මොනවද මේ යෝග්යතා පරීක්ෂණ ?? Aptitude Test ??
ICT ඩිජිටල් පුස්තකාලය 🏠
මේ ලිපිය ලියන්න හිතුවේ සිසුන් බොහෝ දෙනෙක් යෝග්යතා පරීක්ෂණ ගැන පුද්ගලිකව අසා තිබුණ නිසා. යොග්යතා පරීක්ෂණ ගැන පොදුවේ ගෙන එන්න පුළුවන් කරුණු ටික මේ විදියට ලියන්න හිතුවා. ඒත් එක්කම මේ වසරේ යෝග්යතා පරීක්ෂණ පැවැත්වෙන උපාධි පාඨමාලා කිහිපයක දින වකවානු ගැනත් විස්තරයක් දෙන්න හිතුවා.
මුලින් ම බලමු මොකක්ද යෝග්යතා පරීක්ෂණයක් කියන්නේ කියලා. යෝග්යතා පරීක්ෂණ කියන්නේ යම්කිසි ක්ෂේත්රයකට පුද්ගලයෙක් ඇතුලත් වෙනකොට එම පුද්ගලයා එම ක්ෂේත්රයට ඇතුලත් වීමට යෝග්ය පුද්ගලයෙක් ද යන්න පරීක්ෂා කරන පරීක්ෂවලට. මෙමගින් කරන්නේ එම පුද්ගලයාගේ දැනුම හා හැකියාව පරීක්ෂා කරලා එම පුද්ගලයා එම ක්ෂේත්රය හැදෑරීමට සුදුසු, එම ක්ෂේත්රෙය් අඩංගු කරුණු ග්රහණය කරගැනීමට සුදුසු හා එම ක්ෂේත්රෙය් අඩංගු අභියෝගවලට මුහුණදිය හැකි කෙනෙක් ද යන වග නිර්ණය කිරීම. මෙය බොහෝ විට හමුදාවට සම්බන්ධ රැකියා සඳහා තෝරාගැනීමේ දී, විශ්වවිද්යාලවලට තෝරාගැනීමේදී මෙන් ම තවත් බොහෝ තෝරාගැනීම්වලදී දැකගන්න පුළුවන් පරීක්ෂණ වර්ගයක්.
එතකොට විශ්වවිද්යාලයක උපාධියක් හදාරන්න මේ පරීක්ෂණ මොකට ද?
ලංකාවේ විශ්වවිද්යාලවල උපාධි පාඨමාලා සැලකීමේ දී මේ පරීක්ෂණ පැවැත්වෙන්නේ, එක් විෂය ධාරාවකට වඩා විෂය ධාරා ප්රමාණයකින් සිසුන් බඳවා ගන්නා, තෝරාගත් උපාධි පාඨමාලා කිහිපයකට. ඒකට ප්රධාන ම හේතුව තමයි එම වර්ගයේ උපාධි පාඨමාලාවලට ඇතැම් සිසුන් අයැදුම් කරන්නේ එක් විෂය ධාරාවකින් පමණක් සිසුන් බඳවා ගන්නා උපාධි පාඨමාලාවලට ඇතුළත් විය නොහැකි වුණොත් විකල්පයක් ලෙස ඇතුලත් වීමට. එසේ විකල්ප ලෙස තෝරාගන්නා බොහොමයක් උපාධි පාඨමාලාවල අන්තර්ගතය ඔවුන් දන්නේ නෑ. එසේ අන්තර්ගතය නොදැන උපාධි පාඨමාලාවලට ඇතුලත් වෙලා පසුව අපහසුතාවන්ට පත්වීම වැළැක්වීම සඳහා තමයි එම වර්ගයේ උපාධි පාඨමාලාවන් සඳහා යෝග්යතා පරීක්ෂණ පවත්වන්නේ.
