White Arrow

White Arrow

meixue


Code: 002340



නැගෙනහිර දෙසට වන්නට පිහිටා තිබුණු ගාඩ්න් එකට මුහුනලා ඇති "ඉදුසැව්" ලෙස සදහන් නවීන පන්නයේ නිවසේ දෙවන තට්ටුවේ තිබුණු එක් කාමරයක සිමෙන්ති බිත්තියක් වෙනුවට හිස් තැන් පිරවූ ඝන වීදුරුව අතික්‍රමණය කරමින් පැමිණි සූර්‍යයාගේ උදෑසන හිරු රැස් ,වීදුරුවෙන් පෙනෙන සජීවි සිතුවම වසාලීමට දුබල උත්සහයක් දරමින් සුදු දුහුල් තිර රෙද්දට ඔච්චම් කරමින් අසල තිබුනු යහන මතට පතිත වුවත් එහි වැතිර සිටි ,පොරෝනයෙන් අඩක් වැසීම නිසා පැහැදිලිව නොපෙනුණ උවනේ හිමිකාරියට නම් ඒවගක් ගානක් නොවුණේ දකුණු පස සුදු තීන්තෙන් හැඩවුණු බිත්තියේ මදක් උඩින් එල්ලී සිටී ඔරලෝසු මුහුණතේ විනාඩි කටුව උදෑසන 10 පසුවී විනාඩි පහළවක් ගෙවී ඇති බව සටහන් කිරීමට උත්සහ කරමින් සිටියදීය.


කොහොමින් හරි දුහුල් රෙද්දෙන් පෙරී එන හිරු එළියට සාධාරණයක් ඉටු කරන්න ඉදිරිපත් වුනේ ඇද අසල වූ පොඩි මේසය මත තිබුණු ,කලු පැහැති ආරක්ෂිත ආවරණය නිසා සන්නාම නාමය නොපෙනී ගිය ජංගම දුරකථන යයි.ජංගම දුරකථනයේ හඩ නිසා පොරෝනය යටින් ලිස්සා පැමිනි සියුමැලි අතක් එය වෙත දිගු වූයේ මෙතෙක් වෙලා අඩක් වැසී තිබුණු ඇගේ මුහුන සම්පූර්ණයෙන් ම නිරාවරණය කරමිනි.


මෙතෙක් වෙලා කාමරයේ පැවති සන්සුන් බව බිද හෙලීමට සමත් වූ දුරකථනයෙන් විහිදුනූ සංගීතය ,සම්පූර්ණ වායුගෝලයම එක් රිද්මයක් තුලට ඇද දැමුවත් පැය ගණනකට පසුව දුරකථනයේ සිසිල් තිරය මතට ලැබුනු පළමු ස්ඵර්ශය නිසා නිහඩ වන්නට තීරණය කළේය .එයින් ඇතිවුණ නිහඩ බවින් කාමරය ගිලීයන්නට තත්පර දශමයක් වත් ඉඩ නොදෙමින දුරකථනයේ එහා පසින් කලකිරීමත්,කෝපයත් එකට මුසු වුන හඩක් ඇසෙන්නට විය.


"විශ්ලි.... අද එන්නැද්ද?ඔයා තාම නිදි කියලා නම් කියන්න එපා."ඒ හඩින් මදක් ඔළුව උස්සපු විශ්ලි තිරය දෙස ඕනෑකමින් බලමින් කතා කරන්නට විය .


"ඒ පාර මොකක්ද? අද ඉරිදනේ...."


"මං දිශුට මුලින්ම කීවා මේක ඔයත් එක්ක කරන්න බෑ කියලා.කොහෙද ඇහුවෙ නැනේ.ඇයි ඊයේ මං ඔයාට කීවෙ මිස්ටර් විජේසිංහ ගේ සමාගමේ වැඩේ කරන්න තියෙනවා කියලා"


"ඉතින් මම මොකටද එන්නෙ වෙනදට ඔයලා වැඩ ටික තනියම කරනවනෙ"


"අද පොඩි කේස් එකක් වුනා .පස්සෙ කියන්නම් විනඩි 10 කින් එන්න කැෆේ එක ලගට"කියමින් ඔහු ඇමතුම විසන්දි කරද්දි විශ්ලී දුරකථනයට රවමින් ඇදෙන් නැගිට්ටාය.


