...කවුදෝ මනුස්සයෙක් කෑම එක දීලා යනවා...එච්චරයි...සමහර දවසට දකින්නෙම නෑ...මොකද කෑම එක තියල යන්නෙ මං නිදා ගත්ත වෙලාවට... මාත් හිතුණොත් කනව...නැත්තං නිදි...අභිලාශ් මේ දවස් ටිකේ ආවෙ නෑ...මං එහෙම තමයි හිතාගෙන ඉන්නෙ... සමහර විට එයා එන්නත් ඇති...ඒත් මං දන්නෙ නෑ...



10 a.m.


ඊයෙ රෑ ගෙනාව මං නොකෑව බත් පිලුනු වෙලා කියලා මට තේරුනා... මං ඇත්තටම දුශ්ට නපුරු කෙනෙක් වෙලාද කියලා මට අනන්තවත් හිතිලා තියෙනවා...දවසට කොච්චර එක වේලක් කාගන්න බැරුව මිනිස්සු විදවනව ද... මැරෙනව ද...මට ලැබිලත් මං ඒ දේ අරගන්නෙ නෑ....මුරණ්ඩුකමක්...? අනේ මන්දා...



බත් එක දිහා නිකන් බලන් ඉදපු මං නැගිට්ටෙ පහලට යන්න...මේක මට ඊයෙ හවස ඉදන් හිතන් ඉදපු දෙයක්... එහෙම අරමුනක් නෑ...මට ඕන ටිකක් වෙනසක් දැනෙන්න.... ඒ වගේම මට ඕන ඇත්තටම අභිලාශ් කවුද කියලා.. පොඩි කාලෙ ඉදිය අභිලාශ්ට මොනාද උනේ කියලා දැනගන්න....



උඩ තට්ටුවෙ ලිවින් එකයි තව කාමර පහක් ද කොහෙද තියෙනවා මට පේනවා...බංගලාවක් වගේද මන්දා...කොහොම උනත් මේකට ගෙයක් කියන්න අමාරුයි...ලස්සනට හදලා...හහ්හ්හ්...මිනිස්සුන්ගෙන් හූරගෙන කාපු සල්ලිනෙ...ශික්..



එකේකේව හිත හිත මං ගියේ උඩ තට්ටුවෙ ලිවින් ඒරියා එකට...ම්ම්ම්හ්හ්හ්..කිසිම මිනිස් පුලුටක් නෑ....මුලු ගෙදරටම ඇහෙන්නෙ මගෙ අඩි හඩ...කකුලෙ තිබුණ දෙක ගලවලා මං වටපිට බැලුවා...



නිදහසක්...ඔව් නිදහසක්ක්..... මට සතුටක් ආවා...මං උඩ පැන්නා....අත් දෙක විහිදගෙන මං කැරකුණා....හැමතැනම දිව්වා..හහ්හ්...ඇත්තටම ඒක හරි ලස්සන හැගීමක්..මට දැණුනෙ කූඩුවෙන් එළියට ආව කුරුල්ලෙක් ජීවිතෙ විදින්න ගත්තා වගේ හැගීමක්...



ඒත් එකපාරටම ඇහුණ මොකද්ද කුඩු වෙන සද්දයක් නිසා මං බය වෙලා වටපිට බැලුවෙ මොකද්ද උනේ කියලා හියන ගමන්...ඒක ඇහුණේ කාමරේකින්...ඒත් මට හිතාගන්න බැරි උනා ඒ කොහෙද කියලා...



මගේ ඉස්සරහින් තියෙන කාමරේ දිහා මං හොදට බලාගෙන හිටියෙ හිතට දැණුන අමුත්තකට නිසා...


                  • • • 



මොකද්ද මේ පොත... ඩයරියක් ද...මන්දා.. ඒත් මං ඒක කොච්චර අරින්න ට්‍රයි කරත් චූටි යතුරු සිදුරක් තියෙනවා කියලා මං දැක්කෙ පස්සෙ... 



මං ඉන්නෙ කාගෙද කියලා හිතාගන්න බැරි කාමරේක...අමුතු පරණ සුවදත් එක්ක එකට මුහු වෙලා තියෙන පොත්වල සුවද මගේ පපුවෙ ගැඹුරින් ම තැන්පත් වෙලා තිබුණේ... හැමතැනම සුදු හුණු වලින් ලස්සනට තැනූ ගෘහයේ එක කාමරේක මෙහෙම ඕක් ලීයෙන් තනපු අමුතු කාමරයක් තියේවි කියලා මං කොහොමවත් ම හිතුවෙ නෑ.... 



මං ලිවින් ඒරියා එකේ ඉද්දි මට ඇහුණ සද්දෙ ඇවිත් තිබුණෙ මං අනුමාන කරපු මේ කාමරෙන්මයි...හේතුව නිල් පාට බෝතලේක තිබුණ දියරයක් බිම තිබුණ නිසා...ඒත් කොහොම ද ඒක බිම වැටුණෙ කියන්න මට තාමත් හිතාගන්න බෑ...