උදාහරණයකට උසස් පෙළ භූගෝල විද්යාව, ඉතිහාසය සහ සිංහල හදාරා ඇති ශිෂ්යයෙක් ගනිමු. ඔහු නීතිය හැදෑරීමේ අපේක්ෂාවෙන් කලා විෂය ධාරාව තෝරාගත් නිසා නීතිය සමබන්ධ කරුණු දැන සිටීමට හැකියි. නමුත් නීතිය උපාධි පාඨමාලාවට අයැදුම් කළත්, එයට ඇතුළත්වීමට ඇති තරගය සහ අපහසුතාවය මත ඔහු කොළඹ විශ්වවිද්යාලයේ තොරතුරු පද්ධති උපාධි පාඨමාලාවටත් අයැදුම් කර ඇතැයි සිතන්න. ඔහුගේ z-score ඒ සඳහා ප්රමාණවත් නිසා සහ තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයට ඔහුගේ කැමැත්තක් ඇති නිසා ඔහු එම උපාධි පාඨමාලාවට තේරී පත්වූවිට ඒ සඳහා යාමට තීරණය කළත් එහි අන්තර්ගතය නොදන්නේ නම් ඔහු මහත් අපහසුතාවයකට පත්වනු ඇත. එම උපාධි පාඨමාලාවේ ඇති ඇතැම් ගණිත / සංයුක්ත ගණිත සංකල්ප, තර්ක හා තාර්කික යෙදවුම් සංකල්ප, පරිගණක භාෂා සහ යෙදීම් ආදිය ඔහු කිසිසේත් බලාපොරොත්තු නොවූ පැතිකඩක් නම් ඔහුට උපාධිය එපා වී අත්හැරීමට පුළුවන. එසේ වීම වැළැක්වීම හෝ අවම කිරීම සඳහා එම උපාධි පාඨමාලාවට යෝග්යතා පරීක්ෂණයක් තබා ඒ හරහා සිසුන් බඳවා ගැනීම සිදු කරයි. එම පරීක්ෂණය සමත්වන සිසුන් ඉහත කී කරුණු අවබෝධ කර ගැනීමට හැකි සිසුන් ලෙස උපකල්පනය කරයි.
එතකොට මොනවද යෝග්යතා පරීක්ෂණවලදී පරීක්ෂා කෙරෙන්නේ?? මොනවද මම දැනගෙන යන්න ඕනේ??
මේක තමයි බොහෝ සිසුන් ප්රමාණයකට තියෙන ප්රශ්නය. ඉහත සඳහන් වර්ගයේ උපාධි පාඨමාලාවලට තෝරාගැනෙන්නේ සිසුන්ගේ සාමාන්ය දැනුම සහ බුද්ධි මට්ටම පරීක්ෂා කරලා. ඒ කියන්නේ ඒ පරීක්ෂණවලින් බලන්නේ මෙයා හොඳට ගණන් හදනවද, මෙයාට හොඳට ඉංග්රීසි පුළුවන්ද කියන එක නෙමෙයි. මෙයාට හොඳ සාමාන්ය දැනීමක් සහ දෙයක් අවබෝධ කරගැනීමේ බුද්ධිය තියනවද කියන එක විතරයි. කලා හෝ වාණිජ විෂය ධාරාවෙන් උසස් පෙළ හැදෑරුවත්, ඉගැන්වූවොත් සංකීර්ණ ගණිත සංකල්ප වූවත් අවබෝධ කරගත හැකි සිසුන් ඕනෑතරම් ඉන්නවා. එවැනි, ඉගැන්වූවොත් යමක් අවබෝධ කරගත හැකි සිසුවෙක් නම් මේ පරීක්ෂණ සමත්වීම අපහසු වෙන්නේ නෑ.... මේ පරීක්ෂණ සඳහා පසුගිය විභාග ප්රශ්න පත්ර නම් නැහැ. මොකද පරීක්ෂණය අවසන් වූ පසු අදාල විශ්වවිද්යාලය මගින් ප්රතිපල පමණයි නිකුත් කරන්නේ. ප්රශ්න පත්ර හෝ පිළිතුරු පත්ර නිකුත් කිරීමක් සිදු කරන්නේ නෑ. සාමාන්ය දැනුම, ලෝකයේ සහ අප රටේ කාලීන තොරතුරු, ඇතැම් සරල ගණිත සංකල්ප තමයි මේ පරීක්ෂණවලදී බලන්නේ. තරමක් දුරට උසස් පෙළ සාමාන්ය පොදු පරීක්ෂණ ප්රශ්න පත්රයට සමාන යැයි කිව හැකියි. නමුත් බොහෝ යෝග්යතා පරීක්ෂණ පැවැත්වෙන්නේ ඉංග්රීසි මාධ්යෙයන් පමණයි.
ඊලඟ කාරණය තමයි මේ පරීක්ෂණය සමත් වුණොත් මොකද වෙන්නේ සහ අසමත් වුණොත් මොකද වෙන්නේ කියන එක.