විශ්ලි කෙයාරා ආයුලී නානායක්කාර ,වයස අවුරුදු 24 වුන නානායක්කාර පවුලේ බාලම සාමාජිකාව වූ මදක් දගකාර ගති පැවතුම් තිබුණට ඇය මේ වන විට නම ගිය ආයතනයක ඩිසයිනර් කෙනෙක් විදිහට වැඩ කළා ය .


කලුපාට දිග කලිසම කට ක්‍රීම් පාට ක්‍රොප්-ටොප් එකක් ඇදන් හිටිය විශ්ලි හදිස්සියෙන් කලුපාට එකේ රත්තරන් පාට ඉරි ගියපු පිගන් ගඩොල් අල්ලපු පඩි පෙලේ පහලට බහිද්දි විශ්ලිගෙ අම්මා සෙනාලි ආලින්දයේ සෝෆාවෙ ඉදන් හිටියේ රූපවාහිනියේ විකාශනය වන වැඩසටහනක් බලමිනි.


පොළව මට්ටමට උස ජනෙල් විවෘත කර තිබූ නිසා නිවසට ඇතුලු වුන හිරු එලිය ,නිවසේ බිම පුරා පැතිරී තිබූ සුදු පිගන් ගඩොල් පෘශ්ඨවල වැදී පාරාවර්තනය වීම නිසා නවීකරණයේ ප්‍රභලත්වයෙන් පිරී තිබූ නිවස මදකට ස්වභාදහමට ලං කිරීමට දැරූ ප්‍රයන්තය සාර්ථක වී තිබු ණි. හමා යන සිසිල් සුළග නිසා ආලින්දයේ ආලෝක තීව්‍රතාවය වෙනස් කරමින් සුදු දුහුල් තිර රෙදි අවකාශයේ විවිධ රටා මවන්නට විය.


විශ්ලි ගේ නොවරදින වේගවත් අඩි හඩ සවනට වැකෙද්දි සෙනාලි තම දෑස් රූපවාහිනියෙන් මිදෙව්වේ ඒවයෙ කරුණාව මැනවින් සටහන් වෙද්දිය.නමුත් ඇගේ දෑස් එසැනින් මදක් විශාල වී කනස්සල්ලෙන් පිරුනේ විශ්ලිගෙ සිහින් රූපය ඇය ඉදිරියේ නතර වන විටය .


"චූටි,ඇහැරුන ගමන් කොහෙද ඔය යන්නෙ?"


"අහ්..මේ කෙවින් කතා කලා මොකක්ද වැඩක් කියලා.හදිස්සිලු"


"එතකොට උදේට කන්නෙ වත් නැතුවද ඔය යන්න හදන්නෙ"


"නෑ අම්මා, කැෆේ එක ලගටනෙ යන්නෙ මොනවා හරි කන්නම්."


"එහෙනම් කිරි එකවත් බීලා යන්න මම හදලා ෆ්‍රිජ් එකට දැම්මා"


"එහෙමද,ඒත් අම්මා දැන් හදිස්සියි.අනික මම ඉක්මනට එනවා හරිද.ඒක නෙවෙයි කෝ පොඩී?,ලොකූනම් යන්න ඇතිනේ"විශ්ලි ඇහුවේ සෙනාලිගේ දෙපා වැද ප්‍රධාන දොර දෙසට ගමන් කරමිනි.


"පොඩී මේ දැන් එලියට ගියා .කාර් එකේද යන්නෙ ?,"විශ්ලි පිටුපසින් ගමන් කරමින් සිටියදී සෙනාලි ඇසූවාය.


"නෑ අම්මා ,දැන් එලවන්න බෑ . ටැක්සි එකක් දැම්මා.එහෙනම් මම යනවා පොඩීට කියන්න" කියමින් විශූ නිවසේ විශාල ගේට්ටුව ඉදිරිපස නවතා තිබුනූ කැබ් රථයට ගොඩ විය.






..........................................




මම මේ කතාව කලිනුත් දැම්මා .මතකද කට්ටියට හැබැයි අයෙ එන්නෙ වෙනස් විදිහකට









Meixue 


Report Page