මං ආයෙම මගෙ ඇස් ගෙනිච්චෙ පොතට...එහෙම නැත්තං මට හිතෙන විදිහට ඩයරියකට වෙන්නත් පුළුවන්..අනුන්ගේ ඩයරියක් කියවන්න හිද ම නෑ තමයී....ඒත් මට මේක කියවන්න ඕන...ප්‍රධන ම හේතුව මට ඇත්තටම කම්මැලියි මෙහෙම එක තැනකට වෙලා ඉන්න...ඒ වගේම දෙවෙනි හේතුව ඇයි මේ ඩයරිය ලොක් කරලා තියෙන්නෙ කියලා දැනගන්න ඕන..



කොහොම උනත් මේ පුංචි යතුරු සිදුරෙන් පොත ඇරගන්න ඕන...ම්ම්ම්හ්හ්...හැම යතුරම එක වගේ නෑනෙ..මේකට ම ආවේණික වෙච්ච යතුරක් මේ කොහේ හරි ඇති...එහෙම හිතල මං හැමතැනම කිසිම සැකයක් නොහිතන විදිහට කාමරේ හොයලා බැලුවත් මට හම්බුණ කිසි යතුරක් නෑ...



හුහ්හ්හ්...මං වාඩි උනා...ඒ කාමරේ ම තිබුණ පොඩි ලී පුටුවක...මට හිතාගන්න බෑ ඇයි මේ වගේ කාමරයක් මෙහේ තියෙන්නෙ කියලා...හරිම අත්භූතයි...අනික මේ කාමරේ එළිය වෙලා තියෙන්නෙ කහ පාට වීදුර බල්බ් වලිනුයි පොඩි ඉටිපන්දමකිනුයි...ඉටි පන්දම ඉස්සහ ජේසුස් වහන්සේගෙ පින්තූරයක් තියෙනවා....



පොඩ්ඩක් ඉන්න...මේ ඉටිපන්දම පත්තු වෙනවා...ඒ කියන්නෙ මෙතන කවුරු හරි ඉදල තියෙනවා....එයා ක්‍රිස්තියානි ආගම ගැන හොදට දන්නවා...මට හිතෙන විදිහට..............



" ටොක් ටොක් ටොක්........."


මට අහුණෙ සපත්තු හඩක්...ඔව්...ඒක එන්නෙ මේ දිහාට...දෙයියනේ මොනාද කරන්නෙ....


මොකුත් ම නොහිතපු මං ඩයරියත් අරගෙන කාමරේ ඇද පල්ලට රිංගා ගත්තේ වෙන කරන්න දෙයක් හිතාගන්න බැරුව..



ඔෆිස් ශූස් දෙකක් මගෙ ඉස්සරහා පේනවා...ඒ අභිලාශ්...ම්ම්..දෙයියනේ මොනාද මං කරන්නෙ...කාමරේට යන්නත් ඕන..මං යන්න කලින් මෙයා ගියොත්.... නෑ නෑ...ඒක නම් වෙන්න එපා...


කාමරේ දිහා වටපිට බලන්න ඇති එයා..මොකද්ද එයාගෙ ශූස් ද කැරකෙන විදිහට ඒක තමයි කරන්න ඇත්තෙ...ඒ එක්ක ම එයා ගියේ ඩයරිය තිබුණ ටේබල් එක ගාවට... දෙයියනේ නෑ නෑ....ඒක නෑ කියලා නම් පේන්න එ...............,



" ක්‍රිශා..................."



හරී...ඉවරයි....දැක්ක...මං ඉවරයි...ඉවරෙටම ඉවරයි... මං ප්‍රාර්ථනා කරපු එක ඉවර වෙන්නත් කලින් ම සර්වන්ට් කෙනෙක්ට කෑගහන ගමන් අභිලාශ් මහ හයියනෙ බැන බැන කාමරේ දොර වහගෙන ගියා....



ඒත් වහන්න කලින් මට ඇහුණ වාක්‍ය නිසා මට දැණුනෙ මං ඉවරෙටම ඉවරයි වගේ,



" ශෙත්වි කෝ.........."

The diary look like this one



________________

මොනාද හිතෙන්නෙ..කතාවෙ කලින් රසය තාමත් තියෙනවා නේද...ඒ උනාට දැන් යන්න මේක වෙනස් ම පැත්තකට...ඒ වගේම තව chapter 10කින් කතාව ඉවර වෙයී...ඒත් මට ඉවර කරන්න හිතෙන්නෙ නෑනෙ....



ඊයෙ දෙන්න බැරි උනා....ඇත්තටම සමාවෙන්න ඒකට..specially තනුරි & කල්හාරි... ඔයාලා දෙන්නම ඉල්ලල ම තිබුණා.. 


ඊයෙ දෙන්න බැරි උන ලොකුම හේතුව අපි ඊයෙ කතරගම ගියා...අර මගෙ හෑල්ල ලිව්වෙ එන ගමන්...ගෙදර එද්දි 11යි ගානක්...කොහොම හරි දෙනවා කියලා හිතන් ඉදපු එක දෙන්න බැරු උනේ ෆෝන් එක ඕෆ් උනා...අර හෑල්ල ලිව්ව වෙලේ ඒක ලිව්ව නම් කියලට් හිතුණා... සොරි ආ...



හමුවෙමූ...!!

ආ ඔයාලා මගෙ හෑලි කියවන්න ආස නම් profile එකෙ තියෙන channel එකට add වෙන්න...හැබැයි active අය.. react එකක් දාන්න පුළුවන් 

Report Page