සමත් වුණොත් ඒක හොඳ ජයග්රහණයක්. මොකද සීමිත පිරිසක් තමයි මේ විභාග සමත් වෙන්නේ. සමත් වුණොත් බොහෝ දුරට තමන්ගේ උසස් පෙළ ප්රතිපල මෙන්ම z-score අදාල නොවී තමන් එම උපාධි පාඨමාලාවට තේරෙන්න පුළුවන්. නමුත් එය ස්ථීරවම කියන්න බැහැ. උදාහරණයකට, 2017 උසස් පෙළ විභාගයේ දී කොළඹ විශ්වවිද්යාලයේ තොරතුරු පද්ධති උපාධියට යෝජිත ප්රමාණය 100ක් වුණත්, යෝග්යතා පරීක්ෂණය සමත් ප්රමාණය 331ක්. ඒ නිසා සමත් සැමට උපාධියට ඇතුලත් වීමට නොහැකියි.
තමන් විභාගය අසමත් වුණොත් තමන්ට ඇතුලත් වෙන්න බැරි වෙන්නේ අදාල උපාධි පාඨමාලාවට පමණයි. එවිට තමන් උපාධි පාඨමාලා පිළිවෙළ සඳහන් කළ ලැයිස්තුවෙන් එම උපාධි පාඨමාලාව ඉවත් කර, ඊලඟට ඇති උපාධි පාඨමාලාව සඳහා ඔබව සලකා බැලෙනවා. 2012 වර්ෂයේ මෙම තොරතුරු පද්ධති උපාධි පාඨමාලාවට තේරී පත්වූ එක් ශිෂ්යයෙකුගේ z-score 0.0921 ක්. ඔහු පරීක්ෂණය සමත් නිසා සහ යෝජිත ප්රමාණයට ඇතුලත් නිසා එම පාඨමාලාවට තේරී පත්වුණා. ඔහුට වඩා z-score තිබූ බොහෝ සිසුන් අසමත් වන්නට ඇති. ඒ නිසා යෝග්යතා පරීක්ෂණවලට සහභාගී වීම වැදගත් කරුණක්.
අවසානයේ, මෙම වසරේ දී යෝග්යතා පරීක්ෂණ පැවැත්වෙන උපාධි පාඨමාලාවල විස්තර මෙහි පලකරන්නම්.
Rajarata / Vavuniya Information and Communication Technology (ICT)
Application deadline - 17/06/2021
Exam date - 26/06/2021
Details - http://www.rjt.ac.lk/news/?news=893
Kelaniya Management Information Technology (MIT)
Application deadline - 13/06/2021
Exam date - will be announced
Details - https://aptitude.kln.ac.lk/#/welcome
Uwa Wellassa Computer Science and Technology (CST) / Industrial Information Technology (IIT)
Application deadline - 23/06/2021
Exam date - will be announced
Details - http://www.uwu.ac.lk/applications-for-the-aptitude-test-of-the-uva-wellassa-university-are-invited
Information & Technology Management - University Of Moratuwa
Application deadline - 25/06/2021
Exam date - will be announced
Details - https://uom.lk/banner/aptitude-test-2021-online-application
Fashion Design & Production Development - University of Moratuwa
Application deadline - 25/06/2021
Exam date - will be announced
Details - https://uom.lk/banner/aptitude-test-2021-online-application
Design - University of Moratuwa
Application deadline - 25/06/2021
Exam date - will be announced
Details - https://uom.lk/banner/aptitude-test-2021-online-application
Architecture - University of Moratuwa
Application deadline - 25/06/2021
Exam date - will be announced
Details - https://uom.lk/banner/aptitude-test-2021-online-application
Landscape Architecture - University of Moratuwa
Application deadline - 25/06/2021
Exam date - will be announced
Details - https://uom.lk/banner/aptitude-test-2021-online-application
Entrepreneurship & Management - Uva Wellassa University
Application deadline - 23/06/2021
Exam date - will be announced
Details - http://www.uwu.ac.lk/applications-for-the-aptitude-test-of-the-uva-wellassa-university-are-invited
Arts (SP) - Mass Media - University of Colombo - Sri Palee Campus
Application deadline - 05/07/2021
Exam date - will be announced
Details - https://spc.cmb.ac.lk/index.php/aptitude2021/
Arts (SP) - Performing Arts - University of Colombo - Sri Palee Campus
Application deadline - 05/07/2021
Exam date - will be announced
Details - https://spc.cmb.ac.lk/index.php/aptitude2021/
Music - Ramanathan Academy of fine arts
Application deadline - Extended, will be notified
Exam date - will be announced
Details - http://www.jfn.ac.lk/index.php/aptitude-test-rafa/
Music - Swami Vipulananda Institute
Application deadline - 15/06/2021
Exam date - will be announced
Details - http://www.svias.esn.ac.lk/சுவாமி-விபுலானந்த-அழகிய-2/
Music - University of the Visual and Performing Arts
Application deadline - 30/06/2021
Exam date - will be announced
Details - https://vpa.ac.lk/student-aptitude-test-2021/
Dance - Ramanathan Academy of fine arts
Application deadline - Extended, will be notified
Exam date - will be announced
Details - http://www.jfn.ac.lk/index.php/aptitude-test-rafa/
Dance - Swami Vipulananda Institute
Application deadline - 15/06/2021
Exam date - will be announced
Details - http://www.svias.esn.ac.lk/சுவாமி-விபுலானந்த-அழகிய-2/
Dance - University of the Visual and Performing Arts
Application deadline - 30/06/2021
Exam date - will be announced
Details - https://vpa.ac.lk/student-aptitude-test-2021/
Art & Design - Ramanathan Academy of fine arts
Application deadline - Extended, will be notified
Exam date - will be announced
Details - http://www.jfn.ac.lk/index.php/aptitude-test-rafa/
Drama & Theatre - Swami Vipulananda Institute
Application deadline - 15/06/2021
Exam date - will be announced
Details - http://www.svias.esn.ac.lk/சுவாமி-விபுலானந்த-அழகிய-2/
Drama & Theatre - University of the Visual and Performing Arts
Application deadline - 30/06/2021
Exam date - will be announced
Details - https://vpa.ac.lk/student-aptitude-test-2021/
Visual & Technological Arts - Swami Vipulananda Institute
Application deadline - 15/06/2021
Exam date - will be announced
Details - http://www.svias.esn.ac.lk/சுவாமி-விபுலானந்த-அழகிய-2/
Visual Arts - University of the Visual and Performing Art
Application deadline - 30/06/2021
Exam date - will be announced
Details - https://vpa.ac.lk/student-aptitude-test-2021/
Physical Education - Jaffna University
Application deadline - 10/06/2021
Exam date - will be announced
Physical Education - Sabaragamuwa University
Application deadline - 10/06/2021
Exam date - will be announced
Details - https://www.sab.ac.lk/aptitude-test-2021
Sports Science & Management - University of Sri Jayawerdenapura
Application deadline - 10/06/2021
Exam date - will be announced
Sports Science & Management - University of Kelaniya
Application deadline - 13/06/2021
Exam date - will be announced
Details - https://aptitude.kln.ac.lk/#/welcome
Sports Science & Management - Sabaragamuwa University
Application deadline - 10/06/2021
Exam date - will be announced
Details - https://www.sab.ac.lk/aptitude-test-2021
Speech & Hearing Sciences - University of Kelaniya
Application deadline - 13/06/2021
Exam date - will be announced
Details - https://aptitude.kln.ac.lk/#/welcome
Hospitality, Tourism & Event s Management - Uva Wellassa University
Application deadline - 23/06/2021
Exam date - will be announced
Details - http://www.uwu.ac.lk/applications-for-the-aptitude-test-of-the-uva-wellassa-university-are-invited
Translation Studies - University of Kelaniya
Application deadline - 13/06/2021
Exam date - will be announced
Details - https://aptitude.kln.ac.lk/#/welcome
Translation Studies - University of Jaffna
Application deadline - Extended, will be notified
Exam date - will be announced
Details - http://www.jfn.ac.lk/index.php/aptitude-test-translation-studies/
Translation Studies - Eastern University
Application deadline - 12/06/2021
Exam date - will be announced
Details - https://www.fac.esn.ac.lk/announcements/aptitude-test-for-ba-translation-studies
Translation Studies - Sabaragamuwa University
Application deadline - 18/06/2021
Exam date - will be announced
Details - https://www.sab.ac.lk/
Film & Television Studies - University of Kelaniya
Application deadline - 13/06/2021
Exam date - will be announced
Details - https://aptitude.kln.ac.lk/#/welcome
Financial Engineering - University of Kelaniya
Application deadline - 13/06/2021
Exam date - will be announced
Details - https://aptitude.kln.ac.lk/#/welcome
අනෙක් විශ්වවිද්යාලවල යෝග්යතා පරීක්ෂණ සම්බන්ධ විස්තර ඉදිරියේ දී update කරන්නම්
